මහින්ද රාජපක්ෂ හිටපු ජනපති පිටුපසින් කොටි බිල්ලකු යතියි හිටපු ඇමැතිවරුන් වන විමල් වීරවංශ, මහාචාර්ය ජී.ඇල්.පීරිස් වැනි අයගේ කථාවලින් පෙනේ. තමිල්නාඩුවේදී සයනයිඩ් කරල්ද තමන් සිටින ස්ථානය සොයා ගැනීමේ ජී.පී.එස් උපකරණද සමග කොටි සැකකරුවකු අත් අඩංගුවට ගැනීමද කොටි නායක ප්‍රභාකරන් පාවිච්චි කළැයි කියන සුදු වෑන් රිය මිරිහානේදී සොයාගැනීමද ප්‍රභාකරන්ගේ සමීප නෑයකු වන එම්.කේ.සිවාජිලිංගම් මහින්ද රාජපක්ෂ තරග කරන කුරුණෑගල දිස්ත්‍රික්කයටම තරග කිරීම ගැනද කොටි පිල්ලියක් මවන කථා කනින් කොණින් ඇසේ.
සිවාජිලිංගම් ප්‍රභාකරන්ගේ මස්සිනා බව කියති. ඔහු නියෝජනය කරන දෙමළ ජනතාවගේ කිසිදු පදනමක් නැති පැත්තකින් ඔහු ඡන්දයට ඉදිරිපත්වීම ප්‍රශ්නයක් බව කියති. කොටි බිල්ලකු මවා පෑමට සන්ධානයේ මුකරි හා කටමැති දොඩන අය යම් දුරකට සමත්වී ඇති බව දේශපාලනය විශ්ලේෂණය කරන මාධ්‍යවේදීහුද කියති.
ඩඩ්ලි සේනානායක මහතා වරක් එජාපයෙන් තරග කරද්දී ඔහු පස්සෙන් චීනකු සැරිසරතියි එදා මහා ප්‍රචාරයක් ඇතිවිය. එදා චීන බිල්ලා මවන්නට උත්සාහ කළේ කොළ කට්ටියයි. අද කොටි බිල්ලා මැවීමේ කොන්ත්‍රාත්තුව නීල පට කට්ටියගේ වීරයකු සේ සැලකෙන පුද්ගලයකුට බාරදී ඇත.
තමිල්නාඩුවේදී සයනයිඩ් සමග අල්ලාගත් කොටියා සිවාජිලිංගම් හා මිරිහානේදී අත් අඩංගුවට ගත් හමුදා සෙබළුන් සමග සම්බන්ධකම් පැවැත්වූයේ දැයි බිල්ලන් නිර්මාණය කිරීම භාර පිරිසගේ ශ්‍රී මුඛයෙන් තවම ප්‍රකාශවී නැත. එහෙම ප්‍රකාශ වුවත් එය පුදුමයට හේතුවක් නොවෙතියි ජ්‍යෙෂ්ඨයෙක් කියයි. නම හෙළි නොකරන ලෙස ඉල්ලා සිටි ඔහු කීවේ මිරිහාන සුදුවෑන් රියේ කථාවේ නායකයන්ගේ හැසිරීම හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා වගේ කථාවක්ලු.
මිරිහානේදී සුදු වෑන් රිය අත් අඩංගුවට ගැනීම අහම්බයකි. වෙනත් ගමනක් යමින් සිටි පොලිසියේ කිහිප දෙනකුට වෙට්ටුවක් දැමුණු එම රියේ අංකය පිළිබඳ සැකයක් පොලිසියට මුලින්ම ඇති විය. හයිරූෆ් හෙවත් උස වහලක් ඇති වෑන්වලට එවැනි අංකයක් නැති බව පොලිස් නිලධරයෝ දැන සිටියහ. මුල්ම සැකය ඇතිවූයේ එමගිනි. එම රිය ඇතුලේ තිබූ ව්‍යායාම් යන්ත්‍රය බාර දෙන්නට මිනිත්තු ගණනකට කලින් වෑන් රිය පොලිසියට අසුවිය.
