ඕමාන් හාම්පුතා අතින් අතවරයට පත්ව ඕමාන තානාපති කාර්යාලයේ ‘සුරක්ෂා‘ නිවසේ රඳවා සිටියදී ගබ්සාවක් සිදු කළැයි කියන කාන්තාව සෙනසුරාදා අලුයම දිවයිනට පැමිණියාය.
ගබ්සා සිද්ධිය සම්බන්ධයෙන් විදේශ කටයුතු ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම් නිශ්ශංක විජේරත්න මහතාගෙන් ප්‍රධානත්වයෙන් පැවති විමර්ශනයේ වාර්ථාව මාධ්‍යයට නිකුත් කිරීම සඳහා අද උදෑසන කටුනායක පිහිටි ‘සහන‘ පියසේ මාධ්‍ය සාකච්ඡාවක් ද කැඳවා තිබිණි.
උදෑසන 10ට මාධ්‍ය සාකච්ඡාව පැවැත්වෙන බවට දන්වා තිබුණු අතර 10ට පමණ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙනිය මහතා පැමිණ පැවසුවේ ලේකම් ආ සැනින් සාකච්ඡාව ඇරැඹෙන බවයි. 10.40ට පමණ ලේකම් වරයා පැමිණි අතර 10.45ට පමණ මාධ්‍ය සාකච්ඡාව ඇරැඹිණි.
එහිදී ලේකම්වරයා පැවසුවේ එම කාන්තාවට ගබ්සාවක් තියා ගැබ් ගැනීමක් හෝ සිදු නොවූ බව වෛද්‍ය වාර්තා මගින් තහවුරු වූ බවයි.
සිද්ධියේ ගැටළු සහගත තැන් පිළිබඳව මාධ්‍යෙව්දීන් දිගින් දිගටම ප්‍රශ්න කරද්දී ලේකම්වරයා පැවසූවේ එම කාන්තාවට අතවරයක් වීද යන්නත් ගැටළු සහගත බවයි.
මාධ්‍යවේදියකු ලේකම්ගෙන් ප්‍රශ්නයක් අසන්නට උත්සාහ කරද්දී ඔහු කීවේ ‘‘ගොනාට කලින් කරත්තය පනිනවා.‘ කියාය. ගොනා කවුද කරත්තය කවුදැයි මාධ්‍යවේදීහු ප්‍රශ්න කළහ.
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මංගල රන් දෙනිය මහතා එම මාධ්‍ය හමුවේ ප්‍රශ්න ඇසූ මාධ්‍යවේදීන්ගෙන්ද පෙරළා ප්‍රශ්න ඇසීය. ලේකම්වරයාගෙන් ඇසූ ඇතැම් ප්‍රශ්න වලටද පිළිතුරු දුන්නේ රන්දෙනිය මහතාය.
මෙම ගබ්සා සිද්ධි අසත්‍යයක් යැයි මංගල රංදෙනිය මහතා මුල සිටම මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කර තිබූ හෙයින් මෙම ස්වාධීන පරීක්ෂණයට ඔහු දායක කර ගැනීමෙන් එහි ස්වාධීන්වය ගැන සැක ඇති වන බව මාධ්‍යවේදීහු කීහ.
එසේම සිද්ධිය සම්බන්ධයෙන් වාර්ථා කළ මාධ්‍යවේදීන් පිටුපස කිසිවෙකු හෝ සිටී දැයි තමන්ට සැකයක් මතු වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් රහස් පොලිසියට පැමිණිලි කරන බවද ලේකම් කීවේය.
මේ කාන්තාවට අතවරයක් වීදැයි සෙවීමට ප්‍රරික්ෂණයක් නොපැවැත්වුවේ ඇයිද යන්න ගැන මාධ්‍ය දිගින් දිගටම විමසුවත් පිළිගත හැකි පිළිතුරක් ලැබුණේ නැත.
මෙම කාන්තාවගේ අතවරය ගැන ඕමාන් පොලිසියට පැමිණිල්ලක් නොකළේ ඒ සදහා සාක්කි නැති නිසා බවත්, පොලිසිය උපදෙස් දී ඇත්තේ එවැනි පැමිණිලි සාක්කි සමඟ ඉදිරිපත් කළ යුතු බවත් මාධ්‍ය සාකච්ඡාවේ දී කියැවිණි.
එහෙත් තානාපති අශෝක ගිරිහාගම මහතා එම සිද්ධියෙන් මාස දෙකකට පසු ඕමාන් පොලිසියට පැමිණිලි කළේය. පොලිසිය ඒ පැමිණිල්ල ප්‍රතික්ෂේප කර නැත. ඔහුගේ පැමිණිල්ල අනුව පරීක්ෂණ ඇරැඹීය.
(තමා කරදරයට පත්වීයැයි එම කාන්තාව සිසින් ලියන ලද ලිපිය සම්බන්ධයෙන් මාධ්‍ය නැගූ ප්‍රශ්නවලට විජේරත්න මහතා සහ රන්දෙනිය මහතා පිළිතුරු දුන් අයුරු පහත වීඩියෝවෙන්)
ඕමානයේ සිට ගෙන ආ බිරිය බාර ගැනීමට ඇගේ සැමියා කටුනායක සහන පියසට පැමිණි අවස්ථාවේ ඔහුට බිරිය බාර දෙන්නේදැයි මංගල රංදෙනිය මහතාගෙන් විමසූ විට ඔහු ඊට පිළිතුරු දීම වෙනුවට පෙරලා මාධ්‍යයෙන් ප්‍රශ්න නැගූ අයුරු පහත වීඩියෝවෙන්.
මේ කාන්තාව දූෂණයකට ලක්වීදැයි සෙවීමට පරීක්ෂණ සඳහා යොමු කිරීම ප්‍රමාද වූයේ ඇයිදැයි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අයුරු.
මාධ්‍ය සාකච්ඡාව ආරම්භ කළ නිශ්ශංක විජේරත්න මහතා මෙසේ ද කීවේය.
‘අද මේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට මාධ්‍යවේදීන් කැඳෙව්වේ පසුගිය දවස්වල මාධ්‍ය හරහා සෑහැන ප්‍රකාශයක් ගියා අපේ ඕමාන් තානාපති කාර්යාලයයේ කාන්තාවකට බලහත්කාරයෙන් ගබ්සාවක් කලා කියලා. ඒ නිසා ශ්‍රී ලංකා රජයත් තානාපති කාර්යාලයත් විදේශ සේවා නියුක්ති කාර්යාලයත් සෑහෙන අපකීර්තියකට පත් වුණා. ඒ නිසා ජනාධිපතිතුමාගේ උපදෙස් මත විදේශ සේවා අමාත්‍යතුමා කමිටුවක් පත් කළා මේ සම්බන්ධයෙන් තොරතුරු සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන්න. එහි සභාපතිත්වය දරන්න වුණේ අමාත්‍යංශයේ ලේකම් හැටියට මටයි. සාමාජිකයන් ලෙස කාන්තාවන් දෙදෙනෙක් කටයුතු එළා. විදේශ අමාත්‍යංශයේ මැද පෙරදිග අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීපා සේරම් මහත්මිය සහ ශ්‍රී ලංකා පොලිසියේ කාංතා අංශයේ සහකාර පොලිස් අධිකාරිනී ලංකා රාජිනී මහත්මිය.
අපි කමිටුව වශයෙන් ඕමාන් තානාපති කාර්යාලයයේ සියලුම අදාල පාර්ශ්වයන්ගෙන් සාක්කි සටහන් කර ගත්තා. ඒවා ලිඛිතව තියෙනවා. මේවා සටහන් කර ගත්තෙත් සහකාර පොලිසි අධිකාරීවරියක් තමයි. එහි නීත්‍යනුකූල තත්ත්වයක් තියෙනවා. අතවරයට පත්වූ කාන්තාවගෙනුත්, සහන පියසේ ඇය සමග හිටපු අයගෙන්, වෛද්‍ය ආයතනයෙන්, තානාපතිගෙන්, ලංකාවේ සිටින ඒ තැනැත්තියගේ ස්වාමිපුරුෂයන්ගෙන් සහ දෙමාපියන්ගෙන් සාක්කි සටහන් කර ගත්තා.
ඒ පරීක්ෂණයෙන් නිගමන ලෙස පැහැදිලිව කියන්න පුළුවන් ගබ්සාවක් කෙසේවෙතත් ඒ තැනැත්තිය ගැබ් ගෙනවත් සිටියේ නැති බව. පරීක්ෂණ හතරක් තියෙනවා. පළමු වාර්තාව ලබා ගන්නේ ඕමානයේ තියෙන ඇට්ලස් රෝහලෙන්. මේ තැනැත්තිය තානාපති කාර්යාලයට පැමිණි දවසෙම ඇට්ලස් රෝහලට යොමු කරලා තියෙනවා. එම වාර්තාවේ සඳහන් වන්නෙත් මේ තැනැත්තිය ගැබ් ගෙන නැතැයි කියලා. අප්‍රේල් 29 තමයි එය කර තියෙන්නේ.
