පිටකොටුව බැස්ටියන් මාවත පෞද්ගලික බස්නැවතුම්පොළේ අනුරාධපුර බස් නැවතුමේ ගමන් මල්ලක තිබී සොයාගත් කාන්තා මළ සිරුර හඳුනාගැනීමට පොලිසිය මහජන සහාය පතයි.
වයස අවුරුදු 30 - 40 අතර වෙතැයි සැකකරන මෙම කාන්තාව උස අඩි පහයි අඟල් දෙකක් පමණ වන බවත් කරේ තිබූ රන් මාලයේ ‘ඕම්‘ යනුවෙන් සඳහන්ව තිබූ පෙන්ඩනයක්ද සොයාගත් බව පොලිසිය කියයි.
මෙම කාන්තාව පිළිබඳ තොරතුරක් ඇතින්ම කොළඹ අපරාධ කොට්ඨාසයේ 011-266 23 11 හා 011-268 51 51 අංකවලට දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අසරණ මිනිස්සුන්ට වෙන දේවල්.අපරාධ කරුවන්ට මරණ දඩුවම දිය යුතුමයි.(හේ)
පව් අහිංසක ජීවිතයක් . නීතිය බල්ලාට ගිහිල්ල . හැම තැනම පෙනී පෙනී කපා කොට මරනවා .අල දොළවල් වල මිනි පාවෙනවා . මස හතට අවු. ගානකට අහන්න නැති ඝාතන. මහා විනාශයක් අත ළඟ බව පෙන්නෙනවා (ම)
මෙන්න යහපාලන වෙනසක්, දැන් මිනිස්සු මරල, මෙතරම් සෙනග ගැවසෙන පිටකොටුවේ බස් නැවතුම්පොළේ දමා යන්න තරම් අපරාදකාරයෝ නිර්භීත වෙලා (බ)
මරණ දඩුවම දෙන්නේ නැති නිසා තමයි මේවා වෙන්නේ.වචනෙට සීමාවෙලා මදි. ක්‍රියාත්මකවීම වැදගත්. (නි)
මෙවන් අපරාධ කරන්නන් හට මරණ දඬුවම ගෙනඒමට නීති සකස් කළයුතුයි (නි)
වසන්ජය, මාලේ ඉතුරු වෙලා කියන්නේ මෙයාව මරල තියෙන්නේ මංකොල්ල කන්න ගිහින් නෙමෙයි කියලයි. වෙනත් දේකට. එ් කියන්නේ මේක අහම්බෙන් හදිස්සියට කරපු මිනිමැරුමක් නෙවෙයි හොඳට ප්ලෑන් කරලා කරපු එකක්. (නදී)
නිදහස් සාමකාමී රට. එ්කයි මේ මිනි මරුවෝ නිදැල්ලේ (නදී)
අපේ පොලිසිය ඉතා දක්ෂයි. ඉක්මනින්ම ඔබේ මිනි මරුවා නිතිය ඉදිරියට එයි. මෙවැනි දුෂ්ඨයන් සමාජයෙන් අතුගා දැමීම පාලකයන්ගේ හා නීතියේ යුතුකමයි. දයාබර සොයුරිය, ඔබට නිවන් සුව! ඔබට යුක්තිය ඉටුවේවායි අපේ පැතුමයි (නදී)
පව්...මේ වගේ අපරාධ කරන අයට නම් හොදක් සිද්ධ වෙන්න එපා.(ම)
දැන් ඔන්න කට්ටිය කියයි ජාත්‍යන්තර කුමන්ත්‍රන කියලා.(නදී)
ඔබට නිවන් සුව. වැරදි කරුවන්ට දැඩි දඩුවන් දිය යුතුයි. මේ වගේ බෝම්බ ගේන්නත් පුළුවන්. කොහොමද මෙතෙන්ට ගෙනාවේ. මේකෙන්ම තේරෙනවා රටේ තියන ආරක්ෂාව (නදී)
පවු අසරණ මිනිස් ජීවිතයක් නේද මේ ..? මට ජීවිතෙත් එපාවුණා. මහජනයා ලංකාවේ මහපාරට බැහැලා එල්ලුම් ගහ ඉල්ලන්න කාලය දැන් මේ. පමා නොවී සැවොම එක්රොක් වෙන්න (නි)
කවුරු වුණත් පවු. ජීවිතයක්! (නි)
මලේ ඉතුරුකළ එක පුදුමයක් (ම)