දේශපාලන රැකවරණ පතා නීති විරොධී ලෙස ඕස්ටේරිලියාවට සංක්රමණය වීමට උත්සහ දැරූ තවත් ශ‍්‍රී ලාංකිකයෝ 48 දෙනෙකු මෙරටට පිටුවහල් කරනු ලැබ අද කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට මීගමුව අදිකරණය වෙත ගෙන යනු ලැබීය.
ඕස්ටේරිලියානු රජය මැදිහත්ව අදාළ කණ්ඩායම මෙරටට ගෙන්වීම සඳහා කටයුතු කර ඇත.
මේ පිරිස අතර ද‍්‍රවිඩ ජාතිකයෝ 40 ක් සිංහල ජාතිකයෝ 06 ක් සහ මුස්ලිම් ජාතිකයෝ 02 නෙක් වූහ. මේ අතර කුඩා දරුවෝ 6 දෙනෙකුද වූහ.
මොවුහු ත‍්‍රිකුණාමලය සහ මඩකලපුව යන ප‍්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
ඕස්ටේරිලියානු රජයේ නිලධාරීන් විසින් විශේෂ ගුවන්යානයකින් මෙහි ගෙන එනු ලැබූ මෙම පිරිස් ආගමන විගමන නිළධාරීන්ට බාර දුන් පසුව කරන ලද විමර්ශනයලින් අනතුරුව කටුනායක ගුවන් තොටුපොළේ පිහිටි අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට බාර දීමෙන් අනතුරුව මෙසේ අදිකරණයට ඉදිරිපත් කිරීමට ගෙන ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සී ජේ , ඔයා කියන විදියට ඔස්ට්‍රේලියාව ලෝකයේ දෙවන හෝ තුන්වන හොඳම තැන නොවේ . අඩුවසයෙන් පසුගිය අව්රුදු 10 කාලයක් ලෝකයේ ජීවත්වීමට ඇති හොඳම නගරය ලෙස මෙල්බර්න් තේරුණා. මෙල්බර්න් කවදාවත් දෙවෙනි තැනට ඇවිත් නෑ. මේ වසරේත් මෙල්බර්න් පළමු තැනට නම්කළේ ගිය සතියේ. (දී)
ජගත්, ඔස්ට්‍රේලියාව ලොකු රටක්ද? (නි)
කට්ටිය උඩ බිම බලන්නේ ලංක්වේද ඉන්නේ කියල හිතාගන්න බැරිව වෙන්නැති (අ)
අනේ මන්ද කෙනෙකුට සිය රට තරම් සුර පුරක් නෑ තමය් ,මම නමුත් තව ටිකක් පස්සේ ලංකාවට ඇවිත් පදිංචි වෙනවා (අ)
මට නම් අර පොඩි ළමයා දිහා බලනකොට දුකත් හිතෙනවා . පව් ඇත්තටම .(අ)
ජගත් හරි, කොස්වත් , බොරුවට මෝඩ කතා කියන්න එපා. අපිට මෙහෙ හොද තැනක් තියනවා පකිස්තාන් , ඉන්දියන් අයට වඩා. නමුත් දැන් දැන් ඒ ගොල්ලොත් අපිට හිනා වෙනවා. ලගදී මෙහෙ එක රේඩියෝ චැනල් එකෙකින් කිව්වා තේ, ක්‍රිකෙට් වලට වැඩ දැන් ලංකාව ප්‍රසිද්ද නීති විරෝදී සංක්‍රමිනිකයන්ට කියල. බලන්න උතුරේ ගහල තියන දැන්වීම් ඔස්ට්‍රලිය රජයෙන්. අපි වැඩ කෙරන තැන වලිනුත් හිනා වෙනෙවා. හොදෙටේ විභාග කෙරපු කොල්ලන්ටත්රැකියා ගන්න ගියාම හිනා වෙනවා. ආවේ බෝට්ටුවෙන් ද කියල අහනවා. විහිලුවට වගේ අහුවත් යටි හිතෙන උන් අපිට හිනා වෙනවනේ. ඔය ඔහේ ඉදන් වැඩේ නැතුව ද මේ වගේ ප්‍රතිචාර දන්නේ? (අ)