ඉන් පසු දෙවැනි වරටත් මේ තැනැත්තිය යොමු කර තියෙනවා මැයි 22 වැනිදා. ඒ ඇපලෝ රෝහලට. ඉන් පස්සේ සිද්ධිය ගැන මාධ්‍යවලින් චෝදනා එල්ල වුණාට පස්සේ තානාපතිපතිතුමාත් මේ තැනැත්තිය යොමු කර තියෙනවා ස්ටෙයාර් කියන රෝහලට. එයිනුත් කියා තිබෙනවා මේ තැනැත්තිය ගැබ් ගෙන සිටියේ නැති බව. ඉන් පසු තානාපතිතුමා මේ තැනැත්තිය පොලිසියට යොමු කර තියෙනවා. පොලිසියෙන් පොලිස් රෝහලට යොමු කළාම එම වාර්තාවෙත් තියෙනවා ඇය ගැබ් ගෙන නැති බව. ගබ්සාවට ලක් කළා කියන කාරණාව කිසිම පදනමක් නැති අභූත චෝදනාවක්. තවදුරටත් කියන්න පුළුවන් පොලිසියට යොමු කළාට පස්සේ මේ තැනැත්තියට බලහත්කාර කමක් කළා කියා චෝනදාවක් ආවා. පොලිසියෙන් නඩු පැවරුවා. නඩුවේ තීන්දුව අනුව මේ තැනැත්තියට කිසිම වෛද්‍යවාර්තාවකින් කියෙවෙන්නේ නෑ මේ තැනැත්තියට බලහත් කාරකමක් කළ බව. බලහත්කාරකමක් කරද්දි ප්‍රතික්‍රියාව ඒ තැනැත්තිය කෑ ගහන්න, දගලන්න ඕන බේරෙන්න. සමහර විට මොනවා හරි සලකුණු මතු වෙනවා. එහෙම කිසිම සලකුණක් නැහැ කියා තමයි උසාවි නිගමනයේ තියෙන්නේ. එම නිවසේ හිටපු ඕමාන් ජාතිකයාගේ සහෝදරියත් කියන්නේ සද්දයක්වත් ඇහුණේ නැහැ කියලා. අනිත් එක ඒජන්සියට ගියාම ඒජන්සි කරුත් කිව්වා එහෙම දෙයක් වුණේ නෑ කියලා. ඒජන්සියේ හිටියා අප්‍රේල් පළමු වැනිදා සිට 29 වැනි දා තෙක්. උසාවි නිගමනේ තියෙනවා ඒ ප්‍රකාශයත් තරමක් දුරට විශ්වාස කරන්න බැහැ කියලා.‘
මේ සිද්ධියේ මුල සිටම පැවැති පරස්පරතා ගැන මාධ්‍යවේදීන් එහිදී ප්‍රශ්න කළහ.
මාධ්‍ය - මේ කාන්තාව තමන්ට සිදුවාණාය කියන දේ එයාගේ අත් අකුරින් සැමියාට දන්වලා තියෙනවා නේද?
නිශ්ශංක විජේරත්න මහතා - හරි හරි ඒකට මං කියන්නම්.
මාධ්‍ය - ඒ ලිපියේ තියෙන්නේ ඒ කාන්තාවගේ අත් අකුරු බව සැමියා කියනවා.
විජේරත්න මහතා - නෑ නෑ ඒ තැනැත්තියම කියනවා එයා කිසිම අවස්ථාවක ලියුමක් ලියුවේ නෑ කියලා
ප්‍රශ්නය - මේ කාන්තාව තමාට එහෙම දෙයක් වුණේ නෑ කියලා ලියපු ලියුමක් රන් දෙනිය මහත්මයා මාධ්‍යට දුන්නා. ඔහු කිව්වා මේ කාන්තාව එය ලිව්වේ කියලා. කාන්තාවට කරදරයක් වුණු බව කියා සැමියාට එවූ ලිපියේ අකුරුත් එහෙම දෙයක් නොවුනා කියා රන් දෙනිය මහත්මයා දුන් ලිපියේ අකුරුත් සමානයි.
මංගල රන්දෙනිය මහතා - ඒ මම කියන්නම්.
ප්‍රශ්නය - ඔබ මාධ්‍ය නොමග යවලා නේද තියෙන්නේ?
පිළිතුර - ඕව් ඔව්
ප්‍රශ්නය - ඒ කියන්නේ ඔබ මාධ්‍ය නොමග යැව්වා?
පිළිතුර - නෑ නෑ මේ ලියුම ගැන මම කියන්නේ. එකපාරට පැනලා වචනයක් අල්ලගෙන දුවන්න එපා. මම කියන එක අහගෙන ඉන්නකෝ. ඔය ලියුම තානාපති කාර්යාලයයේ සුරක්ෂා නිවසේ ඉන්දි ලියන්න වුණු හේතුව ඇය කියා තියෙනවා. තානාපති කාර්යාලයයේ හිටපු තවත් නිලධාරිනයක් කියා තියෙනවා මේ විදියට ගබ්සාවක් වුණා කියා ලිවුවේ නැත්නම් අවුරුදු පහක්වත් යනකම් ලංකාවට යන්න බැහැ කියලා. එය ඕන වෙලාවක ඇගෙන තහවුරු කර ගන්නත් පුළුවන්. ඊට පස්සේ ස්වාමිපුරුෂයාට ආපු ලියුම ඇය ලිව්වේ නෑ කියා ඇය ප්‍රතික්ෂේප කරනවා.
ප්‍රශ්නය - මේ කාන්තාව තමාට අතරයක් නොවූ බවට ඇගේ අත් අකුරින් ලියූ බව කියමින් ලියුමක් මාධ්‍යට දුන්නා.
රන් දෙනිය මහතා - ඔව්. ඔය ලියුම ඇය ලියලා තියෙනවා. මං කිව්වනේ.
මාධ්‍යවේදියෙක් - ඉනිත් ඒ අත් අකුරින්ම තමයි ඇයට මෙහෙම දෙයක් වෙලා තියෙනවා කියලත් ලියා තියෙන්නෙත්. ඈ ඕමානයට යන්න කළින් ලියපු ලිපි ලේඛන ඉදිරිපත් කරමින් ඇගේ සැමියා කිව්වා මේ ලියුම් දෙකම ඇගේ අත් අකුරු කියලා.
නිශ්ෂංක විජේරත්න මහතා - හැබැයි ඔය ලියුම් දෙකේම තියෙන්නේ මේ තැනැත්තියගේ අත් අකුරු නෙමෙයි. එයා ලියූ අත්අකුරු අපි ගාව තියෙනවා.
මාධ්‍ය- ඉනිත් රන්දෙනිය මහත්මයා මේ ලියුමක් දුන්නා ඇගේ අත් අකුරු කියලා?
රන්දෙනිය මහත්මයා - දැන් එහෙදි ලියපු ලියම් දෙක තියෙනවා. අත්අකුරු පරීක්ෂණේ කියන්නේ වෙනම එකක්නේ. මේ අත්අකුරු පරීක්ෂණයත් මෙතනින් කරන්න ඕන විදිය ගැන නිගමනවලදි කියන්නම්. ස්වාමිපුරුෂයා අතේ තියෙන ලියුම ස්වාමි පුරුෂයාට මේ කාන්තාව ලියලා එවපු ලියුමක් නෙමෙයි.
විජේරත්න මහතා - ඇය දැන් ලංකාවට ඇවිත් ඉන්නවා. ඇය කියනවා එහෙම දෙයක් වුණේ නැහැ කියලා.
මාධ්‍ය - සාමාන්‍යයෙන් වෙනත් රටකදි කරදරයක් වුණා කියා එන කාන්තාවන් ගුවන්තොටුපොළෙන් කෙළින්ම මීගමු රෝහලට ඇතුළු කර පරීක්ෂණයක් කරනවා. නමුත් මේ කාන්තාව දැන් පහළ තියාගෙන ඉන්නවා.ඇයි ඇය ලංකාවට ආ විගස වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළේ නැත්තේ?
විජේරත්න මහතා - එහෙම අපිට අවශ්‍යතාවක් හිතුනේ නෑ. මොකද ස්ථාන තුනකින් ඇයට වෛද්‍ය පරීක්ෂණයක් කර තියෙනවා. ඒ එහෙකවත් කියන්නේ නෑ එහෙම දෙයක් වුණා කියලා.
