ජාතික ඖෂධ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබුණු බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා අද (05) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී කැබිනට් තීරණ දැනුම් දෙමින් පැවසීය.
එම පණත් කෙටුම්පත සිකුරාදා (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කරද්දී මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට උත්සාහ කළත් එය අසාර්ථක විය. සිරිසේන මහතා කීවේ කෙටුම්පත කිසිවකු විසින් සොරා ගත් බවයි. ඖෂධ නිෂ්පාදන ආයතනවලින් විශාල මුදලක් ගත් ගිය ආණ්ඩුවේ පුද්ගලයකු පනත ඉදිරිපත් කිරීමට ඉඩ නුදුන් බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමනි! ඔබ මේ කරන පුන්‍ය කර්මයෙන් මේ ජීවිතයේ නිරාමිස සුවය විදිනවා පමණක් නොව සංසාරේ ඊළඟ ආත්ම භවයන්හි නීරෝගිමත් ජීවිතයක් ගතකරනවා ඒකාන්තය. එමෙන්ම මෙයට සම්බන්දවන සෞඛ්‍ය ඇමැති ඇතුළු සෙසු පිරිසටද එසේමය. (ර)
මෙම පනත සම්මත කිරීම දක්වා නං අයුරින් දායක වූ සියලුදෙනා ඉතිහාසගත වනු අැත . (හේ)
සේනක බිබිලේ මැති තුමා දෙව් ලොව සිට අසිරි පතවී.(හේ)
හොඳ වැඩක්.(හේ)
කොහොමද වැඩ. ජයවේවා ජනාධිපතිතුමනි! (හේ)
පනත නැති වුනා කිව්වට ඔය තියෙන්නේ.ඡන්දෙන් පස්සේ ඔක්කොම තියෙනවා.(හේ)
දිනේෂ් කවුරු කළත් හොද දේවල් හොඳ විදියට දකින්න පුරුදු වෙන්න (දිල්)
පළමු පියවර පමණයි. තව බොහෝ බාධක කම්කටොළු ඒවි. නොකෙරෙන තැනටම බහු ජාතික සමාගම් වැඩ සිද්ධ කරන බව ඒකාන්තයි. අතාරින්න නං එපා. මේක අමාරුවෙන් හරි කර ගත්තොත්, අනාගත පරපුරවත් ගොඩ!(හේ)
පසුගිය ආණ්ඩුවට අවුරුදු කිහිපයක් තුළ කරන්න බැරිවුණ දේවල් දින කිහිපයක් තුළ මෙම රජය කරන බව පැහැදිලියි (නි)
දැන් වෙනදට වඩා අඩු මුදලට අසරණ රෝගීන්ට බෙහෙත් ටික ගන්න පුළුවන්..ඒක ගොඩක් වටිනවා..පිළිකා වලට තිබෙන එන්නත් වලින් සමහරක් නිලධාරීන් අතීශය දරුණු විදියට ගසාකන එක අඩු වෙයි දැන්..(හේ)
මෙය ඉක්මනින් ක්‍රියාත්මක කළයුතු දෙයක් (නි)
මෙම පනත සාර්ථක කරගන්න ජනාධිපතිතුමාට සහා සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාට ශක්තිය ලැබේවා!මේ මහඟු පුණ්‍යකර්මය සාර්ථක කරගන්න උදවු කරන සැමදෙනාටම තෙරුවන් සරණයි! (නි)