IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කාකපල්ලියේ අනුරුද්ධ නාහිමියෝ අපවත්වෙති

පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයයේ ප්‍රථම මහෝපාද්‍යාය කාකපල්ලියේ අනුරුද්ධ නාහිමියෝ අපවත්වූහ.

හලාවත අසළ කාකපල්ලියේ දී 1929 ජනවාරි 20 වැනිදා ඉපදුණු ඒ හිමියෝ හිරිපිය විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූහ.

කාකපල්ලියේ ශ්‍රී දේවානන්ද නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට ඇතුළු වූ ඒ හිමියෝ 1949 දී මල්වතු විහාරයෙන් උපසම්පදාව ලදහ.

විද්‍යාලංකාර පිරිවෙනේ ත්‍රිපිටක සංඝායනාවේ මුල් තැනක් ගෙන කටයුතු කළ ඒ හිමියෝ 1953 දී විද්‍යාලංකාර පිරිවෙනේ ආචාර්ය මණ්ඩලයට එක්වූහ.

1969 දී මහාබ්‍රිතාන්‍යයේ ලැන්කැෂ්ටර් සරසවියේ බෞද්ධ සමාජ අධ්‍යයනය වෙනුවෙන් ආචාර්ය උපදාය දිනගත්හ.

බෞද්ධ අධ්‍යයනය පිළිබඳ 1992 දී බටහිර කැලිෆෝනියා සරසවියේ කථිකාචාර්ය වරයකු වූ ඒ හිමයෝ හොංකොං සරසවියේ මහාචාර්ය වරයෙක් ද වූහ.

 

 



අදහස් (0)

කාකපල්ලියේ අනුරුද්ධ නාහිමියෝ අපවත්වෙති

හේමමුණි Monday, 30 September 2013 10:30 AM

කාකපල්ලියේ අනුරුද්ධ හිමි කැළණියේ ගුරුකුල විදුහලේ සේවය කළ, සිසු දරුවන්ගේ මහත් ආදරයට ලක්වු, විශිෂ්ට ගුරුවරයෙකි.උන් වහන්සේගේ ගෝලයෙකු වු මම උන්වහන්සේට නිවන් සුව පතමි. (ස)

:       0       0

මරතුගොඩ උපරතන හිමි - ඩෙන්මාර්ක් Sunday, 29 September 2013 10:57 PM

අප ගුරුදේව යතිවරයාණනි, ඔබවහන්සේ සසුනඹරේ දිදුලුණු දීප්තිමත් තාරකාවකි. නිහතමානිකමේ ප්‍රති මුර්තියකි. උගතුන් අතර කිසිවෙකුටත් නොදෙවැනි උගතෙකි. අපට ලෙන්ගතුව සිප්සතර ලබාදුන් සෙනෙහෙබර ගුරු පියාණනි, පතමි ඔබවහන්සේට අමාමහ නිවන් සුව. (නි)

:       0       0

පල්ලවෙලා රාහුල Monday, 30 September 2013 10:54 AM

ගරුතර නා හිමියනි ඔබ වහන්සේට නිවන් සුව පතමි.තවත් උතුම් සඟ රුවනක් අපට අහිමි විය. (ස)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 01 October 2013 01:44 AM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

නීල් Tuesday, 01 October 2013 01:47 AM

ඔබට නිවන් සුව පතමු! (නි)

:       0       0

නීල් Tuesday, 01 October 2013 01:47 AM

අපගේ ශෝකය! (නි)

:       0       0

ෆීලනී Tuesday, 01 October 2013 01:48 AM

නිවන් සුව පතමු. (නි)

:       0       0

සුගත් Monday, 30 September 2013 01:29 AM

නිවන වූ කලී, උත්සාහයෙන් විනා ප්‍රාර්ථනාවන්ගෙන් ලබාගත නොහැක. (නි)

:       0       0

දේදුනුපිටියේ උපනන්ද හිමි කේම්බ්‍රිජ් සරසවිය එංගලන්තය Monday, 30 September 2013 01:48 AM

බුද්ධ ධර්මය හා පාලි භාෂාව ගැඹුරින් හැදෑරීමට හා විදේශීය රටවල ධර්ම ශාස්ත්‍රීය සේවයට මට මග පෑදූ සමිඳුනි, ඔබවහන්සේ බොරු උගතුන්ගෙන් පිරුණු ලොවේ සැබෑ උගතෙක් වූ සේක. ඔබවහන්සේ කැලණිය සරසවියේදී සිංහලෙන් හා ඉංග්‍රීසි බසින් අපට පාලි සාහිත්‍යය හා බුද්ධ ධර්මය ඉගැන්වූ අයුරු අද ලෝකයේ කිසිදු උගතෙකුට කළ හැකියැයි නොසිතමි. සමිඳුනි, ඔබවහන්සේට නිවන් සුව! (නි)

:       0       0

රෝහණ Monday, 30 September 2013 12:31 PM

අද උගත් සැබෑ සිල්වත්, රටට සේවයක් කරන ගෞරවනීය සංඝයා වහන්සේලා අපෙන් තුරන් වෙනවා, අපවත් වෙනවා. අපේ බෞද්ධයන්ට එය පාඩුවක්. අද ඇතැම් සංඝයා වහන්සේලා නියුක්ත වෙලා ඉන්නේ සිවුරට නොසුදුසු ක්‍රියාවන්ට. අපේ ශාසනයට ඉදිරියට මොන කලක් යයිද දන්නේ නැහැ. (නි)

:       0       0

උපාලි Monday, 30 September 2013 04:17 AM

ජාතියට අහිමි වූ මහා පඬි රුවන! ඔබවහන්සේ මතු බුදු වේවා!!! (නි)

:       0       0

පඩිවෙලා සෝරත Monday, 30 September 2013 05:56 AM

සත් කෝරලේ නා හිමිට නිවන් සුව ලැබේවා !!!!!!!! (නි)

:       0       0

රෙමා Sunday, 29 September 2013 07:07 PM

හරිම හොඳ හාමුදුරුනමක්. නිවන් සුව පතමු (නි)

:       0       0

හේරත් Monday, 30 September 2013 06:17 AM

දෑ හිතකාමිව ලෝ වැඩ පිණිස සිරිලකට සිටි තවත් පඩි රුවනක් අපට අහිමි විය. ගරුතර මහා නා හිමිපාණන්ට නිවන් සුව පතමු. (නි)

:       0       0

රෝහිත ජයසුන්දර Monday, 30 September 2013 06:24 AM

බුද්ධිමත් හාමුදුරුනමක් අපට අහිමි වුණා. (නි)

:       0       0

මාඉටිපේ විමලසාර හිමි Sunday, 29 September 2013 07:31 PM

ගරු නාහිමියනි, ඔබවහන්සේට නිවන් සුව පතමු ! තවත් ශ්‍රේෂ්ඨ හිමිනමක් අපට නැතිවිය (නි)

:       0       0

වේරපිටියේ සෝමානන්ද හිමි, එහිපස්සිකෝ බෞද්ධ මධ්‍යස්ථානය, කැල්ගරි, කැනඩාව Monday, 30 September 2013 07:47 AM

අප නැණ නුවන අවදි කළ ගරු නාහිමිපාණන් වහන්සේට නිවන් සුව ලැබේවා...!!! (නි)

:       0       0

කෙකනදුරේ හේමාලංකාර හිමි Canadava Monday, 30 September 2013 07:57 AM

පිරිසිදු නිහතමානී පැවිදි උතුමෙක්. අපේ නාහිමිට නිවන්සුව පතමි (නි)

:       0       0

ජයකොඩි Monday, 30 September 2013 08:12 AM

ඔබ වන්සේගෙන් අධ්‍යාපනය ලැබීමට වාසනාව ලැබූ මා වැනි වාසනාවන්ත සිසු පරපුරක් බිහිකළ ඔබ වහන්සේට නිවන් පුර රුවන් දොර විවර වේවා! විදුලකර ආදී සිසු ජයකොඩි ආරච්චි කැනඩාව (නි)

:       0       0

කිත්සිරි Monday, 30 September 2013 08:51 AM

ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණය සාදාගනිත්වා! (නි)

:       0       0

කරුනසර හිමි Sunday, 29 September 2013 09:06 PM

ජංගම පුස්තකාලයක් වගේ නායක හාමුදුරුවන්ගේ දැනුම .ඔබ වහන්සේට නිවන්සුව(නදී)

:       0       0

පී.ඒ.කේ.තලන්ගම, හලා/මැදගම අභය ම.වි. Sunday, 29 September 2013 09:07 PM

අප පෙදෙසට පමණක් නොව මුළු රටටම මිණි පහණක් වූ ගරු නා හිමියනි, ඔබ වහන්සේට නිවන් සුව පතමු. (නදී)

:       0       0

දැදිගම Sunday, 29 September 2013 09:46 PM

මේ හිමිවරුන්ගේ තැන ගන්න අලුත් හිමිවරු නැහැ ඒකයි දුක. ගරු නාහිමියනි ඔබවහන්සේට නිවන් සුව පතමි .(නදී)

:       0       0

කුරේ Monday, 30 September 2013 09:46 AM

කාකපල්ලියේ අනුරුද්ධ හිමි කැලනියේ ගුරුකුල විදුහලේ සේවය කළ සිසු දරුවන්ගේ මහත් ආදරයට ලක්වු විශිෂ්ට ගුරුවරයෙකි.උන්වහන්සේගේ ගෝලයෙකු වු මම උන්වහන්සේට නිවන් සුව පතමි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 591 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site