මාධ්‍යය - මංගල රන්දෙනිය මහත්මයා ඕමාන් ගබ්සා සිද්ධිය සොයන්න පත්කළ කමිටුවේ සාමාජිකයෙන් නෙවේ. අපි විජේරත්න මහත්මයාගෙන් අහන්නේ මේ කාන්තාවට ගබ්සාවක් වී නැතැයි කියමින් අප්‍රේල් 29 වැනිදා ඇට්ලස් රෝහලෙන් දුන් වාර්තාවේ ස්ත්‍රී පුරුෂ භාවය නම් කරන තැන තියෙන්නේ පිරිමි කියලා. පිරිමියකුට ද ගැබ් පරීක්ෂාවක් කළේ?
විජේරත්න මහතා - ඒක සටහන් කිරීමේ දී වෙච්ච වැරැද්දක්.
මාධ්‍යය - එතකොට ඒ විදියටම ගැබ් ගෙන තියෙනවා (ප්‍රෙග්නට්) කියන එක ගැබ් ගෙන නැහැ (නන්ප්‍රෙග්නට්) කියා වැරදිලා වදින්න පුළුවන් නේද?
විජේරත්න මහතා - අපි මේ පරීක්ෂණය කළ වෛද්‍යවරුන් හමුවෙලා තියෙනවා. එයා පිළිගත්තා මේක එතන සටහන් කළ කෙනාගේ වරදක් කියා.
මාධ්‍ය - ගැබ්ගෙන නැහැ කියන එකත් වැරදිලා සටහන් වෙන්න පුළුවන්නේ.
රන්දෙනිය මහතා -නෑ ඔහොම ඉන්න.
විජේරත්න මහතා - ඉතින් එතන තවත් පරීක්ෂණ දෙකක් තියෙනවානේ. ඒවයේ එම් එකයි එෆ් එකයි මාරු වෙලා නැහැනේ.
රන්දෙනිය මහතා - ඒවායේ එහෙම මාරු වෙලා නැහැනේ.
මාධ්‍ය - රන්දෙනිය මහතා කමිටුවේ සාමාජිකයෙන් නොවේ. අපි අහන්නේ මේ කමිටුවේ සභාපතිතුමාගෙනුයි. ගබ්සා විමර්ශනය සඳහා කීදෙනෙක් ඕමානයට ගියාද?
විජේරත්න මහතා - තුන්දෙනයි
මාධ්‍යය- ඔබ මීට පෙර මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා මේ කමිටුවේ සාමාජිකයන් තිදෙනකු සිටින බව කියමින්. පසුගිය දිනෙක ප්‍රශ්නගත කාන්තාවගේ දෙමාපියන් හා සැමියා ගෙන්වාගෙන ප්‍රශ්න කළා. ඇගේ දෙමාපියන් කියනවා රන්දෙනිය මහත්මයාත් එතන හිටිය බව. සැමියා කියනවා රන්දෙනිය මහතා ඇතුළු පස් දෙනෙක් හිටිය බව. මේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදිනියකයට තර්ජනය කළාය කියා රන්දෙනිය මහත්මයාට එරෙහිව පොලිසියේ පැමිණිල්ලක් පවා සටහන් වුණා. රන්දෙනිය මහත්මයා කමිටුවේ කටයුතු වෙන තැනකට ගෙන්වීම සාධාරණද?
විජේරත්න මහතා - ඒකි කිසි වරදක් නෑ. කමිටුවේ සහායට අපිට නිලධාරීන් සම්බන්ධ කර ගන්න පුළුවන්.
මාධ්‍ය - ඔබ කිව්වා තානාපති විසින් යොමු කළ පරීක්ෂණයේ දී කාන්තාවට දූෂණය නොවූ බව තියෙනවා කියා. ඒ වාර්තාවේ තියෙනවා දූෂණයට ලක්වී බොහෝ කාලයක් ගොස් ඇති නිසා දූෂණය වුණාද කියා නිශ්ෂිතව කියන්න බැරි බව. ජෙල් වර්ගයක් භාවිත කර ඒ කටයුත්ත කළා නම් ලක්ෂණ සොයන්න බැරි බවත් එහි තියෙනවා.
විජේරත්න මහතා - අපි ප්‍රධාන වශයෙන් කළේ දූෂණයක් වුණාද බලන එක නෙමේ. ගබ්සාවක් වුණාද බලන එක කළේ.
ප්‍රශ්නය - ඇට්ලස් රෝහල රජයේ රෝහලක් ද?
විජේරත්න මහතා - නෑ ඇට්ලස් රජයේ නොවෙයි.
ප්‍රශ්නය - තානාපති කාර්යාලයය වගේ වගකිවයුතු තැනක් ඇයි පෞද්ගලික රෝහලකින් වාර්තාවක් ගත්තේ? රජයේ රෝහලකට යැව්වේ නැත්තේ ඇයි?
විජේරත්න මහතා - එහෙ රජයේ රෝහල්වලට එහෙම ලේසියෙන් යවන්න බෑ. මහේ වගේ නමේ එහේ. තානාපති කාර්යාලය යොමු කරන්නේ ඇට්ලස් රෝහලට. ඉන් පස්සේ තානාපති ස්ටාර් රෝහලට යවනවා. ඒකත් රජයේ රෝහලක් නෙමෙයි. රජයේ රෝහල තමයි පොලිස් රෝහල.
මාධ්‍ය - මේ තියෙන්නේ පොලිස් රෝහලේ වාර්තාව.
රන්දෙනිය මහතා - මං ඕක කියන්න ඕන. පොලිස් රෝහලේ වාර්තාව සායන වාර්තාවක්.
මාධ්‍ය - රන්දෙනිය මහතා මේ කමිටුවේ සාමාජිකයෙන් නෙමේ. අපි අහන්නේ විජේරත්න මහත්මයාගෙන්.
රන්දෙනිය මහතා - පොඩ්ඩන් ඉන්නකෝ. අපිට වාර්තා කියවන්න පුළුවන්නේ. ඔය කරලා තියෙන්නේ සායනික පරීක්ෂණයක්. ඔතන රසායනික පරීක්ෂණයක් නෙමේ කරලා තියෙන්නේ. ස්ටාර් රෝහලේ තමයි රසායනික පරීක්ෂණේ කරලා තියෙන්නේ. එම වාර්තා ඉතාම පැහැදිලිව සදහන් කරනවා ඇයට ගැබ්ගැනීමක් සිදු නොවුණ බව. එතැනින් කියනවා පොලිස් රෝහලට යන්න කියලා. එතකොට පොලිස් රෝහලට යනවා. පොලිස් රෝහලේ කරන්නේ සායනික වාර්තාවක්.
විජේරත්න මහතා - නෑ නෑ පොලිසියෙන් යවන්නේ පොලිස් රෝහලට.
රන්දෙනියට මහතා - සායනික පරීක්ෂණයෙන් කරන්නේ නිරීක්ෂණය කරලා දීපු නිගමනයක් ඔය තියෙන්නේ. මාර්තු 31 දූෂණය කළා කියා කියන්නේ. මැයි මාසයේදියි ඔතනට යොමු කරන්නේ. ඉතින් මාර්තු මාසයේ වුණු දෙයක් ගැන මැයි මාසයේ දී හොයන්න බැහැ කියලයි ඔය කියන්නේ. ඒක සාමාන්‍ය නිගමනයක්. ඉතින් ඒ වාර්තාවෙන් කියනවද ඇයව දූෂණය කලා හෝ ගැබ්ගැනීම් වෙලා තිබුණා හෝ ගබ්සාවක් කළා කියලා? නැහැ එහෙම කියන්නෙත් නෑ.
මාධ්‍යය - මේ වාර්තාවේ තියෙනවා සිද්ධිය වුණා කියන දිනයේ සිට වැඩි කාලයක් ගිහින් නිසා එහෙම දෙයක් වුණාද කියා හොයන්න අමාරු බව. හැබැයි එහෙම කියලා ඇය දූෂණය කර නැහැ කියා නිගමනයකට එන්න බෑ කියලත් එහි තියෙනවා නේද?
රන්දෙනිය මහතා - ඔහොම ඉන්න. කාලය හුඟක් පරන නිසා සායනික පරීක්ෂණයකින් සොයන්න බැහැ කියා කියනවා.
