මාතර දිස්ත්‍රික්කයෙන් ඡන්දෙට ඉදිරිපත් වන අපේක්ෂකයකුගේ නම අංකය හා කතිරයේ හැඩයට කෙස් කප්පවා ගත් මාතර තරුණයා පාරේ ගිය හොත් නඩු පවරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශය සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
මාතර දිස්ත්‍රික්කයෙන් ඡන්දෙට ඉදිරිපත් වන අපේක්ෂකයකුගේ නම අංකය හා කතිරයේ හැඩයට කෙස් කප්පවා ගත් මාතර තරුණයා පාරේ ගිය හොත් නඩු පවරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශය සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාගේ මොලය තියෙන්නේ ඔලුවේ නොවෙයි ...(බ)
අලියෙක් පාරේ අරගෙන යෑමෙනුත් මේකමනේ වෙන්නේ (නි)
නිසාර් කිවුවා වගේ දැන් එතකොට බුලත් විටක් කන්නත් බැහැ.ගුරු දෙගුරුන්ට වඳින්න බුලත් අතක් අරගෙන පාරේ යන්නත් බැහැ. පාසල් කාලය තුළ සීනු නාදය කිරීම හෝ පාසල තුළ තබාගැනීමත් කරන්න බැහැ.හෙවණක් සදහා ගසක් යට ඉන්නත් බැහැ.මේක පුදුම ලෝකයක්! (නි)
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ සමයේ, යන යන තැන ගහක්, ගලක්, තාප්පයක් ගානේ පෝස්ටර්. දැන් කොණ්ඩය කැපුවත් නඩු දමනවා. මොකක්ද මේ වෙනස? මෙහෙම ඡන්දයක් මගේ මුළු ජිවිතයටම දැකලා නැහැ (නි)
මනාප අංකය ---ගහගෙන ඇඳුම් ටික්ක අඩු කර පාරේ ගියා නම් හරි (නදී)
නිසාර්,මොහු කරන්නේ ප්‍රචාරයක්. ඒක වැරදියි (නි)
මනාප අංකය තිබුනට දිස්ත්‍රික්කයේ නම නැහැනේ (නි)
පොළේ බුලත් කොළ විකුණන්නත් තහනම්ද? (නි)
පොලිසිය මීට වඩා බුද්ධිමත් වෙන්න ඕනෑ. නේද ? එතකොට අපි හිතමු කෙනෙක් පච්චයක් කොටගෙන පාරේ ගියොත් අදාළ අංකය ඇතුව ඒකටත් නඩු දාන්න වෙනවා නේද? ඉස්සර පලා බබාලටත් සැලුට් ගහපු අපේ පොලීසියට දැන් බලය පාවිච්චි කරන්න නිදහස ලැබුනා කියලා කෙනෙකුගේ ශරීරයේ ඇති සලකුණක් වෙනුවෙන් නඩු යනවා කියන එකනම් නීතිය හෑල්ලුවට ලක්කිරීමක් කියලයි මට නම් හිතෙන්නේ (නි)
අත ලකුණක් ලