IMG-LOGO

'කොක්ටේල්' හි රඟපෑ ඩයනා මතකද?

සායිෆ් අලී ඛාන් විසින් 2012 වසරේදී නිෂ්පාදනය කරනු ලැබූ "කොක්ටේල්" චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාවට පිවිසි ඩයනා පෙන්ටි සිවු වසරකට පසුව නැවතත් බොලිවුඩ් සිනමා චිත්‍රපටයකින් සිය ප්‍රේක්ෂකයන් හමුවීමට සූදානමින් සිටිනවා. ඒ ඉදිරියේදී තිරගත වීමට නියමිත මුඩාසර් අසිස්ගේ "හැපි බාග් ජායින්ගේ" චිත්‍රපටයෙන්. මෙහි ඩයනාගේ සිනමා පෙම්වතා ලෙස අබේ ඩියෝල් චරිත මවන අතර, තවත් ජනප්‍රිය හා ප්‍රවීණ නළු නිළියන් පිරිසක් මෙහි රංගනයෙන් දායක වී සිටිනවා. මෝස්තර නිරූපිකාවක ලෙස ජනප්‍රිය ඩයනා පසුගිය කාලයේ බොලිවුඩ් සිනමාවේ දකින්නට නොලැබුණේද ඇය වැඩි දායකත්වය සිය වෘත්තීය කටයුතු සඳහා ලබාදීම හේතුවෙන් බව සඳහන්. සිය 30 වැනි විය ගෙවා දමමින් සිටින ඩයනා පසුගිය කාලයේදී ජනප්‍රිය බොලිවුඩ් සිනමා තරුවක් සමග රහස් ප්‍රේම සම්බන්ධයක්ද පවත්වනු ලැබූ බවට කටකතා වාර්තා වෙනවා.

 

2016-06-13-ent-55



අදහස් (0)

'කොක්ටේල්' හි රඟපෑ ඩයනා මතකද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 493 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 665 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 272 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site