මාධ්‍යය- විජේරත්න මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා ස්වාධීන කමිටුවක් විමර්ශනය කරන්නේ කියලා. ඒකේ තිබුණේ නම් තුනයි. රන්දෙනිය මහතාගේ නම තිබුණේ නෑ. පරීක්ෂණයට ගියේ විජේරත්න මහතා ඇතුළු පිරිසක්. අපි ප්‍රශ්න අහන්නේ විජේරත්න මහත්මයාගෙන්. මේ ගබ්සා සිද්ධිය මුලින්ම මැයි මාසයේ මාධ්‍යවල ගියාට පස්සේ රන්දෙනිය මහතා කිව්වේ ගබ්සාවක් වෙලා නැහැ ඒක බොරුවක් කියලා. මුලින් එවැනි මතයක් දරපු කෙනෙක් කමිටුවේ වැඩ වලට දායක කර ගන්න එක සාධාරණද?
විජේරත්න මහතා - නෑ එතුමා පරීක්ෂණයට සම්බන්ධ නෑ.
මාධ්‍ය - ඉතින් අපි අහන ප්‍රශ්නවලට උත්තර දෙන්නේ රන්දෙනිය මහත්තයානේ.
රන්දෙනිය මහතා - මම මාධ්‍ය ප්‍රකාශකනේ. කමිටුව දෙන වාර්තා අනුව අදහස් ප්‍රකාශ කරන්න මට අයිතියක් තියෙනවා. ඒක ලේකම්තුමා විසින් දීපු බලයක්. ඉතින් කාටවත් අහන්න බෑ ඇයි මම කතා කරන්නේ කියලා. ඒක වහාම ඉල්ලා අස් කර ගන්න.
මාධ්‍ය - කමිටුවේ සභාපතිගෙන් අහද්දි උත්තර දෙන්නේ රංදෙනිය මහත්තයානේ.
විජේරත්න මහතා - කමිටුවට මාධ්‍ය එක්ක සාකච්ඡා කරන්න අවශ්‍යතාවක් නෑ.
රන්දෙනිය මහතා - අවශ්‍යතාවක් නෑ
විජේරත්න මහතා -අපි අත්සන් කරලා වාර්තාව දෙනවා. මේකේ නිගමන දීලා තියෙනවා ඒ අනුව ක්‍රියා කරයි ජනාධිපතිතුමා. මේ එක නිගමනයක් නීත්‍යනුකූලව කටයුතු කරන්න ඕන කියලා.
මාධ්‍ය - මේ කාන්තාව දූෂණය වෙලා නැහැ කියනවානේ. කාන්තාව දූෂණය කරද්දී ජෙල් වාර්ගයක් පාවිච්චි කළා නම් ඒ බව හොයන්න බෑ කියා පොලිස් රෝහල් වාර්තාවේ තියෙනවා නේද?
රන්දෙනිය මහතා - ඒක ලෝකේ ඕනම වාර්තාවක දාන දෙයක්
විජේරත්න මහතා - නෑ නෑ මේකේ කමිටුවේ ප්‍රධාන කාර්ය තියේනනේ ගබ්සාවක් වුණාද හොයන්න. දූෂණය නෙමේ. අපි දන්නේ නෑ දූෂණයක් වුණාද නැද්ද කියලා. දූෂණය කියන එක ඒ අවස්ථාවේ හොයන්න බෑ. එහෙනම් දූෂණය වුණු පළමුවැනි අවස්ථාවේ මේ තැනැත්තිය චෝදනා ඉදිරිපත් කරන්න ඕනෑ.
මාධ්‍යය - ලංකාවේ අපේ කාන්තාවක් ඕමානයේ හාම්පුතා දූෂණය කළා කියන එක සුළුවෙන් තකන්න බැහැ නේද?
විජේරත්න මහතා - ඒ කාන්තාව මාසයක් හිටියේ ඇයි ඒ චෝදනා ඉදිරිපත් කරන්න.
මාධ්‍යය - මේ කාන්තාව දූෂණයට ලක්වුණා කියා ඇගේ සැමියා අප්‍රේල් 16 වැනි දා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පැමිණිලි කරනවා. ඇය තානාපති කාර්යාලයට 29 වැනි දා එන්නේ ඇය ඔසප් වුණේ නෑ ළමයෙන් හම්බෙන්න වගේ ලක්ෂණ තියෙනවා කියලා නේද?
රන්දෙනිය මහතා - පැහැදිලිවම ඔව්. ඇය එන්නේ එහෙම කියාගෙන.
මාධ්‍ය - එහෙනම් ඇයි මේ කාන්තාව දූෂණය වුණාද කියා පරීක්ෂණයක් කළේ නැත්තේ? ගැබ් ගෙන තියෙනවද කියා තමයි පරීක්ෂණයක් කළේ. කාන්තාවක් දූෂණය වුණු හැම අවස්ථාවකම ගැබ් ගන්නේ නැහැනේ. ඇයි දූෂණය වුණාද කියා පරීක්ෂණයක් කළේ නැත්තේ?
විජේරත්න තමහතා - තානාපතිතුමාගෙත් එතන විශාල වරදක් තියෙනවා. තානාපති කාර්යාලය කියන්නේ විශාල තැනක් නෙමෙයි. සම්පූර්ණ නිලධාරී 20ක් විතර ඉන්නේ. එතැන වෙන සෑම දෙයක් ගැනම තානාපතිතුමා දැනගෙන ඉන්න ඕනෑ. එහෙනම් එතුමා මෙහෙම කේස් එකක් ආව ගමන්ම පොලිසියට ඉදිරිපත් කරන්න ඕනෑ. එතන එයාගෙත් වැරැද්දක් වෙලා තියෙනවා. කමිටුව පරීක්ෂණ කළේ ගබ්සා සිද්ධියනේ. ගබ්සාව කියන්නේ අපරාධ වරදක්.
මාධ්‍ය - ස්ත්‍රී දූෂණය අපරාධ වරදක් නෙමේද?
විජේරත්න මහතා - තානාපති කාර්යාලය ඇතුලේ දූෂණය කළේ නැහැනේ.
මාධ්‍ය - රන්දෙනිය මහත්මයා කිව්වා එතුමා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ප්‍රකාශක කියලා. රන්දෙනිය මහත්මයා කියන්න මේ කාන්තාව ඕමාන් හාම්පුතා අතින් අතවරයට ලක්වුණාද කියලා මුලින්ම පර්යේෂණයක් කළේ කවදද?
රන්දෙනිය මහතා - ඕමාන් හාම්පුතා අතින් දූෂණය වුනාද නැද්ද කියන එක ගැන හොයන්න තමයි පරීක්ෂණයකට ගියේ ඇය කියන පරිදි ගැබ් ගැනීමක් වුණාද නැද්ද හොයන්න. ඇය ඇවිත් කියන්නේ දූෂණය වුණ නිසා ගැබ් ගත්තා කියන එකනේ. ඇය දූෂණය වුණා කියන්නේ මාර්තු 31 වැනිදා. හොඳන් මේක පැහැදිලි කර ගන්න.ලංකාවේ විදිය නෙමෙයි ඕමාන්වල. හරියට පැහැදිලි කර ගන්න. 31 ඇහ දූෂණ වුණා කිව්වාම අප්‍රේල් 29 තානාපති කාර්යාලයයට ගෙනාව කිව්වම තානාපති කාර්යාලයයට තියන සාමාන්‍ය අත්දැකීම තමයි පොලිසියට ගිනියනවා නම් සාක්කි එක්ක ගේන්න කියන එක. පොලිසිය පවා ලිඛිතව දී තියෙනවා සාක්කි එක්ක ගේන්න ඕන බලා ගන්න කියලා. එතකොට සාක්කිය මොකකකද? ඇය කියන්න ගැබ් ගැනීමක් ගැන. ගැබ්ගැනීමක් තිබුණා නම් හොයන්න පුළුවන් මේ පිළිසිඳගැනීම කාගෙන්ද කියලා. ජාන පරීක්ෂණ හරහා යන්න පුළුවන්. වාර්තාවලින් එළියට එන්නේ ගැබ් ගෙන නෑ කියලා.
මාධ්‍ය - කාන්තාවක් දූෂණය වුණු හැමැ අවස්ථාවකම ගැබ් ගැනීමක් වෙනවද?
විජේරත්න මහතා - නෑ මෙහෙමයි දූෂණය වුණා කියන්නේ මාර්තු 31. තානාපති කාර්යාලයට එන්නේ අප්‍රේල් 29. මාසයක් ගියාට පස්සේ දූෂණයක් වුණත් කාටවත් හොයන්න බැහැ එහෙම.
මාධ්‍ය - මේ කාන්තාවට අතවරයක් වුණා කියා සැමියා විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණිලි කරන්නේ අප්‍රේල් 16. ඉතින් ඒ පැමිණිල්ල කළ ගමන් ඇය දූෂණය වුණාද කියා වෛද්‍ය පරීක්ෂණයකට ලක් කළේ නැත්තේ?
