(ස්ටැනිස්ලස් පයස් සහ සරත් චින්තක)

මව  ඔසවා ගෙන හා රෝද පුටුවෙන් එකොලොස් වසරක් පාසලට පැමිණි සිසුවකුට අ. පො ස. සාමාන්‍ය පෙළ විභාගයේ දී සිදුවූ අසාධාරණයක් පිළිබඳව සාධාරණ විසඳුමක් ලබා දෙන ලෙස මව  වගකිවයුතු අංශවලින් ඉල්ලීමක් කර සිටියි.

වත්තල සාන්ත අන්තෝනි විදුහලේ ඉගොනුම ලබන ඕෂද නෙත්මාල් රණතුංග යන මෙම ආබාධිත සිසුවා ප්‍රශ්න පත්තරය කියවීමට සහ පිළිතුරු ලියා ගනිමින් පතිගත කිරීමට ගුරුභවතුන් දෙදෙනකුගේ සහය ඇතිව මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඇත.

සිව්වන දිනය වූ මැයි 09 බ්‍රහස්පතින්දා ඉංග්‍රීසි විෂයයට අදාළ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සභයමින් සිටියදී කලාප කාර්යාලයෙන් පැමිණි බව කියන විශේෂ විභාග නිරීක්ෂණ නිලධාරිනියක  එම ප්‍රශ්න පත්‍රයෙන් පසු ඊළඟ ප්‍රශ්න පත්‍රයට අදාළ සිසුවාම  කියවා පිළිතුරු සපයන ලෙසට උපදෙස් දී පිටත්ව ගොස් ඇත.

එයට හේතුව ලෙස දක්වා ඇත්තේ අදාළ සිසුවාට විභාග දෙපාර්තමේන්තුව මගින් ලබා දුන් සහන ලේඛනයේ ප්‍රශ්න පත්‍රය කියවීමට ගුරුබවතෙකු යොදවන ලෙස සටහන් වී නොමැති බවයි.