කැලණි ගඟට තෙල් මුසුවීම නිසා පරිසර ආරක්ෂණ බලපත්‍රය තහනම් කර තිබූ කොකාකෝලා සමාගමට තාවකාලිකව කොන්දේසිවලට යටත්ව යළි පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබාදීමට මධ්‍යම පරිසර අධිකාරිය අද (31) තීරණය කළේය.
එවැනි වැරැදි යළි සිදුනොවීමට වගබලාගන්නා බවට අදාළ සමාගම පොරොන්දු වී ඇති නිසාද මධ්‍යම පරිසර අධිකාරිය දුන් උපදෙස් අනුව ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කර තිබූ නිසාද බලපත්‍රය යළි ලබාදෙන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා ප්‍රකාශ කළේය.
පරිසරයට හානි කිරීම සම්බන්ධයෙන් දඩ මුදලක්ද කොකා කෝලා සමාගමට නියම කරනු ඇති බවත් ධර්මසිරි මහතා පැවසීය.
වීඩියෝ - ශාන්ත සෙනෙවිරත්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි ඉස්සරහදි මොන ලොක්කත් දණ ගහනවා............ ලංකාවේ කොම්පැනි එකක් මෙහෙම කළානම් උද්ගෝෂණ කරන්න, උද්ගෝෂණ කරවන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා. අමෙරිකාවට කොච්චර අපි කොන්ද නවාගෙන ඉන්නවද කියලා මේකෙන්ම පේනවා...(බ)
අමිත්....මම මේ රටේ තමයි.සමාගමේ නම හංගන්න ඕනේ නැහැ.මේහේ ඒජන්තගේත් නම කියන්න පුළුවන් .අනවශ්‍ය නිසා ලීවේ නැහැ. ..?.හරියට සිංහල කියවන්න ඉගෙනගන්නවා හලෝ..! කියවන්න බැරිද නම ලියල තියනවා.මුළු ලංකාවම දන්නවා සමාගම මොකක්ද කියලා මාධ්‍ය නිසා. (බ)
ඕකට තමයි තොරතුරු දැන ගැනීමේ අයිතිය නීතියක් බවට පත් කරන්න කියන්නේ, එකට මිනිස්සු පෙළ ගැහෙන්න ඕන, ඔන්න අපි ඡන්දෙ දුන්න දැන් ආණ්ඩු කරවන අය කරන්න ඕන කියල නිකන් බලන් ඉදල මදි, මිනිස්සු ඒකරාශී වෙලා බල කරන්න පුළුවන් උනොත් එකට ඕනෑම පුරවැසියෙකුට පුළුවන් විමසා බලන්න පරිසර බලපත්‍රය කොහොම ගත්තද කියල, එකට පුරවැසි බලය ශක්තිමත් කරමු ඇමරිකාවට බැන බැන ඉන්නේ නැතුව (බ)
පරිසර හිමිකම් මානව හිමිකම් වලට යටද (බ)
මහින්ද වුණ්නා නම් මෙහෙම වෙන්නේ නෑ (අ)
මෙහෙම දෙයක් ඇමෙරිකාවේ වුණා නම් කෝටි ගණන් වලින් දඩ ගහන්නේ. බලමු ලංකාවේ මොකද වෙන්නේ කියලා (නි)
ගොඩක් අය කියනවා කොකාකෝලා එක එක වහන්න කියලා. නමුත් ගොඩක් අය තේරුම් ගන්නේ නැහැ දඩයක් හැර වෙන විකල්පයක් නැති වග. මේක වැහුවොත් කීදෙනෙකුට රස්සා නැති වෙනවද? තවත් වක්‍රව කීදෙනෙකුට රස්සා නැතිවෙලා පවුල් වලට බලපාවිද? මොන රටකත් දඩයකට හැර වෙන කරන්න දෙයක් නැහැ. (නි)
මේක පරිසර අධිකාරියට දන්වලා තියෙන්නේ කවුද එතකොට? (නි)
මේකේ රණ්ඩු කරන්න එපා. අපේ සෞඛ්‍යයට හොඳ නැති නිසා අපි ඔය පැණි බීම නොබී ඉමුකො (නි)
ප්‍රථම මාධ්‍ය ආවරණය.(ම)
අපේ ගමේ දුප්පත් ගොවියෙක් හේනක් කොටන්න ගහක් කපනකොටත් 119 එකෙන් ඇවිල්ලා මහ උසාවියේ අවනඩුවක් අහලා සුමානයක් දෙකක් හිරේ විලංගුවේත් වැටිලා. මෙන්න ආශ්චර්ය! රටේ මහා පරිමාණයෙන් පරිසරය දුෂණය කරන අයට සමාව? මෙහෙව් රටක අපිත් ඉපදුනානේ? (නි)
ඒ පිළිබඳව සවිස්තර වාර්තාවක් ජනතාවට ලැබෙන්න සලස්වනවා නම් හොඳයි. නැත්තම් කාට හරි කියන්න පුළුවන් අල්ලස් අරගෙන නැවත බලපත්‍රය ලබා දුන්නා කියල. (ම)