රන්දෙනිය මහතා - පැමිණිල්ල අනුව අපි නියෝගයක් යැවලා තියෙනවා ඇය තානාපති කාර්යාලයට ගෙන්වා ගන්න කියා. ඒ අනුව 29 ඇය තානාපති කාර්යාලයට ගෙනත් තියෙනවා.
මාධ්‍ය - පැමිණිල්ල දාලා දින කීයකට පස්සෙද ගෙන්වා ගත්තේ?
රන්දෙනිය මහතා - අප්‍රේල් 16 වැනිදායින් පස්සේ නිවාඩු දිනක් එක්ක බලනකොට අප්‍රේල් 29 වැනිදා තානාපති කාර්යාලයට ගෙන්වා ගන්නවා.
මාධ්‍ය - ඔබතුමාලා දැනුම් දුන්නේ නැද්ද පැමිණිල්ල ආපු දිනම හෝ ඊට පසු දිනම මේ කාන්තාව දූෂණය වුණාද කියා වෛද්‍ය පරීක්ෂණයකට ලක්කරන්න?
රන්දෙනිය මහතා - පරීක්ෂණයක් කරන්න නම් වගකිවයුතු තැනකට ගේන්න ඕනනේ. ඒ නිවා වහාම තානාපති කාර්යාලයට ගේන එක තමයි අපි කරලා තියෙන්නේ.
මාධ්‍ය - සැමියා පැමිණිල්ල දැම්මේ 16 වැනිදා. ඉන් සති දෙකකට පස්සේ තමයි 29 වැනි දා තානාපති කාර්යාලයට ඇය ගෙන්වා ගත්තේ. පැමිණිල්ලෙන් සති දෙකකට පස්සේ ගෙන්වාගෙන ඔබතුමාලම කියනවා කාලය වැඩි නිසා 29 වැනිදා වෛද්‍ය පරීක්ෂණයකට ලක් කලත් දූෂණයක් වුණාද කියා හොයන්න බැහැ කියලා?
රන්දෙනිය මහතා - නැහැ එහෙම වැඩැක් නෑ කියලා නෑ. ඒ සඳහා තමයි වෛද්‍ය පරීක්ෂණවලට ගියේ.
මාධ්‍ය - වෛද්‍ය පරීක්ෂණය කළේ දූෂණය වුණාද කියා නෙවෙයිනේ. ඒක කලේ ගැබ්ගෙන තියෙනවද බලන්නනේ. දැන් ඔබතුමාලම කිව්වනේ වැඩි කාලයක් ගිය නිසා මේක හොයන්න බැහැ කියලා.
විජේරත්න මහතා - නැහැ නැහැ. අපි නෙමේ. උසාවිය කියන්නේ.
මාධ්‍ය - දැන් ඔබතුමා එහෙම කිව්වනේ.
විජේරත්න මහතා - නෑ නෑ
මාධ්‍ය - දැන් ටිකකට කළින් ඔබ කිව්ව දේ පටිගතවෙලා තියෙනවනේ. ඇයි දැන් නෑ කියන්නේ?
විජේරත්න මහතා - අපි කියන්නේ එච්චර කල් ගියාට පස්සේ සාමාන්‍යයෙන් හොයාගන් බැරි වෙනවා කියලා.
මාධ්‍ය - මේ ළමයා දූෂණය කළා නම් නඩු දාලා වන්දි අරං දෙන එකනේ ඔබ කරන්න ඕන?
රන්දෙනිය මහතා - දැන් තානාපති කාර්යාලයයේනේ මෙයා ඉන්නේ. ඉතින් තානාපතිගේ වගකීම මොකක්ද?
මාධ්‍ය - කාන්තාවක් විදෙස් සේවයට යවන්නේ කවුද?
රන්දෙනිය මහතා - නෑ අපි අයවන්නේ නෑ
විජේරත්න මහතා - ඒජන්සිකරුවො යවන්නේ
මාධ්‍ය - කාන්තාවක් විදේශ සේවයට යද්දි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි කර රක්ෂණාවරන සහිතව යවන්නේ. රක්ෂණාවරනය තියෙන්නේ විදේශ සේවා නියුක්ති කාර්යංශය හරහා. ඉතින් ඒ අනුව ඔබ ක්‍රියා කරන්න බැඳිලා නැද්ද?
රන්දෙනිය මහතා - අනිවාර්යෙන් බැඳිලා ඉන්නවා. ඒ නිසා තමයි තානාපති කාර්යාලයක කම්කරු අංශයක් ස්ථාපිත කරලා තානාපති යටතේ කම්කරු අංශය ක්‍රියාත්මක කරන්නේ.
මාධ්‍ය - ඔබ කියන්නේ මේ සිද්ධියේ දී තානාපති වගකීම් පැහැර හැරලා කියලද?
රන්දෙනිය මහතා - සම්පූර්ණයෙන් පැහැර හැරලා තියෙන්නේ.
මාධ්‍ය - අප්‍රේල් 16 සැමියා පැමිණිල්ල දැම්මහම එය විභාග කරන්න සැමියා හා ඒජන්සිය ගෙන්නුවේ කවද්ද?
රන්දෙනිය මහතා - සැමියාව ගෙන්නපු දවස තියෙනවා. සැමියාව ගෙන්වනවා. සැමියා ගෙන්වපු දවස. මොකක්ද ඉතින්. ගෙන්වනවා ඉතින් එයාව.
මාධ්‍ය - අපි අහම්නේ ගෙන්වපු දිනේ කවද්ද?
රන්දෙනිය මහතා - දිනේ අපි වෙනම දෙන්නම්.
මාධ්‍ය - අපිට ඕන පැමිණිල්ල විභාග කරන්න ගත කළ කාලයයි. සැමියා කියනවා අද වෙනකම් එය විභාග කළේ නැහැ කියලා.
රන්දෙනිය මහතා - පැමිණිල්ලක් දාලා සති දෙකක් ඇතුලත අපි ගෙන්වනවා. හැබැයි ඒජන්සියෙන් කියනවා පැමිණිල්ල දාන දිනය වෙනකොටත් ඒ කාන්තාව ඒජන්සිය භාරයේ ඉන්නේ කියලා.
මාධ්‍ය - පිරිමියකුට ගැබ් පරීක්ෂාවක් කළ බව කියන වාර්තාවේ එය වැරදීමකින් සටහන්වී ඇති බව ඔබ කියනවා. පරීක්ෂණ කමිටුව ඕමානයට ගිය අවස්ථාවේ ඇට්ලස් රෝහලේ සීසීටීවී දර්ශන පරීක්ෂා කළාද ඇය යන එන විදිය සහ සිදු කළ දේවල් ගැන?
විජේරත්න මහතා - නැහැ. අපිට ඒවා පරීක්ෂා කිරීමේ හැකියාවක් නැහැ. එයාලා දෙන තොරතුරු අපි ගන්නවා.
මාධ්‍ය - ඔවුන් බොරු තොරතුරු දුන්නොත් ඔබ එයත් ගන්නවාද?
විජේරත්න මහතා - අපි එයාලාගේ වාර්තා කියෙව්වා. ඔතන එෆ් එම් වෙලා තියෙනවා. තව පරීක්ෂණ වාර්තා තුනක් තියෙනවානේ.
මාධ්‍ය - අප්‍රේල් 28 වැනි දා කළායැයි කියන වාර්තා දෙක අවස්ථා දෙකකදි කරලා තියේනනේ. ඒ දෙකේම වෛද්‍යවරයාගේ අත්සන එකම තැන වෙනසක් නැතිව තියෙන බව පේනවා. හරියට ස්කෑන් කළා වගේ. මේවට ගත්ත බිල් සහ මුල් වාර්තා තියෙනවද?
විජේරත්න මහතා - තියෙනවා.
මාධ්‍ය - ඇයි ඒවා මාධ්‍යට ඉදිරිපත් කරන්නේ නැත්තේ?
විජේරත්න මහතා - ඒවා මාධ්‍යට ඉදිරිපත් කරන්න ඕන නෑ අපිට.
මාධ්‍ය - දවස් දෙකේ ගත්ත වාර්තාවල අත්සන් එකම තැන එකම විදියට වදින්නේ කොහොමද?
විජේරත්න මහතා - හරි. මේ අපේ ඉස්පිරිතාලේ වාර්තා අරගෙන බලන්නකො කොහොමද කියලා. ඕමානේ ඉසිරිපිරි තාලයි ලංකාවේ ඒවයි වෙනස් නෑ. මෙහෙ තියෙන ඒවා අරගෙන බලන්නකො. ඕකක් පස්සේ එලෝගන ඔයාට කිසි දෙයක් හොයාගන්න හම්බෙන්නේ නෑ. අපි හැබැයි මේවා පිටිපස්සේ ඉන්න අය හොයනවා. අපි මේක අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට යොමු කරනවා. මේක පිටිපස්සේ කුමන්ත්‍රණයක් තියෙනවා.
