”අනේ, මම ඉස්කෝලේ යන්න ආසයි. ඒත් කකුලක් නැතුව මම කොහොමද ඉස්කෝලේ යන්නේ ? උදේට ඉස්කෝලේ යන යාළුවො දිහා මම ජනේලයෙන් බලාගෙන ඉන්නවා. මට කෘත්‍රිම පාදයක් අරගෙන දෙන්න තාත්තට සල්ලි නැහැ. අපිට කවුරු හරි උදවු කරනවා නම් මට ආයිත් ඉස්කෝලෙ යන්න පුළුවන්”
තවත් අසරණ පවුලකට පිහිටට ගොස් ආපසු එන අතරමඟදී පැමිණි ත‍්‍රී රෝද රිය අනතුරකට ලක්වීමෙන් අත් පා කැඞී ගිය අට හැවිරිදි දැරියකගේ සහ ඇයගේ මව්-පිය දෙපළගේ මෙම කතාව එකම ශෝකාන්තයකි.
අට හැවිරිදි ලේචනා බාසුරි දියණිය ඉංගිරිය ශ‍්‍රී සුමනජෝති විදුහලේ 3 වසරේ ඉගෙන ගනිමින් සිටියාය. රිය අනතුර නිසා ඇගේ දකුණු කකුල දණහිස ළඟින් කපා ඉවත්කර ඇත. වම් අත සහ වම් කකුලද බීදී ගිය නමුත් වෙදකම්වලින් අතත් වම් පාදයත් සුව වී ඇත. ඉකුත් අප‍්‍රියෙල් 21දා මෙම අනතුර සිදුවූ දා පටන් ඇගේ පාසල් ගමන නතර වී ඇත්තේ ඇයට කෘත්‍රිම පාදයක් සැපයීමට තරම් වත්පොහොසත්කමක් ඇගේ පියාට නොමැති නිසාවෙනි.
බාසුරි දියණියගේ මව 34 හැවිරිදි දුලීකා දමයන්තිගේද දකුණු කකුල කපා ඉවත්කර ඇත. අතර ඇගේ දකුණු අත මැණික් කටුව ලඟින් බීදී ගිය නමුත් දැන් ඇය සුවය ලබා සිටින්නීය.
විදුලි කාර්මිකයෙකු ලෙස රැකියාව කළ බාසුරිගේ පියා වන එන්.ඩබ්ලිව්.එම්. චන්ද්‍රිසිරිගේද වම් අත ඇඹරී කැඞී ගොස් වෙදකම් වලින් සුවය ලබා සිටියද ඔහුට යළි කවදාවත් රැකියාවක් කළ හැකිවේදැයි කිව නොහැකිය.
”දුවව ප‍්‍රතිකාර සඳහා තවමත් බොරැල්ලේ රිජ්වේ ආර්යා ළමා රෝහලට ගෙන යනවා. බිරිය දවසක් ඇර දවසක් හොරණ රෝහලට ගෙනියන්න ඕනෑ. මගේ අතත් කැඩිලා. රස්සාව කරගන්න බැහැ. මේ වගේ විපතක් කිසිම කෙනෙකුට වෙන්න එපා” ඒ චන්ද්‍රසිරි පැවසූ කතාවයි.
”මම කිහිලි කරුවකින් ඇවිදලා දරුවන්ගේ රාජකාරි කොහොමහරි කරනවා. දරුවට කෘත්‍රිම පාදයක් නැතුව සිටියදී මම කොහොමද මටත් කෘත්‍රිම පාදයක් ඉල්ලන්නේ ? කෘත්‍රිම පාදයකින් හරි ඉස්කෝලෙ ගිහින් දුවට ඉගෙනගන්න ලැබුණොත් මට ඒ ඇති” ඒ බාසුරිගේ මව පැවසූ වදන්ය.
මෙම දියණියගේ කෘත්‍රිම පාදය සඳහා රුපියල් 1,28,500ක් සහ බිරියගේ කෘත්‍රිම පාදය සඳහා රුපියල් 2,53,000ක් වැයවන බව පවසන චන්ද්‍රසිරි එය තමාට තවමත් සැබෑ නොවෙන සිහිනයක් පමණකැයි පැවසුවේ දැරිය දෙස දුක්මුසු ලෙස බලමිනි.
මෙම අසරණ පවුලට පිහිටක් විය හැකි නම් දුරකතන අංක 075-2505898 ඇමතීමෙන් හෝ ඉංගිරිය මහජන බැංකුවේ එන්.ඩබ්ලිව්.එම්.චන්ද්‍රසිරි නමින් ඇති 300-2-001-6-0031250 ගිණුමට පරිත්‍යාගය බැර කිරීමෙන් හෝ දැරියට සහ මවට කෘතිම පාද සැපයීමෙන් ඔබට මෙම පවුලට උදවු කළ හැකිය.
ඔවුන්ගේ ලිපිනය 100/බී, මීරම, දිවුල්පොත, ඉංගිරියයි.
ගිණුම් අංකය පිළිබඳ විස්තර
මෙම ගිණුම හවුල් ගිණුමකි. බැරකරන මුදල් එන්. ඩබ්ලිව්. එම්.චන්ද්‍රසිරි 300-2-001-6-0031250 අංකයට බැර කරන්න.
බැංකුවේ නම - මහජන බැංකුව
බැංකු ශාඛාව - ඉංගිරිය
ගිණුම් අංකය - 300-2-001-6-0031250
ගිණුම් හිමියාගේ නම් - එන් ඩබ්ලිව් එම් චන්ද්‍රසිරි
බැංකුවේ කාණ්ඩ අංකය - (Bank Code - 7135)
Branch Code (Bank Sort Code) - 300
Bank Swift Code - PSDKLKLX
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ රත්තරන් දුවේ මම දුව කිව්වට මට තාමත් වයස 21 යි. අනේ ඒත් මගේ ඇස් දෙකට කදුළු උනනවා. අනේ මම ජොබ් එකක් කරන්නේ නැහැ. මට සමාවෙන්ඩ අනේ මම වචනකින් හරි ඔයාට ආශීර්වාද කරනවා. චූටි නංගියෝ ඔයාට සම්මා සම්බුදු සරණයි. ලංකාදීපයට ජයෙන් ජය.(නදී)
දාලා තියෙන බොහෝ කියුන් දැක සොවින් උපන් හීන් සතුටු කදුලක් දෑසට ඉනුවා මටද නොදැනි. '' ඔබ දැකුමෙන් මා පින් කල බව දැනුනි'' සොයුරු සොයුරියනේ උතුම් හදවත් ඇති. (අ)
ගොඩක් දුකයි. මමත් සල්ලි දානවා (අ)
නොමිලේ පාද සඳහා අමතන්න 034 - 2289986.(නදී)
මෙම ගිණුම හවුල් ගිණුමක් නම් මේ මුදල් මේ පවුලටම ලැබේද කියලා ප්‍රශ්නයක් තියනවා. මේකෙදිත් අතර මැදියෙක් ඉන්නවද දන්නේ නැහැ මේ මුදල් ලැබුනම ගසාකන. මොකද ලංකාවේ අද ගොඩක් දේවල් වෙනවා. හිඟන මනුස්සයන් වාහනයෙන් පාරට ගෙනත් දමලා හැන්දෑවට සල්ලි ටික එකතුකරන මිනිස්සු ඉන්න රටක්. ලංකාදීපය කරන මේ උතුම් ක්‍රියාව සඵල වීමට නම් අතරමැදියන් සිටී දැයි සොයා බලන මෙන් කරුණාවෙන් දන්වමි. මමද අනිවාර්යයෙන් මේ පවුලට උදව් කරමි.(නදී)
ලංකාදීපයට බොහොම ස්තුතියි. මෙහි පසු ප්‍රතිපලත් අපිට දැන්ගන්න සලස්වන්න. ජරා දේශපාලකන් ගැන වන ප්‍රවෘත්ති වලට මේවා අගෙයි. ලංකාවේ මිනිස්සු බුද්ධිමත්ව ඡන්දෙ දැම්මොත් හොදයි. (නි)
හරිම සංවේදී ,දුක දනවන කතාවක්. (නි)
අනිවාර්යෙන්ම කකුල් දෙකක් ලබෙයි ඔබට.අපි අනිවාර්යෙන්ම උපකාර කරනවා ඔබට.(අ)
විදේශ වල ඉන්න බොහෝ අය අපේ අහිංසක අයට උදව් කරන්න කැමතියි. තොරතුරු සහ සත්‍ය තොරතරු ලබා ගැනීමට ඇති අපහසුව නිසා අවස්ථා මග හැරෙනවා. මාද/මිතුරන්ද හැකි අයුරින් මෙවන් අයට උදව් කරනවා (නි)
අනේ ..පරාක්‍රම . ! ඔයාල හැමෝම මේ ප්‍රවෘතිය හොදින් කියවන්න , මේ දමල තියෙන්නේ... පොන් නම්බර් , එකෞන්ට් නම්බර් , අනේ පුළුවන් විදියකට උදව් කරන්න , අපිහැමෝම උදව් කරමු , දවසේ මොකක්හෝ සරදමකට පත්උන මේ දරුවාගේ ජීවිතේට උදව් කරන්න හිටිය අම්මත් .. ඒ දරුවට උන දේටම පත් උනා, මේ වන් දෙයක් කිසිවෙක්ට නොමවේවා..! උදව් කරන අපි ඔබ හැමගේත් දරු පව්ල් ඒ පිනෙන් දෙවියන් ආරක්ෂා කරවී ....? (අ)
මමත් පරාක්‍රම මහතාගේ කතාවට එකගයි. මෙය බලන ගොඩ දෙනෙක් ඉන්නේ විදෙස්ගතව. පුංචි දුවේ, ඔයාට අපි ඉන්නවා. බුදු සරණයි දෙවි පිහිටයි. ඔයාට ඉක්මනට ඉස්කොලේ යන්න ලැබෙයි (නි)
නුවන්... ඔයාට ගොඩාක්.. පින් ! මේ පින් බලෙන් ඔයාගේ පව්ලේ සෑම දෙනා , ඔයා ජීවිතේ අතුරු අන්ත්‍රා, වලින් දෙවියන් ඔයාලව ආරක්ෂා කරනවා සිකුරුයි ....? (අ)
ලංකාදීප පත්තරේට ස්තුතිය, මේ අසරණ පවුලට අදින්පසුව සියලු ලෝකවාසීන්ගෙන් උදව් ලැබේවි .(ත)
මම ඔයා බලන්න එනවා උදව් කරන්න.(නදී)
