(රංජන් කස්තුරි)

ඖෂධ උපරිම සිල්ලර මිලට වැඩියෙන් අලෙවිකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

අත්‍යාවශ්‍ය ඖෂධ 60කට අයත් මාත්‍රා 131ක් සඳහා උපරිම සිල්ලර මිලක් නියමකර ඇති අතර වැඩි මිලට ඖෂධ අලෙවි කරන්නන් පිළිබඳව [email protected] යන විද්‍යූත් ලිපිනයට පැමිණිලි කළ හැකි බවද එම අමාත්‍යාංශය කියයි