.
(සුජිත් හේවාජුලිගේ )
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ 2015 වර්ෂයේදී දිගින් දිගටම දූෂණ වංචා සහ අක්‍රමිකතා සිදුවී ඇතැයි එම ආයතනය ගැන කරුණු සෙවීමට පත්කළ පංච පුද්ගල කමිටුව හෙළිදරව් කර ඇති බවත් එම දූෂණ වංචා කළ පුද්ගලයන් සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.
අධිකාරීයේ කටයුතු සාර්ථක කර ගැනීමට නම් එහි ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් සිදු කළ යුතු බවටද එම කමිටුව යෝජනා කර ඇතැයි පැවැසූ රාජ්‍ය ඇමැතිවරයා මේ අරමුණ ඉටු කර ගැනීම සඳහා එම අධිකාරී පනත සංශෝධනය කිරීමට කටයුතු කරන බවද සඳහන් කළේය.
ඖෂධ නියාමන අධිකාරියේ 2015 වසරේ ජුනි මස පළමු වැනිදා සිට එම වසරේ මාර්තු මස 17 වන දින දක්වාවූ කාලසීමාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ සොයාබැලීම සඳහා මේ පංච පුද්ගල කමිටුව පත්කරනු ලැබුවේ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසිනි.
විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය සභාපතිත්වය දැරූ එම පංච පුද්ගල කමිටුවේ අවසන් වාර්තාව වීරවර්ධන මහත්මිය විසින් රාජ්‍ය ඇමැතිවරයාට පසුගියදා බාර දුන්නාය.
එම කමිටු වාර්තාව තමා තවදුරටත් අධ්‍යයනය කරගෙන යන බවද ජයසුමන මහතා පැවැසීය.
ඖෂධ නියාමන අධිකාරිය පිළිබඳ පංච පුද්ගල කමිටුවේ වාර්තාව පිළිබඳව කරුණු දක්වමින් මහාචාර්ය චන්න ජයසුමන මහතා එසේ සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වාර්තාව මහජනතාවගේ දැනගනුමට මාද්‍ය මගින් පලකරොත් නරකද.... රටේ පුරවැසියන්ට මේවා දැනගැනීම අකැපද ...?
පුලුවන්නම් නඩු දාලා අයකරගන්න.
හැම ආයතනයකම බූතයන් වගේ හොරු බින්න බැහැලා ඉන්නෙ. ආයතන සුද්ධ පවිත්‍ර කරලා ගන්න වෙයි.
ආණ්ඩු මරුවෙනකොට හැමදාම කලේ මේක තමයි .මෙයාලගේ විලි වහගන්න අනුන්ගේ කුණු හොයනවා
ඖෂධ වෙළඳාම කියන්නේ විශාල මාෆියාවක් .ඒවාට හිටපු සමහර සෞඛ්‍ය ඇමතිලත් සම්බන්දයි .නැතිනම් කොහොමද නැව් මිල දී ගත්තේ ?ඒ වගේම වෙළඳ ප්‍රවර්ධකයෝ එක එක ඒවා දීලා අල්ලාගෙන තමුන්ගේ ආයතනයේ නෙහෙත් ටික ලෙඩ්ඩුන්ට නියම කරනවා .ඒ වගේම ෆාමසි වලින් ,ලැබ් වලිනුත් කොමිස් ගන්න දොස්තරලත් ඉන්නවා
පුලුවන් කෙනෙක් ඉන්නවනම් පෙන්නන්න මේ රටේ දූෂන වංචා නැති රාජ්‍ය ආයතනයක්. කෝ දැං අර දුෂන වංචා නැති කරන්න ආපු ලොක්‌කා ? අලුත් ව්‍යවස්ථාවක් හදන්නෙ ඒකට වෙන්නැති. එතකල් බලා ඉමු…!
සුවපති ඕවට ගාවලා තිබුනොත් කිඹුලන්ට කන්න දමාවි
මේ මිනිහාට පිස්සු.
අර ජනාධිපති කොමිසම නිර්දේශ කළා නේද අපරාධ නඩු සේරම අයින් කරගන්නයි කියල. එහෙම මේ කොමිසම නිර්දේශ කලේ නැද්ද?
අපි එහි අන්තර්ගතය ගැන සැක කරමු. මහජනතාවගේ හෝ පාර්ශවකරුවන්ගේ අදහස් ලැබී නැත. මෙය රජයේ තවත් ඇස් සෝදා ගැනීමකි
කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු ඩිංග ඩිංග තිබෙනවා
පුළුවන්නම් රාජිතට නඩු දාන්න බලන්න.
වැරැදි කාරයින්ට වැරැදි කරලා හංගලා ඉන්න බෑ. කොයිවෙලේ හරි මට්ටු වෙනවා... දැන් ඉතින් කිඹුල් පැටවුන්ට දුවන්න වෙන්නේ...