ඇත්තට අපේ මෙනිස්සු කොච්චර යහපත්ද කියල හිතෙන්නේ මේ වෙලාවට, ලංකාදීප කතුතුමනි මේ සම්බන්දයෙන් අපිට දැනගන්ඩ දුන්නට ස්තුතියි. ඒ වගේම ආපහු ප්‍රවෘත්තියක් දාණ්ඩ මොකක්ද උනේ කියලා.(නදී)
මගේ මේ සතියේ පරිත්‍යාගය ඔයාට පුංචි දුවේ.(නදී)
මට පුළුවන් විදියට උදව් කරන්නම්.(නදී)
ආදර දුවේ.(නදී)
ඔබ වෙනුවෙන් අපි... (නි)
කරුණාකර ලංකාද්දෙපය මී පුවත දින කීපයක් දිගටම පල කරන්ඩ. එවිට ම්මේ යට වැඩි අදර මුදලක් ලැබිය හැකි වෙඉ. මම රජයට යෝජනා කරනවා අනවශ්‍ය මුදල් විය දම් නවත්වා මෙවැනි පුල් වලට උදවු කරන්ඩ කියල. ඒ වගේම බොදු බල සේනාවට, සිංහල රාවයට, රවන බලයට මේවට සහයෝගය දැක්විය යුතුයි එක්සසත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතාගේ අවදානය යොමු වී ඇති සිතමි.අපි සැවොම මී යට උදව් කරමු.(අ)
ශ්රී ලංකාවේ අම්මලා තාත්තලා හිත උණුවෙන අය තමා ඉන්නේ. ඒ අතින් ඔයාලා හරිම වාසනාවන්තයි. ඔයාටයි අමමටයි හැකි ඉක්මනින් පාද ලබාගැනීමට පුලුවන් වෙයි. ඔයාට පාසල් යන්නත් ඉක්මනටම පුලුවන් වෙයි (නි)
දුවේ මම ඔබට යම් මුදලක් තව දින කීපයකින් ලංකාවට පැමිණි විගස බැංකුවට එවන්නම්. මෙය කියවන පිටරට ඉන්න අනිත් මාමලා නැන්දලා ද මුදල් එවයි කියල බලාපොරොත්තු වෙනවා. අපේ රටේ ජනාධිපති තුමා ළමයින්ට ලොකු ආදරයක් දක්වන, වාසනාවන්ත දරුවෝ තුන් දෙනෙකුගේ තාත්ත කෙනෙක්. දුවගේ තාත්තාට කියන්න එතුමාට ලියුමක් ලියා හෝ හම්බවී ජනාධිපති අරමුදලෙන්ද යම් මුදලක් ලබාගන්න කියා. ඔබට තෙරුවන් සරණයි!(අ)
මගේ පුතේ ඔය වෙනුවෙන් අපි උදව් කරනවා.මේ දැන්ම. (අ)
0342289986. මේ නොම්මරේට කෝල් එකක් දෙන්න.සහෝදරත්වයේ පියසටහන් සංවිදානය මගින් නොමිලේ කෘතීම පාද ලබා දෙනවා අවරුදු 16 අඩු ළමුන් සදහා. (නි)
මමත් උදව් කරනවා . (අ)
අපේ රටේ ඉන්නේ ... ගොඩාක් හොද මිනිස්සු ...! අනුන්ගේ දුකේදී තමන්ට කන්න තියනදේ උනත් දෙන තරමට හදවත් ගොඩාක් සංවේදියි...! ඒක අපි හැමෝගෙම වාසනාව ...? මේ දරුවාගේ අසරණ කම වෙනුවෙනුත් ඔබ අපි හැමෝම පිහිට වෙමු ..? ඒ අම්මගේ මුනේ ඇදිල තියන දුක අපි හැමෝටම පෙනෙනවා, වචනයෙන් අපිහැමොටම කියන්න පුළුවන් ඒ අම්මගේ දුක..? දරුපටිය ඒ අම්මට තුරුළු වෙලා ඉන්න හැටි , අපේ හදවත් කම්පාවෙනව, ඒ අම්මගේ හීන සේරම හොරු අරන් ගියාවාගේ .. අපිට නොකිය ඇය කියන දෙයනම් .....!!මුනෙන් අපිට පෙනෙයි ... ?අපි හැමෝම මේ අම්මගේ හීනය නැවත සැබෑ කර ගන්න උදව් කරමු ...?ඒක රු , 500න් හෝ .. අපි උදව්වක් කලොත් තව කෙනෙක්ට, ජීවිතේ අපි නොලැබූ .. සතුටක් අපේ හිතට දැනෙනවා ....? (අ)
බැංකු ගිණුම් ගැන විස්තර පහල තියෙන්නේ ,පෙනෙන්නේ නැද්ද? (නි)
හරීන් මහත්මයා, හැම තාත්ත කෙනෙක්ම නිතරම හිතන්නේ තමන්ගේ දරුවන්ට උසස්ම දේ ලබා දෙන්නයි. මමත් තාත්ත කෙනෙක් හින්දා එහි කිසිම වරදක් දකින්නේ නැහැ. ඇයට දැන්ම ස්වයංක්‍රීය පාදයක් ලබා දී ඇගේ වැඩීමත් සමග නොමිලේ මාරු කරන පදනම යටතේ කෘතීම පාදයක් මිලදී ගත හැකිනම් එය කොතරම් අගනේද? ඇයට එම වාසනාව උදා වේවා ! චූටි දුවට මමත් මුදල් බැර කළා. ඔයාට ඉක්මනට පාසල් යන්න ලබේවා.(නදී)
රැකියාවක් කරලා ජීවත්වෙන පවුලකට එහෙම වුනහම හිතාගන්න බැහැ මොනවා කරන්නද කියලා. නමුත් වාසනාවට හිත උණුවෙන මිනිස්සුන්ට උදවු කරන්නට කැමති ශ්‍රී ලාංකිකයෝ ඕනෑතරම් ඉන්නවා. දුවට පාසල් යන්නටත් මවට පියාට සුපුරුදු විදියට වැඩ කර ගන්නටත් ඉක්මනින් හැකිවේවා! මම ප්‍රාර්ථනා කරමි. පින්බර මිනිස්සුන්ගේ හදවත් බොහොම ලොකුයි.... වාසනාවන් !!!! (නි)
ඉස්මෛල් හුසේන්, නිශාර්ඩ් මොහමඩ් ,ෆාතිමා, සමීර් වගේම අපි හැමෝම හුඟක් පින් කරපු අය. ඒකයි මෙච්චර අපේ හදවත් මේ අය වෙනුවෙන් උණු උනේ. අපි මිනිස්සු නිසා එක එක මත දරනවා. ඒත් අපි හැමෝම උදාර ජාතියක් ලක් මෑණිට දාව උපන්න. හිත් රිදවගන්න එපා. අපි එකතු වෙලා කරපු මේ පිනෙන් හිත් සතුටින් තියා ගමු. සැමට නිදුක් නිරෝගී සැප ලැබේවා !(නදී)
මොකෝ මේ ගොඩක් අය උදව් කොරන විදිහක් අහල තියෙන්නේ? පේන්නේ නැද්ද මන්දා පින්තුර වලට උඩින්ම දාල තියෙන්නේ සියලුම විස්තරේ. ලංකාදීප, කරුණාකරලා මේ මුදල් සියල්ලම ගිණුමට බැර කරාට පස්සේ මේ ගැන හොයා බලා නැවත විස්තරක් දාන්න.(නදී)
මම හැම විද්යුත් මාර්ගයකින්ම දුව ගැන විස්තර දැම්මා. දුවගේ දුරකතනයට මම උත්සහ කලා. නමුත් ප්‍රතිචාරයක් නැහැ. මම දුවගේ ගිණුමට ඉක්මනටම මුදල් දානවා....ඔබට දෙවි පිහිටයි.(නදී)
මෙහි උදව් කරනවා කියපු සහෝදයන්ට බොහොම පින් ලංකාවේ ඕගොල්ලෝ වගේ හොඳ මිනිසුනුත් ඉන්නවයි කියන එක පෙන්වූවාට ස්තුති (අ)
මේ ගැන මුලින්ම හොයලා බලන්න ඕනෑ විදුහල්පති හා පන්තිභාර ගුරුවරයා නොවේද?එහෙම නම් මේ ළමයට පාසලෙන්ම උදව්වක් ගන්න තිබුනේ නැද්ද? මේ රටේ තවත් අසරණ වුනු එක් දැරිවියක් පමණි. (නි)
මම ඇතුළුව ගොඩක් දෙනෙක් මෙ පුතාව දැකල උදව් කරන්න පෙලෙඹෙනවා. ඒ පින් ලංකාදීපේ මෙපුවත දාපු නිමාලි කහවල ඇතුළු පිරිසටත් ලැබෙනවා. (අ)
දුව මට පුළුවන් විදියට ඔයාට උදව් කරන්නම්.(නදී)
මේ පින්තූර ටික ජීවිතයම වෙනස් කළා වගේ දැනෙනවා .ඔයාට වාසනාවන්ත අනාගතයක් උදා වේවා දුවේ! මමත් දරුවෝ හතර දෙනෙකුගේ තාත්තා කෙනෙක්. හැකි පමණින් උදව්වක් කරන්නම්. (නි)
ඒ පොඩි දුවට උදවුවක් කරලා අපි සේරම උදවු කරමු (නි)
මම දන්නා තව එකක් කිවයුතුයි. ම සම්බන්ද පුණ්‍ය ආයතනයෙන් රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල අයට අවශ්‍ය කෘතීම පාද ලබාදෙනවා අපට හැකි පමණින්. අරුණ පවසන පරිදි මේ දුවට ඇයගේ පියා ඉල්ලන්නේ ඔවුන් නිපදවන මිල අධිකම පාදය. නමුත් එය නිෂ්පල වියදමක් විය හැකියි. හේතුව තමයි, මෙම දුව ඉන්නේ වැඩෙන වයසේ. ඇයගේ වැඩීම අනුව ඇයට ඉතාම ඉක්මනින් අලුත් පාදයක් සවිකිරීමට අවශ්‍ය වෙනවා. එම නිසා වියදම් අධික පාදයක් එකවරම සවිකිරීම පල රහිත ක්‍රියාවක්. පළමුව අඩුවියදම් පාදයක් සවිකර අයගේ වැඩීම නැවතුන පසු අපට පුළුවන් ඉතා නවීන පාදයක් ඇයට ලබාගන්න උපකාර කරන්න. නමුත් මවට තිබෙන ඉතාම උසස් පාදයක් ලබාදීම වැඩිය සුදුසුයි. අවශ්‍ය නම් අපේ වෙබ් අඩවියට ගිහින් විස්තර බලන්න පුළුවන් www.ranavirufund.org (දී)