මම මේ අපේ තරුණ නංගිලා මල්ලිලට කියන්නේ. මම සාමාන්‍ය මධ්‍යම පන්තිකයෙක් O /L කරන කාළෙම ආශාවක් ඇති වුණ ඕස්ට්‍රේලියා හරි එංග්ලන්ඩ් හරි යන්ද. එදා ඉදල පාඩම් කලා කරනන් ඕනේ විභාග ආණ්ඩට අවශ්‍ය දේවල්. මට නෑදෑයෝ උන්නේ නැ අනික අහන්ඩ කෙනෙක් වුන්නෙත් නෑ. මම උත්සහ කළා වැදගට් විදියට අවා අතට ජගත් කියන එකේ මේකේ සුරපුරයක් තමා. ලෝකේ හොදම දෙවැනි තුන්වෙනි රට වෙනද මේ රටවල පාලකයෝ අරමුණක් ඇතිව වැඩ කරලා තියනවා. හැම කෙනෙටම ලස්සනට ජීවත් වෙනද පරිසරයක් නිර්මාණය කරලා තියනවා. නංගිලා මල්ලිලා පඩම් කරන්ඩ ඉගෙන ගන්න හොඳ ඉංග්‍රිසි හොදට කරන්ඩ. එන්ඩ Australia වැඩ ගත විදියට විදින්ද මේ සුන්දරත්වය නිදහස. කරුණ කරලා බෝට්ටු වල එන්ඩ එපී කිසිම වැඩක් නෑ .(අ)
ආරේ ගති නෑරේ...! (නි)
පිට රටවලට ගිහිල්ල හම්බකරන්න විදින මහන්සිය මේ රටේදීත් වුණ නම් සාමාන්‍ය මිනිස්සුන්ට මේ රටේදී සැප විදින්න පුළුවන් !(අ)
පියල් හරි. එහෙ සුද්දන්ගේ වැසිකිළි හෝදනවට වැඩිය මෙහෙ කුඹුරු කොටන එක මට නම් සැපයි. (නි)
ජීවිත කාලයක් පුරා හම්බකරගත් දේපල උගස් කරලා, ජීවිතයත් මරණයත් අතර සටනක් කරලා, අන්තිමට මොකවත් නැතුව එනවා. ලැබුනා නම් ලැබුනේ බෝට්ටුවෙන් ගිහින් අහස් යාත්‍රාවෙන් ආපසු ඒමේ 'ට්‍රිප්' එක විතරයි. කට්ට කෛරාටික ඒජන්තයින් විසින් පෙන්වන ලද අහස් මාලිගාව බිඳ වැටිලා. ඕස්ට්‍රේලියාවේදී අහුවුනත්, අපේ නාවික හමුදාවට අහුවුනත් අපරාදේ හම්බකරගත් දේත් නැතුව ආපහු එන්න වෙනවා කියන සත්‍යය මේ මිනිස්සුන්ට (යන්න කලින්) අවබෝධ කරලා දෙන්න කෙනෙක් නැද්ද? (නි)
සමහරුන්ට පිටරට සුරපුරයක් වුනාට පිටරට කාලයක් හිටපු අපිට නම් අපේ රට තමා වටින්නේ. එහෙත් දේශපාලුවන්ගෙන් ලංකාව ගලවා ගන්නනම් ඕනෑ (නි)
අනේ අපේ කට්ටියත් ඕස්ට්‍රේලියාවේ ඉන්නවා. එයාලා සුර සැපත් විදිනවා ඇති. ඒ උනාට අපිට නං එයාලව පෙන්නේ වෙන රටක ඉන්න අනාථයෝ වගේ (අ)