මාධ්‍ය - ඔබ කියන විදියට මේ කාන්තාව බොරුවක්ද කරලා තියෙන්නේ?
විජේරත්න මහතා - සාමාණ්‍යයෙන් එහෙම දේවලුත් වෙනවා. පිටරට ඉන්න කාන්තාවො ලංකාවට එන්න ඕන වුණාම විවිධ දේවල් කියනවා. මේක අපිට කියන්න බෑ ඇත්තද බොරුද කියලා. සිද්ධිය වෙන්නත් ඉඩ තියෙනවා. මේ කාන්තාව ගබ්සාවක් කළා කියා ප්‍රශ්නයක් නැහැ. හැබැයි මාධ්‍යයි කියන්නේ ගබ්සාවක් කළා කියලා. ගබ්සාව ප්‍රචාරය කිරීමේ පිටිපස්සේ තවත් කතාවක් තියෙනවා කියලා නිගමනය කරන්න වෙනවා.
මාධ්‍ය - මාධ්‍ය බොරු ද කියන්නේ?
විජේරත්න මහතා - නෑ මාධ්‍ය නෙමේ
රන්දෙනිය මහතා - නෑ මාධ්‍ය පාවිච්චි කරනවා කවුරුන් හරි.
මාධ්‍ය - ඕමාන් සිද්ධිය වාර්තා කළ මාධ්‍ය පිටුපස අදෘශ්‍යමාන හස්තයක් තියෙනවා කියාද ඔබ කියන්නේ?
විජේරත්න මහතා - අපිට එහෙම හිතෙනවා. අපිට පැහැදිලිව කියන්න බෑ.
මාධ්‍ය - මේ කාන්තාව ලංකාවට එද්දි වෛද්‍ය පරීක්ෂණයකට ලක් කළේ නැහැනේ. දැන් හරි කරනවාද?
රන්දෙනිය මහතා - කරන්න පුළුවන්
මාධ්‍ය - ලංකාවේ වෛද්‍ය වාර්තා ගැනත් ගැටළුවක් තියෙනවා කිව්වනේ ඔබ කලින්.
විජේරත්න මහතා - වචනේ වෙනස් කරන්න එපා. එහෙම කිව්වේ නෑ. යම් යම් සුළු වැරදි වෙන්න පුළුවන් කිව්වේ. ලියන්නේ දොස්තර කෙනෙකේ නෙමේනේ.
මාධ්‍ය - ගැබ්ගෙන කියන එකට ගැබ්ගෙන නැහැ කියලත් සටහන් වෙන්න පුළුවන් නේද ඒ විදියට?
රන්දෙනිය මහතා - එහෙම හම්බෙලා තියෙනවද ඔබට කවුරු හරි?
මාධ්‍ය - පිරිමි ගැහැණු කියන එක වැරදියට ඕමාන් වාර්තාවේ තියෙනවනේ?
රන්දෙනිය මහතා - නෑ නෑ ඔයාට එහෙම හම්බෙලා තියෙනවද? එහෙම හම්බෙලා තියෙනවද?
මාධ්‍ය - මේ තරුණියගේ දෙමාපියන් කිව්වා ඔවුන්ට එන්න කියලා වාහනයක් යැවලා එතැනට ගියාට පස්සේ රන්දෙනිය මහත්මයා කිව්වා කියලා සැමියා බොරු පැමිණිල්ලක් දාලා තියෙන්නේ. පැමිණිල්ල අස්කරගන්නකම් ගෙන්න අමාරුයි. ඔයාලාට පුළුවන්ද ඕමානෙත් එක්ක නඩු කියන්න කියා කිවූ බව. කමිටුවට එන්න කියලා තමන්ගේ මත දැක්වීම් කරන එක හරිද?
රන්දෙනිය මහතා - ඒක එහෙනම් ඔබ දෙමාපියන්ගෙන් අහන්න.
මාධ්‍ය - දෙමාපියන් එහෙම කියනවානේ.
රන්දෙනිය මහතා - ඔබ අහන්න ඒක දෙමාපියන්ගෙන්.
මාධ්‍ය සාකච්ඡාවෙන් පසු නිශ්ශංක විජේරත්න මහතා එතැනින් නැගිට ගිය අතර මංගල රන්දෙනිය මහතා මාධ්‍යවේදීන් සිටි තැනට පැමිණ දිගින් දිගටම විවිධ ප්‍රශ්න අසන්නට විය. මාධ්‍යවේදීන්ට දෝෂාරෝපනය කරන්නට විය.
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දන්නවා, සමහර අය ඉන්නෙ අහසින් පාත්වුණා වගේ. ගුවන් තොටුපළින් යනකොට පාස්පෝට් බලන්නෙ අහිංසක අපේ අයගෙ විතරයි. සැවොම එකතුවෙලා මේ අසාධරණකම්වලට එරෙහි වෙමු. නැත්නම් හෙට මේ දෙය ඔබේ සොහොයුරියට වෙන්න පුලුවන්. (නි)
විදේශ සේවා නියුක්ති කාර්යංශය ගැන මමත් කතාකරන්න කැමතිම නැහැ (නි)
ධනුක කියන විදියට කාන්තාවන් පිටරට යවන්නේ නැත්නම් හොඳයි. එතකොට ඔවුන්ගේ ප්‍රශ්න විසඳන්නයි කියලා මහජන මුදල් වියදම් කරලා පවත්වාගෙන යන ආයතන ඕනෑත් නැහැ. නිලධාරීන් ඕනෑත් නැහැ. අමාරුවේ වැටුනාම කවුරුවත් නැත්න්ම් රක්ෂණයට කියලා සල්ලි ගෙවන්න ඕනෑත් නැහැනේ. (නි)
ඔය වගේ හිතක් පපුවක් නැති මිනිස්සු ඔය තනතුරු වලට පත් කල අය ගැනත් හිතන්න ඕන. මුවා ගොයන් කවම මුව හමට තලලම වැඩක් නෑ.ඔය ගොල්ලගේම කට්ටිය තමා අර හැලිඅල අහිංසක මධ්ධවෙදියෙක්ගේ අත පය කඩල දැම්මේ.(දී).
