ඕමානයේ තානාපතිවරයා වන අශෝක ගිරිහාගම මහතාට කොළඹට වාර්ථා කරන ලෙස හදිසි කැඳවීමක් කර ඇති බව කියයි.
එරට ශ්‍රී ලාංකික ප්‍රජාව පවසන්නේ තානාපතිවරයාගේ දූර කාලය ඉදිරියට තිබියදීත් මෙලෙස හසිදි කැඳවිමක් කිරීම ප්‍රශ්ණ සහගත බවයි.
එමෙන්ම වසර 22 ක පමණ විදේශ සේවා පලපුරුද්දක් ඇති තානාපතිවරයා මේ අයුරින් හදිසියේ කැඳවීම නිසා ඔහුට රාජ්‍ය තාන්ත්‍රික පිළිවෙලකට යාමට ඇති අවස්ථාව ඇහිරී තිබීම ශ්‍රී ලංකාවට මහත් අගෞරවයක් බවද එරට ශ්‍රී ලාංකිකයෝ පවසති.
ඕමාන ජාතික හාම්පුතෙකුගෙන් ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට සිදු වු අතවරයක් පිළිබඳ සිද්ධියක් එහි කම්කරු අංශයේ නිලධාරීන් විසින් යට ගසන ලදැයි තානාපතිවරයා මැදිහත් වී ඒ පිළිබඳව පරීක්ෂණ ඇරඹිම තානාපතිවරයාගේ හදිසි මාරුවට හේතුවක් ද යන්න ඔවුහු ප්‍රශ්ණ කරති.
එම ගෘහ සේවිකාව හාම්පුතාගේ අතවරයට ලක්ව ගැබ්ගෙන තානාපති කාර්යාලය බාරයේ ඇති ‘‘සුරක්ෂා‘‘ නිවසේ රඳවා සිටියදී ගබ්සාවක් සිදු කර ඇති බවට ගිය රාවයක් නිසා ඒ පිළිබඳ තානාපතිවරයා ස්වාධීන පරීක්ෂණයක් අරඹා ඇති බවද වාර්ථා වෙයි.
ඕමාන ශ්‍රී ලාංකික ප්‍රජාව පවසන්නේ තානාපතිවරයා මාරු කොට මේ සිද්ධීන් යට ගැසීමට කම්කරු අංශයේ ඇතැම් දූෂිත නිලධාරීන් උත්සහ කරන බවයි.
මේ සඳහා රජයේ ඇමතිවරයෙකුගේ සහායද ලැබී ඇති බව වාර්ථා වෙයි.
මේ පිළිබඳව පිළිතුරක් ලබා ගැනීමට විදේශ කටයුතු අමාත්‍යංශය ඇමතු විට එහි උසස් නිලධාරියෙක් පැවසුවේමේ පිළිබඳව තමන් නොදන්නා බැවින් සොයා බලා ලබන සතියේ පිළිතුරක් ලබා දෙන බවයි.
මේ අතර ‘‘සුරක්ෂා‘‘ නිවසේ රඳවා සිටින ගෘහසේවිකාවන් කිහිප දෙනෙකුම තම දිවි තොරකර ගැනීමට උත්සහ කර ඇති බැවින් එම කාන්තාවන්ගේ ජීවිත අනාරක්ෂිත බවද ඔවුහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ සේවකයෝ ගස් බැන්දා. කුඩු උසාවියේදී පිටි උනේ 77 පස්සේ ද?දැන් 77 ගිහින් 37 ක් වෙනවා. මොලේ ඇතුව කතා කරන්න. (නදී)
මේ දේවල් අපේ රටට අගෞරවයක් (නදී)
ලංකාවේ විදේශ සේවය පාලනය කරන හැටි, පත්කරන හැටි පත්කරපු අයගේ හැටි පත් කල විදිහ ආදිය බලන්න. විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත අර කඩා පනින මන්ත්‍රී කන්ඩායම එන්නේ කවදාද? (නදී)
ඕමානයේ තානාපතිවරයා ඉතාමත් නිහතමානී පුද්ගලයෙක් එතුම කරන්න ගියපු දේ හරි. හරි දේ කළාම දූෂිතයෝ අසුවෙනවා (නදී)
ලංකාදීප කරුණාකර මේ ගැන විමර්ශනය කර වාර්තාවක් පලකරන මෙන් ඉල්ලමි. (නදී)
සංගීත ප්‍රසංගයක් පවත්වන්නකෝ ඔක්කොම හරි.(නදී)
