එංගලන්ත පිතිකරු ජෝ රූට් සමග අවන්හලකදී ඇතිකරගත් කළහය නිසා ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ඉතිරි තරග කිහිපයත් අළු බඳුන තරගාවලිය ආරම්භ වීමට පෙර පැවැත්වෙන පෙරහුරු තරග දෙකත් ඬේවිඞ් වෝනර්ට තහනම් කිරීමට ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් බලධාරීහු අද (13 වැනිදා) තීරණය කළහ. අළු බඳුන තරගාවලියේ පළමු ටෙස්ට් තරගය වෝනර්ට තහනම් කර නැතත් සති තුනකට ආසන්න කාලයක් තරග වලට සහභාගි නොවීමේ හේතුව මත ඔහුට අළු බඳුන තරගාවලියේ පළමු තරගය අහිමි වීමේ වැඩි ඉඩක් පවතී.
ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් පාලක මණ්ඩලය විසින් පනවන ලද ආචාර ධර්ම මාලාව බිඳ දැමීමට වරදකරු ව සිටින ඬේවිඞ් වෝනර්ට ඩොලර් 11,500 ක දඩයක් පැනවීමටද ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් බලධාරීහු පියවර ගත්හ.
කෙසේ වෙතත් වෝනර් අද (13 වැනිදා) විශේෂ පුවත් පත් සාකච්ඡුාවක් පවත්වමින් අවන්හලේදී ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියේ සමාව ගත්තේය.
”ඇත්තටම මා ජෝගේ මුහුණට ගැහුවා. ඒත් අද මා ඇවිත් ඉන්නේ මගේ ඒ කි‍්‍රයාව සම්බන්ධයෙන් ජෝගෙනුත් අනෙක් සේරම අයගෙනුත් සමාව ගන්නයි” යයි වෝනර් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයනන්ද ඔයා වැරදි කරන්නෙ නැද්ද. අපේ අතින නම් වැරදි සිදුවෙනවා හොදේ. (අ)
ආරේ ගුණ නෑරේ කිවුවලු (නි)
කොල්ලන්ගෙන් වරදිවෙඅනවා ,ඔහුට ජෝ සමව දිව හක්හි සිතමි.(අ)
අපිත් මේ රටේ ඉන්නවා තමයි. එයාලා හිතාගෙන ඉන්නේ හැම රටකම අය එයාලා කියන විදිහට ඉන්න ඕනෑ කියලා. මෙහෙ ඉන්න ලංකාවේ අය හැම දෙනාම මොන රටින් ඇවිත් මෙහෙ ක්‍රිකට් ගැහැව්වත් චියර් කරන්නේ මෙයාලට විරුද්ධව. (නි)
මම කැමති ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ඕසට්‍රේලියා කණ්ඩායමට මට.ශ්‍රී ලංකා කණ්ඩායම මීට වැඩියේ වැරදි කරනවා..(අ)
ජෝ රූට් " මම මටම ගහගත්තා " (අ)