පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයයේ ප්‍රථම මහෝපාද්‍යාය කාකපල්ලියේ අනුරුද්ධ නාහිමියෝ අපවත්වූහ.
හලාවත අසළ කාකපල්ලියේ දී 1929 ජනවාරි 20 වැනිදා ඉපදුණු ඒ හිමියෝ හිරිපිය විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූහ.
කාකපල්ලියේ ශ්‍රී දේවානන්ද නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට ඇතුළු වූ ඒ හිමියෝ 1949 දී මල්වතු විහාරයෙන් උපසම්පදාව ලදහ.
විද්‍යාලංකාර පිරිවෙනේ ත්‍රිපිටක සංඝායනාවේ මුල් තැනක් ගෙන කටයුතු කළ ඒ හිමියෝ 1953 දී විද්‍යාලංකාර පිරිවෙනේ ආචාර්ය මණ්ඩලයට එක්වූහ.
1969 දී මහාබ්‍රිතාන්‍යයේ ලැන්කැෂ්ටර් සරසවියේ බෞද්ධ සමාජ අධ්‍යයනය වෙනුවෙන් ආචාර්ය උපදාය දිනගත්හ.
බෞද්ධ අධ්‍යයනය පිළිබඳ 1992 දී බටහිර කැලිෆෝනියා සරසවියේ කථිකාචාර්ය වරයකු වූ ඒ හිමයෝ හොංකොං සරසවියේ මහාචාර්ය වරයෙක් ද වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාකපල්ලියේ අනුරුද්ධ හිමි කැළණියේ ගුරුකුල විදුහලේ සේවය කළ, සිසු දරුවන්ගේ මහත් ආදරයට ලක්වු, විශිෂ්ට ගුරුවරයෙකි.උන් වහන්සේගේ ගෝලයෙකු වු මම උන්වහන්සේට නිවන් සුව පතමි. (ස)
අප ගුරුදේව යතිවරයාණනි, ඔබවහන්සේ සසුනඹරේ දිදුලුණු දීප්තිමත් තාරකාවකි. නිහතමානිකමේ ප්‍රති මුර්තියකි. උගතුන් අතර කිසිවෙකුටත් නොදෙවැනි උගතෙකි. අපට ලෙන්ගතුව සිප්සතර ලබාදුන් සෙනෙහෙබර ගුරු පියාණනි, පතමි ඔබවහන්සේට අමාමහ නිවන් සුව. (නි)
ගරුතර නා හිමියනි ඔබ වහන්සේට නිවන් සුව පතමි.තවත් උතුම් සඟ රුවනක් අපට අහිමි විය. (ස)
ඔබට නිවන් සුව! (නි)
ඔබට නිවන් සුව පතමු! (නි)
අපගේ ශෝකය! (නි)
නිවන් සුව පතමු. (නි)
නිවන වූ කලී, උත්සාහයෙන් විනා ප්‍රාර්ථනාවන්ගෙන් ලබාගත නොහැක. (නි)
බුද්ධ ධර්මය හා පාලි භාෂාව ගැඹුරින් හැදෑරීමට හා විදේශීය රටවල ධර්ම ශාස්ත්‍රීය සේවයට මට මග පෑදූ සමිඳුනි, ඔබවහන්සේ බොරු උගතුන්ගෙන් පිරුණු ලොවේ සැබෑ උගතෙක් වූ සේක. ඔබවහන්සේ කැලණිය සරසවියේදී සිංහලෙන් හා ඉංග්‍රීසි බසින් අපට පාලි සාහිත්‍යය හා බුද්ධ ධර්මය ඉගැන්වූ අයුරු අද ලෝකයේ කිසිදු උගතෙකුට කළ හැකියැයි නොසිතමි. සමිඳුනි, ඔබවහන්සේට නිවන් සුව! (නි)
අද උගත් සැබෑ සිල්වත්, රටට සේවයක් කරන ගෞරවනීය සංඝයා වහන්සේලා අපෙන් තුරන් වෙනවා, අපවත් වෙනවා. අපේ බෞද්ධයන්ට එය පාඩුවක්. අද ඇතැම් සංඝයා වහන්සේලා නියුක්ත වෙලා ඉන්නේ සිවුරට නොසුදුසු ක්‍රියාවන්ට. අපේ ශාසනයට ඉදිරියට මොන කලක් යයිද දන්නේ නැහැ. (නි)
ජාතියට අහිමි වූ මහා පඬි රුවන! ඔබවහන්සේ මතු බුදු වේවා!!! (නි)
සත් කෝරලේ නා හිමිට නිවන් සුව ලැබේවා !!!!!!!! (නි)
හරිම හොඳ හාමුදුරුනමක්. නිවන් සුව පතමු (නි)
දෑ හිතකාමිව ලෝ වැඩ පිණිස සිරිලකට සිටි තවත් පඩි රුවනක් අපට අහිමි විය. ගරුතර මහා නා හිමිපාණන්ට නිවන් සුව පතමු. (නි)
බුද්ධිමත් හාමුදුරුනමක් අපට අහිමි වුණා. (නි)
ගරු නාහිමියනි, ඔබවහන්සේට නිවන් සුව පතමු ! තවත් ශ්‍රේෂ්ඨ හිමිනමක් අපට නැතිවිය (නි)
අප නැණ නුවන අවදි කළ ගරු නාහිමිපාණන් වහන්සේට නිවන් සුව ලැබේවා...!!! (නි)
පිරිසිදු නිහතමානී පැවිදි උතුමෙක්. අපේ නාහිමිට නිවන්සුව පතමි (නි)
ඔබ වන්සේගෙන් අධ්‍යාපනය ලැබීමට වාසනාව ලැබූ මා වැනි වාසනාවන්ත සිසු පරපුරක් බිහිකළ ඔබ වහන්සේට නිවන් පුර රුවන් දොර විවර වේවා! විදුලකර ආදී සිසු ජයකොඩි ආරච්චි කැනඩාව (නි)
ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණය සාදාගනිත්වා! (නි)
ජංගම පුස්තකාලයක් වගේ නායක හාමුදුරුවන්ගේ දැනුම .ඔබ වහන්සේට නිවන්සුව(නදී)
අප පෙදෙසට පමණක් නොව මුළු රටටම මිණි පහණක් වූ ගරු නා හිමියනි, ඔබ වහන්සේට නිවන් සුව පතමු. (නදී)
මේ හිමිවරුන්ගේ තැන ගන්න අලුත් හිමිවරු නැහැ ඒකයි දුක. ගරු නාහිමියනි ඔබවහන්සේට නිවන් සුව පතමි .(නදී)
කාකපල්ලියේ අනුරුද්ධ හිමි කැලනියේ ගුරුකුල විදුහලේ සේවය කළ සිසු දරුවන්ගේ මහත් ආදරයට ලක්වු විශිෂ්ට ගුරුවරයෙකි.උන්වහන්සේගේ ගෝලයෙකු වු මම උන්වහන්සේට නිවන් සුව පතමි. (නි)