මංගල රන්දෙනිය කියන පුද්ගලයාගේ හැසිරීම විහිලු සහගතයි . (දී)
හරිම අප්‍රසන්නයි ඇත්තටම.(දී)
මැදපෙරදිග යන කාන්තාවන්ට මේවා හොඳ පාඩම් (දී)
මේවත් වැඩ (දී)
මාධ්‍ය ඉදිරියේ හැසිරීම ඔහොම නම් අසරණ අහිංසක කාන්තාවන් ඉදිරියේ කොහොම ඇතිද හැසිරීම ? (දී)
හරියට පරීක්ෂණයක් නොකර කියවනවා. (දී)
කොහොම හරි කමක් නැහැ සාධාරණයක් ඉෂ්ට වෙනවානම් (දී)
තානාපති කාර්යාල වල ඉන්න අය ලංකාවේ දුප්පත් මිනිසුන්ට මෙහෙම කරන එක වැරදියි (නි)
තව ටික දවසකින් ඕවා මතක නැහැ (දී)
කැමති දෙයක් කරන්න (දී)
ඉස්සර කාන්තාවකට මැදපෙරදිග ගිහින් ආවොත් යම්කිසි දියුණුවක් ලබන්න පුළුවන් තත්වයක් තිබුනා නමුත් දැනට එහෙම නැහැ. කොතැනක හරි සිද්දවෙන වැරැද්දක් නිසා රට එන එකේ ඇත්ත තත්වය දුප්පත් කාන්තාවෝ දන්නේ නැතුව ඇවිත් අමාරුවේ වැටෙනවා. (දී)
රුපවති දන්නේ හැම දේම බාගෙට. මෝහන නිද්‍රවකදී කරන ප්‍රකාශ නීතිය පිළිගන්නේ නෑ. බයෝමෙට්‍රික් පොලිග්‍රෆ් උපකාරණයක්වත් නීතිය සම්පූර්ණයෙන් පිළිගන්නේ නැති බව දන්නේ නෑ වගේ. (ස)
ඉතින් පේනවා නේද (දී)
අපි හැමෝම ලාංකිකයෝ හැටියට පෙළ ගැසිය යුතුයි මැද පෙරදිග ගෘහ සේවයට කතාවන් යැවීමට එරෙහිව. (දී)
ළමයි අටක් හදපු අම්මගේ දුවට එක ළමයයි. දුව රට ගියා. අම්ම ගියේ නැහැ. අද ලංකාවේ ඕන තරම් රස්සා තිබෙනවා. අධික තණ්හාවට සැප ලබන්න රට සල්ලි හොයනවා. ගිහින් අනාත වෙනවා. රට යන ගැහැණු ඕව බලාපොරොත්තු වෙන්න ඕන. (ස)
රටක තානාපති කාර්යාලයක් හැම විටම ගන්නේ තම රටේ පුරවැසියන්ගේ පැත්ත. එත් අපේ රටේ ඉන්න තානාපති සේවය හැමවිටම ගන්නේ අනිත් පැත්ත. සල්ලි වලට තමන්ගේ ආත්මය විකුණන මිනිසුන් සිටින තාක් කල් ඔය වගේ දේවල් සිදුවේවි . (ස)
රවී මාත් එකයි ,, මන් ඉන්නේ කටාර් , මන් නම් කාගෙන් උනත් ඉල්ලන්නේ ඔබගේ අක්කා , නංගි , අම්මා කවුරුවවත් එවන්න එපා ,, (දී)
කාටවත් අසාධාරණයක් වෙන්න ඉඩ තියන්න එපා (දී)
බලධාරීන්ට ඇස් කන් නැතිද? මේවා මහ අපරාධ වැඩ. (අ)
ඇයට සාධාරණ තීන්දුවක් ලැබේවා! (නි)
අනේ මෙහෙමත් රටක් , කාවද මේ ආරක්සා කරන්න වලිකන්නේ?(දී)
මගේ පව්ලට, මගේ සහෝදරියට මෙහෙම දේකට මුහුණ දෙන්න සිදුවුනා නම් ..! බුද්දිමත් සහෝදරියක් හැටියට ,මගේ පව්ලේ සියල්ල දැනුම්වත් කරලා සොයුරියගේ කැමැත්ත සමගින් ..උසාවි නියෝගයක් ඉල්ලා සිටිනවා ..ඇයව මොහනය කිරීමෙන් ඇගෙන්ම මේ සියලු දේවල් වල සත්‍ය තාවය තහවුරු කර ගන්නවා (දී)
සාකච්චාව ඇති සාර්ථකයි (දී)
ලංකාවෙන් එන මිනිස්සු විදින දුක ඒ රටවලදී (දී)
හරි හිනා !!! අපිටත් මේ නහින දෙහින කාලයේ කතා කරන්න සිද්ධවෙන දේවල්. (ස)
මංගල මහත්තයෝ ...අමතක කරන්න එපා ඇයත් ඔබේ මව,බිරිඳ,හෝ සොහොයුරියක් සේම ශ්‍රී ලාංකික කාන්තාවක් ....ඔබලා ජීවත් වන්නේත් ඔවුන්ගේ දහදිය හා ලේ කඳුළු මත බව අමතක කරන්න එපා....... (දී)
මොනවද අනේ මේ (දී)
ඕවට හදවතින් උත්තර දෙන්න ගිහින් කොමිස් නැතිකරගන්න එකක් නෑ ඒ කට්ටිය.(දී)
අනේ මෙහෙමත් රටක් (දී)
මට තේරෙන්නේ නැහැ ඇයිද මේ විදේශ සේවා කාර්යාංශයේ ලොක්කන් ඕමානයේ හාම්පුතාව ආරක්ෂා කරන්න හදන්නේ ඇයිද කියලා. ඔය ප්‍රශ්නය තියෙන කාලයේම නේද ඕමානයේ තානාපති තුමා එක වරටම ලංකාවට ගෙන්වුයේ? ඔහු පැමිනිලි පාර්ෂව කාන්තාව සමග ඕමාන් පොලිසියට ගොස් පැමිණිල්ලක් කළා කියලත් අපි අහල තියනවා. මොක උනත් අද යුක්තිය ඉටු කරන පුද්ගලයන්ට තැනක් නැති ගානයි. මේක අර කියමනට කියන්නේ “කොසොල් මහා රජු දැකපු හීනය වගෙයි කියල.(දී)
හොඳ වැඩක් (දී)
බලනකොට ඔක්කොම කට්ටිය එකයි (නි)
කුවේට් ඇවිල්ලා අපේ කාන්තාවන් විඳින දුක් බලන්න මෙහාටම එන්න ඕනෑ (නි)
මෙහෙම දෙයක් වුණාද ? නැද්ද කියන්න මම දන්නේ නෑ. ඒත් පෙර වැරදි ගොඩක් ඇති කාර්යන්ශය අැත්තක් කියිද කියල හිතන්නත් බෑ. හැබැයි, ඉතින් කරදරයක් කරන එකා සද්ද කරකර කා ගහ ගහ කරන්නේ නෑ නේ. අපේ නිලධාරී කට්ටියට දුවල ගෑනු නැතිව ඇති. එයාලටත් මෙහෙම වුණොත් කෑගහයි. නේද. අනේ අර අහිංසක ගෑනු කෙනා ගැන බලන්න. වුණ දේ වුණා, ඒ මනුසය සියදිවි නසා ගනී. මේ වැඩෙන්. (අ)
දැන් මේ යන විදියට අසාධාරණයට ලක්වෙලා තියෙන්නෙ ඕමාන් හාම්පුතානේ.අපේ රටින් ගිය කාන්තාව නොවෙයි. (නි)
රට යනකොටම ගාස්තු නම් ගන්නේ ඔක්කොම බලාගන්නවා කියලනේ.ඒත් ප්‍රශ්නයක් වුණගමන් අපේ කාන්තාවන්ට උදව් කරනවා වෙනුවට එම කාන්තාවම පීඩාවට පත්කරලා ලැජ්ජා කරලා ඔය කියන කිසිම දීමනාවක් නොදී ඉන්න දඟලන ලොක්කන්ට මතක නැහැ ඔවුන් පඩි ගන්නෙත් මේ අසරණ කාන්තාවන් දුක් විඳලා එවන විදේශ විනිමයෙන් කියලා (නි)
අපේ කාන්තාවන් විඳින දුක දන්නේ උඩ ඉන්න දෙවියන් විතරයි. (නි)
දැන් කවුද මේවට වගකියන්න ඕනෑ එතකොට? (නි)
අපිට හිතාගන්න පුලුවන් වෙන්න ඇත්තේ මොකක්ද කියලා (නි)
කරුණාකරලා පුළුවන් හැටියට තමන්ගේ බිරිඳ, දුව, සොහොයුරිය නඩත්තු කරගන්න. ඔවුන්ව පිටරට යවා තමන්ගේ ආර්ථික ප්‍රශ්න විසඳාගන්න කල්පනා කරන්න එපා. කාන්තාවන්ටත් මම කියන්නේ ලංකාවේ සිට ස්වයං රැකියාවක් කරලා හරි ආර්ථික ප්‍රශ්න විසඳාගන්න. අන්තිමේදී තමන්ට තමන්ම විතරයි. අමාරුවේ වැටුනාම කවුරුවත් නැහැ. (නි)
ඉතාම පහසුවෙන් විදෙස සේවා නියුක්ති කාර්යාංශයේ සේවකයින්ගේ වැඩකිඩ ගැන දන ගන්නනම් එයාලගේ රැකියාවට පෙර හා පසු වත්කම් ගැන සොයා බලන්න.(දී)
පුදුම වැඩක් තමයි,මාද්‍යවේදීන්ට ප්‍රශ්න අහන්නත් බැහැ,ඒවත් කුමන්ත්‍රණ......ඒ මදිවට රහස් පොලිසියට බාර දෙන්නත් ලෑස්තිය.මේකද මාද්‍ය නිදහස....? (දී)
