ගම්පහ පොලිස් කොට්ඨාසයේ පොලිසියක ස්ථානාධිපතිවරයකුට එරෙහිව කළ පැමිණිල්ලක් ඉල්ලා අස් කර ගන්නැයි දිගින් දිගටම බලපෑම් එන බව කියමින් වැලිවේරියේ ව්‍යාපාරිකයකු (25) පොලිස් මූලස්ථානයට ලිපියක් යවා ඇතැයි පොලිස් ආරංචිමාර්ග කියයි.
මරණ බිය නිසා තමා සැඟවී සිටින බව ඔහු කියයි.
පොලිස් ස්ථානාධිපතිට එරෙහිව පොලිස් මූලස්ථානයේ පොලිස්පති සහන මැදිරියට එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ පසුගිය ඔක්තෝබර 09 වැනි දාය.
එම පැමිණිල්ලෙන් පසු නිතර නිතර තමා සොයා පොලිසියේ බව කියන පිරිස් එන බවත්, ස්ථානාධිපති ද අවස්ථා කිහිපයක දී පැමිණ තමා ගැන සොයා ඇති බවත් ඔහු විසින් යැවුණු ලිපියේ සඳහන් බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.
තමා ෆිනෑන් කර ගත් වෑන් රියක් ෆිනෑන්ස් මුදල ගෙවන පොරොන්දුව පිට වෙනත් පුද්ගලයකුට දුන් බවත්, ඔහු වාරික ගෙවීම පැහැර හැරි බවත්, ඒ ගැන අදාළ පොලිසියට පැමිණිලි කළ පසු ඊට මැදිහත් විය නොහැකි නිසා වාහනය හොයාගන්නා ලෙස පොලිසියෙන් දැන්වූ බවත් එම ව්‍යාපාරිකයා පොලිසියට පැමිණිලි කර ඇත.
පසුව වාහනය සොයද්දී එය දොම්පේ පුද්ගලයකුට දී තිබියදී සොයා ගත් බව ද, වාහනයේ රුපියල් දෙලක්ෂ පනස් දහසකට ආසන්න හිඟ වාරික ගෙවන ලෙස ඉල්ලුවත් එය ඔහු ප්‍රතික්ෂේප කර වාහනය අරගෙන යන ලෙස කී බව ද, ඉන් පසු වාහනය තමාට බර දුන් බවට ඔහුගේ අත්අකුරින්ම ලිපියක් ද දුන් බව ද ව්‍යාපාරික තරුණයාගේ ලිපියේ සඳහන්ය.
ඉන් පසු තමා හිග වාරික ගෙවා දැමූ බවත්, පසුගිය වසරේ දෙසැම්බර 23 වැනි දා සවස හතරට පමණ නිවසට පැමිණි ස්ථානාධිපති වාහනය කලින් ලබාගෙන තිබූ පුද්ගලයා තමාගේ ඥාතියකු බව කියා වාහනය නැවත ඔහුට දෙන ලෙස පැවසූ බවත්, නැවත වාහනය ඔහුට දීමට නම් රුපියල් දෙලක්ෂ පනස් දහසකට ආසන්න හිඟ වාරික ගෙවන ලෙස ඉල්ලා සිටි බවත්, එවිට පොලිස් ස්ථානාධිපති පරුෂ වචනයෙන් බැණ වැදී තර්ජනය කළ බවත් ඔහුගේ ලිපියේ සදහන්ව ඇත.
දින කිහිපයකට පසු නැවත ස්ථානාධිපති පැමිණ වෑන් රිය ඔහුගේ ඥාතියාට නොදීම ගැන බැන වැදී තමාද නංවාගෙන වෑන් රිය පොලිසියට ගෙන ගිය බව ද , උඹට මං නඩුවක් පටලවනවා යැයි කියා වෑන් රිය පොලිසියේ රදවාගෙන තමා නිවසට යැවූ බව ද, මසක් පමණ නඩු නැතිව වෑන් රිය පොලිසියේ රඳවාගෙන සිටි නිසා ඒ ගැන පොලිස්පති සහන මැදිරියට දැන්වූ බව ද, ඉන් පසු තමාට එරෙහිව නඩුවක් දැමූ බව ද, සහන මැදිරියට ගියැයි තර්ජනය කළ බව ද ව්‍යාපාරික තරුණයා කියයි.
ඉන් පසු තමා වසර 10කට බද්දට ගත් ඉඩමෙන් එළවා දැමීමට ස්ථානාධිපති උත්සාහ කළ බවත්, නීතියට පිටින් තමා එම ඉඩමෙන් ඉවත් කිරීමට උත්සාහ කිරීම ගැන ඉහළට දැන්වූ පසු ස්ථානාධිපති දිගින් දිගටම තර්ජනය කළ බවත් ඒ සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝබර මාසයේ පොලිස්පති සහන මැදිරියට දැනුම් දුන්නත් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවත් ඔහු විසින් පොලිසිපති අමතා යවන ලද ලිපියේ සඳහන්ය.
