පසුගිය මහින්ද රාජපක්ෂ රජයේ කෘෂිකර්ම ඇමැති ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඔහුගේ උපදේශකවරයෙක් 2009 දී ජලාශ වේල්ලක් ගොඩ නැගීම සඳහා වන කොන්ත්‍රාත්තුවක් ඔස්ට්‍රේලියා සමාගමකට පැවරීම සඳහා අල්ලස් ඉල්ලූ බව කියන චෝදනාවක් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියා ෆෙඩරල් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කොට ඇතැයි ‘සිඩ්නි මෝර්නිං හෙරල්ඩ්‘ නම් ඔස්ට්‍රේලියා පුවත්පත හෙළි කර තිබිණි.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම ප‍්‍රවෘත්ති වාර්තාව පිළිබඳ අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසට නීතිපතිට උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
එසේම එවැනි සිද්ධියකට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවද, තමාගේ දේශපාලන ජීවිතයේ කිසිදු දිනක දූෂණ අක‍්‍රමිකතාවයන් සඳහා මැදිහත් නොවූ බවද ජනපති නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යෙහාන් මහත්තයෝ, අපේ රටට ආයේ කැළලක් වෙන්න දෙයක් නැහැ , මුළු රට එහෙම පිටින්ම කැළලක්.ඕකට තමයි ආසියාවේ අාශ්චර්ය කියන්නේ!කොහොම වුනත් ජනාධිපති තුමාට එරෙහිව ඇදපු මේ ලෙඩේ මෙච්චර කාලයක්ම පරක්කු වුනේ කොහොමද? (බ)
ජනාධිපතිතුමා හයිබ්‍රිඩ් අධිකරණ දාන්න ඉඩ දෙන්නෙ නැති බවත් රණවිරුවන් පාවා දෙන්නේ නැතිබවත් ප්‍රකාශ කළ නිසා මෙම පරීක්ෂණය ඔහුව බ්ලැක්මේල් කර බටහිර න්‍යාය පත්‍රයට නතු කර ගැනීමට බටහිර බලවේග විසින් ඇටවූ උගුලක් විය හැකියි (බ)
ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියෙන් විභාග කරන්න නේද යන්නේ. අපිට නම් ලැජ්ජයි. (නි)
ඔය තරම් දඟලන්න ඕන නැ. ඕස්ට්‍රේලියා පොලිසිය පරීක්ෂණය කරාවී. සාක්කි ඇතුව සම්බන්ධ වුන සියලු දෙනාගේම නම් ගම් හෙළිවේවී, නැත්තම් කොම්පැනිය ඔස්ට්‍රලියාවේ බදු වලින් බේරෙන්න කරපු වැඩක් නම් එයත් එලිවේවි, දුන්න අය, ගත්ත අයගේ නම් හෙලිවෙනකම් ටිකක් ඔය කලබල වන අය ඉවසීමෙන් හිටියොත් හොඳයි (බ)
අපි ඉන්නේ ඔස්ට්‍රේලියාවේ. විලි ලැජ්ජයි මේවා දකිනකොට. එකට වැඩ කරන ඔස්ට්‍රේලියානුවෝ අහනකොට පොලොව පලාගෙන යන්න හිතෙනවා. මෙහෙ පත්තර බොරු දමන්නේ නැහැ , නඩු යන්න වෙන නිසා . ඊටත් වඩා මේ පත්තරේ බොහොම ප්‍රසිද්ධ එකක් !! හනේ හපොයි !! (බ)
ඉතින් කාලා වරෙන්කො. (බ)
තිරුපති ගමනෙන් වස් වැදුනද මෙහෙම බාල්දියක් පෙරලුනේ. (බ)
ඔබට සතුටුයිද දැන්... (නි)
අපේ දේශපාලකයෝ බහුතරය ඉතින් කතාව දෝලාවෙන් ගමන පයින්නේ. අපි බලමුකෝ... (නි)
ඒ අතින් අගමැතිතුමා විතරයි තාම චෝදනාවක් නැතුව ඉන්නේ. අනෙක් හැමෝටම මොනවාමහරි චෝදනා... (නි)
