(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කරනු ලැබ ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජානක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා සඳහන් කරන්නේ  එම  අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය ගත් තීරණයක් අනුව ඔහු මෙසේ ඉවත් කෙරුණු බවයි.

විජිත් ගුණසේකර මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවයට කැඳවූ බවද ලේකම්වරයා ප්‍රකාශ කළේය.

ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු  සභාපතිවරයා ප්‍රධාන විධායක නිලධාරියා ඇතුළු පාර්ශවයට පසුගිය කාලයේදී  චෝදනා එල්ල විය.