එම ව්‍යායාම් යන්ත්‍රය ආරක්ෂක අංශවල සිටි ප්‍රබලයකුගේ මිත්‍රයකුට දීමට ගෙන ගිය බව කොටි බිල්ලා මවන පාර්ශවය කිසි ලෙසකින්වත් ප්‍රකාශ නොකරනු ඇත. එම තොරතුරු හෙළි වුවහොත් කොටි බිල්ලා මැවීමේ කථාව අතේ පත්තුවී යනු ඇත.
උදය ගම්මන්පිල මහතාගේ ඡන්ද රැස්වීමකදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මේ සුදුවෑන් රිය ගැන කියා ඇත. කොටියා නැති කිරීමේ ගෞරවය ගෝඨාට හා මහින්දට අනිවාර්යයෙන්ම හිමි වන්නේය. එහෙත් ඔවුන්ගේ පාලන සමයේදී කොටියන් සතු වාහන ඇතුළු බඩු බාහිරාදිය ගැන යහපාලන රජයට ඇඟිල්ල දික් කරන විට තවත් ඇඟලි 4ක් තමන් දෙසට හැරී තිබෙන බව වීරවංශලා සුසිල්ලා පමණක් නොව නිවේදන නිකුත් කරන අයද අමතක නොකළ යුතු බව යහපාලකයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරුන්ට අර නීල පච කට්ටිය කරන කියන සේරම ඇත්ත (නදී)
කොහොමත් මහින්ද මේ රටට ඕනෑ. (නි)
තනිකර යු එන් පී මතය. කඩේ යන එක ඉවරයක් නෑ. (ස)
මෙතන තියෙන්නේ කොටි පස්සෙන් යන එකක් නෙවේ මහින්ද පස්සෙන් හොරු කණ්ඩයක් යන එකයි එය බල තණ්හාවෙන් අන්ද වෙලා නිසා එක පෙන්න නැ එකයි ප්‍රශ්නේ. (ස)
බුද්ධිමත්ව හිතුවහම චින්තක මහතා කියන කතාවේ ඇත්තක් තියනවා. හැබැයි උඩ තියන සමහර අදහස් දැක්කහම බුද්ධිමත් එසැණ පාඨකයන් අතරේම අන්ත නුගත් කොටසකුත් ඉන්න බව ඔප්පු වෙනවා. (නි)
කොටියා බලා සිටින්නේ අවස්ථාව එනතුරුය. (නදී)
ගෝඨාභය රාජපක්ෂට ජය වේවා (නදී)
පාඨකයෙක් විදියට මට මේ ලිපිය ගැන ඉතාම කණගාටුවක් ඇතිඋනා. ජනතාව විසින් මහින්දව ප්‍රතිෂේප වෙනවනම් ඔහු ගෙදර යා යුතුයි, නමුත් තිස් වසරක ශාපලත් යුද්දය අවසන් කිරීමේ ගෞරවය ඔහුට දීමට ලක් මවගේ සුජාත පුතු ලෙස අපි නොපකිලිය යුතුයි, මධ්‍යස්ත ලෝකයම දන්නා පරිදි යුද්ධය අවසන්වී අවරුදු 06ක් ගතවෙලත් තවම ලෝක මානව හිමිකම් කොමිසමවත්, ලෝක දෙමළ ඩයස්පොරාවවත් මහින්ද, ගෝඨා, ෆොන්සේකා, ශවීන්ද්‍ර ඇතුළු යුද්ධය අවසන් කරපු නියමුවන්ව දඩයම් කිරීමේ අදහස අතැරලා නැහැ. රුසියානු KGB පමණක් නෙවෙයි ඇමෙරිකානු CIA ඔත්තුසේවාත් අනාවරණය කරනවා මේ නියමුවන්ට ජීවිත තර්ජනයක් ඇතිබව. මෙතුමන්ලාව යම්කිසි ප්‍රහාරයකින් මරණයට පත්වූ පසු පත්තර පිටු ගණන් ගුණ වැයුවත් රටට ලැබෙන දෙයක් නැහැ. මෙවැනි මුග්ද ප්‍රකාශ මුදාහැරීමට පෙර බුද්ධිමත්ව විමසා බැලීමෙන් පාඨකයන්ට අදාල පුවත ගැන ඇතිවන අයහපත් ආකල්පය වලක්වා ගත හැකිව තියනවා. (ස)