මම දැන්ම ඔබගේ ගිණුමට මුදල් බැර කරනවා (අ)
දැනට පිනට කැමති පින්බර මිනිසුන් සිටින පින්බර රටෙහි ඔබලා කවදවත් අසරණ වෙන්නෙ නැහැ. (නි)
ලංකාදීප, මම මේ අයට ආයේ කතා කළා. එයාලා තාම මේ පත්තරේ පල වෙන ප්‍රතිචාර දැකලා නැහැ. මොකද ඒ අයට අන්තර්ජාලය නැති නිසා. (නි)
මම මගේ බිරිඳට කියනවා සල්ලි ටිකක් බැංකු ගිණුමට දාන්න කියලා. ලංකාවට ආවම මම විස්තර බලන්න එන්නම්. දුක හිතෙන කතාවක්. (නි)
දුවේ ලෝචනා බාසුරි, රිදී සළුව මුවේ රඳවාගෙන ඔබ මෙලොව නූපන්නේය. අපද එසේමය දුවේ! එනමුදු මිනිස්කම හිතේ රුවාගෙන අප ඉපිද ඇත්තෙමු මේ පින්බර රන්බිමේ. ලංකාදීපය කරන්නාවූ මේ උදාර සත්කාරයට අපගේ උත්තමාචාරය (නි)
අපිට හැකි අයුරින් උදවු කරන්නම්.දුවේ.අපි මේ ළඟදිත් හලාවත නෙතුකි කියල දුවෙකුට උදවු කල. (අ)
මේ අදහස් බැලුවම ලංකාවේ දෙවියන් වගේ රත්තරන් මිනිස්සු තවත් ඉන්න බව දැනෙනවා. දේශපාලුවනි, අපේ රත්රන් රට විනාශ කරන්න එපා, දුවේ ඔබට තෙරුවන් සරණයි.(නදී)
අනිවර්යයෙන්ම ඔයාට උදව්කරනවා (අ)
ආදරණීය චුටි දුවේ, මගේ උපකාරය ඔබට ලැබෙනු ඇත. (නි)
මමත් සල්ලි ටිකක් දින කීපයකින් බැංකුවට එවන්නම්.(අ)
ඔයා වෙනුවෙන් අපි උදව් කරනවා (අ)
තියෙන ප්‍රතිචාර දැක්කම ඇත්තටම මගේ ඇසට කඳුලක් ඉනුවා. අපේ රටේ මිනිස්සු තරම් අනුන්ගේ දුකකදී උණුවන වෙනත් කිසිදු ජාතියක් මොලෝකේ කොහේවත් නෑ. ඒ උදාර ගතිය අපට ආඩම්බරයක් ලෝකයේ කොහේ සිටියත් දුකේ දී උදව් කිරන ගතිය ලේවලින් ආ එකක් බවයි පෙන්නේ . එම් උදව් කළට හැමොටමත්, ඔවුන්ගේ පවුල්වල අයවත් ජාතිත් ජාතිත් ඔවුන් රැකදේවා බුදුභනක් අහල නිවන් දකින්නට මේ පින් හේතු වේවා. සාදු! සාදු!! සාදු!!! (අ)
බැංකුවට යන්න සිතාගෙන නාන කාමරයට ගියා. කම්පනයෙන් සිත තෙත් වෙලා, ඇස තෙත් වෙලා, ගත තෙත් වෙලා කදුලුද නෑවේ වතුරද නෑවේ මතක නැහැ. බැංකුවට ගිහින් දුවගේ තාත්තට මුදල් ටිකක් යැව්වා. හෙට දුවගේ තාත්තාගේ ගිණුමට ඒ මුදල් බැරවෙයි. ඒ වගේම අසරනෛන්ට පිහිට වීම තුලින් මගේ ආත්මීය ගුණ සුවද සුවදවත් කරන කුසල් ගිණුමට කුසල් බැර වෙයි. ඉහත සංවේදී මිනිසුන්ගේ මුදලින් දුවගේ පාර්ථනා ඉටුවෙයි. එදිනට හිමිදිරියේ සුදට සුදේ සුදු අරලිය අතු අග හිනැහෙන අරලිය මල් කුමරිය විලස සුදෝ සුදු වතින් සැරසී පාසල් යන පින්තුරය ලංකාදීප කතුතුමා අපිට දකින්නට සලස්වා අපිව නැවත අඩවයි. ඒ සතුටු කදුළු බව මතක තබා ගන්න. මුදලින් උපකාර කල බණ්ඩාර සොහොයුරාට ස්තුතියි.(නදී)
ලංකාදීපයට පින් සිද්දවෙන්න අපිටත් පිනකට සම්මාදන් වෙන්න අවස්ථාවක්. අපි කොතරම් සතුටින් හිටියත් සියල්ල කණපිට පෙරලෙන්න ඇසිපිය හෙලන පමාව ඇති. (දී)
දුවේ, මට හැකි උපරිමයෙන් ඔයාගේ කෘතීම කකුලට උදව් කරන්නම්. දුවට සුබ අනාගතයක් වේවා!(නදී)
අපි හැමෝම මනුස්සයෝ එනිසාම අපිට පුළුවන් විදියට මේ දියණියට උදව් වෙන්න පුළුවන්. කාගෙත් ඇස් වලට කදුළු පිරෙනවා දැක්කම මමත් මට පුළුවන් විදියට ඔයාට උදව් කරනවා. දුව ඔයාට හොද අනාගතයක් උදාවන්න කියල ප්‍රර්ථනා කරනවා. ඔයාගේ අම්මවත් මම දන්නවා අපි බෞද්ධයෝ හැටියට මේ දේවල් මග අරින්නේ නැහැ. ඔයාට උන දේ හෙට අපිටත් වෙනවා අපි ඒක අමතක කරන්න හොද නැහැ. ඔයාට ඉක්මනින් පාසල් යන්න ලැබේවා මගෙ දුවේ. බුදු සරණයි.(නදී)
පව් හරිම අහිංසක දුව සහ අම්ම කෙනක් මමත් අනිවාර්යයෙන්ම උදව් කරනවා ඔබ සැමට වාසනාවන්ත අනාගතයක් මෙහෙම විපත් කිසිදාක අහන්න නොලේබෙව ලංකාදීපයට ස්තුතියි (අ)
ෆාතිමා, ලංකාවේ ඉන්නේ සිංහලකමින් පිරුණු මිනිසුන්. හරක් මරණ ජාතියක් නෙමෙයි. අපි බෞද්ධ උරුමයන් ඇති හිත උණුවෙන ජාතියක්. ඔබ උදවු කරන්න ඉදිරිපත් වුන එක සතුටක් (නි)
පිටරට වල ඉන්න පින්වත් වාසනාවන්ත ලාංකිකයිනි, මෙම දියණියගේ බැංකු අංකය අඩංගු ඉහත ඡායාරූපයක් ඔබලාගේ ෆෝන්වලට ගන්න. එවිට හෙට දිනයේදී බැංකුවට යන ඔබට මෙය අමතක නොවනු ඇත. මෙම පිටුවේ වාද විවාද කරගන්නා අපි සියල්ල මෙම සත් කාර්යයට ලක් මව වෙනුවෙන් දායක වෙමු. (දී)
මේ අංකයට කතා කිරිමෙන් කෘතිම පැද ගැන වැඩි විස්තර දැනගත හැකියි 034-2289986 (නි)
මම ඔයාල ගැන හොයබලල අවශ්‍යදේවල් ලබාදීමට ලංකාවට කතාකලා. ඔයාලගේ ගෙදරට අපේ පව්ලේ අය එය්. දුවට අද හෙට ඉස්කෝලේ යන්න පුළුවන් වේවි.දුව බයවෙන්න එපා.ලංකාදීප පුවත්පතට ගොඩක් ස්තුති. (අ)
අනේ හරිම දුකයි. ඒත් අපේ රටේ ඉන්න මිනිස්සු ගැන පුදුම සතුටක් දැනෙන්නේ. වදෙස්ගත අයගේ හදවත මෙහෙම උනුවුනත් අපේ රටේ මැති ඇමතිවරු ලොකු ලොක්කෝ කව්ද මෙහෙම දේකට උදව් වෙන්නේ.(නදී)
පුළුවන් විදියට කව්රුත් උදව්කරමු. ඔඋන්ගේ බලාපොරොත්තුව ඉටුවේව(අ)
අපේ ඔෆිස් එකේ කට්ටිය පොඩි පොඩි ගණන් එකතු කරලා දුවගේ සහ අම්මගේ කකුල ගන්න අනිවාර්යෙන් උදව් කරනවා ... (අ)
අතුල, 83 අවතැන් වුවන්ට අපි කොපමණ පාන්, බත් ඇද්දද, කී දෙනෙක් ගෙවල් අස්සේ හංගාගෙන රැක්කද. මේ කුරිරු ආත්මාර්ථකාමී දේශපාලනය, ප්‍රමිතියකින් තොරව රට ඇතුලට පැමිණි විවුර්ත ආර්ථිකය ඒ සංවේදී මිනිසා වැනීසියේ වෙළෙන්දෙක් බවට පත් කලා.(අ)
අතුල කතාවම තමා මටත් කියන්න තියෙන්නේ....මමත් කල හෙකි උපරිමය කරනවා....(අ)
අපේ රටේ ඉන්න සබැ මිනිස්සු ගැන හොද අවබෝදයක් මේ කොමෙන්ට් දැක්කම පේනවා . දුර රටක හිටියත් මේ දුව සහ මවට මම අනිවාරයයෙන්ම උදව් කරනවා . කොමෙන්ට් දාපු සහෝදර සහෝදරියනි ලංකාවේ ඉපදීම වාසනාවක් කියා විශ්වාස කරන්න එකම හේතුව ඔබ (අ)
දුවේ මමත් ඔයාට උදව් කරන්නම් ඔයා වගේ දුවෙක් මටත් ඉන්නවා. ඇත්තටම මටත් හරිම දුකයි ලංකාවේ දේහපාලුවන්ට මේවා පේන්නේ නැද්ද? උන් නිකම් මොනතරම් සල්ලි වියදම් කරනවද?(නදී)
මාත් සහයෝගය දෙනවා (නි)
මම මට පුළුවන් දේ කරනවා රත්තරන් දුවේ. (නදී)
ළගදි මගේ බිරිය ලංකාවට එනවා. ඒ ආවහම දුවව බලන්න එන්නම්. අපි දුවගේ වියදම සාමාන්‍ය පෙළ වෙනකම් දරන්න සතුටුයි (නි)