අපි මෙහෙ ඉන්න මේ බෝට්ටුකාරයන්ට බැන්නත්, (අවංකවම අපි කැමති නැහැ මේ අය අපිට මෙහෙ තියෙන තත්වය නැති කරන නිසා). එහෙත් මේ අහිංසක දරුවෝ දැක්කම ඇත්තටම දුක හිතෙනවා, මේ සුර පුරයට ඇවිල්ලා මෙහෙ ලස්සන දැකලා නැවත යන්න වුනාම, මේ පොඩි දරුවන්ට මොනතරම් දුක හිතෙන්න ඇද්ද? (නි)
ලංකාවේ වුණත් මෙහෙම යන්න වුණේ යුද්දේ හින්දා. යුද්ධයක් නොතිබුන කාලේ කවුරුත් මේ විදිහට ජීවිතයත් මරණයත් අතර ගමනක බෝට්ටුවක නැගලා එන්න හිතුවේ නැහැ. ඒ මිනිස්සු කොහෙත්ම වැරදිකාරයෝ නෙමෙයි. බොරු කියලා මිනිස්සු රවට්ටලා බෝට්ටු වලට පටවන අය තමයි වැරදිකාරයෝ. (නි)
ජගත් හරියටම හරි. මටත් කියන්න තියෙන්නේ ඒක තමයි. ඕක තමන්ගේ ආකල්ප... ආකල්ප හා ක්‍රියාව අවුල් නම් දිවිය ලෝකේ ගියත් වැඩක් නැහැ (නි)
ජගත්, ඔය වැරදියි (නි)
පුරවැසිකම දෙන රටවල් වලට අලුතෙන් යන අය කලින් ඒ රටවල පුරවැසිකම් අරගෙන ඉන්න අයගෙන් උදව්වක් බලාපොරොත්තුවෙන එක මෝඩකමක්. දන්න හින්දයි කියන්නේ (නි)
ජගත්, ඔබ ඔය රටට සුරපුරයක් කියන්නේ ඔබට එය අලුත් අත්දැකීමක් නිසා. නමුත් ඔබේ දරුවන් කිසිකලක ඔය වගේ කතා කියන්නේ නැහැ, මොකද ඔවුන් ඕස්ට්‍රේලියානුවෝ නිසා. (නි)
ඕස්ට්‍රේලියාවට නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වන්නන්ට, ඕස්ට්‍රේලියාවේ කිසිදු ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. ඔවුන් තම මවු රට විශාල අපකීර්තියකට පත්කරන අතර තමන්ගේ මුළු ජීවිත කාලයම ඒ කළ වරදට පසුතැවෙන්න සිදුවෙනවා. නීත්‍යානුකුලව ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වන්න ක්‍රම ගොඩක් තිබෙනවා. නීත්‍යානුකුලව සංක්‍රමණය වන්නන්ට, ඕස්ට්‍රේලියානු රජයෙන් බොහෝ ප්‍රතිලාභ ලබාදෙනවා.එසේනම් කළයුත්තේ ඕස්ට්‍රේලියාවට නීත්‍යානුකුලව සංක්‍රමණය වීමයි. (නි)
මොනවා වුණත් ටුවර් එකක් නේද? (නි)
මෙයාලා කොහේ ගියත් මොනවා කළත් කමක් නැහැ.මෙයාලා එහෙ ගිහින් විසා ගන්න කියන බොරු කතා නිසා තමා ලංකාවේ නම කැත වෙන්නේ (නි)
ආසියාවේ ආශ්චර්යය! අනේද කියන්නේ .... (නි)
