අනවසරයෙන් ඕස්ට්‍රේලියාවට යාම සදහා උතුරේ වැසියන් පිරිසක් දකුනට ගෙන් වූ බව කියන පුද්ගලයෙකු මිනුවන්ගොඩදී අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඔහු අතරමැදියෙකු බවත් බෝට්ටුකරුවන්ට සල්ලි අය කර දෙන පුද්ගලයා ඔහු විය නොහැකි බවත් පොලීසිය කියයි. පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයියෝ දෙදෙනෙකුද මේ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇතැයිද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතයානුකූලව ගියත් යානය අනතුරකට ලක් වුනොත් මරණය ගැන අවදානමක් නැහැ කියන්න බැහැ.(නදී)
ඕස්ට්‍රේලියාවට යන්න එපා කියලා කි දෙනෙක් කිව්වද? එහෙ ගියාම පැපුවා නිව්ගිනියා වලට යවනවා (නි)
කෝ අද අර බෝපගේ,කෝ අදහස්... (ස)
මේක නම් පුදුම වැඩක්. අල්ලනවා...අල්ලනවා...අල්ලනවා.... ඒත් යනවා (නි)
කී සැරයක් කීවද අනවසරයෙන් යන්න එපා කියලා. ඒත් වැඩක් වෙන්නේ නැහැ වාගේ? ඒ විතරක් නොවේ ජීවිතත් නැතිකර ගෙන යන්නෙ. (ස)
ඔව් ඔක්කොම ටික අපේ රටෙන් කරගෙන කොහොමහරි වෙන රටකට පලයල්ලා ! ගිහින් අපේ රටේ නුගුණ පතුරුවපල්ලා ! අනේ කාලේ වනේ වාසේ කිව්වලු. (ස)
අර අරාබිය වර්ණනා කරන මුස්ලිම් උදවියට ඕනේ නම් තමන්ගේ මව්රට වන අරාබියට ආපහු යන්න පුළුවන්.ඒකට අපේ නම් කිසිම අහිතක් නැහැ. (ස)
මේක තමයි කල යුත්තේ. මේ ගමන සංවිධානය කරන මිනිසුන්ව අල්ලන්න පටන් ගත්තම ඉබේම වැඩේ නවතීවි. (ස)
කවුද ඔය වැඩේ ලීඩර්, ඕස්ට්‍රේලියාවෙන් මේ අය පිටුවහල් කරන බව දැන දැනත් ඇයි මේ කට්ටිය යන්නේ . ඔය ජාවරමත් එය මෙහෙයවන අය ගැනත් විශ්වාසය තියෙන හින්ද නේද. (ස)
මේ පඩිය අරගෙන මේ රටේ ජීවත් වෙන්න පුලුවන්ද? මට අහුවුනොත් මමත් යනවා මැරුනත් කමක් නෑ කියලා. (ස)
දෙවිනුවර ජයසිරි ලියනගේ. නීත්‍යානුකූල ගමනක් ගියොත් ඔයාට මරණය ගැන අවදානමක් නැහැ. එහෙම යන්න බලන්න. (ස)
හරි විදියට එන්න බලන්න. එහෙම ඇවිල්ලා ඉන්න අය මට හමු වෙලා තියෙනවා. ඒත් පුදුමේ කියන්නේ ඇවිල්ලා ඉන්න වැඩි හරියක් උතුරේ අය නොවේ. දැන් වැඩිපුරම අල්ලනවා ඇත්තේ මේ රටේ නීතිය තද කළ නිසා වෙන්න ඇති. නැත්නම් තවමත් එනවා (නි)
මරණය ගැන අවදානමක් ගන්නේ මොකටද? තමන්ගේ රටේ හිටියහම හරිනේ (නි)