මේ ගැන කළ විමසීමක දී වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා පැවසුවේ ඔක්තෝබර 09 වැනි දා පොලිස් සහන මැදිරියට යොමු කර ඇති පැමිණිල්ල විමර්ශනය සඳහා යොමු කර ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටත් මෙයට සමාන දෙයක් වුනා ගම්පහ රථවාහන අංශයේ නිලධාරියෙකුගෙන්. මම නම් පැමිණිල්ලක් කළා. දැන්නම් එම නිලධාරියා හොඳවෙලා වගේ පෙනෙන්නේ. මමත් කියන්නේ මේ වගේ තර්ජන වලට බය නොවී නීතිය අනුව කටයුතු කරන්න. බොරුවට රටේ නීතියක් නැහැ කියල ඔය කැගහන කට්ටියවගේ ඉන්නේ නැතිව....(බ)
මගේ වත්තට පුද්ගලයක් අනවසරයෙන් ඇතුළුවී සේවකයෙකුට පහර දීමට උත්සහ කලා. අන්තිමේදී මට නඩු දාන්න ගියා මාතලේ පොලිස් නිලධරයෙක්. (ර)
මේවා දකිද්දී පොලිස්පති සහන මැදිරියෙන් මහජනයාට සහනයක් වෙනවාද යන්න පිළිබඳව සැකයක් ඇතිවෙනවා (නි)
පොලිසියේ එක නිලධාරියෙක් මාවත් බොරු නඩුවකට පටලවන්න මේ දවස්වල උත්සහයක් ගන්නාබව මට දැනෙනවා .අපි දැන් මොකද කරන්නේ .අපිට කාගේ පිහිටක් ලැබේවිද (අ)
පොලිසියේ ඇතැම් නිලධාරීන් නිල රාජකාරිය පුද්ගලික දෙයට භාවිතා කරනවා. (හේ)
මේ රටේ නීතියක් කියලා දෙයක් තියෙනවා.හැංගිලා ඉදලා වැඩක් නෑ.මේ සම්බන්ධයෙන් ආදාල නිලධාරින් හම්බවෙලා ඔබේ ප්‍රශ්නය දැනුම් දෙන්න.(හේ)
මොකක්ද මේ අමුතු සෙල්ලම ?(හේ)
ඔක්තෝම්බර් 09 දා කරපු පැමිණිල්ල විමර්ශණයට යොමු කලානම් දැන් මාසෙකටත් වැඩිය පොල් ගෑවාද ? (අ)
පොලිස් මාධ්‍ය ප්‍රකාශක හැම දේටම කියන්නේ විමර්ශන ආරම්භ කර ඇති බව විතරයි. (බ)
අහින්සකයන්ව බොරු නඩු වලට පටලවන්න මේ නිලධාරියා කොහොමත් කැමතියි. (හේ)
පේනවා නේද අද නීතියට වෙලා තියෙන දේ? (නි)
ඔහොම තමයි ඉතින්. ඉහළ ඉඳලා පහළට එනතුරුම තර්ජන, බියවැද්දීම්, පහරදීම්, බැරිම වුණොත් නිල ඇඳුමේ බලයෙන් හිරේ විලංගුවේ. මෙහෙම රටකට කවදා හරියයිද? කොහොමටත් ඔය කියන පොලිසිය ගැන නම් කවුරුවත් හොඳක් කියන්නේ නැහැ. (නි)
කාටද මේවා කියන්නේ? මේකද ලංකාවේ නීතිය? (නි)
මේ වගේ දේවල් වෙනකොට නම් මටත් හිතෙනවා මේ වගේ රටක ඉපදීමත් අවාසනාවක් කියලා. (නි)
අනුමානයක් නැහැ, පොලිස් නිලධාරියා ඉහළ මට්ටමේ දේශපාලන සම්බන්ධකම් තිබෙන කෙනෙක් වෙන්න ඇති. (නි)
පැමිණිල්ල විමර්ශනය කරන්න එනකොට හැංගිලා හරියනවද?(හේ)
පොලිසියේ අය දන්නේ නැතුව ඇති සාමාන්‍ය පුද්ගලයෙක් වරදක් කරනවාට වඩා නිල ඇඳුමින් වරදක් කිරීම බරපතල වරදක් බව. (හේ)
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සමහර වෙලාවට කියන ඒවා තුට්ටු දෙකකට විස්වාස කරන්න බැහැ. (හේ)
වැලිවේරිය පොලිස් ස්ථනය මටද වරදක් නැතුව මෙට වසර දෙකට පෙරදී බොරු නඩුවක් පටලවන්න හැදුවා. (දිල්)