ජාතික හෙළ උරුමයේ නායකත්වයෙන් තමා ඉවත් වන බවත්, ඉදිරියටත් පක්ෂය වෙනුවෙන් වැඩ කරන බවත් ඕමල්පේ සෝභිත හිමියෝ පක්ෂ සම්මේලනයේ දී පැවසූහ.
පක්ෂයේ සම සභාපතිවරු ලෙස හැඩිගල්ලේ විමලසාර හිමි සහ නියෝජ්‍ය ඇමැති කරු පරණවිතාන මහත්වරු පත්වූහ.
ජාතික හෙළ උරුමයේ නායකත්වයෙන් තමා ඉවත් වන බවත්, ඉදිරියටත් පක්ෂය වෙනුවෙන් වැඩ කරන බවත් ඕමල්පේ සෝභිත හිමියෝ පක්ෂ සම්මේලනයේ දී පැවසූහ.
පක්ෂයේ සම සභාපතිවරු ලෙස හැඩිගල්ලේ විමලසාර හිමි සහ නියෝජ්‍ය ඇමැති කරු පරණවිතාන මහත්වරු පත්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුජ්‍ය ඉලුක්ගොල්ලේ නායක හාමුදුරුවන්ට මගේ නමස්කාරය! අපි දන්නවා අපේ හාමුදුරුවනේ ඔබවහන්සේලා කරන කැපවීම. මන්ත්‍රී හාමුදුරුවරු නිසා භික්ෂු ප්‍රතිරූපයට මහත් හානියක් වුණ එක ඇත්ත අපේ හාමුදුරුවනේ. අවසරයි. (නි)
හාමුදුරුවනේ, යහපාලන ආණ්ඩුව රට බෙදන තැනටම ඇවිල්ලා. ඔබවහන්සේලාත් ඒකට වගකියන්න ඕනෑ. දැන් නායකත්වයෙන් අයින්වෙලා හරියන්නේ නැහැ. රට බේරාගන්න නායකත්වය දෙන්න. (නි)
සමහර දේශපාලකයින් බොහොම සතුටුවේවි. මට නම් දුකයි. (නි)
මේ ගත් තීරණය ගැන අපිට සතුටුයි (නි)
බුදු හාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ දේශපාලනය නොකළ යුතුයි (නි)
මේ ඉවත්වීම කාටවත් සතුටු ගෙනදෙන්නක් වෙන්න බැහැ. සතුටු වෙන්න පුලුවන් වෙන්නෙ තමන් බාරගත් වැඩ කොටස නිවැරදිව අවසන් කරලා රටට ඉන් සේවයක් ඉටුවෙන අාකාරයට අවසන් කළොත් මිස වැඩ වරදින බව දැනගෙන මඟහැර යන එක නෙවෙයි. (නි)
ඉතා හොඳ තීරණයක් (නි)
නිස්සංක, මමත් ඔබ සමඟ එකතුවෙලා ඉලුක්ගොල්ලේ ධම්මසාර නාහිමියන්ට නමස්කාර කරනවා (නි)
කරු පරණවිතාන කියන්නේ වැදගත් මහත්මයෙක්. මේ වගේ අය තමයි දේශපාලනයට එන්න ඕනෑ (නි)
ගරු ස්වාමින් වහන්ස, ඔබවහන්සේ ගත් තීරණය ඉතාමත් හොඳයි. අපිට මතකයි ඔබවහන්සේලාගෙන් ඉගෙනගත් කාලය. හරි දේ හරි කියන්නත් වැරදි දේ විවේචනය කරන්නත් ඔබවහන්සේ දක්ෂයි. මෙතුවක් කල් ඔබවහන්සේ ඉවසගෙන හිටිය එකත් පුදුමයි (නි)
අවසර අපේ හාමුදුරුවනේ, ඔය දේ කරන්න තිබුනේ වෙනසට කලින්. දැන් සියල්ල සිදු වී ඉවරයි. මේ රට මුදාගන්න පෙරට එන්න. නැත්නම් අපේ රට ඉවරයි (නි)
සෝභිත හාමුදුරුවෝ හිත නරක්විමෙන් අපෙන් ඈත්වුණා වුණ දේවල් වලට. ඔබවහන්සේ මේ තනතුරෙන් ඉවත්වෙලා මේ වෙන දේවල් දිහා බලා ඉඳලා හරියන්නේ නැහැ. දැන්මම විග්නේශ්වරන් යාපනේ පෙළපාලි යනවා ඉල්ලීම් දිනාගන්න. රජය මේවට විරුද්ධව පියවරක් ගන්න ඕනෑ. තව ඕනෑතරම් තියෙනවා කියන්න මේ ටික කාලෙට වෙච්ච සිදුවීම් (නි)
ගත් තීරණය හොඳයි. හැබැයි හැම සාක්කියකටම වඩා හෘද සාක්කිය බලගතුයි (නි)
කොහොමත් හාමුදුරුවරු දේශපාලනයෙන් ඉවත්වීමම තමයි හොඳ (නි)
අර සමහරු කළා වගේ ඕකත් විසිරුවලා, එජාපයේ සාමාජිකත්වය ගත්තොත් නරකද? මම මේ කියන්නේ මට හිතුණ දේ (නි)
ලංකාවට වගේම මුළු ලෝකෙටම විශාල පාඩුවක්නේ මේක. අනේ හාමුදුරුවනේ, ඇවිල්ලා නැවතත් වැඩ පටන්ගන්නකෝ. (නි)
මේක නම් අපිට සතුටුදායක ආරංචියක් (නි)
සාධු ! සාධු !! සාධු !!! ඉතාමත් යහපත් (නි)
ඇත්ත වැටහුණ එක ගැන සතුටුයි නායක හිමිපාණන් වහන්ස (නි)
දැන් ඉතින් බණක් භාවනාවක් කරගෙන දේශපාලනයෙන් ඉවත්වෙලාම ඉන්න එක හොඳයි හාමුදුරුවනේ (නි)
දැන් ඔය පක්ෂය වැඩක් නැහැ හාමුදුරුවනේ (නි)
අනේ හාමුදුරුවනේ,ඕක නම විතරනේ. දැන් ඔයාල යුඑන්පි එකේනේ. (අ)
අතීතයේ කවදත් ලංකාවේ හාමුදුරුවරු ජන නායකත්වය දැරුවේ දේශපාලන පක්ෂයකට ගැති නොවීය. පක්ෂ දේශපාලනය කළත් ඡන්දෙ ඉල්ලලා මන්ත්‍රීවරු වෙන්න උත්සාහ කළේ නැහැ. ඒ ප්‍රතිපත්තියෙන් බැහැරවෙලා "පන්සලේ හාමුදුරුවෝ, මන්ත්‍රී හාමුදුරුවෝ" වුණාට පස්සේ තමයි බුද්ධ ශාසනයට මහා විපතක් වුණේ. හාමුදුරුවෝ කියන්නේ නිල්, කොළ, රතු පාටින් ලොව බලන අය නොවෙයි. කරුණාව තුළින් ලොව බලන අය. ශාසනය රකින්නේ ගම්වල ඉන්න, හරියට දානේ වේලක් නැති, සිවුරක් නැති අහිංසක හාමුදුරුවෝ මිසක් පාර්ලිමේන්තුවේ, පළාත් සභාවේ, ප්‍රාදේශීය සභාවේ ඉන්න හාමුදුරුවෝවත් එන එන ආණ්ඩුවෙන් වරප්‍රසාද ලබන "කොළඹ වී අයි පී හාමුදුරුවරු" වත් නොවේ. (නි)