
(සුජිත් හේවාජුලිගේ )
දිවයින පුරා පොලිසිවල ස්ථානාධිපතිවරුන් සහ අංශභාර ස්ථානාධිපතිවරුන් 5308 දෙනාගෙන් 1106 දෙනකුම රාජකාරී කරන්නේ තමන් ස්ථිර ලෙස පදිංචිව සිටින පොලිස් බල ප්‍රදේශයේම බව මේ සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට බාරදී ඇති අධ්‍යයන වාර්තාවක සඳහන් වේ.
තමන් ස්ථිර ලෙස පදිංචිව සිටින ප්‍රදේශයේම රාජකාරී කරන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් සහ ස්ථානාධිපතිවරුන් සංඛ්‍යාව 44ක් බවද එම වාර්තාවේ දැක්වේ.
එය ප්‍රතිශතයක් ලෙස සියයට 7.2කි.
තමන් ස්ථිර ලෙස පදිංචිව සිටින ප්‍රදේශයේම රාජකාරී කරන ස්ථානාධිපති හෝ අංශභාර ස්ථානාධිපති තනතුරු දරන වැඩි පිරිසක් සිටින්නේ මන්නාරම පොලිස් කොට්ඨාශයයේය. එසේම තම යාබද වසම තුළ ස්ථිරව පදිංචිව සිටිමින් රාජකාරී කරන පොලිස් ස්ථානාධිපති අංශභාර ස්ථානාධිපතිවරුන් වැඩි පිරිසක් මන්නාරම සහ මාතර පොලිස් කොට්ටාස වල සිටින බව එම වාර්තාව සඳහන් කරයි.
තමා ස්ථිර ලෙස පදිංචිව සිටින ප්‍රදේශයන්හි සහ යාබද පොලිස් වසමේ පදිංචිව සිටින ස්ථානාධිපතිවරුන් සහ අංශ භාර ස්ථානාධිපතිවරුන් සේවය කරන කුට්ඨාශ තුළ අපරාධ ඉහළ ගොස් ඇති බව තොරතුරු අනාවරණයවී ඇතැයි පෙන්වා දෙන වාර්තාව අනුරාධපුර කොට්ඨාශය ඊට කදිම නිදසුනක් බවද සඳහන් කරයි.
පසුගිය ආසන්න වසර තුනක දිවයිනේ වැඩිම අපරාධ වාර්තා වූ පොලිස් කොට්ඨාශය ලෙස හඳුනාගෙන ඇත්තේද අනුරාධපුරයි.
පොලිස් ස්ථානාධිපතිවරුන් සහ අංශභාර ස්ථානාධිපතිවරුන් තමන් පදිංචි පොලිස් වසමේම රාජකාරී කිරීමෙන් පක්ෂග්‍රාහීව ක්‍රියාකිරීම කාර්ය සාධනය අව ප්‍රමාණය වීම, සංවිධානාත්මක අපරාධ වැළැක්වීමට පසුබට වීමඥාති සංග්‍රහය සඳහා පෙළඹවීම වැනි ගැටලු රැසක් මතුවී තිබෙන බව එම අධ්‍යයනයේදී පෙනී ගොස් ඇත.
පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම අධ්‍යයනය කර කරනු ලැබ ඇත්තේ උතුරු මැද පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධාරණ සේවයක් කරන කිසිම රජයේ නිළධාරියෙකුට මෙන්ම සේවකයෙකුට තමන්ගෙ ගම් ප්‍රදේශයේ සේවය කරන්න අමාරුයි එහෙම කරනවා නම් එය වහාම නැවැත්වීමට කටයුතු කිරීම රජයේ වගකීමක් වෙනවා රාජ්‍ය සේවය අකාර්යක්ෂම වීමට එම තත්වය ප්‍රබලම හේතුවක් වෙනවා එයට දේශපාලනය ගෑවුනොත් ඉතින් ඉවරෙටම ඉවරයි උදාහරණයක් හැටියට මුලින්ම කලාප අධ්‍යාපන කාර්‍යාල පෙන්වා දෙන්න පුළුවන් ඒවායේ සිටින සේවකයින් පිහිටුවා ගෙන තියෙන සංගම් ප්‍රතිලාභ සදහා ස්ථාන මාරුවක් නොගෙන විශ්‍රාම යනතුරු එකම තැන පුද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් පල්වෙමින් ඉන්නවා සියලු රාජ්‍ය සේවකයින් සදහා (පොලෝසිය ඇතුලුව ) වාර්ෂික ස්ථාන මාරුකිරීම අනිවාර්ය කරන්න ඕන මෙහිදී එකම තැනක අවුරුදු දහයක් පහලවක් සිට මාරුවක් ලබාගෙන ගොස් මාස කීපයක් ඇතුලත නැවත පැමිණෙන අය ඉන්නවා ඒවාටත් ඉඩක් නොදිය යුතුය
පොලිස් නිලධාරීන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක්ම දුෂිත හා නීති විරෝධී වැඩවලට සම්බන්ධවී ඇති බව දිනපතා පුවත් මගින් පෙනෙන කරුණකි. වැරදි කරන නිලධාරීන්ට තරාතිරම නොබලා ක්ෂණික දඩුවම් දෙන ක්‍රමවේදයක් ඇතිකෙරෙන තෙක් පොලිසිය පිරිසිදු කල නැහැකිය . රටපුර ඇති පොලිස් ස්ථාන හදිසි පරික්ෂාවන්ට ලක්කලොත් පෙනේවි තරම්. ස්ථානාධිපති වරුන්ගෙන් සමහරු සවස් කාලයේදී බීමතින් රාජකාරි කරනවා . පොලිසියේ වාහන තම තමන්ගේ පුද්ගලික භාවිතයට ගන්නවා . විවිධ ආකාරයේ පගා ගන්නවා . ඇයි මේ? නිසි දඬුවම් ක්‍රමයක් නැති නිසා . මාස 6 කට හෝ වසරකට වරක් කොට්ඨාශ භාර නිලධාරීන් විසින් පවත්වන පරක්ෂණ යනු විහිළුවක්. අලුත් පොලිස්පති තුමා පොලිසිස්යත් පිරිසිදු කර අභිමානවත් පොලිස් සේවයක් ඇතිකරාවී යයි සිතනවා.
මේ කියන ස්ථානාධිපතිලා රාජකාරිය නිසියාකාරව සිදු කරන්නේ නැහැයි කියලා හිතනවා, එහෙම නැතිනම් චෝදනා කරනවා මිසක්, ඒ කිසිවෙකු වැරද්දක් කළා කියලා ඔප්පු වෙලා නැහැ. ඒ උනාට, මේවා කියන පොලිස්පති, මානව හිමිකම් කඩකිරීම සම්බන්ධයෙන් ලංකාවේ තියන ඉහලම උසාවිය වන, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරදකරු කරලා දඬුවම් ලබා දීලා, විනය ක්‍රියාමාර්ග ගන්න කියලා පොලිස් කොමිසමට නියෝගයක් දීලා තියනවා. මේ වගේ වැරදි කරලා දඬුවම් ලබාපු පොලිස්පති කෙනෙක් ඉතිහාසයේ කවදාවත් ඉඳලා නැහැ. එයා ලංකාවේ පොලිසිය හදයි කියලා හිතන එක, ගෝඨා රට හදයි කියලා හිතුවා වගේ තමයි.
වර්තමානයේ පොලිස්පතිවරයා මෙහෙයවන ව්‍යාපෘතිය සාර්ථක වෙන්න අවශ්‍ය නම් පළමුවෙන්ම ඔය පොලිස් නිලධාරින් පදිංචි ප්‍රදේශවලින් වහාම ක්‍රියාත්මක වනසේ ස්ථාන මාරුකිරීම කරන්න ඕනෑ එහෙම නැත්නම් නැටූ තොවිලෙකුත් නැතුව බෙරේ පළුවකුත් නැතුව යාවි..!