
(ආනන්ද ඉ ජයකොඩි)
පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මියගේ ලෝලුවාගොඩ පිහිටි නිවසට හා ඇගේ සහෝදරයෙකු ගේ නිවසට ගිනි තබා අලාභ හානි සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන ගිරිඋල්ලගම ශෛලාරාම විහාරාධිපති අතුබොදේ ධම්ම කිත්ති හිමියන් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ජයසේකර රණසිංහ ප්‍රේමදාස මහතා නියෝග කළේය.
ලෝලුවාගොඩ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මියගේ නිවසට හා ඇගේ සහෝදරයෙකුගේ නිවසට ඉකුත් 09 වැනිදා රාත්‍රී ගිනි තබා අලාභහානි කළ බව කියන සිද්ධිය පිළිබදව නාල්ල පොලීසිය පරීක්ෂණ පවත්වා සැකකාර විහාරාධිපති හිමියන් අත් අඩංගුවට ගෙන තිබිණ.
නාල්ල පොලිස් ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක කාංචනා සමරකෝන් මහත්මිය සැකකාර විහාරාධිපති හිමියන් අධිකරණයට ඉදිරිපත් කරමින් පසුගිය 09 වනදා රාත්‍රී විශාල පිරිසක් පැමිණ ලෝලුවාගොඩ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රීනී කෝකිලා ගුණවර්ධන මහත්මියගේ නිවසට හා ඇගේ සහෝදරයෙකු ගේ නිවසට ගිනි තබා විශාල හානියක් සිදු කෙරුවා යැයි කරුණු දක්වමින් කියා සිටියාය.
මේ අවස්ථාවේ අපි පොලීසිය එය මැඩ පැවැත්වීමට විශාල උත්සාහයක් ගත්තා.
මේ අපරාධයට විශාල පිරිසක් සහභාගි වුණා. ඒ අවස්ථාවේ සැකකාර විහාරාධිපති හිමියන් ද එම ස්ථානයට පැමිණ සිටියා. සැකකාර හිමියන් එම විනාශය නැවැත්වීමට උත්සාහ ගත් බව මූලික පරීක්ෂණ වලදී හෙළි වූ නමුත් පසුව කරන ලද පරීක්ෂණ වලදී සැකකාර හිමියන් එම විනාශ කාරී සිද්ධියට පිරිස මෙහෙය වූ බවට හෙළි වීම හේතුවෙන් අත් අඩංගුවට ගත්තා යැයිද පොලිස් ස්ථානාධිපතිවරිය වැඩි දුරටත් කරුණු දක්වමින් කියා සිටියාය.
මෙහිදී අත්තනගල්ල නීතීඥ සංගමයේ සභාපති, නීතීඥ සම්පත් කස්තුරිරත්න මහතා කරුණු දක්වමින් සම්පූර්ණයෙන්ම පොලිස් ස්ථානාධිපතිනිය ප්‍රකාශ කළේ අසත්‍ය ප්‍රකාශයක් පළමු පරීක්ෂණයේදී විහාරාධිපති හිමියන් තත්වය පාලනය කිරීමට උත්සාහ කළ බව පරීක්ෂණවලදී හෙළි වුණා යැයි ප්‍රකාශ කොට පසුව කියනවා විහාරාධිපති හිමියන් එම සිද්ධිය මෙහෙය වූවායැයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැම්පස් ගිය විහාරාධිපති කෙනෙක් නම් ෂුවර් එකටම මෙහෙයවලා.
බෞද්දයෙක් කියල තැනක කියන්නත් හරිම දුකයි. අතීතයේ මේ චිවරය දැරූ උත්තමයන් වහන්සේලා වයිරය පැතිරෙවුවේ නැහැ. තරහා කාරයකුගේ වුවත් ගිනි නිවනවා මිස ගිනි තියන්න උසිගැන් වුවෙ නැහැ. රටපුරාම ගිනි තියපු තැන්වල සිවුරු දැරු අයකු සිටියා. ආගම නාමයෙන් මේ කරන දේ ගැන හරිම දුකයි.
ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ, එංගලන්තේ වැනි දියුණු රටවල සිටින ලාංකිකයින්ගෙන් අසා බලන්න ඒ රටවල රාජ්‍ය උත්සව වල කොහොමද කෙරෙන්නේ කියලා.
විධිමත් අපක්ෂපාති පරීක්ෂණවලින් වරදකරුවන් හෙළිකර ගැනීමට කවුරුත් උනන්දු වීම සහ උදව් කිරීම ඉතා වැදගත්...!