ඕමාන හාම්පුතා අතින් අතවරයට පත්වීමෙන් පසු එරට සුරක්ෂා නිවසේ දී අම්පාරේ කාන්තාවකට ගබ්සාවක් කළැයි කියන සිද්ධිය සත්‍ය බව එම සුරක්ෂා නිවසේ සිට ලංකාවට ආ තවත් කාන්තාවෝ සිව් දෙනෙක් කියති.
සිද්ධිය වසන් කරන්නැයි බලධාරින් බලපෑම් කළ බව ද, අම්පාරේ කාන්තාවට සාධාරණයක් ඉටු වන තුරු ඇය වෙනුවෙන් පෙනී සිටින බවද ඔවුහු කියති.
තමන්ට සාදාරණයක් කරන ලෙස ඉල්ලමින් අම්පාරේ කාන්තාව දැමූ පැමිණිල්ල මානව හිමිකම් කොමිසමේ අද විභාග කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ විදේශ සේවය නම් වැඩක්ම නැහැ. (නදී)
අපේ රටේ විදේශ රැකියා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයත්, කාලගුණ දෙපාර්තුමෙන්තුවත් ප‍්‍රයෝජනයක් නැහැ. මේක පවත්වාගන යන එක අපරාදේ. මහජන සල්ලිත් නාස්ති. (ර)
මම නම් කියන්නේ ගැහැණු උදවිය රට රැකියා සදහා යන එක නතර කළ යුතුයි. විදේශ විනිමයක් ගැන කතා කරනවා මිනිස්සු මෙහෙ දහදුක් විදිනවා. (නදී)
විදේශ සේවයට බනින්න එපා. සමහරක් නිලධාරින්ගේ විහිළු සහගත හැසිරීම් නිසා හැල්ළුවට ලක්වෙන්නේ ඔවුන් නියෝජනය කරන ආයතනයි. ඒක තේරුම් ගන්න. (නදී)
මම මේ සිද්දිය මුල ඉදලම බැලුවා. ඔය ලොකු මැඩම් පොඩි මැඩම් දෙන්නම තාත්තල නැති දෙන්නෙක් වෙන්න ඕනා. මොකද එයාල දන්නවා තාත්තල නැති දරුවෝ විදින දුක. මොකද අම්මගෙන් දරුවෝ අහනකොට තාත්ත කව්ද කියල එයා කොහොමද තාත්ත හරියටම මෙයා කියල කියන්නේ. ලෝකේ පැරණිම රැකියාවට ගිහින් දරුවෝ ලැබුනම කොහේ කියන්නද. ඔය දෙන්නව ලංකාවට ගෙනල්ලා අපේ රට ගිහින් ආව අක්කලා නංගිලට දුන්නනම් මැඩම් කමේ හැටි බලන්න පුළුවන් වෙයි. මේ දේවල් වාර්තා කරනවට ලංකාදීපෙට ගොඩක් ස්තුතියි. (නදී)
අපිටත් වැඩිය දුප්පත් රටවල් මේ වහල් සේවයට තමන්ගේ කාන්තාවෝ යවන්නේ නැහැ. අපි මේක නවත්තන්නෙත් නැහැ. එ්කටම හරියන විදේශ සේවයක් අපිට තියෙන්නේ. හැමදාම පත්තරවල තියෙන්නේ අපේ විදේශ සේවකයෝ කරන හොරකම්, ගුටි කෑම් , රට වැසියාව නොසලකා හැරීම් ගැන. (නදී)
කරුණ කර මේ බව අපට පෙන්වන්න . මොකද අපිත් ඉන්නේ ඕමාන වල.අපිත් නිතරම වගේ තානාපති කාර්යාලයට යන එන අය. මහා ලොකුවට සීල සමාදම් වෙන අය තමා මෙතන මේ සේරම ජරා වැඩ කරන්නේ. (බ)
ලංකාවේ කාන්තාවන්ව විදේශ ගත වීමට පෙර පවුල් සැලසුම් ක්‍රමයක් එනම් එන්නත් කිරීම අනිවාර්ය කළ යුතුයි. මැද පෙරදිග සමහර රටවල් ගුවන් යානයෙන් බසින විට නැවත එන්නත් ලබාදෙනු බව පවසයි. කාන්තාවන් ලිංගික වහල් සේවයට යවන නපුංසක පිරිමින් සහ නුගත් දේශපාලුවන් මෙයට වගකිව යුතුයි (නදී)