ඕකට තමා දිට්ට ධම්ම වේදනීය කර්ම කියලා අපි නම් කියන්නේ. කාටද මේවා කියන්නේ? අපි තවත් මෝඩ නැත (නි)
තමන් වරදක් කරලා නැත්නම් බයවෙන්න දෙයක් නැහැනේ (නි)
කිසිවෙකුත් නොදන්නා රහස් මේ පසුපස තිබිය හැකියි. (නි)
ඕස්ට්‍රලියාවේ සමහර පත්තර රටේ නායකයාටත් මඩගහනවා. එනිසා මේක සුළු දෙයක්. (නි)
කාලයකදී කෙනෙක් සුදු කොඩි කතාවක් ඇදලා ඕස්ට්‍රේලියාවේ ජීවත්වන සිංහල සම්භවයක් ඇති ශ්‍රී ලාංකිකයන් හැටියට අපි ඇතිවෙන්න පරිප්පු කෑවා. දැන් ඉතින් තව මොනවා අහන්න වේවිද දන්නේ නැහැ. (නි)
මෙය ඕස්ට්‍රේලියා මධ්‍යම පොලිස් අධිකාරිය විසින් එරටේ සමාගම් වල විනිවිදබව රැකීමට කරන දෙයක්. ඕස්ට්‍රේලියාවේ තිබෙන නීති අනුව එහි සමාගම් වලට පිටරටවල් සමඟ වැඩ කිරීමේදී පවා පිළිපැදිය යුතු නීති තිබෙනවා. ඉතින් මධ්‍යම පොලිස් ඒකකයේ කටයුතු අනුව සියල්ලේම සත්‍යය එළිවෙයි. (නි)
දැන් රට විනාශවෙලා. එන කෙනාට රට ගොඩගන්න අවුරුදු 5 ක්වත් යාවි (නි)
මෙහේ පරීක්ෂණ කළොත් ඉතින් අැඹිලිපිටිය පරීක්ෂණ වාර්තාව වගේ තියෙයි. ඒක නිසා ඕස්ට්‍රේලියා පොලිස් අධිකාරියටම ඕක කරන දෙන්න (නි)
අපේ රටේ නමට මින් වන්නේ ලොකු කැළලක් (නි)
අපිට සියළු දෙනාම පෙන්වන්නේ වෙනස් මුහුණු (නි)
බොරුවට වැඩි ආයුෂ නැහැ කියනවනේ. අපි බලමුකෝ ඇත්ත බොරුව මොකක්ද කියලා (නි)
අර මහබැංකු මංකොල්ලයත් අපිට තවම අමතකවෙලා නැහැ (නි)
ඉස්සරහට ඇත්ත එළිවේවිනේ (නි)
අපි ඉවසලා බලමුකෝ (නි)
අන්තිමේදී එහෙනම් මේවාත් අහන්න වුණා! (නි)
චෝදනා ඇත්ත නම් ඉතින් නඩු දාන එකනේ තියෙන්නේ. (නි)
වරදක් කර නැත්නම් බයවෙන්න හේතුවක් නැහැනේ (නි)
අවි ගත්තෝ අවියෙන්ම නසිති. පාට පක්ෂ අමතක කළ දවසක අපිත් දුප්පත්කම තුරන්කළ රටක් වේවි (නි)
දැනටමත් ජනාධිපතිතුමා මෙය ප්‍රතීක්ෂේප කරලා. එමනිසා මේ පුවත ගැන පුළුල් පරීක්ෂණයක් කරන එක හොඳයි. (නි)
අල්ලස් ඉල්ලූ බව කියන්නේ එම සමාගමේ ලංකාවේ හිටපු නියෝජිතයා. අල්ලස් දීපු බවට කිසිම සාක්ෂියක් නැහැනේ. (නි)
රහස් එළිකරනවා කිව්වේ වෙන කාගේවත්. ඒත් එළියට අාවේ තව කාගේවත්නේ (නි)
කිසිදාක බලය ඇති අය හොරකම් කිරීම නතර කිරීම ලෙහෙසි නැත. (ම)
දැන් මේක එෆ් සී අයි ඩී එකෙන් විභාග කරා නම් ඉවරයිනේ. (ම)
අනේ මන්දා මේවායේ ඇත්ත නැත්ත මොකක්ද කියලා හිතාගන්න බැහැ (නි)
බොරු නම් පරීක්ෂණයෙන් ඔප්පුවෙයිනේ (නි)
මේ ප්‍රවෘත්තිය ගැන කවුරු කොහොම කිවුවත් ඒක ඇත්ත. http://www.smh.com.au/business/australian-companies-linked-to-bribe-scandals-in-sri-lanka-and-congo-20160823-gqyzlp.html (නි)
වරදක් කරලා තිබෙනවා නම් දඬුවම් විඳින්නම වෙනවා (නි)