ඔය කියන විදිහේ දේවල් ඒ ආයතනයේ උනා නම් ඒ සිද්දියට අදාලව නීතිමය පියවර ඒ අදාල බලදාරියා ගත්තේ නැත්තේ ඇයි ? පරීක්ෂණ පවත්වලා අන්තිමට ඒවා බොරු කියල ඔප්පු වෙයි. නිලදාරීන්ව බලදාරීන් පත්කරලා එවන්නේ යටත් නිලදාරීන් ලවා අහිංසක ජනතාවට සේවය කිරීමට මිස , අහිංසක ජනතාව යොදාගෙන නිලදාරීන්ට පහර ගැසීමට නොවන බව උගත් බුද්ධිමත් ජනතාව දන්නවා. (නදී)
කියලා වැඩක් නැහැ. මේ තොරතුරු හෙළිකරන කෙනාට තෑගි දෙන්න ඕනි. (නදී)
මේ තානාපතිවරයා තමයි ඕස්ට්‍රේලියාවේ කොටි තහනම් කරන්න කියා එරට රජයේ පාර්ලිමේන්තුමෙන් ඉල්ලු ඉල්ලු පළමු තානාපතිවරයා. ඒ බව එරට හැන්සාඩ් වාර්තාවේ සදහන් වී තිබෙනවා. නිර්භීත පුද්ගලයෙක් වන මෙතුමාට වු දේ පිළිබඳ අපේ කනගාටුව
ඕස්ට්‍රෙිලියාවේ කොටින්ව ඉස්සරලම අත්අඩංගුවට ගත්තෙත් මේ තානාපතිවරයා.
සත්‍යපාල , ගෘහසේවිකාවන් විතරක් නෙවෙයි මේ තනාපති කාර්යමණ්ඩලයේ හතර වරිගයේ කෙනෙකු නෙවෙයි නම් කාටවත් ලේසියෙන් තානාපති කාර්යාල වලින් වැඩක් කර ගැනීම බොරු. මේක ඔය රටේ විතරක් නෙවෙයි. ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලයේ නෝනලා ඈනුම් අරින සද්දේ ඉන්දුනිසියාවටත් ඇහෙනවාද කොහෙද . (නදී)
මේ තානාතිපතිතුමා ඉතාමත් අවංක හොඳ කෙනෙක්. ජනාධිපතිතුමා මෙයට මැදිහත් වී මෙම මාරු කිරීම නතර කල යුතුය (නදී)
ඒ කියන්නේ සුරක්ෂාවේ ආරක්ෂාවට දෙවියන්ගේම පිහිටද ? (නදී)
හැම දුශිතයෙක්ම කියන්නේ තිබෙන නීති රාමුව තුල ඔප්පු කරන්න කියල ඔප්පු කලත් නොකලත් දුෂණය දුෂණයක්මයි (නදී)
සරත්, මමත් ඉන්නේ කැන්බරා. මෙයා කරපු දෙයක් නැහැ. (නදී)
ඔතන තානාපතිතුමා එක්ක සහයෝගෙන් අනික් සේවකයො ඉස්සර හිටියා. අලුතින් ආපු කෙනෙක් තමයි ඕක පිටිපස්සෙ ඉන්නේ. එයාගෙ ගෝලයො දැන් රජ වෙලා ඉන්නේ. රියදුරා ඉන්නෙ දැන් කොන්සල්ට උඩින්. තවත් අය දූෂන කර කර සේවය වසර ගානක් දිගු කර ගෙන ඉන්නේ. (නදී)
ගිරිහාගම මහත්තයා තදින් හිටියේ නැති කම නිසා තමයි ඕක සිද්ධ උනේ. කලින් හිටපු සුරක්ෂා නිවෙස් පාලිකාවට ඔතන නිලධාරියෙක් අයුතු යෝජනා කරද්දිත් එතුමා නිහඩව හිටියා. ඔය හොරු ටික කනෙන් ඇදලා එලියට දාන්නේ නැතුව පරීක්ෂණ තිය තිය හිටියේ මොකද. දැන් ඔබතුමා අසරනයි. එදා අසාධාරණය වෙනුවෙන් පෙනී හිටියෙ නැති නිසා අද ඔබ තුමා අසාධාරණයට ලක්වෙලා. (නදී)
මේ කියන විදියට මෙතුමා දක්ෂ සහ අවංක කෙනෙක් එතුමාව හොද රටකට යවන්න (නදී)
ඊලගට ගෙදර යන්න වෙන්නේ කොන්සල් වරයාට. ඒක සහතිකයි. එතකොට ඒ පුටුවට එන්න ඉන්නේ රට හෙරක්. ඒක තමයි සැලැස්ම. ඊට පස්සෙ ඕමාන් වල ලාංකිකයන්ට අබ සරණයි.
