දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිගම කොක්මාදූව අසල කන්දක් නාය යාමේ තර්ජනයක් නිසා අසල පදිංචි පවුල් 16කට ඉවත් වන ලෙස දන්වා ඇතැයි එම ගෙවල්වල පදිංචිකරුවෝ කියති.
දින කිහිපයකට පෙර කන්දෙන් වතුර පාරක් මතුවී යැයිද කන්දේ පස්ද බුරුල්වී ඇතැයිද ගැමියෝ පවසති.
තමනට ඉවත්වන ලෙස දැනුම්දුන් නමුත් යෑමට තැනක් නැතැයිද ඔවුහු කියති. දැකගන්නට ඇති විදියට කොක්මාදූව හා ඉමදූව අතර පෙදෙසේ අධිවේගී මාර්ගයට පස්කඳු කඩා වැටී නැත. එහෙත් අවදානමක් ඇතැයි අවට පදිංචිකරුවෝ කියති.
දින කිහිපයක් නොකඩවා එම පෙදෙසට මහ වැසි වැටුණු බවද ඔවුහු කියති.
මේ අතර ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පසුගියදා ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අවතැන්වූ ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවගේ සුවදුක් බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නියැලිණි.
හබරාදූව, අක්මීමන, බද්දේගම හා ගාල්ල වැනි ප්‍රදේශ කිහිපයකටම ගිය අමාත්‍යවරයා ඇතුළු නිළධාරිහු ඔවුන්ගේ සුවදුක් විමසූහ.
ඡායාරූප - ශාන්ත රත්නායක
(ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ)






![Still1002_00001[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/Still1002_0000111.jpg)
![Still1002_00002[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/Still1002_0000211.jpg)
![Still1002_00004[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/Still1002_0000411.jpg)
![Still1002_00006[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/Still1002_0000611.jpg)
![Still1002_00008[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/Still1002_0000811.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අධිවේග මාර්ගය හදන්න කලින් මේ දේවල් ගැන අවධානය යොමුකරලා නැද්ද? (නි)
යන්න තැනක් නැහැ කියල හරියනවද? අන්තිමට කන්ද නාය ගිහින් යට උනහම අහන්න පුළුවන් නේ " මේකද යහපාලානේ " ? කියල. (ස)