බලාපොරොත්තු තියාගන්න. මට දුවට උදව් කරන්න පුළුවන්.(නදී)
මම දැකක හුගක් මුස්ලිම් අය උදව් කරන්න ඉදිරිපත් වෙනවා ..එක ඉතා හොද දෙයක් සියලු ජාතීන අනෙකාගේ දුකෙහිදී එකා මෙන් ඉදිරිපත් වීම ..අපී ලාන්කීය ජාතිය ගොඩ නගමු.. (අ)
සමීර, මේ ප්‍රවෘත්තිය දැක්කම මගෙත් ඇහැට කඳුළු ඉනුවා. උදව් කරන්න ඔනෙයි කියලා හිතුවා. ඒ වුනාට ඒක මෙතන ලියන්න ඕන වෙයි කියලා හිතුවේ නැහැ. ඔබතුමාගේ ජාතිවාදී කියමනට පස්සේ නම් මම හිතුවා මේකේ ප්‍රතිචාර කරලා මාත් උදව් කරනවා කියලා කියන්න.(නදී)
අසේලගේ ප්‍රතිචාරයට එකගයි. අපෙත් උදව් ලැබෙන්න සලස්වමි.(නදී)
සැබෑ ජනමාධ්‍යකරුවා සමාජයට මග පෙන්වන්නෙකි යන්න තහවරු කල කදිම ලිපියකි. සත්කාරයකි. මෙම ලිපිය එලිදැක්විමට දායක වූ සැමටත් ඔවුන්ගේ පවුල්වල සැමටත් සංසාරය පුරාවට අතුරු අන්තරාවක් නොවීමට මේ පින්කමම හේතු වාසනා වේවා. පින්කමට දායක වූ සැමටත් පින් (නි)
දුවේ, මම ඔයට කකුලක් අරගෙන දෙන්නම්. ඔයාට ඉක්මනට ඉස්කෝලේ යන්න පුළුවන්. ඔයාට බුදුසරණයි. අනිත් සැවොම දෙන මෙම ළමයාගේ මවට කකුලක් අරගෙන දෙන්න (නි)
මේ පුංචි නංගියාට එයාගේ වයසට මේ දේ දරාගන්න නොතේරුණත් අනේ ලොකු වෙනකොට මොනවා හිතෙයිද? අනිවාර්යෙන්ම ඔයාට ඉක්මනටම පාසැල් යන්න ලැබෙයි. මේ අම්මටත් ඉක්මනටම ඇවිදින්න ලැබෙයි. දෙවි පිහිටයි.(නදී)
සන්වේදී පූවතක්. ..!!(නදී)
දුවේ, බලන්න ඔයාලා කොයිතරම් වාසනාවන්තද කියල. ලෝකේ හැම තැනින්ම ඔයාලට ආදරේ කරන මිනිස්සු ඉන්න හැටි. ඔයාලගේ පැතුම් ඉතාම ලගදී ඉටුවෙනවා සිකුරුයි. මාත් හෙට ඔයාලට කතා කරන්නම්. දැන් ලංකාවේ ගොඩක් රෑ වෙලා නිසා.(නදී)
දුවගේ තාත්තට මම කතා කළා. මට හැකි පමණින් මම උදුවවක් කළා. හැමෝම හැකි පමණින් දායක වෙන්න. පාදයට අමතරව ඇයගේ අධ්‍යාපනය වෙනුවෙන් යමක් කරන්න අපිට හැකිවෙයි. මෙවන් පුණ්‍ය කටයුතු වලට අවස්ථාව සළසා දුන් ලංකාදීපයට ස්තූතිවන්ත වෙනවා (නි)
දයාබර දියණිය,අප ඔබව තකරන්නේ නැත,මමත් කල හැකි උපරිමය ,ඔබලා වෙනුවෙන් කරමි,නුවන්ට සහ දම්මිකට ,ස්තුති වන්ත වෙනවා අපි නොදන්නා දෙයක් අපිට දැනගන්න සලසුවට,කිසිම කෙනෙකුට මෙවන් විපතක් නොවේවා,(අ)
අනේ දුවේ මගේ දුවත් ඕයා වගේම තමා. මට පුළුවන් උදව්වක් මම හැකි ඉක්මනින් කරන්නම්.(නදී)
අපි හැකි පුළු පුළුවන් විදිහට උදව් කරමු.(නදී)
මා ජාතිවාදය ඇවිස්සීමක් නොකරන අතර එකම මුස්ලිම් සහෝදරයකුගේ හඩක් නොදැකීම පිළිබද ශ්‍රී ලාංකිකයකු වශයෙන් කණගාටු වෙමි. අර මැරුම් කෑ රිෂානා වෙනුවෙන්ද කතා කලේ සිංහලයමය. උතුම් හදවත් ඇති සිංහලයන් දැකීමත් සතුටකි (දී)
මමත් උදව් කරනවා (නි)
සමීර ,ඔබ දෙවු කිරි කළයට ගොම බිඳක් එක් කලා යැයි මට හැඟුනා. ඒ නිසාම ලියන්න පොඩි අදහසක් මාගේ හිතට ආවා. පාරුව තිබෙන්නේ ගඟෙන් එතර වීමට විනා හිසේ තබා ගෙන යාමට නොවේ ,මාගේ ධර්මයත් එසේමයි . (බුදුන් වහන්සේ ).(නදී)
මමත් දානවා පුළුවන් උපරිම ගාන. අපි හැකි පුළු පුළුවන් විදිහට උදව් කරමු (නි)
තම ධනය කාලය සහ ශ්‍රමය අහිංසක මිනිසුන් වෙත යොමු කරන පින්වත් අක්කා කෙනෙක් හරහා අපි මුදල් ඔබ වෙත යොමු කරන්නෙමු.(නදී)
මම උදව් කරන්න කැමතියි. ඔබගේ දුරකතන අංකය එවන්න.(නදී)
කෙසේ හෝ කුමන හෝ උදව්වක් හැකි ඉක්මනින් කරන්නම්,බලාපොරොත්තු තියාගන්න (නි)
ඇයි වන්දි ගන්න බැරි මේ අපරාදේ කරපු අයගෙන්? පළාත් සබා නැති කලොත් කොච්චර සල්ලි ඉතුරුවෙනවද රජයට මේවගේ අයට උදවු කරන්න? (දී)
මේ වගේ අසරණ මිනිස්සුන්ට ඇත්තෙන්ම රජය සහ පුනරුත්තාපන දෙපාර්තමේන්තුව මැදිහත්වෙලා යම් දෙයක් කළ යුතුමයි. අසරණකමේ අන්තයටම පත්වෙලා ඉන්න මේ සියලු දෙනාටම පින් කැමති අයගේ අවධානය යොමු වේවා! (නි)
ඔයාට ඉක්මනට පාසල් යන්න ලැබේවා! (නි)
අද අපිට පඩි ලැබුන ගමන්ම මමත් සල්ලි දානවා පුතේ ඔයාලගේ ගිණුමට. ලංකාවේ අපේම මිනිස්සුන්ගේ හිත වල තාම හොද ගති ඉතුරුවෙලා තියෙනවා, උදව් කරන හැමෝටමත් , ලංකාදීපේ හැමෝටමත් ගොඩක් පින්.(නදී)
ඉතාම කණගාටු දායක පුවතක්.ලංකාදීප එසැන සමග විදේශ රටවල රැකියා කරන බොහෝ පිරිසක් ද සම්බන්ද වී සිටින නිසා ,ඔවුන්ගේ සංවේදී හදවත් තුලින් පිදෙන උපකාරය නිසැකවම මේ දරුවාට හා මවට ලැබේවි.නමුත් රක්ෂණ වන්දි මුදලක් ලබාගැනීමටටත් මොවුන්ට හැකියාවක් තිබේ ද යන්න ගැනත් සොයා බැලිය යුතුයි.මෙම පුවත ඉතා සවිස්තරව ලංකාදීපයේ පලකල නිමාලි කහවල මහත්මියට අපගේ ප්‍රණාමය! (දී)
බාසුරි දුවේ, මේ ලෝකයේ ඔබ තනිවී නැත දුවේ ! දූට ඉක්මනින් පාසැල් යන්නට වරම් ලැබේවායි අපි ප්‍රාර්තනා කරනවා. මෙන්න මමත් දූට ආධාර කරන අය සමග එකතුවෙනවා. (නදී)
මම අනිවාර්යෙන්ම දුවට උදව් කරනවා. දරාගන්න නොහැකි වේදනාවක් ඇතිවුනා දුවේ. (දී)
මට සාමාන්‍යයෙන් ඇහැට කදුළු එන්නේ නැහැ.ඒත් ලංකාදීප අද මාව ඇඩෙවුවා.ඔයාලට අනිවාර්යෙන්ම අපෙන් උදව් තියෙනවා. අදහස් දැක්කම ලංකාවේ ඉපදීම සතුටක් (නි)
මට පුළුවන් තවත් පවුලක් මේ වගේ අසරණ තත්වයකට පත්වීම වලක්වන්න. වැඩි විස්තර සදහා අමතන්න 0772552801.(නදී)
කතෘතුමනි,මෙච්චර ලොකු මෙහෙයක් කළ ඔබලා විසින් මේ දැරිවියගේ කකුල දැම්මට පසුත්,පින්තුර සමග විස්තරයක් දමන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි (නි)
ගොඩක් ස්තුති ලංකාදීපයට. පුළුවන් විදියට ආධාරයක් අනිවාර්යයෙන්ම කරනවා. (ස)
දුරකථන අංකයක් තියෙනවද හැකිනම් දන්වන්න.(නදී)
අනේ රත්තරන් දුවේ, ඔයාව දැක්කම හිතට නැගුන දේ කියන්න වචන නැහැ. මුළු ඇගම ගැහෙන්න ගත්තා. මම මගේ යහලුවන්ටත් කිවුවා. ඒ ඇන්ටිලත් එක්ක හවුල් වෙලා මගේ දුවට මම සල්ලි එවනවා. කව්රුවත් උදව් නොකලොත් මම තනියම එවන්නම්. මගේ හොද දුව වගේ දුක් සියල්ල අමතක කරලා සතුටින් ඉන්න. මේ හැම රටකම ඉන්න නැන්දලා, මාමලා සේරම ඔයාට උදව් කරන නිසා ඉක්මනින්ම මගේ දුවට කකුලක් ලැබේවි. වෙනදා වගේම සිනා සිසි පාසල් යන්න හැකිවේවි. මගේ දුවට ත්‍රිවිද රත්නයේ පිහිටත් ලැබේවී. ඔයාගේ අම්මටත්,තාත්තටත් ඉක්මන් සුවය පතනවා. මිනිස්සු අසරණ වෙනවා දැක තිබුනත් ඔබලා පත් වෙච්ච අසරණකම හදවතක් ඇති කෙනෙකුට දරාගන්න බැහැ. අද අපි ඔයාව දැක්කේ දුක් කදුළු සමගින් වුනත්, ඉදිරි දිනක සතුටු කදුළු මැදින් පුංචි දුව පාසල් ඇදුමින් දැකගැනීමට ලැබේවා කියා පතමි.විශේෂයෙන් ලංකදීප පුවත්පතට හිස නමා ආචාර කර ගරු කරමි. මෙපින් බලෙන් පරම්පරා ගණනක් ලංකාදීප පුවත් පත දිනේවා..!!!!! (නි)