ඔතන සුරක්ෂා නිවෙස් පාලිකාවටත් ගෙදර යන්න වෙලා කියලා කතාවක් යනවා. එයාගෙ කට වහලා තියෙන්නේ. ලංකාවට ගියාම එයාත් කට අරීවි. (නදී)
ඕමාන් එම්බසියෙ සමහර නිලධාරින් ගේ නෝනා මහත්තුරු උත්සවයකටවත් සහබාගි වෙනේ නැහැ. තමුන්ගෙ මහත්තුරු එක්ක ජෝගි නටන කාලෙ දික් කර ගත්තු නිලධාරිනියක් නිසා.(නදී)
1977 පසු ඇතිවු සියලු රජයන් තමන්ගේ පවුලේ අයත් යහළුවන් තානාපති නිලදාරීන් කිරීමත් විශේෂයෙන් මැද පෙරදිග රටවල සේවක සේවිකාවනට සිදුවන අතවර ගැන සොයා නොබැලීමත් , එම රටවල හාම්පුතුන්ගේ මුදලට යට වීමත් සිදුවන දෙයකි. එහෙත් ඉඳ හිට හෝ රාජකාරිය අකුරට ඉටු කරන එම රටවල ලාංකික සේවක සේවිකාවන්ට වන ගැටලු වලට විසදුම් කතා කරන තානාපතිවරුන්ට සේවය වෙඩි කලක් නොකිරීමට කටයුතු කිරීමත් , නිතරම සිදුවන්නා වූ දෙයකි. මෙයද එසේම සිදුවූ දෙයකි (නදී)
අපේ තානාපති කාර්යාලවල ඉන්න බොහොමයක් නිලදාරීන් ඉතාමත් දුෂිතයි. රට ඉන්න අපි තමයි ඒ ගැන දන්නේ. මම ගිය අවුරුද්දෙ අසරණ වෙලා ඉන්න ගැහැනු කෙනෙකුට ලංකාවට එන්න ටිකෙට් එකක් අරන් දෙන්න අපේ තානාපති කාර්යාලයට ගියාම එක නිලදාරියෙක් මට නරක විදිහට කතාකලා. පසුව එතන හිටපු වෙනත් නිලදාරියෙක් මට උදව් කරා. එම නිලදාරියාගෙන් මට දැනගන්න ලැබුනා එතැන ඉන්න සමහර නිලදාරීන් විවිද දේවල් වලට අසරණ වෙච්ච කාන්තාවෝ පාවිච්චි කරනවා කියලා. ඒ මදිවාට අසරණ වෙලා යන කාන්තාවන්ට ටෙලිපෝන් එකක්වත් පාවිච්චි කරන්න දෙන්නේ නැහැ (නදී)
විදේශීය තානාපති සේවයේ, සමහර රටවල සේවය කරනවා තරුණ ළමයි. එම රටවල විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න ගමන්, තානාපති කාර්යාලයේ රක්ෂාව කරනවා. ඔන්න ඔහොමයි අපේ තානාපති සේවය සමහර රටවල ක්‍රියාත්මක වෙන්නේ.(නදී)
ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සමහරු රබර් මුද්‍රාවකින් මුද්දරයක කාර්යය කරන්න පුළුවන් කියල දන්නේ නැහැ. මේවාට පත් කරලා තියෙන්නේ මොන සුදුසුකම් වලින් ද මන්දා (නදී)
බද්‍රා ගැන අපි හොඳට දන්නවා. ඔයෙ කුලියට කඩේ යන බවත් අපි දන්නවා. නිමල් මම දන්නේ නැති නිසා අහන්නේ ගිරිහාගම වැඩ කලේ පොලිසියේද? අනික මෙයා උප තානාපති. (නදී)
