සෞඛ්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචිවූ ඖෂධ සමාගම් තමා සෞඛ්‍ය අමාත්‍යවරයා සිටියදී සකස් කළ ඖෂධ පනත අතුරුදන් කිරීමට එක් සමාගමකින් රුපියල් ලක්ෂ 25 බැගින් එකතු කර ඇතැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (3) කොළඹ පැවති මහාචාර්ය නන්දදාස කෝදාගොඩ අනුස්මරණ උත්සවයට එක්වෙමින් පැවසීය.
දේශපාලනඥයන් සඳහා ආචාර ධර්ම පද්ධතියක් සකස් කර නීතිගත කරන බව මෙවර ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයන් තුළ සඳහන් කළද රටේ දේශපාලනඥයන්ට පමණක් නොව වෛද්‍යවරුන්, රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරිකයන් ඇතුළු රටේ සෑම ක්ෂේත්‍රයකටම ආචාර ධර්ම පද්ධතියක් ඇති කළ යුතු බවද ජනපති එහිදී කීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අල්ලස් ගනුදෙනුව ගැන හොයන්න. අවශ්‍ය පුද්ගලයන්ට නියෝග දෙන්න. (නි)
දැන් ඔය ඖෂධ පනත ගේනවා කියලා එක බෙහෙත් පෙත්තකවත් ගාන අඩුවුණාද? (නි)
ඔබතුමා කෙළින් තීරණයක් අරගෙන මේ සම්බන්ධයෙන් ක්‍රියාකරන්න (නි)
ඔබයි අපේ බලාපොරොත්තුව (නි)
අලුත් පනත ජුලි පළවෙනිදා සිට ක්‍රියාත්මක කරලා නේද? (නි)
අනේ දෙවියනේ! (නි)
දැන් ඖෂධ පනත සම්බන්ධයෙන් මොකක්ද ගන්නා පියවර? (නි)
ඇමති හැටියට ඔබතුමාට කරන්න බැරිවුණ ඒ දේවල් දැන් පුලුවන් කරන්න (නි)
රටේ ජනතාවට වෙන ආචාරධර්ම පද්ධති ඕනෑ නැහැ. බුදුදහමේ එන පන්සිල් පද පහ හොඳටම ඇති පිළිපදිනවා නම්. රටේ ප්‍රධාන පුරවැසියාගේ පටන් අනාගතයේ ඉපදෙන බිලිඳා දක්වාම ඒක වලංගුයි. විශේසයෙන් ජනතාවගේ සේවකයන් වන රාජ්‍ය නිලධාරීන් එය තමාට පෙනෙන පරිදි තබාගත යුතුයි. (නි)
අනුන්ගේ වැරදි නොව හොඳ දෙයම දකිත්වා. නිහතමානී සිතින් සමඟියෙන් සිටිත්වා. (නදී)
ඕක ගේනවා කියලා කිවුවට වුණ දෙයක් තිබෙනවද? (නි)
එතකොට එහෙම පනතක් තියෙනවද? ඒත් බෙහෙත් වල ගණන අඩු නැහැනේ.සම්මත කළාට වැඩක් නැහැ. ක්‍රියාත්මක කරන්න. (නි)
පනතක් සම්මත කළ පමණින් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. බලාපොරොත්තු තියාගන්න. අනික වැඩක් කරන අයට වැඩිය කකුලෙන් අදින අය වැඩියි. ලංකාවේ අයට බොහෝ දේ ඉක්මනින් අමතක වෙනවා. (නි)
ඔය කියන පනත සම්මත වුණාට ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? මුදල් එකතු කළ කට්ටිය කවුරුද කියලා රටට හෙළිකර ඔවුන් නීතිය ඉදිරියට ගේන්න. (නි)
ඉතින් දැන් ඕකට මොකක්ද කරන්නේ? (නි)
මහින්ද කවදාවත් වෙන කෙනෙක්ව වර්නනා කරනවා දැකල තියනවද? (නදී)
ජනපතිතුමා දැන් ඔය පනත සම්මත උනා කියල අපිට කිසිම බෙහෙතක මිල අඩු වීමක් වෙලා නැහැ නේ.(නදී)
ඉතින් මහත්තයෝ දැන්වත් කෝ දඩුවම්? කවදා වෙනතුරු අපි මේවා අහ අහ ඉන්නද? ඕවා නොකියා කරපු කාලේ හොඳයි කියලා හිතෙනවා, ඕවා අහලා අපි දුක් විඳිනවට වඩා.කරුණාකරලා දඩුවම් දෙන්න. නැත්තම් ඕවා නොකියා ඉන්න. (නි)
සෑහෙන අමාරු වෙන්න ඇති ඔය පනත ඒ කාලේ හදාගන්න. (නි)
පනත සම්මත වුණාට රෝගීන්ට වුණ සෙතක් නැත. බෙහෙත් මිල අහස උසට ගිහිල්ලා. (නි)
රටේ නායකයා වුණු ඔබ හොඳටම දන්නවා ඒ වැරදි කළේ කවුද කියලා. ඔය විදියට ඕක දැන් කීපාරක් කිව්වද? අපිට අහලා එපාවෙලා. වැරදිකරුවන්ට දඬුවම් දෙන්න. ඒකයි වෙන්න ඕනෑ. (නි)
එකතු කරපු බවත් එකතු කරපු අයත් දන්නවා නම් මොකද නීතිමය පියවර නොගන්නේ ? මෙය නිකම්ම නිකම් ප්‍රකාශයක් නෙමෙයි රටේ පලවෙනි පුරවැසියා වූ ජනාධිපති තුමා කියන්නේ.(නදී)
ඖෂධ පනත සම්මතවීමෙන් ජනතාවට ලැබුණු වරප්‍රසාද මොනවාද? (නි)
ඔබ හරියට සටනක් කරනවා නම් එයට සහයක් දෙන්න පුළුවන් ජේවීපී අයට විතරයි කියලයි මම නම් හිතන්නේ. අදහස් වලින් වැඩක් නැහැ. සටනක් දෙන්න නම් එක්කෝ අධ්‍යාපනය නැත්නම් විප්ලවය. මේ මඩ ගොහොරුවේ වෙන ජීවන රටාවක් තිබෙනවද? (නි)
කිසිම බෙහෙතක මිල අඩු වීමක් වෙලා නැහැ කියනවා හැර දෙයක් සිදුනොවන බව පෙනේ(ම)
වරදකරුවන් සම්බන්ධයෙනුත් ක්‍රියාමාර්ග ගනුඇතැයි අපි සිතනවා (නි)
කියනවා හැර දෙයක් සිදුනොවන බව පෙනේ. එසේනම් ජනතාව වන අපි කුමක් කරන්නද? (නි)