මට මේ දවස් වල හෙලිකොප්ටර් වලින් මගේ යාලුවෝ එක්ක රට වටේ යන්නම කෝටි 3 ක් යනවා මාසයකට විතරක්.(නදී)
මහත්වරුනේ, කියවලා යන ගමන්ම ඔබගේ අන්තර්ජාල බැංකු ගිණුමෙන් හැකි පමණින් උපකාරයක් කරන්න විනාඩි 3ක් කැප කරන්න දෙවරක් හිතන්න එපා. පොඩි එකාට ඒ උදව්ව මහමෙරක් වගේ.... (දී)
දුවේ, මම මේ මාසේ පාර්ටි වලට වෙන් කරපු සල්ලි දැම්මා ඔයාට. ඉක්මනට සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා (නි)
අපි ඔබ සමගයි නංගියේ. අපිත් එවනවා සල්ලි ඔයාට . ඔබට බුදු සරණයි.(නදී)
හපොයි දෙයියනේ! (නි)
කදුළු දෙන්න මට හඩන්න සත් සමුදුරු ගොඩ ගලන්න.. සුසුම් දෙන්න මට හෙලන්න සක්වල ගල සසල වන්න. .. මට හරිම දුකයි මේ අහිංසකයෝ තිදෙනා ගැන.... (නි)
මෙතන තිබෙන අදහස් දැක්කම හදවතට සතුටක් දැනුනා, මොක මේ පවුල අසරණ වෙන්න දෙන්නේ නැහැ කියන උදාර චේතනාව හැම කෙනෙක්ගෙන අදහස් වලින් ප්‍රකාශ වෙලා තියෙනවා. මේ පුවත පල කළ ලංකාදීපයට ගොඩක් පින්.අපි පිටරටක හිටියත් ඔබට ආධාර කරනවා මගේ දුවේ... (නි)
මගේ උපකාරය ඔබට ලැබෙනු ඇත. දුව් එතකම් ඔබලාට තෙරුවන් සරනයි.(නදී)
https://www.facebook.com/photo.php?fbid=507404412629303 (නි)
0342289986 මෙම අංකයට කතා කරන්න සහෝදරත්වයේ පියසටහන් කියල වැඩ සටහනක් වයස 16 ට අඩු ළමයට පාද නොමිලේ දෙනවා. (ස)
මේ පින්බිමේ ඉන්නේ මොනතරම් සංවේදී පිරිසක්ද ? 2004 සුනාමිය වෙලාවේ දැක්කට පස්සේ තවත් සංවේදී දෙවිවරු සහ දේවතාවියෝ දැක්ක වෙලාවක් මේ. මේ පින්තුරයේ ඉන්නේ වාසනාවන්ත දරුවෙක්.පෙර ජාතියේ කරපු අකුසලයක් හේතුවෙන් තමා මේ කණගාටු සිද්ධිය වෙලා තියෙන්නේ. මේ දරුවාගේ ඉස්කෝලේ තමා මගේ බිරිදත් කාලයක් රාජකාරිය කලේ. නිමාලි කහවලත් බිරිදගෙන් ගෝල දැරිවියක්.ඒ ගැනත් නිහතමානී සතුටක් දැනෙනවා.මේ පවුලට අපි උදව් කරමු. මේ මුදල නිසැකවම මේ අයට එකතු වේවී. මේ පුණ්‍යය කර්මයට අත හිත දෙන නිමාලි දුවට , ලංකාදීපයට සහ ප්‍රතිචාර දක්වා ඇති සියලු දෙනාටම ආයු ,වර්ණ ,සැප , බල , සහ ප්‍රඥාව වැඩේවා! නිමාලි දුවේ /ලංකාදීප, කරුණාකර ප්‍රතිපොෂණයේ යෙදෙමින් අවසාන ප්‍රතිපලයද මේ උදාර සංවේදී පාඨකයාට දැනුම් දෙන්න . චිරං ජයතු!!! (නි)
ඔබේගේ ප්‍රතිචාරයට අනුව බැංකු ගිනුමේ සියලු විස්තර ලිපියට අතුළත් කර ඇත. ස්තුතියි
අපි සියල්ලම මේ අයට උදව් කරනවා, මම බලාපොරොත්තු වෙනවා, සජිත් ප්‍රේමදාස මහත්මයගේ අවදානය මෙයට යොමු වෙයි කියා. ඉතා කණගාටුදායක සිද්දියක්. (ස)
ඉතාම කණගාටුදායක දසුනක්. ඔබලාගේ බලාපොරොත්තු ඉක්මනින්ම සඵල වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා. ඔබ වෙනුවෙන් යම් මුදලක් මා ලබන සතියේ බැර කරන්නම්. දුවේ, ඔයා කෘතීම පාදයක් පැළදගෙන පාසල් යන ජායාරුපයක් ලංකාදීපයෙන් බලන්න අපි ගොඩාක් ආසාවෙන් ඉන්නවා (දී)
රුපියල් 1000 ගානේ දුන්නා නම් මිනිස්සු 400 විතර හොදටම ඇති.(නදී)
අපේ රත්තරන් චූටි දුවේ,දුව උපදින්න පින් කරලා තියෙන්නෙ චූටි දුවගේ අම්මා තාත්තා වගේම කරුණාවන්ත අම්මලා තාත්තලාත් ආච්චිලා සීයලා නැන්දලා මාමලා ඉන්න ඉතා වාසනාවන්ත රටක. ඒ නිසා අපේ චූටි දුව දුක්වෙන්න එපා. චූටි දුවටයි දුවගේ අම්මටයි තාත්තටයි අපි උදවු කරනවා. අපේ චූටි දුවට ඉක්මනින් ඉස්කෝලේ යන්න පුළුවන්. ඒ හින්දා දුව හොඳට සනීප වුනාම පන්සලට ගිහිල්ලා ලංකාදීප පත්තරේ මාමලට නැන්දලට පින් දෙන්න. ඔයාලා සේරම දෙනාම තෙරුවන් සරණින් ඉක්මනින් සුවපත් වේවා! (නි)
රුචිරා නෝනා, ඔබගේ අදහසට ස්තුතියි. මමත් දියණියන් දෙදෙනෙකුගේ පියෙක්. දරු සෙනෙහස ගැන අමුතුවෙන් ඉගෙනගතයුතු නැහැ. මෙතන අදහස් දැක්වූ බොහෝ අය මේ දුව වෙනුවෙන් කඳුළු සැලුවා වගේම උදව් කරන්නත් ඉදිරිපත් වුනා. නමුත් ඔබ අප අද දකින්නේ මෙවැනි උදව් අවශ්‍ය කරන දු පුතුන් දහස් ගණනකින් එක දියණියක් සහ මවක් පමණයි. එනිසාම තමයි අපේ සංවිධානය අපට හැකි පමණින් මෙවැනි දු පුතුන්ට උදව් උපකාර කරන්නේ. මෙවන් අනතුරකට මුහුණ පෑ ඔබ දුටු පළමු දියණිය බාසුරි විය හැකියි. නමුත් අවාසනාවකට වගේ මෙවන් තත්වයේ සිටිනා දු පුතුන් සමග අපට සති පතා මාස් පතා වැඩකරන්න සිදුවී තිබෙනවා. ඒත් ඒ රණවිරුවන්ගේ දු පුතුන් පමණයි. බාසුරි වගේ තව සිය ගණනක් අපේ රටේ ඉන්නවා, නමුත් ඔවුන්ට හඬක් නැහැ. මම කීවේ කලයුතු සුදුසුම දෙය මිසක් කළ හැකි ඉහලම දෙය නෙවෙයි. උදාහරණයක් ඔබට කියනවා නම් රණවිරුවෙකුගේ බාල සොයුරියකට කෘතීම පාදයක් ලබාදීමට අපට ලැබුණු ආධාරවලින් වෛද්‍ය උපදෙස් අනුව සුදුසුම අඩු වියදම් පාදය ඇයට ලබාදී ඉතිරි මුදලින් ඇයට අවශ්‍ය කරන අංග සම්පුර්ණ නාන කාමරයක් ලබාදීමට අපගේ පරිත්‍යාගශීලී මහතෙකු කටයුතු කළා. මදක් සිතාබලන්න කුමක්ද සුදුසුම දෙය කියා. ඔබට ජය ! වැඩි විස්තර මෙතනින් - http://www.ranavirufund.org/PriorityChildren/FPS-MEDS-15/Summary.html (නි)
කරුණාකර ඔබගේ බැංකු ගිනුම් විස්තරය එවන්න.(නදී)
අනේ පුතේ මමත් දුප්පත් රජයේ සේවකයෙක්, මේ දැන්වීම දකින විට මගේ පඩිය සම්පූර්ණයෙන් වියදම් වෙලා ඉන්නේ ඒත් මම දුවට ණය වෙලා හරි පුළුවන් විදියට උදව්වක් කරන්නම්. චූටි දුවේ ඔයා බය වෙන්න එපා දුක හිතන්න එපා ශක්තිමත් වන්න. උණුවන හිත් ඇත මාමලා නැන්දලා චූටි මැණිකට උදව් කරාවි.තෙරුවන් සරණින් ඔයාට ඉක්මනින්ම ඉස්කෝලෙ යන්න පුළුවන්වේවි. පුවත පල කල ලංකාදීප පුවත් පතට සහ මෙතෙක් උදව් කල සියළුම දෙනාට අනේක වාරයක් පිං සිදුවේවි. අපි සැම එකතු වී මෙම මල් කැකුලට පිපෙන්නට ඉඩ දෙමු. (අ) ස්තූතියි.
