රාජ්‍ය නිලධරයකුවූ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති එජාප මූලස්ථානයේ ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් මැතිවරණ සටනට සහාය වීම පිළිබඳව තමන් මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය කමිටු සභාපති ඩිලාන් පෙරේරා මහතා විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
ඔහුට කුඩු ජාවාරම්කරුවන්ගෙන් මරණීය තර්ජන ඇතැයි පැමිණිලි කරන්නේද හෙළි කරන්නේද සිරිකෝතේදී යැයි පැවසූ ඩිලාන් පෙරේරා මහතා එසේ හෙයින් ඔහුගේ හෙළි කිරීම්ද පක්ෂග්‍රාහී වීමට බැරි නැතැයි ද ඒවා විශ්වාස කළ නොහැකි යැයිද පැවසීය.
සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත හා හිටපු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම යන මහත්වරුද ඊට එක්ව සිටි අතර සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව හෝ නෙළුම් පොකුණ රඟහල ලබාගැනීමට උත්සාහ කළත් ඒවායේ පාලනාධිකාරීන් එය ප්‍රතික්ෂේප කළ බවයි.
මේ හේතුවෙන් හෙන්රි පේද්‍රිස් පිටිය ලබාගත් බවත් එහි සංවිධාන කටයුතු කරද්දී විදුලිය කපා තිබූ බවත් ප්‍රේමජයන්ත මහතා කීවේය. කෙසේ වෙතත් ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමට සියලු කටයුතු සූදානම් බවත් තරුණ පෙළට ආකර්ශනීය කරුණු රැසක් එහි අඩංගු වනු ඇති බවත් මහලේකම්වරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
178
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ඖෂධ පාලක සභාපති විශ්වාස නෑ‘
සේනක Monday, 27 July 2015 09:53 AM
මෙයාලට විශ්වාස නැති වුණාට ජනාධිපතිට හා මහජතාවට මේ සභාපති කියන දේ විශ්වාසයි (ම)
නන්දලාල් ප්‍රංශය Monday, 27 July 2015 01:23 PM
ඇත්තද? ඕගොල්ලෝ බලයේ හිටපු කාලේදී නම්, අපි උඩ ඉඳන් පහල දක්වා හිටපු කාවවත් විශ්වාස කරේ නැහැ. නවත්ත ගන්නකො ඔය බයිලා ගැහීම. (නදී)
මහේන්ද්‍ර කුමාර Monday, 27 July 2015 01:52 PM
ආරක්ෂක ලේකම් ගෝඨාභය ඕකම ජනපතිවරනයේදී කළා අමතකද? (නදී)
සමන් Monday, 27 July 2015 10:38 AM
අපිටනම් එයා කියන නම් විස්වාසයි... කොහොම වුණත් එතුමගේ ලිස්ට් එකට අයිති නම් දෙක තුනක් නම් ටක්කෙටම කිව හැකියි (ම)
රෝහණ Monday, 27 July 2015 02:36 PM
අනේ මහත්තයෝ විකාර කියවන්න එපා.දැන් කොහොමත් සුසිල් ,ඩලස් සහ ඩිලාන් කියවන්නේ මොනවද කියල එයාලම දන්නේ නැහැ.සමහරවිට ඩිලාන් නම් ලිස්ට් එකෙන් එන නිසා බේරෙයි අනිත් දෙන්න අනේ මන්දා. (බ)
ගුරුගේ Monday, 27 July 2015 12:48 PM
අවූරුදු 10 ක් දීපු නැති දේ හෙටද දෙන්නේ? (ර)