කොළඹ ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය වාර්ෂිකව සංවිධානය කරන ඕල්කට් සමරු දේශනය නොවැම්බර් 22 වැනි සෙනසුරාදා සවස 4 ට විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
‘‘ආනන්දයේ පරමාකල්පය” යන තේමාව යටතේ මෙවර දේශනය පවත්වනුයේ සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂක, හේමාස් පවර් සහ හේමාස් පාමසූටිකල්ස් විධායක අධ්‍යක්ෂ ආදි ආනන්දීය සංජීව සෙනෙවිරත්න මහතා විසිනි.
ඕල්කට් සමරු දේශනයට සහභාගි විය හැක්කේ ආරාධනා ලැබූවන්ට පමණක් වන හෙයින් කලින් ආසන වෙන් කරවා ගැනීමට දුරකථන අංක 077 744 44 09 (අනුර පෙරේරා) විද්‍යුත් තැපෑල [email protected] අමතන ලෙස සංවිධාන කමිටු සභාපති අශෝක කරුණාරත්න මහතා ඉල්ලයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළ ගුණ දන්න ආනන්දෙ දරුවෝ රට වෙනුවෙන් අනාගතයේදි හොද තීරණ ගනීවි යැයි සිතනවා.(හේ)