ඕස්ටේ‍්‍රලියාවේ වෙසෙන සරත් එන් සිල්වා මහතාගේ මුල්වීමෙන් රුපියල් හැත්තෑ ලක්‍ෂයක් පමණ වටිනා ඇඳන් කොළඹ ජාතික රෝහලට හා ග‍්‍රමීය රෝහල්වලට බෙදා දීමේ පින්කම ජාතික රෝහලේ පැතුම් බෝධිය අභියස දී ශ‍්‍රී ලංකා ජාතික රෝහලේ රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්‍ෂ රාජකීය පණ්ඩිත රජවැල්ලේ සුභූති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
රෝහල් සේවා මණ්ඩලයේ අනුශාසකයන් වහන්සේලා වන කෑරගල පද්මාවතී පිරිවෙන්පති රජාවෙල නන්දරතන නා හිමි සහ සිද්ධමුල්ල පුරාණ සංඝාරාම විහාරාධිපති බ‍්‍රාහ්මණගම මුදිත නා හිමි ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය සිරිල් සිල්වා, හදිසි අනතුරු අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික‍්‍රමනායක මහතාද ,සිවිල් ආරක්‍ෂක බළකායේ අධ්‍යක්‍ෂ ජනරාල් රියද් අද්මිරාල් ආනන්ද පිරිස් මහතා ඇතුළු ති‍්‍රවිධ හමුදාවේ නිලධරයෝද, වෙනත් රෝහල් නියෝජනයක කරමින් නිලධරයෝ පිරිසක්ද මේ අවස්ථාවට සහභාගී වූහ. ඇඳන් 27 ජාතික රෝහලට ද, අනෙක් ඇඳන් ගුවන් හමුදාවට හා ග‍්‍රාමීය රෝහල් කීපයකට භාර දෙන ලදී.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලි කට්ටියටත් මේ වගේ යහපත් වැඩක් කිරීමට සිතිවිල්ලක් ඇති වේවා කියල ප්‍රර්ථනා කරනවා (නදී)
හෝ ! මේ නම තියන හොඳ වැඩ කරන අයත් ඉන්නවා (නදී)
ඉතාම හොද පුණ්‍ය කටයුක්තක්. ලකුණු දාගන්න ඉන්න, දේශපාලන කට්ටිය නැති එකනම් ලොකු දෙයක්. (නදී)
උපාලිට/බන්දුලට /ලංකා තිලක්ට ජයවේවා.(අ)
බොහෝ උතුම් ක්‍රියාවක්. එ්ත් අපේ දුප්පත්ම දුප්පත් පාසැල් වගේම බොහොම දුප්පත් රෝහල්ද තිබෙනවා. ගැබිණි මාතාවන්ට පවා ලෑලි කෑලි දැමු ඇදන් තියෙන්නේ. මේවා බලධාරීන් විසින් ලබා දෙන්නේ හැමදේම තියෙන ලොකු රෝහල් වලට. එහෙම නැතිව අනිත් ඒවටත් ලැබන පරිදි බෙදා දිය යුතුයි. විදේශයක ඉන්න අය රටට ආදරෙන් මේවා කරනකොට නිලධාරින්නුත් ඔවුන් දිරිමත් කල යුතුයි. සරත් සිල්වා මහතා ඇතුළු ඊට සහභාගි වූ සැමටම නිරෝගි සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා! (නදී)
මෙවන් ලක් දරුවන්ට විසා මත මව් බිමේ පා තැබීමට සිදුවීම කණගාටුදායක කරුණක්. එය ජනාධිපතිතුමාගේ අවධානයට යොමුවීම සතුටට කරුණක්. (නදී)
ඔබ සැමට දීර්ඝායුෂ පතමි! (නි)
ජයත්,මොනවද ඒ ගොල්ලෝ කරලා තියෙන නරක වැඩ. කුහක කමට විකාර කියවන්න එපා. හෙට අනිද්දා අලුතෙන් වීසා දෙනවා කියලා ආරංචියි. දැම්මම ගිහිල්ලා පෝලිමේ ඉන්න බලන්න. (නදී)
