IMG-LOGO

කේ.රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා නව දුම්රිය සාමාන්‍යාධිකාරි ධුරයට

(නිමල කොඩිතුවක්කු)

නව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ සේවා නිළධාරියකු වන කේ. රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා  පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ කළමණාකරණ දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ දැනට සේවය කරනු ලබයි.

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා එම තනතුරින් ඉවත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමීවීමෙන් එම ධුරය පුරප්පාඩු වී තිබේ.

ධම්මික ජයසුන්දර මහතා ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ විශේෂ ශ්‍රේණියේ සුදුසු තනතුරකට පත්කිරීමට හැකිවන පරිදි රාජ්‍ය පරිපාලන සහ පළාත් සභා  සහ පලාත් පාලන අමාත්‍යාංශයට අනුයුක්ත කිරීමට නියමිත බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් කැබිනට් මණ්ඩලයට සිදුකළ යෝජනාවක් මත මෙම පත්කිරීම සිදුකරනු ලැබීය.



අදහස් (3)

කේ.රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා නව දුම්රිය සාමාන්‍යාධිකාරි ධුරයට

අරවින්ද මොණරවිල Tuesday, 12 August 2025 04:30 PM

දුම්රිය සේවය කාර්යක්ෂම හා ඵලදායී ලෙස පවත්වාගෙන යන්න ධෛර්යය ශක්තිය ලැබේවා...! හොඳින් වැඩ කෙරුවොත් ඇමැතිවරයාගේ උපරිම සහාය ලැබෙනු ඇත...

:       1       0

ගුණරත්න Tuesday, 12 August 2025 06:08 PM

ඔළුගෙඩි මාරු කරලා ඔය ආයතනය ලාබ ලබන තැනක් කරන්න බැහැ. ඕක තේරුම් යන කොට අශ්වයා පැනල ගිහින් තියේවි

:       0       1

අන්_ර Tuesday, 12 August 2025 07:25 PM

කම් කම් බූරු කිව්වම සිං සිං ක්ඥෝරූ කියල කියන්න ඕන හොඳේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 89 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1007 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site