අයියෝ රෙසිකි, හිනාවෙන ඕස්ට්‍රේලියානුවන්ගෙන් ඇහුවේ නැත්ද ඔයගොල්ලෝ කොහොමද මේ රටට ආවේ කියලා. නිකන් නෙවෙයි, බලෙන් ඇවිල්ලා, ආදී වාසීන්ගේ ජිවිත විනාශ කරලනේ රට අල්ල ගත්තේ. ඇයි කටේ පිට්ටුද?(නදී)
ප්‍රසන්න, ඕස්ට්‍රේලියාවේ ඉන්නේ කොහෙද කියලා මම දන්නේ නැහැ. සමහරවිට "ඇබෝ" ගමක වෙන්න ඇති. නැත්නම් මෙහෙ සුන්දරත්වය විදින්න අවුරුදු 18ක් ගතවෙන්නේ නැහැ. (නි)
මෙහෙත් සුර පුරයක් තමයි ජගත්. ඔයාලට වටිනාකමක් නැති වුණාට (අ)
ජෙරාඩ් ඔබ හරි. මමත් බොහෝ රටවල සිටපු කෙනෙක්.ඔබ වැනි උගත් මුස්ලිම් සහෝදරවරු මෙහෙම කියන කොට අපිට අපේ රට ගෙන හරි ආඩරම්බරයි . (දී)
ජගත්, ඔයාල කොහමද ගීයේ ? ලංකාවේ නම කලද නැතම් උලලද ? (අ)
මේකේ කොමෙන්ට් දමන අය කෙසේ කොහොම කිවුවත් ඒ අයටත් අවස්තාවක් ආවොත් හොඳ විදේශ රටකට යන්න ඒ අය යන්නේ පැදුරටත් නොකියා කියන එක විශ්වාසයි ..මේ ඔක්කොම බයිලා ගහන්නේ අවස්තාව එනකම් විතරයි ...(දී)
ලංකාව කියන්නේ ඉතාම ලස්සන රටක් ..මේ මිනිස්සු යන්නේ ඒ ලස්සන රටට අකමැති හින්දා නෙමෙයි .. මේ මිනිස්සුන්ට ඒ රටේ ලස්සන දකින්න , ලස්සන විඳින්න අවස්තාවක් පාදලා නොදෙන හින්ද ..ඇමරිකාවට පුළුවන් නම් රතු ඉන්දියන් ජනතාව සමග , කළු ජාතිකයන් සමග , වෙනත් රටවලින් පැමිණ ඉන්න ජනතාව සමග එකට ජිවත් වෙන්න ඇයි අපිට බැරි එකම රටේ ඉපදුන වෙනත් ජාතින් සමග සහයෝගෙන් ඉන්න ... අපේ රටේ කිසිදා දෙමල හෝ මුස්ලිම් උගතෙකුට ජනපතිකම ලබාගන්න පුලුවන්ද ? බෑ...(දී)
පියල් නිකන් නොදන්නා දේවල් නොකියා ඉන්නවද ? පිට රටවල් ගිහින් තමන් හොඳට මහන්සිවෙලා සල්ලි හොයනවා වගේ ලංකාවේ කරන එක සිහිනයක් ...ලංකාවේ මොන ආයතනේද හොඳට තම රාජකාරිය කරන මිනිහට තැන තියෙන්නේ ? ලංකාවේ තැන තියෙන්නේ අනුන්ගේ කේලම් හොයා හොයා ඉහලට කියන මිනිහට විතරයි .. (දී)
මේ මිනිස්සුන්ව අමාරුවේ දමපු අයට පමණක් නෙමෙයි ,ජාවාරම්කාරයන්ට යහතින් ඉන්න සළස්සන අයටත් ශාප වේවා. (නි)