මේ මාධ්‍ය ප්‍රශ්න කිරීම ගැනත් දුන් උත්තරත් බැලුවම මට නම් පෙනෙන්නේ වෙන පැත්තක්. විදෙස් වාර්තා පිළිගන්න බැරි නම් මෙහෙ රෝහලකින් මේ කාන්තාව පරික්ෂා කර බලා නිවැරදි වාර්තාවක් අරගෙන මාධ්‍ය වලට නිකුත් කරන්න. ලියපු ලියුම් ගැනවත් කවුරුත් කියන දේවල් ගැනවත් විශ්වාසය නොතියා ඒ දේ කළා නම්, කව්ද බොරු කියන්නේ සහ කාටද ගිනි තියන්න අවශ්‍ය වෙන්නේ කියන එක පැහැදිලි වෙනවනේ. ඒ වගේම එම වාර්තාව අනුව මේ කාන්තාව බොරුවක් කරලා නම් කෙළින්ම මේ කාන්තාවට විරුද්ධව නඩු පවරන්න. මේ අවිවාහක තරුණියක් නෙමෙයි.විවාහක කාන්තාවක්. (නි)
මම ඕමාන වල කාලයක් හිටපු කෙනෙක්. වතාවක් කරදරයක් වුන කාන්තාවක් එම්බසි එකට අමාරුවෙන් ගේනවා.එතන ඉන්න අය මේ අයට කරදර කරනවලු....මේ අය ගැන හොයා බලන්න (දී)
මෙයා නාවලපිටිය පළාතේ මස්සිනාගේ පාට්එක දානවද දන්නේ නැහැ (අ)
මොනවා කරන්නද නිතිය වල් වැදුණු රටක. මැද පෙරදිග බබලගෙයි, ඒගොල්ලන්ගේ අයගෙයි හැටි නොදන්නා බබෙක් වගෙයි.(අ)
මාධ්‍ය ඔබට ප්‍රශ්ණ කරන්න අයිතියක් ඇත. ඔබ ඔබගේ යුතුකම කර මේ ප්‍රශ්නයේ නියම තත්වය රටට හෙළිකරන්න .නැතහොත් අහිංසකයන් හට මෙම නිලධාරීන් හිරිහැර කරනු ඇත. දැනටමත් තානාපති තුමා වරද කරු කර රටට ගෙන්වා ඇත. මම දුෂිත ආයතනේ නිධාරීන් කරන්නේ බොරුවක් වංචාවක්. එය රටට හෙලිකරන්න. මාධ්‍ය අප ඔබ සමගයි (අ)
ඔය ආයතනයේ නිලධාරීන් සමඟ සාකච්ඡා නැතුව මාධ්‍යවේදීන්ට තිබුනේ කෙළින්ම ඕමාන් සිට පැමිණි ඔය කාන්තාව සමඟම කතා කරන්න. (නි)
අගතියට පත් පාර්ශවය ගැන සැලකිලිමත් වෙන්න (දී)
අහිංසකයින්ටමනේ ඔක්කොම (දී)
මෙහෙ වෙන්නේ කොහොමත් ඔය වගේ දේවල් තමයි. අපි දන්නවා මෙහෙ ඉන්න ලංකාවේ කාන්තාවන් ගැන. මේක හැමෝටම පොදුවේ කියනවා නෙමෙයි. අපි ඉන්නෙත් මෙහේ තමයි. (නි)
හැබැයි මේ සිද්ධිය ඇත්ත කියලා අරාබි පුවත්වල තිබුනා නේද? (නි)
ගොඩක් මැද පෙරදිග යන අය එතරම් උගත් කමක් නැති අහිංසකයො නිසා ඔවුන්ව රවට්ටනවා සමහර නිලධාරින්. ගහෙන් වැටුනු මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක් තමයි මෙතනත් වෙලා වලේ පේන්නේ. වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නද අපේ අවනඩුව කිව්වලු...... (දී)
දැන් පේනවනේ කවුද වැරදි කියලා (දී)
එහෙම කොහොමද වෙන්නේ (දී)
ඒ ගැන කතා කරලා වැඩක් නැහැ (දී)
විදේශ සේවා නියුක්ති කාර්යංශය ගැන මගේ නම් කිසිම පැහැදීමක් නැහැ. මම පිටරට වැඩ කරද්දී අසනීප වී මා හට ගෙවීමට තීන්දු වූ මුදල තවමත් බැංකුවට ආවේ නැහැ. හැබැයි අපේ ගාණ නම් හරියටම ගුවන් තොටුපොළේදී කපාගන්නවා. (නි)
අමිල මහත්මයා, අනිකුත් පාඨකයන් අපහසුතාවයට පත් නොවන ආකාරයට අදහස් පල කිරීම ගැන ස්තුතියි. (දී)
කවුද ඇත්තටම කවුද හරි කවුද වැරදි (දී)
සමහරු තමන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්නේ නැහැ. අනුන්ගෙන් අහන ප්‍රශ්න වලට පැනලා උත්තර දෙනවා. (නි)
මහින්ද ගොඩගේගෙ කතාව මමත් 100% ක් අනුමත කරනවා. මේවා සහගහන අපරාධ.(ස)
මැදපෙරදිග යන අය වෙනුවෙන් සහ ඒ අයගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනීසිටින ආයතනයක් පිහිටවිය යුතුයි. දැනට තිබෙන ඒවා පෙනීසිටින්නේ අහිංසකයන්ගේ වැරදි හොයන්න වගෙයි අපිට සිතෙන්නේ. දුප්පත්, නූගත්, සල්ලිබාගේ අතේ නැති අපේ රටේ අහිංසක මිනිසුන් වෙනුවෙන් මීට වඩා සානුකම්පිකව බැලිය යුතුයි කියලයි මගේ අදහස. (නි)
අනුන්ගේ ප්‍රශ්න වලට උත්තර නොදි තමන්ගෙ ඒවට විතරක් උත්තර දෙන්න තරම්වත් සදාචාරයක් නැද්ද සමහරුන්ට? අනේ මන්ද? (ස)
මාධ්‍ය ප්‍රකාශ කෙනෙක් වුනාම මිට වඩා මාධ්‍ය සදාචාරය ගැන අවබෝධයක් සංයමයක් තියෙන්න ඕනෙ නේද? (දී)
හරිම අමන්දානන්දයට පත්වෙලා වගේ කතා කරන්නේ ඇයි මේ වගකිවයුතු අය? අහිංසක දුප්පත් කාන්තාවක්ගේ දූෂණ සිද්ධියක් ගැන නේද මේ කතා කරන්නේ? (නි)
මෙහෙම වැඩකරන එක හරි නැහැ නේද? ඔය දුප්පත් මිනිසුන්ට කරන අසාධාරණ නවත්වන්න (නි)
අපේ කාන්තාවන්ට වෙන කරදර ගැන අපිට හරිම කණගාටුයි (නි)
ප්‍රශ්න ඇසීමේදී අනෙක් පුද්ගලයාට උත්තරදීමේ හා ඔහුගේ ගෞරවය රැකෙන ආකාරයට එය කළයුතුයි. (නි)
රට රැකියා කරන අය මෙයට එරෙහිව හඩ නඟන්න අවශ්‍යයි (නි)
තමන්ගේ වැඩේ නොකර අනුන්ගෙම ඒවාට හොට දැමීම ලෙඩක්. එතකොට මොකක්ද අපි කරන වෙද කම, මැරෙන්න අරින එකයි ලෙඩෙත් එක්කම” (දී)
මෙම විදේශ සේවා නියුක්ති කාර්යංශය යනු 99% කගේ පමණම අප්‍රසාදයට ලක්වූ ආයතනයක් බව මගේ අවංක අදහසයි. ඕනෑ නම් සංගණනයක් කර බලන්න. මමත් සාක්ෂි දෙනවා. ලංකාවේ මේ ගැන සංවේදී මාධ්‍යවේදීන්ටත්, රන්ජන් රාමනායකටත් අපි අවංකවම ස්තූතිවන්ත වෙනවා, මෙය දිගටම පරික්ෂා කොට නියම තත්වය රටට හෙළිකිරීමට උත්සාහ කිරීම ගැන. (නි)
බෙහෙතක් හේතක් පොවාලා, ඉන්ජෙක්ෂන් එකක් දීලා, බැරිම උනොත් ඔපරේෂන් එකක් කෙරුවම, ඕන ලෙඩක් සුව වුනාට, මේවා එහෙම හොඳ වෙන්නැහැ, උපදිනකොට ගේන නිසාම එතකොට මොකක්ද අපි කරන වෙද කම, මැරෙන්න අරින එකයි ලෙඩෙත් එක්කම (ගායනය- පොඩි ළමයා) (දී)
රට යන අහිංසක දුප්පත් ගැහැණුන්ගේ ලේ මස් දියකර හොයන විදෙස විනිමයෙන් පඩි ගන්නා නිලදාරීන්ට උණුවෙන හදවත් නැත්තේ ඇයි?? (දී)
මාත් ඉන්නේ රට ඔහොම වත් නොගියා නම් ලංකාවේ ජීවත් වෙන්නේ කොහොමද ? (නදී)
අහිංසක දුප්පත් ගැහැණු විකුණා කන ප්‍රතිපත්තිය දැන්වත් දමමු (දී)
මේක මාද්‍ය වලින් ප්‍රසිද්ද කිරීමක් නැතුව එම කාන්තාව දුෂණය කිරීමක් .කොහොම උනත් එම්බස්සියට අවම එහෙ කරන්නේත් ඒකමයි මම දන්නා කෙනෙකුට ඒ වගේ දෙයක් වෙලා තිබුන .එත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වගකීමක් ඒ කෙනාට සාදාරන වන්දියක් අරන් දෙන එක (දී)