ඕස්ටේ‍්‍රලියාවේ දකුණු ඇඩිලේඩ් හි සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරුවූ ශ්‍රී ලාංකික සරණාගතයෙකුට එරට ශ්‍රේෂ්ඨාධිකරණය වසර 20ක සිර දඬුවම් නියම කළ බව ඕස්ටේ‍්‍රලියාවේ ඒ.බී.සි පුවත්සේවය අද (28) වාර්තා කළේය.
මෙලෙස සිර දඬුවම් නියමවූයේ සතීෂ්වරන් සුප්පයියා (31) නමැති ලාංකික සරණාගතයෙකුටය.
ගිය වසරේ ජනවාරි මාසයේදී පිහියකින් ඇන පුද්ගලයෙකු මරා දැමීමේ චෝදනා මත පවරා තිබූ නඩු විභාගයේ තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් ඕස්ටේ‍්‍රලියා ශ්‍රේෂ්ඨාධිකරණය මෙම සිර දඬුවම් නියම කරන ලදී.
චූදිත ලාංකික සරණගතයා එම පුද්ගල ඝාතනය සිදුකළ අවස්ථාවේදී බීමතින් සිට ඇති අතර , අදාළ ඝාතනය සිදු කිරීමට යොදාගත් තියුණු ආයුධය සහ ඔහු එම අවස්ථාවේ ඇඳ සිටි ඇඳුම් සැඟවීමට කටයුතු කළ බවට එම නඩු විභාගයේදී ඔහුට එල්ල වූ චෝදනා විය.
කරුණු සලකා බැලූ ඕස්ටේ‍්‍රලියා ශ්‍රේෂ්ඨාධිකරණය පුද්ගල ඝාතනයට ලබාදෙන අවම සිර දඬුවම වශයෙන් චූදිත ලාංකිකයාට එරෙහිව වසර විස්සක සිර දඬුවම නියම කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
182
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඕස්ට්‍රේලියාවේදී මිනීමැරූ ලාංකිකයා හිරගෙට
ධම්ම Tuesday, 28 July 2015 12:20 PM
අතීතයේ ඕස්ට්‍රේලියාවට එංගලන්තෙන් සංක්‍රමණය උනෙත් මේ වගේ අය. මෙයාලටත් කාලයක් දෙමු හැදෙන්න. (නදී)
නිලාන් Tuesday, 28 July 2015 12:23 PM
ලංකාව ගැන බොරු කියලා රජයේ දීමනා ඔක්කොම අරගෙන බාර් ගානේ ඇවිදිනවා. අපෙන් තමයි වෘත්තීය සංක්‍රමනිකයින් හැටියට විසා ඉල්ලනකොට හත්මුතු පරම්පරාවේ විස්තර ඇහුවේ. මේ ගොල්ලන් අපිට ලංකාවේ ආණ්ඩුවෙන් කරදරයි කියපු ගමන් අනේ බබා ඇත්තද කියලා බාර ගත්තේ. ඔන්න දැන් වෙච්ච හරිය. (නදී)
රෙජි-සිඩ්නි Wednesday, 29 July 2015 12:39 AM
මේ රටේ එළියේ ඉන්නවාට වැඩිය හිරේට යන එක සැපයි කියල වෙන්න ඇති ඔය වාගේ වැඩක් කරන්න ඇත්තේ. (ම)