
(අංජුල මහික වීරරත්න)
ධූරකාලය අවසන් කරන ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය.
මහ කොමසාරිස්වරයා පිළිගනිමින් තම ධුර කාලය තුළ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඔහු දැක්වූ සැලකිය යුතු දායකත්වය පිළිබඳව අග්‍රාමාත්‍යවරිය සිය කෘතඥතාව පළ කළාය.
මෙහිදී මහකොමසාරිස්වරයා රජය විසින් මෑත කාලීනව ගත් ක්‍රියාමාර්ග අගය කළ අතර ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රයත්නයන් සඳහා ඕස්ට්‍රේලියාවේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බවද සඳහන් කළේය.
සාකච්ඡාව අතරතුර, ආයතනික විධිවිධාන ශක්තිමත් කිරීම, කලින් ඇනහිට තිබූ ව්‍යාපෘති නැවත පණ ගැන්වීම සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුළු රජයේ ප්‍රමුඛතා පිළිබඳව අග්‍රාමාත්‍යවරිය විස්තර කළාය. එවැනි ව්‍යාපෘතීන්හි වැදගත්කම පිළිගත් මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුළු ව්‍යාපෘතීන් සඳහා ඕස්ට්‍රේලියානු රජයේ අඛණ්ඩ සහයෝගය ලැබෙන බව අවධාරණය කළේය.
2025 නොවැම්බර් මස 04
252
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2099
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1600
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් අගමැතිනි හමුවෙයි