ලංකාදීප - කරුණාකර ඔව්න්ට උදව් කරන්න බැංකු ගිණුමක් හෝ ලිපිනය දෙන්න.(නදී)
මමත් මේ දැන් මුදල් එව්වා. තව මාමා කෙනෙකුත් ලංකාදීපය තොරතුරු අසා රුපියල් 3000 දුන්නා. එයත් සමග මගෙනුත් මුදල් දමා රුපියල් 17000 මුදලක් එවා ඇති. එමිරටයේ ටී ටී එස් ආයතනයේ තවත් මාමලා එකතුවී එම මුදලුත් හෙටම එවාවි. ඕස්ට්‍රේලියාව, එංගලන්තයේ සිටින ලංකික හිතවතුන්ටද දන්වා යැව්වා. මේ විදියට ලබන වාරයේ ඔබට නැවත පාසල් යැවීම අපේ අරමුණයි (නි)
නාමල් කකුලෙන් අදිනවා වගේ සිංහල අපේ උපතින් අපිට ලැබුන නරකම දෙය තමයි එය කවදාවත් ගොඩ ඒමක් නැති කරුමය නම් මෙම ගතිය.(නදී)
මං මේ අයට කතා කළා. හරිම අසරණ කට්ටියක්. දරුවා දැක්කහම ඇස් වලට කඳුළු එනවා.ලංකාදීප කාර්ය මණ්ඩලයට හුඟාක් පින් මෙවැනි අයට පිහිට වෙන්න අපිට අවස්ථාව සලසලා දෙනවට. (නි)
මමත් ලංකාවට එන චවසට උදවුවක් කරනවා මේ දුවට (නි)
මේ අයගේ ප්‍රාර්ථනා ඉටුවෙනවා.ලංකාදීපයට සදාතනිකව පුවත් පතක් ලෙස බොහෝ කල් මේ දෙරණේ බැබලෙන්න මේ සේවයම ඇති (නි)
මේ දුවට අපි පුළුවන් අයුරින් උදවු කරනවා. මේ පින්තුර ටික දැක්කම මගේ හිතට මහත් දුකක් වේදනාවක් දැනුනා.දුවට ඉක්මනින් පාසල් යන්න වාසනාව ලැබේවි (නි)
ගොඩක් ස්තුති ලංකාදීපයට. පුළුවන් විදියට ආධාරයක් අනිවාර්යයෙන්ම කරනවා. (නි)
මමත් සල්ලි ටිකක් දින කීපයකින් බැංකුවට එවන්නම් (නි)
මම හරිම සංවේදී වුනා මේ දූගේ සහ මවගේ කතාව දුටුවිට,නමුත් ඊටත් වඩා මම හොඳටම සංවේදී වුනා මේ කාරුණික අයගේ ප්‍රතිචාර දිහා බලලා. ඔබ සරමගේ කාරුණික සිත් වලට මගේ නමස්කාරය වේවා! මේ වෙලාවේ මා ගාව ඇ.ඩො.100 තියනවා. එය මම ඉක්මනින් එවන්නම්. ඔබ සැම කුසල් සිත් වඩවා නිවනින් සැනසේවා! (නි)
කනගාටු දායක කතාවක්
මම මුදල් ටිකක් එවන්නම්. මම මේ ලිපිය මගේ ෆේස් බුක් යහළුවන් සමග හුවමාරු කරගන්නවා. ඔවුනුත් මේ සදහා උදවු කරන බව මට විශ්වාසයි (නි)
අනේ දෙවියනේ! දෑසින් බලලා කියවා ගන්නවත් සිතට ශක්තියක් නැති තරමට මගේ හදවත කම්පා වුනා. සීවලී දරුවාගේ ඔපරේෂන් එකට මුදල දැම්මේ ඊයේ. ඒ නිසා අද ටිකක් හිතේ සතුටින් පත්තරේ ඇරියේ මේ වගේ දෙයක් දකින්න නෙමේ.අනේ ඔයාලා ,අපි, හැමෝම උදව් කරමු මේ දරුවට කකුලක් ලබාගන්න. මේක දරුවට ලොකු වෙනවිට බලපානවා ඇය වැඩෙන දරුවෙක් නිසා. ඒත් අපිට පුළුවන් දෙය මුදලක් යැවීම පමනයි. දේවාශිර්වාදයෙන් මෙම මුදල සොයා ගැනීමට ඔවුන්ට ශක්තිය ලැබේවා! (දී)
මට හැකි පමණ මුදලක් මම ගිණුමට බැර කලා. මම හැදු පියාට මේ කුසල් අනුමෝදම් වේවා! (නි)
මෙවන් විපතක් කිසිවෙකුට නොවේවා. මමත් දුවට පුළුවන් උදව්වක් කරනවා දැම්මම. දුවට බුදු පිහිට.(අ)
කරුණාකර මේ දුරකතන අංකයට කතා කරන්න. 034-2289986.(නදී)
දුවේ, මමත් මට හැකිපමනින් උදවු කරන්නම්. අපි සැවොම එක අම්මගේ දරුවෝ (නි)
මේ පුවත ටිකදවසක් තියන්න කියලා මම ඉල්ලනවා ලංකාදීපයෙන්. එහෙම කලොත් මේ අයට ලොකු උපකාරයක්. ලංකාදීපයට ස්තුතියි! (නි)
මමත් සල්ලි දැම්ම ඔයාලගේ ගිණුමට. මම හිතනවා ඔයාලටම ලැබෙයි කියලා. (නි)
මෙම තොරතුරු සැපයූ ලංකාදීපය, ඔබට බොහොමත්ම ස්තූතියි (දී)
මේවා කියවනකොට තේරෙන්නේ ලංකාවේ දේශපාලුවෝ හැර අනිත් සියලුම ලංකාවේ මිනිස්සු කරුණාවන්තයි කියලා. මමත් පුළුවන් විදියට සල්ලි ටිකක් දැම්මා. ලංකාදීපයට ගොඩක් පින් මේ වගේ දේවල් දාලා උදව් කරනවට (නි)
මට සාමාන්‍යයෙන් ඇහැට කදුළු එන්නේ නැහැ.ඒත් ලංකාදීප අද මාව ඇඩෙවුවා. ඇත්තම කියනවනම් ඔයාලා ගැන හිතලම නෙවෙයි. නිතිය බල්ලට ගිය රටක ජීවත් වන්නට සිදුවී තිබීම නිසායි. අවනිතිය රජකරන ලංකාවේ මහමග, අවිනීත රියදුරන් දවසකට මෙවැනි අපරාධ කීයක් කරනවද? මේකට විසදුම ආධාර එකතු කිරීම නොව්නත් මම උදවුකරනවා. හෙට තව කීදෙනෙක් වෙනුවෙන් අප ආධාර එකතුකරන්නද .(අ).
