(විමුක්ති එස් රුද්‍රිගු)

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි බොන්ඩි වෙරළේ පුද්ගලයන් දෙදෙනෙකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් 10 ක් මියගොස් තවත් 11 ක් තුවාල ලබා ඇතැයි එරට පොලිසිය ප්‍රකාශ කළහ.

වෙඩි තැබීම සිදුකළා යැයි සැකකෙරෙන පුද්ගලයන් දෙදෙනකු අත් අඩංගුවට ගැනීමට සමත් වූ බවත් 50 වතාවක් පමණ ඔවුන් සිය ගිනිඅවි වලින් ජනතාව දෙසට වෙඩි තබා ඇති බවත් නිව් සවුත් වේල්ස් පොලිසිය පැවැසුවේය.

හනුක්කා නම් දින 8 ක පැවැත්වෙන යුදෙව් උත්සවයක ආරම්භක දින රාත්‍රියේදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.

සැකකරුවන් ළමයින් සහ වැඩිහිටියන් කියා භේදයකින් තොරව සියලු දෙනාටම වෙඩි තැබූ බව සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවන් පොලිසියට සාක්ෂි දෙමින් ප්‍රකාශ කර තිබේ. සිද්ධිය පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කෙරෙන බවද නිව් සවුත්වේල්ස් පොලිසිය පවසා ඇත.