කොටි සංවිධානයේ ජාත්‍යන්තර අංශයේ හිටපු නායක කුමරන් පත්මනාදන් හෙවත් කේ.පී සම්බන්ධයෙන් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත, ත‍්‍රස්තවාදයට මුදල් එකතු කිරීමට එරෙහි පනත සහ දණ්ඩ නීතී සංග‍්‍රහය යටතේ පරීක්ෂණ සිදු කෙරෙන බව නීතිපති අද (03) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
කේ.පී අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නීතීය ක‍්‍රියාත්මක කරන්නැයි ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා ගොනු කළ රිට් පෙත්සම අද අභියචනාධිකරණ සභාපති විජිත් මලල්ගොඩ මහතා සහ දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය හමුවේ කැඳවූ අතර එහිදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ප‍්‍රියන්ත නාවාන මහතා මේ බව කියා සිටියේය.
කුමරන් පත්මනාදන් හෙවත් කේ.පී සම්බන්ධයෙන් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදුකෙරෙන විමර්ශන වල වාර්තාවක් ඉදිරියේදී අධිකරණයට බාර දීමට කටයුතු කරන බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඉවසීමෙන් බලාඉන්නේ වෙන්නේ මොකක්ද කියායි (නි)
ජනාධිපති මරන්නට උත්සාහ කළ කොටියා එළියේ ඉන්නවා නම් කේ. පී. කරලා තියෙන්නේ අහවල් වැරැද්දක්ද? (බ)
සෙනරත්ලා වගේ අහිංසක නොදරුවෝ මරන්න ලංකාවට බෝම්බ සහ ආයුධ අවපු එක තමා කේ පි කරපු වැරැද්ද (බ)
ආයිබෝං ... අර තියෙනවයි කිව්ව නැව්දහතුනට මක්කෙයි වුනේ? කන්ගැට්ටා වත් හොරකම් කළාද? (බ)
ආයුධ එවනවාට වඩා ලොකු අපරාධයක් කරන්නට හැදුව මිනිහෙක් හිරෙන් නිදහස් කළ යුතුද (හේ)
කේ. පී. වැරැද්දක් කරලා නැති නිසා නේද පසුගිය රජයෙන් ඔහුව ආරක්ෂා කරලා තියාගත්තේ. ඒ පිං ඇත්තට පවුනේ අනේ දැන්. පව් අනේ බබා. (බ)
කේපීගේ චෙක් පොත තිබෙන කම් කවුරුවත් නඩු දාන්නේ නැහැ (බ)