මෙි තානාපතිතුමා තමයි ඔීස්ට්‍රේලියාවෙි ටී.ආර්.ඕ සංවිධානය මුදල් ඵකතු කිරිමට විරැද්ධව පුවත් පත් නිවෙදන නිකුත් කරමින් මරණ තර්ජන පවා ඉවත දමා රජය වෙනුවෙන් විශාල කාර්යයක් ඉටුකලේ. ඵදා ඵතුමා දුර දර්ශි ලෙස කටයුතු කල නිසා තමයි අද වනවිටත් බෙදුමිවාදි ප්‍රශ්නයේදි ඔිස්ට්‍රේලියාව ශ්‍රි ලංකාවට සහයෝගය දක්වන්නෙ. (නදී)
ට්‍රස්ටි ලංකා මම මෙි දන්නේ නැති නිසයි අහන්නෙ විදේශ අමාත්‍යන්සයේ ලේකමි වැඩ කරන්නෙ කලින් නම නෙකියපු අැමතිතුමාටද? අනේ උත්තරයක් දෙන්න සුදෝ. (නදී)
සිල්වා දන්නා දෙයක් නැහැ. (නදී)
මේ ගිරිහාගම මහත්තයා ඉතා හොඳ කෙනෙක්, පවු අප්පා (නදී)
ට්‍රස්ට් ලංකා, ඔයත් ඕමාන සුරක්ෂා නිවසේ කාන්තාවන්ව විදේශිකයන්ට පාවාදෙන කම්කරු නිලදාරියෙක්වත් ද ? වෙන කිසිම කෙනෙක් ඔය දේට හොදයි කියන්නේ නැහැ දුෂිතයෙක් ඇරෙන්න.(නදී)
තානාපති කාර්යාල කොහෙත් එකයි. මම මැලේසියාවෙ ඉන්නෙ ඉතින් මම දන්නව මෙහෙ හැටි. ඔක්කොම පල් හොරු (නදී)
තානාපතිල ගැන තානාපති කාර්යාල පිළිබඳව නොදැන ප්‍රතිචාර දාන්න එපා. තානාපතිලා වෙලා යන්නේ පවතින රජයට කත් අදින දේශපාලනයට උඩ ගෙඩි දෙන අය තමා. අපිට මොනා හරි සේවයක් කරගන්ඩ ඔය තානාපති කාර්යාලවලට ගියාම එ්කේ ඉන්න අයගේ රෙස්පෙක්ට් බලන්ඩ ඕනා. දුප්පත් කමටනේ රට එන්නේ නේද? අහිංසක හවුස් මේඩ්ලා හෝ හවුස් ඩ්‍රයිවර්ල ගියොත් එම්බසියේ වැඩකරන අයගේ සැර පෙන්නනවා. එම්බසියේ අය හරියට නිකන් සේවය කරනවා වගේ. හැම දේකටම සල්ලිත් ගන්නවා. පුළුවන්තරම් ගෘහ සේවිකාවන්ව එක එක තැන්වලට විකුනනවා. තානාපති කාර්යාල ගැන ලියනවා නම් පොතක් ලියන්න පුලුවන් (නදී)
නලින් යහම්පත් ඔබ හරියටම හරි. 1977 ට පස්සේ තමා හැම ප්‍රශ්නයක්ම. (නදී)
ට්‍රස්ටිලංකා නැටිට පාගා ගෙනද කතා කරන්නේ? ඵහෙම නැත්නම් මේ දුෂිතයින්ගේ කොටස්කාරයෙක්ද? ජනතාව නොමග යවන්න ඵපා. ඔයා දන්නනද මෙි ගැන පොලිස් පරික්ෂනයක් කරගෙන යනචා ඒක දිගටම ගියොත් දුෂිතයින් හිරේ. අනිත් කාරණය තමයි තානාපතිවරයකු අාපසු යාමෙිදි දෙරට අතර සිදුවිය යුතු රාජ්‍යතාන්ත්‍රික කටයුතු බල්ලාට දමමින් දින පහක් තුලදි තානාපතිතුමා අාපසු කැදවිම ආස්චර්යේ පෙරනිමිතිද? . (නදී)
නීති ගරුක අයට දැන් රක්ෂාව හරියට කර ගෙන යන්න අමාරු කාලයක් මේ තියෙන්නේ. (නදී)
තානාපති සේවයේ හොඳ අයත් ඉන්නවා. එ්ත් දූෂිතයෝත් ඉන්නවා. ඒක රටේ කරුමය. (නදී)
