නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට සංක්‍රමනය වීමට උත්සහ දරද්දී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ක්‍රිස්මස් දූපතේ රදවා සිටි තවත් ශ්‍රී ලාංකිකයෝ 41 දෙනෙකු විශේෂ ගුවන්යානයකින් අද මෙහි ගෙන එනු ලැබූහ.
මේ අතර එක් සිංහල ජාතිකයෙක් සිටි අතර ඔහු දෙවුන්දර ප්‍රදේශයේ පදිංචි බෝට්ටු මෙහෙයුම් කරුවෙකි.
සෙස්සෝ ත්‍රිකුණාමලය, යාපනය සහ වව්නියාව පෙදෙස් වල පදිංචි ද්‍රවිඩ ජාතිකයෝ වෙති. මේ අතර එක් කාන්තාවක්ද විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මී වැඩේ දැන් නම් නවත්වන්න ඕනේ. ලංකාවේ ජීවත් වීම අමාරු එක ඇත්ත. ඒත මේ ගමන වැරදියි. රටට අප කීර්තියක්. බෝට්ටු අයිති කරුවන්ට, පදවන්නන්ට දැඩි දඩ පැනවිය යුතුයි.(නදී)
බුදු මල්ලිලා, මෙහෙට එන්න හිතාගෙන ඉන්නවා නම් ආපු අයියලාගෙන් පොඩ්ඩක් අහලා බලන්න ඕස්ට්‍රේලියාව සුන්දරද කියලා. කොල්ලෝ විදින දුක දැක්කම පුදුම දුකක් හිතෙන්නේ. දැන්වත් තේරුම් ගන්න සහෝදරයිනි ,මේ වදන් හීත් රිදවීමට කියන දේවල් නොවන වග. සමාවෙන්න ඇත්ත මේක තමා (නි)
දැන් ඒවත් ගෙවන්න ඕනෑ අපිද ?හොද පාඩමක් උගන්වන්නයි තිබුනේ. දැන් ඉතින් ලයිට් බිලත් එක්ක 41 දෙනෙක්ගේ ගුවන් ගාස්තුවත් ගෙවන්න ඕනෑ. මාසෙකට 25000 ක් විතර ජීවන වියදමක් ඉල්ලලා, අපිත් පුවක් ගහකටවත් නගින්නේ නැතුව බැරිවෙයි වගේ (නි)
නියමයි , නියමයි .... (නි)
නිකනුත් නෙමෙයි නේද?ලක්ෂ 5ක තෑගි මල්ලකුත් දෙනවා නේද? (නි)
ඕස්ට්‍රේලියාවේ හොර සහතික වලින් ඉන්න අයවත් අල්ලලා එවන්න තියෙන්නේ. (නි)
මෙම මිනිසුන් ගැන අනුකම්පාවක් සිතේ.ඔවුන් හට ආර්ථික අපහසුතා නිසා මෙලෙස සංක්‍රමණය වීමට උත්සාහ කරනවා ඇති.නමුත් ඔවුන් කරන්නේ නීති විරෝධී දෙයකි.මෙම නිසා අනාගතයේ නිවැරදි ආකාරයෙන් යාමට උත්සාහ කරන්නන්ටද තදබල නීති එහි රජයන් ගෙනෙනු ඇත.රටේ නාමයද අපකීර්තියට පත්වේ. (නි)
ආපහු ඒ බෝට්ටුවේම එවන්න තිබුනේ.ලංකාවේදී මේ ගොල්ලන්ට හොද දඩුවමක් දෙන්න තියෙන්නේ.මේ වගේ අය හින්දා අපිටත් මෙහෙ ලැජ්ජාවේ බැහැ.එනවා නම් හරි විදියට එන්න. (නි)
ඕස්ට්‍රේලියන් බදු ගෙවන්නන්ගේ සල්ලි අපරාදේ නේද? (නි)
නීත්‍යානුකූලව මෙහාට සංක්‍රමණය වුන අය බොහොමයක් දෙනා මේ වගේ නීති විරෝධී සංක්‍රමණිකයන් දිහා බලන්නේ උපේක්ෂාවෙන් අනුකම්පාවෙන්. නමුත් මේ අයට නරක විදියට බනින අය බහුතරයක් අනවසරයෙන් මෙහෙ ඇවිත් කොහොමහරි වීසා හදාගෙන පස්සේ තමන් ආපු විදිය අමතක කරන්න හදන අය. මොකද ඒගොල්ලන්ගේ හිතේ තියන හීනමානය නැතිකරගන්න මේ අවාසනාවන්ත මිනිස්සුන්ට බනිනවා. හොරෙන් ඇවිත් කොහොමහරි විසා හදාගත්ත අය තමා ලොකු ඔලුවෙන් ඉන්න හදන්නේ (නි)
බෝට්ටුවෙන් ගිහින් ඕස්ට්‍රේලියා, පොඩි නිවාඩුවක් ගත කරලා , ප්ලේන් එකෙන් ආපහු එනවා. නියම ට්‍රිප් එක. (නි)
මේ අය නිසා අපිටත් මෙහෙ ඉන්න ලජ්ජයි. මෙයාලට ඉතාලි යන්න පුළුවන්නේ. එයාලට ගැලපෙන රට ඒකනේ. (නි)
බෝපගේට හරි ලැජ්ජයි වගේ.සියල්ල සම්පුර්ර්ණ රටනේ ලංකාව නේද? මොනවයින් අඩුවක්ද?මැරෙන්න හරි යන්නේ ලංකාව හොද නිසානේ නේද (නි)
ඕස්ට්‍රේලියානු ජාතිකයොත් මේගොල්ලෝ ගැන කතා කරන්නේ පුදුම කේන්තියකින්. හොරෙන් ආව අය තමා මේගොල්ලන්ට පක්ෂව කතා කරන්නේ. (නි)
සෑම් ඔබ කියන කට්ටියද මේ ? බෝපගේ,ලුම්බිණි, බණ්ඩාර, සංක.... (නි)
ඕස්ට්‍රේලියාවේ මහ ඡන්දේ සැප්තැම්බර්වල. ඉතින් හොර මගියෝ අපහු ආපු රටට දක්කනවා.(නදී)
අනේ බණ්ඩාරට ඔස්ට්‍රලියාවේ ඉන්න ලැජ්ජලු!! ඒ නිසා 41ක් දෙනාම මුදට දාන්න.(නදී)
සරා, කවුද කිව්වේ ලක්ෂ 5ක් දෙනවා කියල? එහෙම සල්ලි දෙනකම් එහෙ බදු ගෙවන මිනිස්සු ඉඳීවි නිකන් බලාගෙන. (නි)
හොරෙන් ධිවර යාත්‍රා වලින් ගියාට එන්නේ විශේෂ ගුවන් යාන වලින් . හරියට වී අය් පි ල වගේ (ත)