
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කිරිඳිවැල ප්‍රදේශයේ පොලිසියකට කණිෂ්ඨ නිළධාරින්ගේ භෝජනාගාරයේ ශීතකරණයේ තිබූ කුකුල් මස් කිලෝ දෙකක් සොරා ගත් බව කියන උප පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
රථවාහන වරදකට යතුරු පැදිකරුවකුගෙන් රුපියල් 1000ක මුදලක් බලෙන් ලබා ගත්තේ යැයි කියන චෝදනාවක් ඔහුට එරෙහිව ඇතැයි පොලිසිය පවසයි.
මෙම උප පොලිස් පරික්ෂකවරයා සහ පොලිස් කොස්තාපල්වරයකු ඉකුත් 18 වෙනිදා අපරාධ නිවාරණ මෙහෙයුම් සඳහා යොදවා සිටියදී සිටිය දී පිරිමි පුද්ගලයකු ඔහුගේ බිරිඳ සහ දැරියක ගමන් කර ඇති අතර ඇය හෙල්මටයක් පැළඳ නොසිටියේ යැයි කියමින් දඩ කොලයක් නිකුත් නොකර සිටීමට රුපියල් 3000ක මුදලක් ඉල්ලා රුපියල් 1000ක මුදලක් බලහත්කාරයෙන් ලබාගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
යතුරුපැදිය පදවාගෙන ගිය අයගේ දියණිය කොළඹ ප්‍රදේශයේ පොලීසියක කාන්තා පොලිස් කොස්තාපල්වරියක් ලෙස රාජකාරි කරන තැනැත්තියක් යැයි කියති.
මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනය සිදු කිරීමේදී උප පොලිස් පරීක්ෂකවරයා සමග රාජකාරියේ යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයා ගෙන්ද සිද්ධියට අදාළව පොලිසිය විසින් ප්‍රකාශයක් ලබාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා සුළු දේවල් මේ රටේ සිද්ධ උන දේවල් එක්ක බලද්දී