කාගේ කාගේ කිල්ලෝට වල හුණු ටික ටික තිබෙනවා කියලා කතාවටත් කියනවනේ (නි)
මෙම පරීක්ෂණය ශ්‍රී ලංකාවේ කළා නම් කොහොමට තියෙයිද? (නි)
මේක ඕස්ට්‍රේලියාවේ රජයෙන් කරන නිසා මෙහෙ අයට ඇඟිලි ගැසිය නොහැකිය. (නි)
"කිසිදු දිනක දූෂණ අක‍්‍රමිකතාවයන් සඳහා මැදිහත් නොවූ බවද" එතුමා වගේම මහින්ද කියන්නෙත් ඔය කතාවම තමයි (නි)
සම්බන්ධයක් නැහැ කියන්න අවශ්‍ය නැහැ. විධිමත් පරීක්ෂණයට උදව් දෙන්න. (නි)
මේවා තමයි ඕස්ට්‍රේලියා රහස්! (නි)
හේමලාල්, මහ බැංකු බැඳුම්කර වංචාව ගැන චෝදනාව එල්ලවෙන්නෙ කාටද එතකොට.මේ කිසිම කෙනෙකුට රටගැනවත් ජනතාව ගැනවත් හැඟීමක් නෑ. (බ)
අපේ ජනාධිපතිතුමාට මඩ ගහන්න කරපු එකක් වෙන්න ඇති (නි)
සාමූහිකව වැඩ කිරීමේදී තමන්ගේ දෑතින් එහා සියල්ලන් පාලනය කළ නොහැකියි. අනාවැකි දෙන්නට තවම කාලය මදි බවයි මගේ හැඟීම. (බ)
සිඩ්නි මෝනිං හෙරල්ඩ් කියන්නේ මඩ පත්තරයක් නෙවෙයි. ඒ වගේම ඔවුන් ඉතා ස්වාධීන පුවත් පත් ආයතනයක්. ඒ වගේම මේ ප්‍රවෘත්තිය ඔවුන් පල කළේ අපේ ජනාධිපතිතුමාට මඩ ගහන්න නෙවෙයි ඔවුන්ගේ රටේ බහු ජාතික සමාගම් වල කෙරෙන අකටයුතු හෙළි කරන්නයි. අපේ කෙනෙක් කොනකින් අහුවුනානම් කෙරෙන පොලිස් කටයුතු වලට සහයෝගය දීල නිදොස්කම ප්‍රකාශ කළ හැකියි. (බ)
ඔබ නොදනී මුළු ලොවම දනී... (නි)
යහපාලන පාලනයට කණ කොකා හඬන්න පටන් ගත්තාද? නැත්නම් එය මහාපරිමාණයේ චරිත ඝාතනයක මුල් පියවරද? (නි)
ලුම්බිනිගේ කතාව මරු. අල්ලස් ඉල්ලීමත් දෙකම නීතියේ හැටියට වැරදියි. ඉල්ලුවා කියලා ඔප්පු කරන්න පුලුවන්නම් එයත් දඬුවම් ලැබිය හැකි වරදක්. ඒ නැතත් නම කැතකරගැනීමක්.(බ)
කොහොමද මේක දැනගත්තේ. පත්තරේ බැලුවද.
පේනවා නේද උපදේශකයන්ගේ හැටි? මේවා උපදේශකයින් ඉන්න කාට-කාටත් හොඳ පාඩම්. (නි)
අපිට කිසිකෙනෙක් විශ්වාස නැහැ. එනිසා ඕස්ට්‍රේලියා රජයට පරීක්ෂණ කරන්න ඉඩදෙන්න (නි)
අයියෝ! මගේ රට ඉවරයි දැන්නම් (නි)
අනුන්නට ඇගිල්ල දික්කරන්කොට තමන්ට ඇගිලි 4 ක් ම යොමුවන බව මහක තබා ගත යුතුයි. බොරුවට ආයුෂ නොමැත. එබැවින් මදක් ඉවසා සිටිමු (බ)
හීනෙකින්වත් එහෙම දෙයක් වෙන්නේ නැහැ. මේක එයාලටම හොයන්න දෙන්න. (නි)
ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ නේද? මේ වගේ චෝදනාවක් සිංගප්පුරු හෝ චීන රටක සමාගමකින් ලැබුනා නම් එය සත්‍යයෙන් තොරයැයි සළකන්න තිබුණා. නමුත් ඕස්ට්‍රේලියාවේ නවසීලන්තයේ රටවල අල්ලස් ඉල්ලීමත්, ගැනීමත් හරිම දුලභයි. (නි)
හම්බන්තොට රෝහල ඉදි කිරීමේදීත් අල්ලස් අරන් තිබෙන බව එම ව්‍යාපෘතියට සම්බන්ධ කෙනෙක් මට පැවසුවා (බ)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
කවුරුත් කියන්නේ මම නිවැරදියි කියලනේ. ඔහොම යමුකෝ (නි)