ලංකාදීප මහත්වරුනි ,මේ අදහස් දැක්කම ලංකාවේ මිනිස්සු දෙවිවරු කියලා හිතෙනවා.අපිට බැරිද ලංකාදීප සමාජයක් හදන්න පිටරට ඉන්න අය එකතු කරගෙන මේ අයට උදව් කරන්න.අපි හැමෝගේම අන්තර්ජාල ලිපින තියෙනවනේ. අපි හැමෝම මාසෙකට රුපියල් සීයක් දැම්මත් සෑහෙන ගානක් හොයාගන්න පුළුවන් අවුරුද්දක් යද්දී.ලංකාදීපේ එකවුන්ට් නොම්මරයක් හදාගත්තා නම් හරි පහසු වෙයි. (නි)
..කරුණාකර මේ ලස්සන මල් කැකුලට නැවත පාසල් යාමට උදවු කරමු (අ)
මම සේවය කරන ආයතනයේ සියලුම දෙනා මෙය දැරියට උපකාර කරන්න ඉදිරිපත් වුණා.ලංකාදීපයට ස්තුතිය පුද කරන අතර අම්මා සහ දුව ඇවිදින පින්තුරත් පල කරන්න කියලා ඉල්ලා සිටිනවා.එදාට අපි හැමෝම ආඩම්බරයට පත් වෙනවා. (නි)
අදහස් පල කරපු හැම කෙනෙක්ම උදවු කරන්න ඉදිරි පත් වෙලා තියෙනවා. සන්තෝෂයි ඔබ වැනි මනුස්සකම අදුනන පිරිසක් හිටිය එක ගැන. හොදටම විශ්වාසයි මේ දෙපලට ආයිත් ඇවිදින්න ලැබෙනවා. දීර්ගායු ප්‍රාර්ථනා කරනවා ඔබ පවුලේ උදවියට. දරුවාගේ අධ්‍යාපන කටයුතුත් සාර්ථක වී හොද පුරවැසියෙක් වෙන්න ලැබේවා! කිසිවෙකුටවත් මෙවැනි අනතුරු අකල් විපත් නොම වේවා! අපිත් පුළුවන් විදියට උදවු කරන්නම් (දී)
මේ දුවට උදවු කරමු පාසල් යන්න (නි)
ඔබ සැමට තෙරුවන් සරණයි (නි)
අපිත් සුළු ගානක් බැංකුවට එවුවා. 14දා හෝ 15 දා ලැබේවි. විලු රීෆ්, මාලදිවයින. මෙහි අවසාන ප්‍රතිපලය ලංකාදීපය මගින් අපට දැනගන්න සලස්වන්න.නිහාල් ඇතුළු සේවක පිරිස. (නි)
සමීර, මෝඩ කතා කියන්න එපා. අපි දෙනදේ අඬබෙර ගගහ දෙන්න ඕන නැහැ. දකුණතින් දෙනදේ වමතවත් නොදනගත යුතුයි කියල බයිබලෙත් තියනවා,කුරානෙත් තියනවා.ඒ නිසා කාගෙවත් නම් ගම් නැහැ කියල නිරපරාදේ දොස්නගන්නෙපා. එයින් වෙන්නේ මිනිස්සුන්ගේ සිත් බිදී යහපත් මිනිහත් වෛරකරන්න පටන්ගැනීම.(අ)
හිතවත් ලංකාදීපය. ඒ මහතාගේ දුරකතනයට සම්බන්ද විය නොහැකි බැවින් අන්තර්ජාලය ඔස්සේ යම් මුදලක් පරිත්‍යාග කලෙමි. දින දෙකකක් තුල නොලැබුනොත් මෙම අංකය 2654541925 ඔස්සේ ඉංගිරිය මහජන බැංකුවෙන් පරික්ෂා කරන ලෙස එතුමාට දන්වා සිටින්න.(නදී)
කරුණාකර මෙම දරුවාට උදවු කරමු (නි)
මම ගෙදරට කතාකරල කිව්වා. ඉරිදට සල්ලි ටිකක් එයාලගේ ගිණුමට අම්මා ගිහිල්ල දමාවි.ලංකාදීප ඔයාලට වෙන පින් ඕනෑ නැහැ (දී)
දෝහා සිටින සහෝදර සහෝදරියනි ඔබේ දහඩිය මහන්සියෙන් උපයාගන්නා මුදලෙන් ඔබට පිනක් දහමක් කරගැනීමට ඉතාම වටිනා අවස්ථාවක්. ඔබට පුලුවන් දෙ කටාර් 10 ය ගනනනේ 10 දෙනෙක් එකතු වී ලගම තියෙන බැංකුවකින් මේ අසරණ පවුලට උපකාරයක් කරන්න. ඔබට සසර වසනතුරු නිවන් දැකීමට මෙපින ඇති වේවා!(නදී)
ලංදීපයට ගොඩක් ස්තූතියි. මමත් කියක් හරි දෙනවා.(නදී)
චූටි දුව,මමත් ඔයාට උදවු කරනවා. අපිටත් ඔය වගේ අතීතයක් තිබුණා. මගේ දුව මේ මාසේ අන්තිමට ලංකාවට එනවා. අපි කවුරුත් එකතුවෙලා මේ පවුලට කකුල් දාලා දෙමු (නි)
නිමාලි කහවල දියණියට සහ ලංකාදීප කතෘ මණ්ඩලයට ස්තූතී මෙම ලිපිය පල කළාට. දැනට වැඩිම ප්‍රතිචාර ලැබිල තියන පුවත මේක. ඒ වගේම වැඩිම ආධාර ලැබුනෙත් මේ පවුලටයි (අ)
දුවේ, ඇස්දෙකේ කඳුළු හංගගෙන කියවලා ඉවර කරගන්න බැරුව ගියා. රත්තරන් දුවේ, ඔයා මේක කියවනවද කියන්න දන්නේ නැහැ. දුවේ, බලාපොරොත්තු නැති කරගන්න එපා. 10 වෙනිදට ඔබ වෙනුවෙන් යමක් කරන්නම්. ලංකාදීප නොබලන අයටත් මේ පණිවිඩය දීලා ඔබලාට උපකාර කිරීමට සලස්වන්නම්. විදේශගත වෙලා අපේ දරුවන්ගෙන් දුරස්වෙලා ඉන්න අපිට මෙහෙම දෙයක් කලහම හිතට හරිම සැනසීමක් දැනෙනවා. (දී)
ඉස්මෛල් හුසේන්, නිශාර්ඩ් මොහමඩ් ,ෆාතිමා, සමීර් ඔබ සැමට පින් ලැබේවා.(නදී)
පුංචි දුවේ ,ඔන්න මමත් මගේ යෙහෙලියන් එක්ක එකතු වෙලා පොඩි උදව්වක් කළා ඔයාට.., මන් අද එනම් 2013.07.10 වෙනිදා ඇමරිකන් ඩොලර් 200ක් දැම්මා එයින් ඩොලර් 150ක් එකතු වුනු ඒවා ,මගෙනුත් අ,,ඩොලර් 50ක් දාල එව්වේ මයේ චුටි දුවට ලගදීම දිනක පාසල් යන්න කෘතීම පදයක් දැමීමට හොදේ මයේ චුටි දුව මගෙන් ඉල්ලපු සෙල්ලම් බඩුව මන් එනවිට ගෙනත් දෙන්නම් ඔබ සැමට තුනුරුවන් සරණයි (අ)
අනුන්ගෙ කුනු හොයනවට වඩා පත්‍තරයකින් කරන්න පුලුවන් දේවල් ගොඩක් තියනවා ලංකාදීපයට මගේ ප්‍රනාමය. අපි මේ පවුල ගොඩ ගමු (අ)
මම මගේ ෆේස් බුක් එකේ යහළුවන්ට සහ ස්කයිප් යහළුවන්ට මේ ලින්ක් එක ඇරියා. ගොඩ දෙනෙක් උදවු කරනවා කියා තිබුනා. පුළුවන් අය කියන්න (දී)
මමත් අමාරුවෙන් උපයගත්තු සල්ලි ටිකක් සතුටින් මේ දරුවා පවුල වෙනුවෙන් දානවා. බැංකු ගිණුම් විස්තර අහන අයට පෙන්නේ නැද්ද මේ නිව්ස් එකේ අංකයක් තියෙනවා (අ)
ලංකාදීපයට ස්තුතියි. ලබන සතියේ මා ශ්‍රී ලංකාවට යනවා. හැකි වුවහොත් ඔවුන් හමුවෙනවා. හැකි නම් බැංකු ගිණුමට මුදල් ටිකක් බැර කරනවා. ඉතා දුක්මුසු අනතුරක් (අ)
චුටි දුවේ, මමත් ඔයාට පුලුවන් විදියට උදව්වක් කරන්නම්. (දී)
ලංකාදීපයට ගොඩක් පින්! අපි එයාලට සහයෝගය දෙනවා (නි)
බාසුරි දුව ගැන විස්තර කියපු ගමන්, මගේ දයාබර මිතුරියන් හැම දෙනාම නැහැ,බැහැ නොකියා තමන් අතේ තිබුන විදියට ආධාර කළා. සියලුම දෙනාට මගේ අවංක ස්තුතිය පුදන අතරම මෙපින් බලෙන් මෙරට සිටින තුරු කිසිම ලෙඩක් දුකක් නොවී , ඔබ සැමගේ පවුල් වල අයටත් නිරෝගී සුවය ලැබේවා කියා පතමි. එකින් එක නම් දැමීමට නොහැකි වීම ගැන මගේ බලවත් කනගාටුව (නි)
චුටි දුවට හා පුවුලටම තිස් තුන් කෝටියක් දෙවි පිහිටයි (අ)
වරුණ කෝ දැන් වැඩ පෙන්නන්න! මෙයට ආධාරයක් කරන්න! අනුන්ගේ දොස් හොයන්නේ නැතිව! (අ)
මම මේ දැන් Aawas International හි අරුණ සමරවික්‍රම මහත්මයාට කතා කළා ඔහු තමයි සහෝදරත්වයේ පියසටහන් සහ ලංකාවේ නිෂ්පාධිත කෘතීම පදයේ නිර්මථ්රූ. මම ඔහුට ම ලබාදෙන දායකත්වය ගැන ප්‍රකාශ කළා, කරුණාකර ඔබත් ඔහුට කතාකොට කළහැකි යම් උපකාරයක් කරන්න. ඔහුව සම්බන්ද කරගත හැකි ආකාරය පහතින් (අ) Tel. 94 342289986 Tel. 94 342289995 Mobi. 94 772975490 Fax. 94 342289893 E-Mail : [email protected] www.aawas.net
