(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕස්ට්‍රේලියාවේ සහ ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 304 ක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා දෙකක් අද (30 ) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
මෙයින් පළමු ගුවන් යානය ඉන්දියාවේ මුම්බායි නුවර රැදී සිටි ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා වල සාමාජිකයන් 18 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1042 දරන විශේෂ ගුවන් යානය අද (30) දින අලුයම 4.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
දෙවන ගුවන් යානය ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 286 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 605 දරන විශේෂ ගුවන් යානයෙන් 5/30 දින අලුයම 5.50 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
මෙසේ පැමිණි ගුවන් මගීන් සියලු දෙනාම නීරෝධායන කටයුතු සදහා යොමු කර තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd