ඕමාන්යේ දී හාම්පුතා අතින් අතවරයට පත්වීමෙන් පසු සුරක්ෂා නිවසේ දී ගබ්සාවක් කළැයි කියන අම්පාරේ කාන්තාව අද බොරැල්ලේ කිංසිපාරේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළාය.
එතෙර අපි සංවිධානයේ නීතීඥ ජානක අධිකාරී මහතා ද, ඇගේ සැමියා ද සමඟ මානව හිමිකම් කොමිසමට පැමිණි ඇය මානව කීවේ තමන්ට සිදුවූ අසාධාරණය වෙනුවෙන් සාධාරණයක් බලාපොරොත්තු වන බවයි.
තමාට ‘ගැස්ට්‍රයිටිස්‘ හැදී ඇතැයි කියමින් සුරක්ෂා නිවසේ නිලධාරින් මැයි 22 වැනි දා රෝහලකට රැගෙන ගිය බවත්, සේලයින් ලබා දුන් බවත්, බෙහෙතක් විදීමෙන් පසු සිදුවූයේ කුමක්දැයි නොදන්නා බවත්, තමා රෝදපුටුවක වාඩිකර තල්ලුකරගෙන යනු මතක බවත් එම කාන්තාව කීවාය.
විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යංශ ලේකම් නිශ්ශංක විජේරත්න, විදේශ රැකියා කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රංදෙනිය, සහකාර පොලිස් අධිකාරී ලංකා රාජිනී, විදේශ අමාත්‍යංශයේ ප්‍රදීපා සේරම් මහත්ම මහත්මීහු ද, ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ හා සුරක්ෂා නිවසේ නිලධාරීන් පිරිසක් ද මෙහි වගඋත්තර කරුවෝ ලෙස නම් කරනු ලැබ සිටිති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ඕමාන තානාපති නිලධාරීන් සහ විදෙස් රැකියා නියුක්ති කාර්යංශය මේවාට වගකියන්න ඕනෑ නේද? (නි)
රට වෙනුවෙන් දුක්විඳින විදේශගත සියලු ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් මෙහි සත්‍යය අසත්‍යය සෙයාබැලිය යුතුයි. වරදකරුවන්ට නිසි දඬුවම් දියයුතුයි (නි)
අන්න හරි බොහොම බුද්ධිමත් තීරණයක් ..(හේ)
සල්ලි හොයන්න රට ගියාට සිද්ධ වෙන්නේ ඔය වගේ දේවල්.(හේ)
අපේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගය රට විරුවෝ.වගකිය යුත්තන් දැන්වත් සාධාරණයක් ඉටු කරානම් හොදයි නේද?(හේ)
අසරණ රට විරුවෝ!.(හේ)
නෙල්සන්, එහෙම හිතන මිනිස්සු දැන් ලංකාවේ නැහැ. (නි)
ඇයි මේ වෙනුවෙන් කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැත්තේ.(හේ)
මට මේ තරුණ දෙපළ දැක්කම කියන්න බැරි අනුකම්පාවක් හිතේ ඇති වෙනවා. අපිටත් මෙහෙම උනොත් අපිට මොනවා හිතෙයිද?(හේ)
කාන්තා සංවිධාන මෙම කාන්තාව වෙනුවෙන් පෙනී සිටිය යුතුයි නේද? රට විරුවන්ට සලකන්න.(හේ)
අපේ රටේ දුප්පත් අහිංසක ජනතාවට ලැබෙන සැලකිල්ල මෙන්න. කෙසේ වෙතත් ඇයට සාධරනයක් ලැබේවා!!!(අ)
බට්ටි ගැන කිඹුල් කඳුළු හෙලපු නීතිඥ මහත්වරු ඇයි දන්නේ නෑ මේ කාන්තාව ගැන කතා නොකරන්නේ.(හේ)
ඔබට සාධාරණයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.(හේ)
මෙවැනි සිද්ධි තව කොච්චර වෙනවද?ඇයි සාධාරණයක් සිදු නොවන්නේ.(හේ)
අපේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගය රට විරුවෝ.වගකිය යුත්තන් දැන්වත් සාධාරණයක් ඉටු කරානම් හොදයි නේද?"(හේ)
මේක බොරුවක් කුමත්‍රණයක් කියලා කොච්චර නම් යට ගහන්න හැදුවද.දැන් මේ ළමයා බය නැතුව ඇත්ත කියනවා වගේ.(හේ)
ඔය අපරාදේ වහන්න කවදාවත් බැරි බව අපි දැනගෙන හිටිය.(දිල්)
එම කාන්තාවට සදරනයක් ඉටු වුනොත් හොදයි.(හේ)
විදේශ සේවා එක ගැන නම් කියලා වැඩක් නැහැ. මම කලින් රට ඉන්න කාලේ හැම අවුරුදු දෙකකට වරක්ම ඔය මුදල ගෙවුවා. අමාරුවේ වැටුණු කෙනෙකුට උදවු කරන අය අද හරිම අඩුයි. ඒ වුණාට සල්ලි නම් ගන්නවා. (නි)
මේද පෙරදිගට අපේ කාන්තාවන් විකුණා , කරන අසාධාරණයට විදේශ අමාත්යංශය වග කිව යුතුය , එමෙන්ම ගරු ජනාදිපති තුමාට මෙයට වග කිව යුතුය , මෙම සිද්දිය සත්‍ය වසන් කර මුදල් මත බොරුව හුවා දක්වා කටයුතු කරන නිලදාරින්ට දඬුවම් කල යුතුය (අ)
ඇයට සාධාරණයක් ඉටුවේවා! (නි)
මට නම් හිතෙන හැටියට අපේ රටේ කාන්තාවන් රට යන එක නවත්වන්න විධිමත් වැඩපිළිවෙළක් සකස් කළයුතුයි (නි)
ඇයට සාධාරණයක් ඉෂ්ටවේවා කියලා පතනවා (නි)
මේ මිනිස්සු ගැන බලන්න බැරිනම් ඇයි රට යවන ඒජන්සි ලියාපදිංචි කරමින්, රට රැකියා ප්‍රවර්ධන අායතන, කාර්යාංශ පිහිටුවමින් මෙය තව තවත් ප්‍රචලිත කරන්නේ? රටට මේ අයගෙන් සෙතක් වෙන නිසානේ එහෙම කරන්නේ. නේද? (නි)
මේ කාන්තාවට සාධාරණයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මිනිසුන්ට මොනතරම් ප්‍රශ්න තිබෙනවද, මොනතරම් පීඩනයකින්ද ජීවත්වෙන්නේ කියලා හිතෙනවා. (නි)
මේ කාන්තාවට කිසියම් අසාධාරණයක් වචනයෙන් හෝ කළ අයෙක් ඉන්නවා නම්, ඔහු/ඇය හිතන්න මේ සැමියා තමාය, මේ පිටුපසින් යන්නේ රස්සාවක් හොයාගෙන රට ගිහින් කරදරයට පත්ව ගෙදර ආ තමාගේ බිරිඳය කියලා. ඒ ඇති. එතකොට තේරෙයි මොවුන්ගේ තත්ත්වය. (නි)