මිනිසුන් වශයෙන් අපි ඔවුන්ට උදවු කරමු (නි)
සමීර කීව් දේ ඒ වෙනකොට යම් වලංගුතාවක් තිබුනා, එවැනි දෙයක් කීම ජාති බේදය අවුස්සන ගොන්නට දාන එක සුදුසු මදි කියා සිතෙනවා මගේ සිතට නම්. යම් විදියක උණුසුම් හදවතක් ඇති නිසාමයි ඔහුටත් එවැනි දෙයක් කියන්න සිතෙන්න ඇත්තේ. "කරවිලත් ඇගට ගුණයි " තිත්තයි තමයි.(නදී)
මට දුවලා නැහැ. මේක දැක්කම ඉතාමත් කණගාටු වෙනවා. මගේ වැටුපින් උපරිම මුදලක් අදම එවනවා. පාසල් යන හැටි ලංකාදීපයෙන්ම දකින්නට ලැබේවා! (දී)
අංක 170, සර් ජේම්ස් පීරිස් මාවත, කොළඹ 02 කියන තැන තියෙනවා ප්‍රෙන්ඩ් ඉන් නීඩ් කියලා නොමිලේ කකුල් හදලා දෙන ආයතනයක්. ඒකට ගියාම මේ බබාටයි අම්මටයි කකුල් හදලා දෙයි.(නදී)
දුවේ මම ඔයාට උදව් කරනවා. බුදු සරණයි ඔයාට! (නි)
මමත් ඔයාට උදව් කළා. මට හරි සතුටුයි (නි)
මුලින්ම ලංකාදීපයට තුති අදහස් දාපු හැමෝම ගැන හරි සතුටුයි. මමත් හැකි පමණින් උපකාර කරමි. අපි හැමෝම එකතු වෙලා මේ උපකාරය කරමු මිනිසාගේ යුතුකම මිනිසාට සේවය කිරීමයි.(නදී)
ඉතාමත් සංවේදී පුවතක්. මාත් හැකි පමණින් උපකාර කිරීමට බලාපොරොත්තු වෙනවා. එත් ශෝචනීය තත්වය වන්නේ මෙවන් විපත් සිදු කර නිදැල්ලේ හැසිරෙන රියදුරන් ගැන සිහිවනවිටයි. සමහර විට මෙය මේ තිදෙනාගේ වරදක් නිසා සිදුවෙච්ච විපතක් වෙන්න ඇති, එසේවීනමුත් අප රටේ රිය පැදවීම කොතරම් වගකීමකින් කරනවාද යන්න ප්‍රශ්නයක්. ඒ වගේම කෙනෙකුට අනතුරක් කල පසු ඔවුන්ගේ සිත්වලට දැනෙන භයක් වේදනාවක් මම දකින්නේ නෑ. මෙයත් වචනාර්ථයෙන්ම තවත් අහඹු සිදුවීමක් යයි සිතීමයි එයට හේතුව . නමුත් මැද පෙරදිග රටක මෙවැනි දෙයක් සිදුවුනොත් රියදුරා දැඩි දඬුවම් විදිනවා. එය දන්නා නිසාම සියලු රියදුන් ඉතා විනීතව රිය පැදවීමෙන් මෙවන් අනතුරු බොහොමයක් වලක්වා ගන්නවා හේතුව නීතිය දන්නා නිසා. ඒ නිසා අපේ රටේ එතන හැදුනොත් මෙවන් අකල් අනතුරු හා මරන සිදුවීම වළක්වාගන්න පුළුවන් වේවි. ප්‍රමාධ වී හෝ කළ යුතුව ඇත්තේ එයයි. (අ)
මේ විස්තරය කියවල මගේ ඇස් දෙකට කදුඵ ආව. මම අදම මට පුලුවන් අයුරින් මුදල් දානව. ලංකා දීපට ස්තුතියි. ඩුබායි වල සුරංග. (අ)
දුවට වාසනාවන්ත අනාගතයකට සුබ පතනවා! අපි ඔයාව අමතක කරන්නේ නැහැ (නි)
මමත් කියන්නේ බැංකු ගිණුම් නොම්මරයක් දැම්මොත් මිනිස්සු උදවු කරාවි (අ)
අනේ රත්‍රන් දුවේ, මට ඔයාගේ මුණ දැකලා දැනුනු වේදනාව කියන්න බැහැ. මම පැයක් දෙක තුනක් තනියම ඇඩුවා. මට නම් කොහොමවත් ඉවසන්න බැහැ. මහේ ජීවිතේ වුනත් මම ඔයාට දෙනවා. බය වෙන්න එපා. ඔයාට ඔක්කොම ලැබේවි. බුදු සරණ මගේ පුතාට. (නි)
ආදරණීය චුටි දුවේ, ඔබේ දුක වේදනාව සංවේදී අපේ හදවත් වලට තදින් දැනෙනවා.මගේ ලේ කදුළු බිදු බවට පෙරලුනා. දෙනෙතින් රූරා වැටෙන කදුළු බිදුවක් පාසා ඔබලා වෙනුවෙන් දුක් වෙනවා.ඔබේ කදුළු අතරින් සිනා මල් දකින්නට අපි හරි ආසයි. මගේ උපකාරය ඔබට ලැබෙනු ඇත. ලංකාදීප කතෘතුමනි, මෙය දින කිහිපයක් යනතුරු ඉවත් නොකරන්න (දී)
පින්වත් සහෝදරියක් ඉදිරිපත් උන දුවට කකුලක් ගන්ට එයා මුදල් එවන බවට. (එයා මට පොරොන්දු උනා). එම සහෝදරිය ඔබලාට කතා කරයි. අපි මෙයට කලිනුත් ලංකාදීපේ දරුවන්ට උපකාර කලා. කතෘ මණ්ඩලයට තෙරුවන් සරණයි. මම අද ලංකාවට එන පින්වත් අක්කා අතට මුදල් දුන්නා ඔබලා අතටම දෙන්ට කියලා. එම අක්කා සිය කාලය ධනය ශ්‍රමය අනුන් වෙනුවෙන් යොදවන්නෙකි.(නදී)
චූටි දුවේ, අපි ඔයාගේ ගිණුමට රුපියල් 2,80,000ක් දැම්මා. ගොඩක් නැන්දලා, මාමලා ඔයාට උදවු කළා (නි)
දුවේ, මටත් දුවෙක් ඉන්නවා ඔයා වගේ.මම ඔයාට උදව් කරන්නම්. ඔයාට ඉක්මන් සුවය ලැබේවා! (නි)
මේ පුංචි දියණියගේ අහිංසක වේදනා බර ආයාචනයට හදපිරි ජාති ආගම් භේදයකින් තොරව මනුෂ්‍යත්වයේ නාමයෙන් හා කරුණාවෙන් වචනයකින් හරි උදව් කල පින්වත් ඔබ සියලුම දෙනාට සියලු ආගම් සාස්තෘවරුන්ගේ අනන්ත ගුණ බලයෙන් දෙවි රැකවරනින් නිදුක් නිරෝගී සුවයම උදා වේවා. ඔබටත් පවුලේ සියලු දෙනාටත් කායික සුවයත් මානසික සුවයත් ලැබේවා! සාධු සාදු සාධු!(නදී)
හිතට දිරිය ගන්න දුවේ. මමත් සල්ලි ටිකක් දැම්ම (අ)
සමීර ,සුනාමිය පැමිණි අවස්ථාවේ අපට උදව් කල යුරෝපය ඇතුළු ඒ රටවල සංවේදී ජනතාවට සිංහලකම පිරි තිබුනෙත් නෑ, බෞද්ධ උරුමයන් තිබුනෙත් නෑ , හරක් මසුත් හොඳට කනවා. අනේ මන්දා.(නදී)
ඩුබායි සිටින සහෝදර සහෝදරියනි, ඔබේ දහඩිය මහන්සියෙන් උපයාගන්නා මුදලෙන් ඔබට පිනක් දහමක් කරගැනීමට ඉතාම වටිනා අවස්ථාවක්. ඔබට පුලුවන් ඩිරාම් 1 ගනනේ එකතු කරලා ලගම තියෙන බැංකුවකින් මේ අසරණ පවුලට උපකාරයක් කරන්න. ඔබට සසර වසනතුරු නිවන් දැකීමට මෙපින ඇති වේවා! (නි)
මමත් පුළුවන් විදියට උදවු කරනවා දුවේ.ඔයාලට බුදුසරනයි (අ)
ලංකාදීප පුවත්පත් මාධ්‍ය ජාලයට මේ සිදුකරන උතුම් සත් කාර්යයට එහි කලමනාකාරිත්වයට, කතෘ මන්ඩලයට සියලු මාධ්‍යවේදීන්ටත් නීරෝගී සම්පත්තියම ලැබේවා!(නදී)
දුවේ මමත් දුවට සල්ලි ටිකක් දැම්මා. මගේ බිරිදත් මේ වැඩේට බොහොම කැමති වුනා. එයා සාමාන්‍යයෙන් නෙට් එකෙන් පත්තර බලන්නේ නැහැ. ඒත් මේ ලිපියයි අදහසුයි 2-3 පාරක්ම කියෙවුවා. සදුදා වෙනකොට දුවට සල්ලි ලැබෙයි. ලංකාදීපයේ සියලුම දෙනාටත් පින්! (නි)
ලංකාදීපයට මෙම පුවත පල කලට පින්. නීරෝගී සුවය අත්වේවා (අ)
අදහස් බැලුවම හිතට සතුටක් දැනෙනවා.පුංචි දුවේ, ඔයාලට අනිවාර්යෙන් උදව් කරනවා.ඔය දුක මට තදින්ම දැනෙනවා. මොකද මගේ සහෝදරයන් දෙන්නගෙම පාද අහිමි වුනා කුරිරු යුද්දෙන්.මේ ලෝකේ ඉපදෙන කිසිම කෙනෙකුට එහෙම වෙන්න එපා කියලා හැම මොහොතේම මම ප්‍රාර්ථනා කරනවා.මොකද ඒ දුක හැමදාම හිතින් විදවන නිසා. (නි)
මගේ පුංචි දුවේ, අනේ ඔයා මාවහුගක් ඇඩෙවුවා. ඔයාට මම කොහොමහරි උදවු කරනවා (නි)