ඔය සුරක්ෂා නිවසේ සිටි වස බිවු ගෘහ සේවිකාවක් ලංකාවට ඇවිත් තියෙනවා. ඇය කියා තිබෙනවා කම්කරු අංශයේ ඉහළ නිලධාරීන් ගහනවා කියා. එතකොට තව දිවි නසාගන්න උත්සහ කළ කීප දෙනෙක් ඕක ඇතුලේ ඉන්නවා. තානාපති මාරු කළාම උන්ට රජ මගුල්නේ.(නදී)
තානාපතිවරයා විතරක් මාරු කරලා හරියන්නේ නැහැ එහෙනම් ඔතන ඉන්න දුෂිත නිලධාරීන් ටිකත් මාරු කරලා දාන්න කියා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඔය අසාධාරණයට ලක් වුන කාන්තාවට සාදාරණය ඉෂ්ඨ කරන්නේ කොහොමද ඇයව ඔවුන් බාරයේ තියාගෙන. ඇයගේ පරික්ෂනය ඉවරවෙන කම් තානාපතිව ඔතන තියලා ඇයව ඔහුගේ බාරයට පත් කරන්න (නදී)
මින් පෙනෙන්නේ තානාපති වරයට වඩා වැඩි බලයක් දුෂිතයන්ට ඇති බවය. අපට ඇති ප්‍රශ්නය එම දුසිතයන්ගේ බලය ජනාධිපති බල තල වලට වඩා අඩුද ? වැඩිද? අසරණ කාන්තාවන් වෙනුවෙන් මෙම ප්‍රස්න ඉක්ක්මනින්ම විසදේවා!. (නදී)
කොන්ද කෙලින් තිබෙන නිලධාරීන්ට හරි අමාරු තත්වයක් දැන් ඇතිවෙලා තියෙන්නේ. නීතිය ගැන දුකයි. රටක් රැකෙන්න නීති හරියට ක්‍රියාත්මක වියයුතුයි. (නි)
අතුල මම ඕමානයේ වැඩකරන්නේ. මේ ගැන ඔයා දන්නැති උනාට මම දන්නවා (නදී)
1977 ගැන ඇයි කතා. අැයි 1994 පස්සේ ඕවා නිවැරදි කරන්ඩ තමා අපි හරි මිනිස්සු පත් කලේ. ඒ ගොල්ලෝ දැන් මොකද කරල තියෙන්නේ. ජේ ආර් ගේ ව්‍යවස්තාව දැන්වත් ගලවමු. නැත්නම් ජේ.ආර් ට, ප්‍රේමදාසට බැන, බැන හොඳට වැරදි වැඩ කරනවා.(නදී)
මේ පිටි පසේ ඉන්නේ ඇමති කෙනෙක්. ඡන්දය නිසා ජනාධිපතිට උනත් මොකුත් කරන්න බැරිවෙන්න ඇති. (නදී)
අපේ තානාපති සේවාව කියන්නේ වර්තමාන ආණ්ඩුවේ හෙන්චයියන්ට සුඛෝපභෝගී රැකියා සපයන ජොබ් සෙන්ටර් එකක්. ඉහළම තැන ට පවුලේ කෙනෙක් ඊට පහළ තනතුරුවලට සුරඹුවන්. දඹුලු ගියහම තලගොයිත් මරාගෙන එන්න පුළුවන් විධියට තමයි ක්‍රම සහ විධි ලැස්ති කරලා තියෙන්නේ. ජනතාවගේ මුදල් මකර කටවල. (නදී)
කොයි කවුරු මොනවා කිව්වත් මැදපෙරදිග යන ගෘහ සේවිකාවන් අන්ත අසරණයි. කවුරු කවුරුත් කරන්නේ ඔවුන්ගේ කර පිටින් තම තමන්ගේ ජාම බේරා ගැනීමයි. (නදී)
චාමික, ඔයා දන්නේ කොහොමද ඔය දේවල් ඇත්ත කියලා හෝ බොරු කියලා. (නි)
