IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


කුකුළට වලි

2016-06-30-ent-09වතුකරේ කොංග්‍රස් ලොක්ක "කුකුළත්" අරන් ආණ්ඩුවෙ අත්තක වහන්න යන එකට වලි කෝටියයි... 

උන්නැහේ එක්ක කොක්කෙ ඉන්න වතුකරේම මැති ඇමැති කස්ටියත් උන්නැහේලගෙ කණ්ඩායමේ කවුන්සිල් මැම්බර්ල හය දෙනෙක් විතර ඉන්නවය කියලත් කියවෙනව. ඉතින් කොංග්‍රස් කස්ටිය ගන්නවට කැමති නැති කණ්ඩායමේ ලොක්කෙක් තමන්ගෙ විරෝධය ඉදිරිපත් කරන්න පසුගියදාක රටේ ලොකුම මහත්තයෙක් හමුවෙන්න කොටුව පැත්තෙ තියන මහකන්තෝරැවට ගියා. ගිහිල්ල උන්නැහේ හම්බුවෙලා "සර්ට ඡන්දය කාලෙ හිටියෙ අපි විතරයි. ඇයි එදා විරැද්ධ වුණ අරයව ගන්නෙ... අපි හය දෙනයි එයාගෙ දෙන්නයි" කියල ලොකු අඩෝවැඩියාවක් දැම්ම.

මෙයා මොනතරම් ඇඬියාව දැම්මත් ලොකුමහත්තය එක් ඒ හැටි ගණන් ගත්තෙ නැහැල්ලු. ඊළඟට වතුකරේ වලිකාරය අන්තිම තුරැම්පුව ඇද්ද. "එයා ආවොත් නම් සර් අපි ආණ්ඩුවෙ ඉන්නෙ නැහැ. අපි යනව..." වතුකර ඇමැති කිව්ව...

කතාව අහන් හිටපු ලොකුමහත්තය ඒකත් සීරියස්ලි ගණන් ගත්තෙ නැතිලු... උන්නැහේ කිව්වෙ "හොඳයි අපි බලමු මොකද වෙන්නෙ කියල..." කියන එක විතරයි...

මේ කතාව දැනගත්ත ආණ්ඩුවෙ ඉන්න ටිකක් මොළේ තියන ඇමැති කෙනෙක් ඒ ගැන කොටුවෙ මහකන්තෝරැවෙදි අමුතුම විග්‍රහමයක් කළා. එයා කීවෙ මෙහෙමයි...

"ඔය යනවය කියන හය දෙනා ඉන්නෙ අපේ පාටියෙ නෙවෙයිනේ... ආණ්ඩුව කරන අලි පාටියෙනේ... ඒකත් පොයින්ට් එකක් බව අමතක කරන්න එපා..." කියලයි. 

 

DESHAYA



අදහස් (0)

කුකුළට වලි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 494 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 303 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site