කැකිරාවේ සේනපුර රෝහල අසලදී යතුරුපැදියක් ගසක ගැටීමෙන් තිදෙනකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
පෙදරේරුවන් තිදෙනකු වැඩ අවසන්වී නිවෙස් කරා යමින් සිටියදී එසේ අනතුරට ලක්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
යතුරුපැදියේ වේගය පාලනය කරගැනීමට නොහැකිව ගසේ හැපෙන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලාට නිවන් සුව ලැබේවා (ම)
වේගය පාලනය කරගන්න බැරුව ගහක ගලක හැපුන එකත් ලොකු දෙයක්. පාරේ යන වාහනයක එහෙම හැපුනා නම් කිසි වරදක් නොකරපු අහිංසක මනුස්සයෙකුට අවුරුදූ ගානක් උසාවි බඩගාන්න වෙනවා (නි)
මෙහෙම මියයනකොට රටේ මිනිස්සු ඉතුරුවෙයිද මන්දා (නි)
තුන්දෙනෙක් අධික වේගෙන් ගිහින් නේද මේ වින්නැහිය වෙලා තියෙන්නේ? (නි)
අධික වේගය ක්ෂණයකින් මරු කැඳවයි. එබැවින් හැමදේම ප්‍රවේශමින්.(ම)