මට හිතෙන හැටියට ලිපියේ කියන කථාව ඇත්ත. (ස)
රනුක, නැත්නම් අධ්‍යාපන ඇමති පළමු ලෝක යුද්දෙයි, නැපෝලියන් බොනපාටුයි පටලාගෙන බයිලාවක් ගැහුවේ. ඒවා ගැන වචනයක් නැහැ. මේවා තමයි නියම වහල් මානසිකත්වය (නදී)
මේ සියලුදේ මහින්දගේ හැකියාව. මහින්ද යුද්ධය දිනලා, නොමඟ ගිය මිනිසුන්ව යහමඟට ගත්තේ නැත්නම් කොහොමද අද යුද්ධය දිනපු මහින්දයි, යුද්ධ කළ ප්‍රභාකරන්ගේ මස්සිනායි, කොටි කොල්ලොයි ඔක්කොම හමුදාවලට වැඩියෙන්ම කොල්ලෝ බැඳුන කුරුණෑගලින් ඡන්දෙට එන්නේ? (නි)
තනිකරම ඇත්ත (බ)
ඇන්දිල්ලෙත් සීමාවක් තිබිය යුතුයි. ඒත් මෝඩයෝ ටික දෙනෙක් තවම ඉතුරුවෙලා ඉන්න නිසා ඇන්දිල්ලෙ සීමාව අසීමිතවෙලා.(අ)
නියම ලිපියක්! (නි)
ප්‍රභාකරන් මියගිය පමණින් එම යාන්ත්‍රණය යටපත්වුණා මිස සම්පුර්ණයෙන් අකර්මණ්‍ය වුණේ නැහැ. ලංකාවේ පාලනය දුර්වල වූ සැණින් එය නැවත දළුලා වැඩෙනු ඇත. මේ පිළිබඳ සත්‍ය දැනගත යුත්තේ බුද්ධි වාර්තා වලින් මිස පක්ෂග්‍රාහී දේශපාලකයන්ගෙන් නොවෙයි. (නි)
මටනම් පෙන්නේ අතලොස්සකට තාමත් වැඩවසම් යුගයේ පැවතුන වහල් මානසිකත්වයෙන් මිදෙන්න බැරිවෙලා. යුද්දේ තිබුන කාලේ මමත් එම මායිම් ගම්මාන වල සේවය කළ පුද්ගලයෙක් විදිහට ඉතාම වගකීමෙන් කියන්නේ. මහින්ද මහත්තයට යුද්ද කරන්න කිසිම උවමනාවක් තිබුනේ නැහැ. රටේ අනෙකුත් ප්‍රගතිශීලී බලවේග මගින් කරපු බලපෑම් වලින් මිදෙන්න එතුමාට නොහැකි වුණා. එකයි ඇත්ත කතාව. තාමත් අපේ සමහර අය හිතාගෙන ඉන්නේ දුටුගැමුණු රජතුමා සෙසු සංවිදානය කොට යුද්දය සැලසුම් කලා වගේ මහින්ද මහත්තයත් එහෙම කලා කියලා. යුද්දේ කරන්න අවශ්‍ය සියලුම ආයුධ ගෙන්වුයේ චන්ද්‍රිකා මැඩම්ගේ කාලේ. යුද්දේ දිනපු එක මහින්දට ලොතරැයියක් අැදුනා වගේ වුණා. (බ)
රජතුමා 2009 සිට 2014 දක්වාම අපට කීවේ කොටි නැවත නොනැගිටින බව හා කොටි පරසක්වල ගසා ඇති බවයි. එහෙත් පසුගිය ජනාධිපතිවරනයේදී ඔවුන් ඡන්ද ගුණ්ඩුවක් ලෙස මියගිය කොටින්ට නැවත පන දෙන්න උත්සහ කලා. කොටින් පෙන්නා මුවන් මැරීමේ මොවුන්ගේ උත්සාහය ජනවාරි 8 දා පරාජය වූ අතර අගෝස්තු 17 දාද නිසැක වශයෙන් පරාජය වනු ඇත (නදී)
කොටියා හැබැහින්ම ආ දවස ගැන පරණ කතාවකුත් තියෙනවා නේද? (නි)