IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන් නේ

2016-03-18-ent-45

2016-03-18-ent-46ඇය බොහෝ දෙනෙක් දන්නා හඳුනන ජනප්‍රිය රංගන ශිල්පිනියෙකි. "සූරිය දරුවෝ", "සේපාලිකා" වැනි ටෙලිනාට්‍ය ඔස්සේ ඔබ හඳුනාගත් ඇය මේ වනවිට ටෙලිනාට්‍ය නිෂ්පාදකවරියෙකි. ඇය නමින් චතුරිකා පීරිස්ය. පසුගිය කාලයේ සමාජ ජාල ඔස්සේ කතාබහට ලක්වූ පුවත් සම්බන්ධයෙන් හා ඉදිරි වැඩකටයුතු පිළිබඳවද මෙලෙස අපත් සමග අදහස් පළ කළාය.

"සහේලි" ටෙලිනාට්‍යයේ පළමු කොටස් රූපගත කළෙ 2014 අවුරුද්දේ. නමුත් විකාශය වෙන්න කාලයක් ගත වුණා. 2015 වර්ෂයේ ටෙලිනාට්‍ය දෙකට රංගනයෙන් දායක වුණා. නමුත් ඒ ටෙලිනාට්‍ය විකාශය වුණේ නැහැ. ඒ දිගු ටෙලි නිර්මාණ නෙමෙයි. ඉදිරියේදී ඒ ටෙලිනාට්‍ය දෙක විකාශනය වෙයි. කොටස් 100ක පමණ ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබුණත් "සහේලි" ටෙලිනාට්‍ය නිසා දායක වෙන්න බැරි වුණා. එහෙත් "සහේලි" ටෙලිනාට්‍ය මේ සතිය වනවිට අවසන් වෙනවා. මේ දිනවල නව ටෙලිනාට්‍යක් කිරීමේ බලාපොරොත්තුවෙන් පෙර නිෂ්පාදන කටයුතු සිදුවෙනවා. ගයාන් අධ්‍යක්ෂණය කරනවා මම නිෂ්පාදනය කරනවා. අපි රංගනයෙන් දායක වෙනවා. ආත්ම තෘප්තියක් වෙනුවෙන් තමයි ඒ දේ සිදු කරන්නේ. ඒ නිසාම අපි දෙදෙනා ආර්ථික පසුබිම හදාගන්න වෙනම ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. මම දන්න විදිහට 1994 වැනි කාලයේදී විකාශය වූ ටෙලිනාට්‍යක් සඳහා ලක්ෂ දෙකක පමණ මුදලක් ලබාදී තිබෙනවා. නමුත් අද වනවිට එය එක් ලක්ෂ විසි පන්දහසක් වැනි ගණනක් වෙනකම් අඩුවී තිබෙනවා. වසර ගණනක් ගත වුණත් එහි වටිනාකම වැඩි වෙලා නැහැ. ඒකට නාළිකාවල තරගකාරීත්වය වැඩි වීම අනුග්‍රාහයකයන් සොයාගැනීමට අපහසු වීම වැනි කාරණා බලපානවා. රජයක් විසින් ජාතික ප්‍රතිපත්තියක් කලාවට ගෙන ආවේ නැත්නම් කලාව ගුණාත්මකව පවත්වා ගන්න බැරි වෙනවා.

රස්සාවක් නැත්නම් කරන්න තියන හොඳම දේ රඟපාන එක නැත්නම් පාර්ලිමේන්තු යන එක කියලා කතාවක් තියනවනේ. ඒ තත්ත්වය තමයි අද උදාවෙලා තියෙන්නේ. ඒනිසාම මෙයට විධිමත් ක්‍රමයක් අවශ්‍යයි. සමහර රංගන ශිල්පීන් මේ ක්‍ෂේත්‍රයට වාසනාව මත පැමිණෙනවා. සමහර අය අත්දැකීමෙන් පරිණත භාවයෙන් කලාව තුළ කටයුතු කරන ශිල්පීන් ඉන්නවා. මේ දෙපිරිසටම අවකාශය ලබාදෙන වැඩපිළිවෙළක් අවශ්‍යයි. එවැනි නිවැරදි ප්‍රතිපත්තියක් ඉන්දියාවේ මෙන්ම ලංකාවෙත් තිබිය යුතුයි.

මම නම් ඒ කතා ගණන් ගන්නෙ නැහැ. ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. ඔවුන්ට අනාගතයේ දී තේරෙයි කවුද නිවැරදි කියලා. මට මිනිසුන් දොස් කිව්ව නම් මම කියනවා මම ගත්ත තීරණ වැරදිලා නැහැ. මම ගත්ත තීරණ මිනිස්සුන්ට වැරදි වගේ පේන්න පුළුවන්. ඒත් මට වැරදිලා නැහැ. ඒ වගේම ඒ දේවල්වලට සම්බන්ධ මිනිසුන්ටත් වැරදිලා නැහැ. හැමොටම හොඳක් වුණේ. මගේ පුද්ගලික ජීවිතයේ ගැටලු මාධ්‍යයට කියන්න මම එච්චර කැමති නැහැ. ඒ ප්‍රශ්නය වෙන පාර්ශ්වයක් මඩ ගහපු නිසා කියන්න සිද්ධ වුණා. මම කරන කිසිම දේකින් කාටවත් හානියක් වෙලා නැහැ. කිසිම කෙනෙක් ඒ ගැන ප්‍රශ්නයක් ඇති කර ගන්නත් අවශ්‍යයත් නැහැ.

පුද්ගලික ජීවිතය මාධ්‍ය හරහා ප්‍රචාරය කරගන්න බලාපොරොත්තු වන අයට ඒ ප්‍රචාරය දුන්නට කමක් නැහැ. එහෙත් එහෙම අකමැති අයගේ ජීවිතය ගැන අසත්‍ය පළ කරන එක තමයි ගැටලුව. විදේශ රටවල කලාකරුවෝ විවාහ වෙනවා දික්කසාද වෙනවා. සමහර කලාකරුවන් අතින් මිනිසුන් මියයනවා. නමුත් අදාළ පුද්ගලයා සිරගත කිරීමෙන් සිදුවන පාඩුව තක්සේරු කරලා රජයන් ඔවුන් නිදහස් කරනවා. මෙවැනි දේ සිදුවෙනවා. එහෙම වෙද්දී වැඩකට නැති දේවල් ගැන ලංකාවේ අයට නම් ලොකු ප්‍රශ්න."

 

නිදුක් මධුෂික

 



අදහස් (0)

ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන් නේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 661 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site