මල්ලිලා, ඔයාලා ඔක්කොමලා තමුන්ගෙ හිතෙන් අහලා බලන්න. අපේ රටේ නෙමෙයි ප්‍රශ්නෙ තියෙන්නෙ රටෙහි මිනුස්සුන්ගෙ.අපේ රට ජීවත් වෙන්න තියෙන හොදම රටවල් වලින් එකක්,මිනිස්සු ඒක විනාශ කළේ නැත්නම්, කුහකකම් නැත්නම්.නිකන් ඉඳලා රට විනාශ කරලා සල්ලි හොයන්න හදන්නේ නැත්නම්,කම්මැලි නැත්නම්.මොකද අපි රට ආවහම ඔය ජරාවැඩ නවත්තලා මෙහෙ විදිහට හැඩගැහෙනවා.මෙහෙ මිනිහා සහ මිනිස් අවශ්‍යතා තමා මුලින්ම සළකන්නෙ (ප්‍රධාන තැන).භෞතික දේවල් නෙමෙයි. ලංකාවත් එහෙම වෙනස් වුන දවසට මටත් පුලුවන් මගෙ අන්තිම හුස්ම හෙලන්න මගෙ රටට යන්න.ලංකාව මගෙ රට ,මගෙ අම්මා ,තාත්තා,සියා,මුත්තා,කිරිකිත්තා,නත්තා,පනත්තා ඉපදිච්ච රට.මොන ප‍්‍රශ්න ආවත් මම කොන්ද කෙලින් තියාගෙන කියන්නෙ ඒ මගෙ රට (නි)
ජගත් ඔයාට දුකයි නම් ගෙදර ගෙනැල්ලා තියාගන්න, මෙයාලා මෙහෙ ඇවිල්ලා ලංකාවේ නම විකුණගෙන කනවා. (නි)
නිත්‍යානුකුලව යන්න බැරිද (දී)
ලෝකේ කොහේ ගියත්, ලංකාව වගේ වටිනා රටක් නැහැ,ලංකාවේ භූමිය ගහකොළ,ඇලදොළ ,ගංගා,ලස්සන වෙරල තිරය,මේවා ඔක්කොම සුන්දරයි,නිදහසෙන් පස්සේ කිසිම ආණ්ඩුවක් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරන්නේ නැහැ,ඒ නිසයි මිනිස්සු නීතිවිරෝදී මාර්ගවලින් පිටරට පනින්නේ, (දී)
ඕස්ට්‍රෙලියාව සුරපුරයක් කියන එක ඇත්ත. මෙහෙ ලංකාවේ වගෙ පගාවට, මර්ධනයට, බොරු සොබනේට, තැනක් නැහැ. ඒත් කලු හම ඇති අපි වගේ අයට දෙවනි පන්තියේ සැලකිම තමයි තියෙන්නේ. ඒ කියලා මේ අය අපට ගහන්න එන්නෙ නැහැ එත් වැඩිය ගනන් ගන්නේ නැහැ. ඒ අය ඒ අයගෙ පාඩුවේ අපි අපේ පාඩුවේ. මම නං හරි කමතියි මෙහෙට. මෙහෙ සංස්කෘතිය හරියට වෙනස්. කිසිම කෙනෙක් ඉදිරියේ දෙකට නැමෙන්න ඔනේ නැහැ. හැමෝටම, අගමැති අතුලුව, නම කියල කතා කරන්නෙ. සර්-බර් ගාන්නෙ නැති තරම්. මට මතකයි මම බැංකුවේ ඉන්නකොට එකෙ හිටිය ලොකු අයගේ ලොකුකම. දැන් මතක් වෙනකොට හිනත් යනවා. කොල කෑල්ලට උගත් උනත් ලංකවේ සමහරක් නූගත් . ලංකවේ සමාජය වෙනස් වෙන්න ඔනෙ දියුනු වෙන්න නම්. මෙහෙ ලංකවේ වගේ කපටි හොර දෙසපාලුවෝ නැහැ මිනිස්සුන්ව ගසා කන. හැමොම හොඳින් කතා කරනවා, නිතියට ගරු කරන සමාජයක් තමයි මෙහෙ තියෙන්නෙ. ලොකේ හොඳම රටවල්වලින් එකක් තම්යි ඔස්ට්‍රෙලියාව. හරි විදිහට ආවොත් නියමයි. හොරට ආවොත් ආපහු හරවලා එවනවා නැත්තම් පැපුව නිව් ගිනියාවට යවනවා. (දී)
පිල්ලෙට කිවුවා නම් හොදයි (නි)