මම මේක ගෙන දන්නවා ලොකු ගානක් සල්ලි එහෙමෙහෙ යනවා ඕකට (ම)
මෙම ප්‍රශ්නයෙන් පීඩාවට පත්වුණේ පරිසර අධිකාරියද? ජනතාවද? ජලය නවතා තැබීමේදී අපි වතුර බිව්වේ කොහොමද? පාලකයන් අන්ධද? බිහිරිද? (නි)
මෙන්න ඩීල් (බ)
මේ පැණිබීම ශරීරයට අහිතකරයි කියායි මම නම් හිතන්නේ (නි)
සල්ලි වලට තියන බලය (බ)
යහපාලනය (බ)
දැන් අපට ඇමරිකාව තරහා කරගන බැරී වුවත්, පුංචි උනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ කියලා මතක හිටින, රිදෙන හොඳ දඩයක් ගහන්න කොකා කොලා සමාගමට.ලංකාව ඇමෙරිකාවේ ප්‍රාන්තයක් නොවේ ස්වාධීන රටක්...! රටේ ගරුත්වය බහුජාතික සමාගම් වලට යටවෙන්න දෙන්න එපා.එසේ නොවුනහොත් හැම සමාගමක්ම රජයට ඔලුවට ඇත හෝදන්න එයි වැරදි කරලා බේරෙන්න.මොකද අපේ බලධාරීන් හා ඉහල නිලධාරීනුත් හරි දක්ෂයි නේ ලොකු ලොකු අයට සමාව දෙන්න.සමහර හිටපු ඉහල නිලධාරීන් දැන්,දැන් කොමිසන් වලට ප්‍රකාශ දීල පස්ස දොරෙන්ම මාරුවන බවත් ඔය කවුරු කවුරුත් මතක තබා ගන්න.!.කොකා කොලා එකේ සල්ලි එහෙම පොඩියට එහෙ මෙහෙ වෙන්න ඇති.කමක් නැහැ සමාගම ගෙවූ දඩය ප්‍රසිද්ධ කරන්න .ඇමති හා අදාළ පරිසර බලධ්රයිනි..! අපේ ආයතනයන්ට (ජල මණ්ඩලය හා අදාළ ආයතයන්ට) සිදුවුනු අලාභයන්ට මුදල් අයකරගත්තාද ..? බලපත්‍රය දෙන්නට හදිස්සි වෙන්නේ....? (බ)
ඇමෙරිකන් බලය කොහොමද (බ)
පරිසර ලොක්කෝ ජරාව එහෙම කන අය එහෙම නෙවෙයි (බ)
ඇති යාන්තම් දැනුයි මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ. කොකාකෝලා නැතිව කොහොමද අපි ජීවත් වෙන්නේ. (බ)
පරිසර ඇමැති කවුද ? එතුමාට හොඳට සලකලා තියෙන පාටයි . යහපාලනය නේ (බ)
යහපාලනය නේ ඔහොම වේවි කියල අපි දැනගෙන හිටියා (බ)
ඇමරිකන් සමඟම නිසා දැන් මොන වැරැද්ද කළත් සමාව දෙන්න වෙනවා (ම)
වැඩේ ගොඩින්ම බේරෙන පාටයි. අපේ මිනිහෙකුට වුණා නම් ඔක්කොම ඉවරයි. රතුපස්වල සමාගමට මොකද වුණේ? මේවට යහපාලනය නැද්ද? (නි)
මහින්ද මහත්තයාගේ කාලයේ වෙන දේවල් දැනුත් වෙනවනේ.රතුපස් වල ජනයට වඩා වැඩි අපහසුවක් ගිය සතියේ වැඩි ජනතාවක් ග්‍රහණය වුණා (ම)
හැමෝම සද්දෙන් මේ ගැන ලොකුවට කතා කරනවා..හැබැයි හෑමදාම , හෑම කුණූ ගොඩක්ම පාරට විසිකරලා පරිසරයට මීට වඩා හානියක් කරන ලංකාවේ හැම තැනම ඉන්න මගෝඩියො ගැන කවුරුත් කතා කරන්නෙ නෑ.(ම)
මොකක් කිව්වා..? පගාව ගත්ත කිව්වා...? අනේ අපි ලංකාවේ ! එංගලන්තේ එහෙම වුනත්.... අපේ රටේ එහෙම වෙන්නේ නෑ.. (බ)
ජයනාත් ඔයා මේ රටේ නෙවෙයිද? සමාගමේ නම හැංගුවා .ඉතින් රජයෙන් දඩුවම් දෙයිද හලෝ..? (අ)
ලංකාවේ කොච්චර ස්වභාවික බීම වර්ග ගෙදර හදාගෙන බොන්න පුළුවන්ද? ඒත් අපේ අය රට බීම පස්සේ දුවනවා. (නි)
එක්තරා කාලයකදී රැජිනක් කියලා තියෙනවලු පාන් නැත් නම් කේක් කාපල්ලා කියලා. ඒක දැන් ... වතුර නැතිනම් කොකාකෝලා බීපල්ලා! (අ)
එහෙම ඔබට උවමනාවට දවසෙන් දෙකෙන් දඩ නියම කරන්න පුලුවන්ද? අඩුම ගානේ ටිකක් සොයල බලල, වාර්තාවක් හදල, අනුමත කරලා එපයි දඩ නියම කරන්න. හදිස්සි වෙන්න එපා, පරිසර ගැටළු සෙල්ලම් නැහැ. ඔබතුමාලට ඔය ආයතන බාර දීල තියෙන්නේ ඕකටද. ඇමතියෙක් පිටිපස්සේ ඇති. (අ)