අයි. සී. සී. ‘ශූරයන්ගේ කුසලාන’ ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ‘ඒ’ කාණ්ඩයේ  ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය අතර එංගලන්තයේ එජ්බැස්ටන්හිදී දැන් පැවැත්වෙන තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය තාවකාලිකව අත්හිටුවා තිබේ.

ලකුණු 244 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹායන නවසීලන්ත පිල තරගය අත්හිටුවන විට  ඕවර 15 කදී කඩුලූ 2 ක් දැවී ලකුණු 51 ක් ලබා සිටියේය.

ඕස්ටේ‍්‍රලියානු පිල  ඕවර 50 කදී කඩුලූ 8 ට 243 (මැතිව් වේඞ් 29, ජෝර්ජ් බේලි 55, ඇඩම් වෝග් 71, මිචෙල් මාෂ් 22, ග්ලේන් මැක්ස්වෙල් නොදැවී 29, මිචෙල් මැක්ලීන්හැන් 65/4, නේතන් මැකලම් 46/2)

නවසීලන්ත පිල  ඕවර 15 කදී කඩුලූ 2 ට 51 (ලූක් රොන්ච් 14, කේන් විලියම්සන් නොදැවී 18, ක්ලීන්ට් මැකේ 10/2)