මානව හිමිකම් රැකේවා......(අ)
දැන් ඉතින් අර ටයි දාගෙන ආව මහත්තුරු ටික ටයි පටිය ගලවල බල්ලෙක්ගෙ බෙල්ලට දාන්නයි තියෙන්නේ .(අ)
නරින්ට කුකුළ්ලු බාරදුන්නා වගේ වැඩක් මෙතන වෙලා තියෙන්නේ. රටේ ජනතාව වෙනුවෙන් පත්කලර තියෙන ජනතාවගේ බදුමුදල්වලින් යැපෙන අය සේවය කරල තියෙන්නේ විදේශික හාම්පුතා වෙනුවෙන්. ජනාධිපති ගේ ඉදන් පල්ලෙහාට ඉන්න හැමෝම මේකට වගකියන්න ඔන. තව ටිකක දවසකින් කියාවි ජනාධිපති තුමාගේ මැදිහත් වීම මත මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කරනවා. කියල මොකද දැන් සියල්ල එලියට ඇවිල්ලා තියෙන නිසා. දැන් වහන්න බැරි තත්වයට ම මේක ජනතාව අතරට ගිහින් තියෙන්නේ. විදේශකටයුතු විදේශ රැකියා ඇමති ඒ අයගේ මිනිස්සු හැම කෙනෙකුටම දඩුවම් කරන්න තියෙන්නේ. නමුත් සිද්ධ වෙන්නේ නැත්තෙත් ඒක. තව මේවගේ සිද්ධි කීයක් නම් යටගහලා ඇති ද? අහිංසක මිනිස්සු තමයි මේ වාට වන්දි ගෙවන්නේ.(අ)
අර මහා මාධ්‍ය සංදර්ශනයක් තියපු ටයි කාරයෝ දෙන්න කෝ දැන්. මේ අය ටයි දා ගෙන රට ඉන්න අපෙන් කකා කරන ලැජ්ජා නැති වැඩ . අමුඩයක් ගහගෙන ගිහින් කුඹුරු කොටන්න මහත් වරුණේ. කලිසමට ටයි, ටයි එකටයි අවමන් නොකර. (නදී)
විදේශ කටයුතු අමැතිතුමා යටතේ පාලනය වන විදේශ සේවයක් හා සුදුස්සන් නියමිත ස්ථාන වලට පත්කිරීම විධිමත් කර නිරන්තර සෝදිසිය තිබේනම් මෙවැනි වැරදි අවම කර ගත හැකියි (නදී)
බන්දුල පෙරේරා කියන්නේ අර සුනඛයෝ බෝවෙනවට සුනඛ ධේනුවන්ට ඉන්ජෙක්ෂන් ගහනවා වගේද? මොන තරම් සුනඛ කතාවක්ද? බන්දුල පෙරේරෝ මේ සුනඛයෝ නෙවේ මිනිස්සු. (නදී)
වැඩක් නැහැ මෙයාත් අන්තිමට කියාවි මෙයාම ගබ්සාව කරගත්ත කියා. හාම්පුතාට බලහත්කාරකම කලෙත් මෙයා කියාවි. නැත්නම් මට මතක නැහැ කියාවි. අන්තිමට වෙන්නේ ඕක තමා (නදී)
සිද්ධිය වසන් කරන්නැයි බලපෑම් කළ බලධාරින් රටට හෙළිකරන්න. නිසි දඬුවම් රටටම පෙනෙන පරිදි දෙන්න. (නදී)
මේ ගබ්සාව ඇත්තක් කියා පරීක්ෂණ නොතියාම අපි දැන ගත්තා. එ්ත් අර නිලදාරීන් එය යට ගසා ඕමාන හාම් පුතා බේරුවේ ලැබුන කුට්ටියේ තරම නිසා (නදී)
මොකුත් නැහැ ලංකාවේ අහිංසක ජනතාව වහල් සේවයට යාම දැන්වත් නතර කලා නම්. (නදී)
කුට්ටියේ තරම හෙට අනිද්දා වෙනකොට පෙනේවි. දැන් ඔක්කොම ලොකු අය ඇඟ බේරගන්න හදන්නේ. (ර)
බන්දුල මහත්මයෝ, ඊට වැඩිය හොඳ නැත්ද යනගෙදර බාබාගේ (කපාහරින ලදී) අනවශ්‍ය වැඩ නැවත්වුවානම්. (ර)