(විමුක්ති එස් රුද්‍රිගු)

ඉන්දියානු නාවික හමුදාවට අයත් 'INS GHARIAL' නෞකාව අද (29) දින කොළඹ වරායට ළඟා විය.

කිලෝග්‍රෑම් 760 ක් බරින් යුත් අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගයක් රැගෙන  'INS GHARIAL' නෞකාව ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

'INS Gharial' අද දින කොළඹට පැමිණියේ ශ්‍රී ලංකාවෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් ඉන්දියාවෙන් ලබා දෙන  අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් ආධාර තොගය භාර දීමටය.

ශ්‍රී ලංකාවට රැගෙන ආ එම අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගය සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ  මහතා නිල වශයෙන් භාර දුන්නේය.

මෙම ඖෂධ සහ සැපයුම් තොගය ඉන්දියාවෙන්  ශ්‍රී ලංකාවට ලැබුණු ත්‍යාගයකි.