හොඳ නිලදාරීන්ට විදෙස් සේවයේ කිසිම තැනක් නැතිලු. දේශපාලන පත්වීම් නිසා නුසුදුසු පුද්ගලයෝ පත්වෙනවා. විදේශ සේවයේ වසර ගානක් සේවය කරන නිලධාරීන් සිටියදී ඇයි දේශපාලන පත්වීම දෙන්නේ? (නදී)
කොහොමත් ලංකාවේ බොහෝ තානාපති කාර්යාල වල තත්වය ගැන කතා කරලා වැඩක් නැහැ (නදී)
අාශ්චර්යනේ ඉතින්! (නදී)
දැන් ඉතින් යාලුවෙක් යවමු තානාපති කරලා, සුදුසුකම් නැත්නම් ගොඩක් හොදයි (නදී)
ඇමතිවරයාගේ නම කියන්න ඕනේ නැහැ අපි හැමෝම දන්නවා එයා කව්ද කියලා (නදී)
නිවසේ නම නම් 'සුරක්ෂා'. අනේ අපොයි මෙහෙමත් ආරක්ෂාවක් (නදී)
මම දන්නා විදියට මේවා බොරු චෝදනා. නොදන්නා දේ කීයා අසරණ මේ කාන්තාවන්ට නිග්‍රහ කරන්න එපා. (නදී)
කාට කියන්නද? මේවා (නදී)
1998 සිට මෙි දක්වා ශ්‍රී ලංකාවෙි තානාපති සේවය ගැන මටත් ගොඩක් අත්දැකීම් තියෙනවා. මෙි වෙනුවෙන් වාර්ෂිකව වියදම් කරන විශාල මුදල් ප්‍රමානයට අනුව මගේ මව් බිමට මෙි තානාපති සේවයෙන් ලැබිල තියෙන ප්‍රතිලාභයන් ඉතාමත් අල්පයි. මම දන්න එක් තානාපතිවරයෙක්, ලංකාවෙ මිනිසුන්ගේ ප්‍රධාන ආහාරය බත් කියල දැනගෙන හිටියේ නැහැ. මම කිව්වහම අපිනම් ලංකාවෙදි තුන්වෙිලටම කන්නෙ බත් කිව්වහම ඇත්තද?...... ඇත්තද ?.... පුදුම වෙලා මගෙන් ඇහුවා. (නදී)
අනේ කවදද මේ ගැහැණු විකුණලා විදේශ විනිමය හොයන එක නතර කරන්නේ. ලජ්ජා නැති රටක් ගැහැණු විකුනලානේ විදේශ විනිමේ හොයන්නේ. ගැහැණු නොවිකෙනෙන වෙන මගක් නැද්ද අනේ. පිරිමිනේ ගැහැණු රට යවන්න එපා. පාරේ හිගා කාපල්ලා තමුන්ගේ ගෑනි රට්ටුන්ට විකුණන වෙලාවේ (නදී)
ඇත්ත කතාව (නදී)
තානාපතිවරු යම් තරමකට අවංකව කටයුතු කිරීමට උත්සහ කරන මුත් අනික් නිලදාරීන් නම් ලෝක හොරු. හැකි සෑම විටම කතාව නම් හොදට කරනවා වල්පල්. හැම වෙලේම ඉන්නේ තරහ ගිහින් වගේ. අපි වැදගත් විදිහට කතාකරත් අපේ මුනට කඩා පයිනවා වලස්සු වගේ ලංකාව කවදා හැදෙයිද මන්දා (නදී)
හොඳ කෙනාට තැනක් නැහැ. රට විරුවෝ කියලා ලොක්කෝ බයිලා ගැහුවත් විදින දුක දන්නේ රට ඉන්න අය විතරයි. ඇයි ලංකිකත්වය පිට දේශක්කාරයන්ගේ මුදලට යටකරන්නේ. (නදී)
ඩී සිල්වා, ඔයා ඕමානයේ වෙන්න ඇති ඒ වුනාට මම ඊට ඉස්ස්සර ඕස්ට්‍රේලියාවේ ඉන්න කොට හොඳට දන්නවා. මෙහෙන් යන්න වුනේ ඇයි කියලා. ඔයා දන්නේ නැහැනේ දන්නා දේ කියන්න. බොරු එපා (නදී)