IMG-LOGO

ඕස්ට්‍රේලියා යන්න ගිය 53 රිමාන්ඩ්

හලාවත  සිට ට්‍රෝලර් යාත්‍රාවකින්  ඕස්ට්‍රේලියාවට යමින් සිටියදී අත්අඩංගුවට ගත් 53 දෙනෙක් හම්බන්තොට මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා විසින් ලබන 20 වැනි දා තෙක් රිම්න්ඩ් කරනු ලැබූහ. මොවුන් අතර සිංහල ජාතිකයෝ හතර දෙනෙක් ද ඉන්දියානු ජාතිකයෝ දෙදෙනෙක් ද වෙති. සෙස සියලු දෙනා හලාවත උඩප්පුවේ දොමළ ජාතිකයෝය. නාවික හමුදාව මොවුන්  අත්අඩංගුවට ගත්තේය.



අදහස් (0)

ඕස්ට්‍රේලියා යන්න ගිය 53 රිමාන්ඩ්

අචිනි Wednesday, 13 June 2012 11:51 AM

ප්‍රශ්න වලට උත්තර මේ රටේ තියෙනවානම් කවුරුවත් මෙහෙම දුක් විදින්න යන්නේ නෑ

:       0       0

රුවන් Thursday, 14 June 2012 06:24 PM

නුවන් හරි.හුගක් අය එන්නේ සල්ලි එකතු කරන්න එයාලගේ එක එක සංවිධාන වලට.අපේ රටේ ආරක්ෂක අංශ මීට වැඩිය සැළකිල්ලෙන් හිටියොත් හොදයි

:       0       0

‍ෂරිෆ් Wednesday, 13 June 2012 01:34 AM

මේගොල්ලන්ගෙ ලේ පරීක්ෂා කොරල බැලුවොත් නේද හොද?

:       0       0

ලලිත් Wednesday, 13 June 2012 01:36 AM

පව් කියල හිතෙනවා.මොන ක්රමෙකට හරි ගොඩ යන්න නේ හැමෝටම ඕන.එත් ඉතින් කරපු වැඩෙ වැරදියි.

:       0       0

කිටී Wednesday, 13 June 2012 01:59 AM

පව්, ලංකාවෙ ජීවත් වෙන්න අමාරැ නිසා ගිහිං තියෙන්නෙ.. රැකියා නෑ. එහෙන් මිනී මරනවා අනේ මංදා....

:       0       0

රම්‍යා Wednesday, 13 June 2012 02:19 AM

ලලිත් ඔයා හරි මමත් කියන්නෙ පව් කියලා.. ජීවත් වෙන්න අමාරැ නිසයි යන්න ඇත්තේ.. නමුත් ගමන වැරදියට ගිහින් තියෙන්නේ නේද??

:       0       0

නුවන් Wednesday, 13 June 2012 03:04 AM

පව් කියන්නේ මොකද්ද? මෙයාල ගිහිල්ලා කියනව අපේ ආමී එක මිනී මරනව කියල ඉතින් දඩුවම් දෙන්න ඔනේ උපරිම....

:       0       0

අමිල කටුනායක Wednesday, 13 June 2012 05:33 AM

ඇත්තමයි.මට මේ අය ගැන දුකයි...

:       0       0

ඒකනායක Wednesday, 13 June 2012 05:44 AM

මෙවැනි අවධානම් ගමන් යොදා ගන්නේ කොතනක හෝ අඩු පාඩුවක් නිසා වෙන්න ඕන ?.

:       0       0

තරංග Wednesday, 13 June 2012 07:39 AM

අමතක කරන්න එපා ලංකාවට ගොඩක් විදේශ විනිමය එන්නෙ පිටරටවල වැඩකරන අයගෙන් ...මෙහෙ හොඳට ඉන්න පුළුවන්නම් කවුරුත් යන්නෑ .ජනතාවගෙ මුදල් නාස්ති කරනවට වඩා අඩුම තරමේ මෙහෙම දෙයක් කිරීම එතරම් වැරදි නැහැ ...

:       0       0

කිටී Wednesday, 13 June 2012 02:31 PM

නුවන් ඔයා දුක දන්නේ නැද්ද. ඒ අයට දඩුවම් දීල ඔයා ලබන සතුට මොකක්ද ? .

:       0       0

වරැණ Wednesday, 13 June 2012 07:28 AM

ලංකාවෙ ජොබ් කරල ලැබෙන සොච්චමෙන් ජීවත් වෙන්න බැරි නිසා බෝට්ටුවෙන් හරි එගොඩ වෙන්න හිතන්න ඇති.. ඕව අල්ලනවා වගේ රට ඇතුළත කුඩු බෝට්ටු ටිකත් ඇල්ලනවනම් හරි...l

:       0       0

හසී Wednesday, 13 June 2012 08:52 AM

තරංගගේ කතාව ඇත්ත. මිනිස්සු බලන්නේ මොනව කරල හරි ගොඩයන්න...

:       0       0

ලියනගේ Wednesday, 13 June 2012 08:24 AM

ලංකාවේ ජීවත් වෙන්න අමාරු නිසා නේ මෙහෙම අවධානමක් ගන්නේ . මේ ගොල්ලෝ ගැන නම් දුකයි තමයි.

:       0       0

සංගා Wednesday, 13 June 2012 09:06 AM

තරංග හා හසී මම ඔය දෙන්නගේ කීම පිළිගන්නවා.ඒත් වැඩක් කරන්න කලින් ඒකේ අනිත් පැත්ත ගැනත් හිතන්න ඕන නේද ??

:       0       0

සිසිර Wednesday, 13 June 2012 09:27 AM

හොරෙන් යන්නේ ජීවත් වෙන්න අමාරු නිසානේ . රජය වත් මේ රටවල රැකියා ලබා දෙන්න උත්සාහ කරොත් හොඳයි නේද ?

:       0       0

වසන්ත රත්නායක Wednesday, 13 June 2012 09:01 AM

ඇත්තටම මේ තරුණයන් ගැන දුකයි........ මොවුන්ව රවටා ඇති පුද්ගලයින් සෝයා බැලිය යුතුයි......... කවුරුත් කැමතියිනේ සැප විදින්න....

:       0       0

දුමින්ද Wednesday, 13 June 2012 09:58 AM

මේ වැ‍ඩේ මෙහෙයවපු අවයනම් අතහරින්න එපා‍‍....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 47 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2173 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 675 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site