හලාවත සිට ට්‍රෝලර් යාත්‍රාවකින් ඕස්ට්‍රේලියාවට යමින් සිටියදී අත්අඩංගුවට ගත් 53 දෙනෙක් හම්බන්තොට මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා විසින් ලබන 20 වැනි දා තෙක් රිම්න්ඩ් කරනු ලැබූහ. මොවුන් අතර සිංහල ජාතිකයෝ හතර දෙනෙක් ද ඉන්දියානු ජාතිකයෝ දෙදෙනෙක් ද වෙති. සෙස සියලු දෙනා හලාවත උඩප්පුවේ දොමළ ජාතිකයෝය. නාවික හමුදාව මොවුන් අත්අඩංගුවට ගත්තේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරංගගේ කතාව ඇත්ත. මිනිස්සු බලන්නේ මොනව කරල හරි ගොඩයන්න...
නුවන් හරි.හුගක් අය එන්නේ සල්ලි එකතු කරන්න එයාලගේ එක එක සංවිධාන වලට.අපේ රටේ ආරක්ෂක අංශ මීට වැඩිය සැළකිල්ලෙන් හිටියොත් හොදයි
නුවන් ඔයා දුක දන්නේ නැද්ද. ඒ අයට දඩුවම් දීල ඔයා ලබන සතුට මොකක්ද ? .
ප්‍රශ්න වලට උත්තර මේ රටේ තියෙනවානම් කවුරුවත් මෙහෙම දුක් විදින්න යන්නේ නෑ
මේ වැඩේ මෙහෙයවපු අවයනම් අතහරින්න එපා....
ඇත්තටම මේ තරුණයන් ගැන දුකයි........ මොවුන්ව රවටා ඇති පුද්ගලයින් සෝයා බැලිය යුතුයි......... කවුරුත් කැමතියිනේ සැප විදින්න....
හොරෙන් යන්නේ ජීවත් වෙන්න අමාරු නිසානේ . රජය වත් මේ රටවල රැකියා ලබා දෙන්න උත්සාහ කරොත් හොඳයි නේද ?
තරංග හා හසී මම ඔය දෙන්නගේ කීම පිළිගන්නවා.ඒත් වැඩක් කරන්න කලින් ඒකේ අනිත් පැත්ත ගැනත් හිතන්න ඕන නේද ??
ලංකාවේ ජීවත් වෙන්න අමාරු නිසා නේ මෙහෙම අවධානමක් ගන්නේ . මේ ගොල්ලෝ ගැන නම් දුකයි තමයි.
මේගොල්ලන්ගෙ ලේ පරීක්ෂා කොරල බැලුවොත් නේද හොද?
ලංකාවෙ ජොබ් කරල ලැබෙන සොච්චමෙන් ජීවත් වෙන්න බැරි නිසා බෝට්ටුවෙන් හරි එගොඩ වෙන්න හිතන්න ඇති.. ඕව අල්ලනවා වගේ රට ඇතුළත කුඩු බෝට්ටු ටිකත් ඇල්ලනවනම් හරි...l
අමතක කරන්න එපා ලංකාවට ගොඩක් විදේශ විනිමය එන්නෙ පිටරටවල වැඩකරන අයගෙන් ...මෙහෙ හොඳට ඉන්න පුළුවන්නම් කවුරුත් යන්නෑ .ජනතාවගෙ මුදල් නාස්ති කරනවට වඩා අඩුම තරමේ මෙහෙම දෙයක් කිරීම එතරම් වැරදි නැහැ ...
මෙවැනි අවධානම් ගමන් යොදා ගන්නේ කොතනක හෝ අඩු පාඩුවක් නිසා වෙන්න ඕන ?.
ඇත්තමයි.මට මේ අය ගැන දුකයි...
පව් කියන්නේ මොකද්ද? මෙයාල ගිහිල්ලා කියනව අපේ ආමී එක මිනී මරනව කියල ඉතින් දඩුවම් දෙන්න ඔනේ උපරිම....
ලලිත් ඔයා හරි මමත් කියන්නෙ පව් කියලා.. ජීවත් වෙන්න අමාරැ නිසයි යන්න ඇත්තේ.. නමුත් ගමන වැරදියට ගිහින් තියෙන්නේ නේද??
පව්, ලංකාවෙ ජීවත් වෙන්න අමාරැ නිසා ගිහිං තියෙන්නෙ.. රැකියා නෑ. එහෙන් මිනී මරනවා අනේ මංදා....
පව් කියල හිතෙනවා.මොන ක්රමෙකට හරි ගොඩ යන්න නේ හැමෝටම ඕන.එත් ඉතින් කරපු වැඩෙ වැරදියි.