IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කුකුළු මස් සොරාගත් එස් අයිට වැඩ වරදී

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කිරිඳිවැල ප්‍රදේශයේ පොලිසියකට කණිෂ්ඨ නිළධාරින්ගේ භෝජනාගාරයේ ශීතකරණයේ තිබූ කුකුල් මස් කිලෝ දෙකක් සොරා ගත් බව කියන උප පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 

රථවාහන වරදකට යතුරු පැදිකරුවකුගෙන් රුපියල් 1000ක මුදලක් බලෙන් ලබා ගත්තේ යැයි කියන චෝදනාවක් ඔහුට එරෙහිව ඇතැයි පොලිසිය පවසයි.

මෙම උප පොලිස් පරික්ෂකවරයා සහ පොලිස් කොස්තාපල්වරයකු ඉකුත් 18 වෙනිදා අපරාධ නිවාරණ මෙහෙයුම් සඳහා යොදවා සිටියදී සිටිය දී පිරිමි පුද්ගලයකු ඔහුගේ බිරිඳ සහ දැරියක ගමන් කර ඇති අතර ඇය හෙල්මටයක් පැළඳ නොසිටියේ යැයි කියමින් දඩ කොලයක් නිකුත් නොකර සිටීමට රුපියල් 3000ක මුදලක් ඉල්ලා රුපියල් 1000ක මුදලක් බලහත්කාරයෙන් ලබාගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

යතුරුපැදිය පදවාගෙන ගිය අයගේ දියණිය කොළඹ ප්‍රදේශයේ පොලීසියක කාන්තා පොලිස් කොස්තාපල්වරියක් ලෙස රාජකාරි කරන තැනැත්තියක් යැයි කියති.

මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනය සිදු කිරීමේදී උප පොලිස් පරීක්ෂකවරයා සමග රාජකාරියේ යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයා ගෙන්ද සිද්ධියට අදාළව පොලිසිය විසින් ප්‍රකාශයක් ලබාගෙන ඇත.

 

 



අදහස් (1)

කුකුළු මස් සොරාගත් එස් අයිට වැඩ වරදී

Sampath Tuesday, 29 August 2023 10:12 PM

මේවා සුළු දේවල් මේ රටේ සිද්ධ උන දේවල් එක්ක බලද්දී

:       3       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 358 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site