ජයාත් මහත්මයාණෙනි, ඔබ ඒ පිලිබදව කනගාටුව පල කිරීම ඉතා අගය කොට සලකමි. (නදී)
කෝ මේ පිටරට ඉන්න ඇත්තන්ට බැනගත්ත ගමන් ඉන්න අපේ කට්ටිය ? අපි නම් ඔන්න මේ වැඩේට මුළු හිතින්ම ස්තුති කළා. (නදී)
හරිම සතුටුයි. අර ලංකා තිලක් ගේ දැන් කට වැහිලා ඇති. පහුගිය කාලේ සත්තුන්ගේ නම් කියලනේ පිටරට ඉන්න ලාංකිකයන්ට බැන්නේ. (නදී)
පිටරට ඉන්න ලාංකිකයන් ප්‍රසිද්ධියේත් අප්‍රසිද්ධියේත් ලංකාවේ නොයෙකුත් සමාජ සත්කාර වලට දායක වෙනවා. නමුත් කනගාටුයි කියන්න එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා මේ එසැන පුවත් තීරයේ ඉතා නරක විදියට අපහාස උපහාස වලින් ඔවුන්ව අමතන. නමුත් කියන්න තියෙන්නේ බල්ලන් බිරුවාට තවලම ඉදිරියට ඇදෙන බවයි. (නදී)
දැන් මොනවද ජයත් මෙතන කෙරෙන නරක වැඩ ? ලංකාවේ නම් කිසිම නරක වැඩක් කෙරෙන්නේ නැහැනේ නේද ? (නදී)
ඔබසැමට යහපතක්ම වේවා! (නි)
මේ පින්කමට ඔස්ට්‍ර්ර්ලියාවෙන් උදව් කල සැමටත් පින් දෙනවා වැට් ගෙවන්න ලක්ෂ තුන හමාරක් ගෙවන්න වුණා. රෝහලට දෙන්න ගෙනාවත් සහනයක් නැහැ . ලොකු පින්කමක් නිසා හිත හදාගන්නවා . මට හිතවත් ලංකාවේ පින්වත් පිරිසක් මේ වැට් ගෙවන්න උදව් කළා. . එ්හැමෝටම පින් දෙනවා. මේ වගේ වැඩ පත්තරේ දාපු ලංකාදීප පත්තරේට බොහෝ පින් . මේ වැඩේ අගය කරලා අපව දිරි ගන්වන පාඨක ඔබට පින්. (අ)
ඔබ සැමට දිගාසිරි වේවා! (නි)
මේ පින්කමට දායකත්වය දුන් සියලු දෙනාට පින් සිදුවේවා. නිදුක් නිරෝගී සුවය ලැබේවා (නදී)
කවුරු කළත් හරි දේ හොඳයි කියන්න ලැජ්ජා වෙන්න ඕනෑ නැහැ (නි)
කොච්චර හොඳ දෙයක්ද? හැබැයි ඔය රටවල් වල ඉදන්ම නම් වෙනස් කරගෙන විෂබීජ එවන අයත් ඉන්නවා. ඩයස්පොරාවේන් කීයක් හරි කඩාගෙන සරසවි සිසුවො,ගණකාවො රවට්ටගෙන ජාත්‍යන්තරයේ රට අපකීර්තියට පත් කරලා ජීවත් වෙන නොරටුගාමී පිරිසක් ඉන්නවා. එයාලා කඩාකප්පල් වැඩ මිසක් කවදාවත් ඔය වගේ වැඩ කරන්නෙ නැහැ. (නදී)
අයියෝ විකුම්, ඔයාට මම කියපු දෙය තේරිලා නැහැ. ඒ මහත්වරු නරක වැඩ කරනවා කියන එක නෙමෙයි මම අදහස් කළේ. තව ටිකක් හිතලා බලන්න. මම ජයන්තටත් එක්කයි මේ කියන්නේ. ඔයාලගේ හිත රිදුනා නම් මගේ කණගාටුව ! (නි)
එත් මට පුදුමය දරා ගන්න බැරි වුනා මේවගේ වටිනා කියන වැඩත් එයා කරනවද කියල. පස්සෙයි මතක් වුනේ එයා ඉන්නේ මෙහෙ නොවැ, ඕස්ට්‍රේලියාවේ නෙමෙයි නේ කියල. (නදී)