ඕස්ටේ‍්‍රලියාවේ දකුණු ඇඩිලේඩ් හි සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරුවූ ශ්‍රී ලාංකික සරණාගතයෙකුට එරට ශ්‍රේෂ්ඨාධිකරණය වසර 20ක සිර දඬුවම් නියම කළ බව ඕස්ටේ‍්‍රලියාවේ ඒ.බී.සි පුවත්සේවය අද (28) වාර්තා කළේය.
මෙලෙස සිර දඬුවම් නියමවූයේ සතීෂ්වරන් සුප්පයියා (31) නමැති ලාංකික සරණාගතයෙකුටය.
ගිය වසරේ ජනවාරි මාසයේදී පිහියකින් ඇන පුද්ගලයෙකු මරා දැමීමේ චෝදනා මත පවරා තිබූ නඩු විභාගයේ තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් ඕස්ටේ‍්‍රලියා ශ්‍රේෂ්ඨාධිකරණය මෙම සිර දඬුවම් නියම කරන ලදී.
චූදිත ලාංකික සරණගතයා එම පුද්ගල ඝාතනය සිදුකළ අවස්ථාවේදී බීමතින් සිට ඇති අතර , අදාළ ඝාතනය සිදු කිරීමට යොදාගත් තියුණු ආයුධය සහ ඔහු එම අවස්ථාවේ ඇඳ සිටි ඇඳුම් සැඟවීමට කටයුතු කළ බවට එම නඩු විභාගයේදී ඔහුට එල්ල වූ චෝදනා විය.
කරුණු සලකා බැලූ ඕස්ටේ‍්‍රලියා ශ්‍රේෂ්ඨාධිකරණය පුද්ගල ඝාතනයට ලබාදෙන අවම සිර දඬුවම වශයෙන් චූදිත ලාංකිකයාට එරෙහිව වසර විස්සක සිර දඬුවම නියම කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතීතයේ ඕස්ට්‍රේලියාවට එංගලන්තෙන් සංක්‍රමණය උනෙත් මේ වගේ අය. මෙයාලටත් කාලයක් දෙමු හැදෙන්න. (නදී)
ලංකාව ගැන බොරු කියලා රජයේ දීමනා ඔක්කොම අරගෙන බාර් ගානේ ඇවිදිනවා. අපෙන් තමයි වෘත්තීය සංක්‍රමනිකයින් හැටියට විසා ඉල්ලනකොට හත්මුතු පරම්පරාවේ විස්තර ඇහුවේ. මේ ගොල්ලන් අපිට ලංකාවේ ආණ්ඩුවෙන් කරදරයි කියපු ගමන් අනේ බබා ඇත්තද කියලා බාර ගත්තේ. ඔන්න දැන් වෙච්ච හරිය. (නදී)
මේ රටේ එළියේ ඉන්නවාට වැඩිය හිරේට යන එක සැපයි කියල වෙන්න ඇති ඔය වාගේ වැඩක් කරන්න ඇත්තේ. (ම)