උතුරේ යුද්ධය අවසන්වී වසර 5ක් පුරා පැවැති ඕමන්තේ මුරපොළ සඳුදා සවස සිට නිදහසේ ගමන් බිමන් යන තැනක් බවට පත් කර ඇත.
රජයේ උපදෙස් අනුව උතුරට යන වාහන හෝ උතුරෙන් එන වාහන හෝ පරීක්ෂා නොකෙරේ. එහෙත් යුද්ධයෙන් වැනසී උතුරේ තැන තැන දමා ඇති යකඩ වැනි දේ රැගෙන එන වාහන සෝදිසියට ලක් කෙරේ.
යුද සමයේ ඕමන්තේ හමුදා මුර පොළක්ද ඊට ඈතින් කොටි සංවිධානයේ මුර පොළක්ද තිබිණි. මෙම මුරපොළවල ෆෝම් පුරවා අනන්‍යතාවය ඔප්පුකර උතුරට යෑම ඒ කාලයේ ප්‍රශ්නයක් වූ බව බොහෝ දෙනක් කීහ.
වාහන ලියාපදිංචිය වැනි වෙනදා සිදු කෙරෙන පරීක්ෂණ කිසිවක් දැන් නොකෙරෙන බව එහි නිලධරයෝ කියති. වෙනදා නිලධරයන් රැඳී සිටි එම ස්ථාන අද පාළුවට ගොසිනි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහන්න කාලේ හරි... එයාලත් අපේ මිනිස්සු නේ... අනික ඔය මුර පොළ එ් කාලේ කරන්න ඕන සේවය කළා (නදී)
දැන් හොදටම සනීප ඇති. ඔය පටන් ගත්ත විතරයි. ඉතිරි ටිකක් දීපල්ලා (නදී)
උතුරට යුධ ආයුධ ගෙන යාමේ තහනම් බව ටික දිනකට පෙර කියූ නමුත් දැන් ඒවා පරීක්ෂා කරන්නේ කවුද? (හේ)
තාම ඔය පටන් ගත්තා විතරයි.(හේ)
දෙයියන්ගේ පිහිටයි ලංකාවට (නදී)
මේ ඉල්ලීම් වලට එකග වුනා නම් අදටත් ජනපති මහින්ද රාජපක්ෂ (නදී)
ජය ජය වේ මෛත්‍රී (නදී)
දෙයියන්ගේ පිහිටයි ලංකාවට. (හේ)
මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක්. ජය වේවා (දිල්)
අපේ අයට ඕන උනේ ඕක කරගන්න තමයි. (නදී)
ආරක්ෂාව පිළිබඳ මීට වැඩිය සිතුය යුතුයි නේද (දිල්)
ලංකාවේ ආරක්ෂාව ගැන මීට වඩා සිතිය යුතුයි (දිල්)
මේක වැහුවම කෑගහන අයටයි මේ කියන්නෙ. එහෙනම් දකුනට යන අයටත් බේරුවල දාමුකො මුරපොලක්. (නදී)
සිංහලයාගේ ඉතිහාස ගත වෙන ඡන්ද තීන්දුව.ජය වේවා.ඉන්දියාවේ සිටින සරණාගතයොත් අවම තවත් ලස්සනට හිටි.(දිල්)