ජගත් අපිත් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. හැබැයි ඔය සුරපුරේ නම් තවම දැකලා නැහැ. අපි මෙහෙ දැනට අවුරුදු 18 ජීවත් වෙනවා. අපිත් ආසයි ඔයකියන ඒ සුරපුරය බලන්න (නි)
හොද අධ්‍යාපනයක් ලැබුවොත් හොද රැකියාවක් හොයාගන්න එක මොන රටක වුනත් අමාරු නැහැ (නි)
ලංකාව තරම් ලස්සන රටක් වෙන නැහැ. ඒක ගැන මම හොඳට දන්නේ මම ඇමෙරිකාවේ ඉන්න නිසා . (නි)
රටක් සුරපුරයක් වෙන්නේ භෞතික දේවල් වලින් නෙමෙයි.ඉන්න මිනිස්සුන්ගේ ආකල්ප අනුව.ජගත් කිව්වා වගේම ඇත්ත.මගේ ඇස් දෙකටත් කඳුලක් ඉනුවා ඒ නොදරුවෝ ටික දැක්කම.මාත් ඉන්නේ ඕස්ට්‍රේලියාවෙ තමය්.එහෙත් මම ආවේ එන්න ඕනෑ නියම ආකාරයට නීතියට අනුව.මෙහෙ මොන සැප සම්පත් තිබුණත් මට අදටත් මගේ උපන් බිමයි හොඳම සුරපුරය.ඒත් හොඳට හිතලා බලන්න ඒක විනාශ කරන්නේ කවුද. (නි)
මෙහේ ඉන්න අයට ලංකාව සුරපුරයක් නොවෙයි. (නි)
ලංකාවේ උගත් මෝඩයෝ හිතාගෙන ඉන්නේ පිටරට කියන්නේ සුරපුරයක් කියලා (නි)
අපි නම් හිතින් හැමදාම ලංකාවේ. මිනිසුන් නුසුදුස්සන් පාර්ලිමේන්තුවට නොයැව්වා නම් අද අපිත් ලංකාවේ සතුටින් ජීවත් වෙනවා.දැනට කිසිම කරදරයක් නැතුව හරි හම්බකරගෙන දරුවන්ට උගන්වාගෙන ඉන්න තියෙන රට එංගලන්තය. (නි)
ඕස්ට්‍රේලියා හැර වෙන කිසිම රටකට ගිහින් නැති ජගත් වගේ අයට ඕස්ට්‍රේලියාව සුරපුරයක් වගේ පෙනුන එක ගැන පුදුම වෙන්නේ නැහැ. අනේ ඒ ආවෙත් ඔයාට නරකාදියක් වගේ පෙනෙන අපේ රටේ දුප්පත් මිනිස්සු හම්බකළ දේවලින් ලැබුණු නිදහස් අධ්‍යාපනේට පින් සිදුවෙන්න. එහෙම නොවුනානම් ඔයාටත් සුරපුර බලන්න වෙන්නේ බෝට්ටුවකින් ඇවිත් තමයි. (නදී)
ලංකාව සුරපුරයක් වෙන්න අපි රටවල් වල දුක් විදලා සල්ලි යවන්න ඕනෑ. විදේශ ශ්‍රමිකයන්ගේ මුදල් තමා ලංකාවේ ප්‍රධාන අදායම් මාර්ගය කියලා සමහරු දන්නේ නැති එක ගැන කණගාටුයි.. (නි)
අද මේ පුවත දුටුවත් හෙටත් පුවත්පතෙ පළවෙයි මේ වගේම තව කොටසක් ඇල්ලුවා කියලා (නි)
ලංකාවෙ නම් සුරපුරය ඉතින් මන්ත්‍රීලට,ඇමතිලට සහ ඔවුන්ගේ ළමයින්ට පමණි. ඕස්ට්‍රේලියා ආණ්ඩුවත් අනේ ඉතින් මේ අසරණ මිනිස්සුන්ව පිටුවහල් කරපු එකනම් මහා අපරාධයක් (නි)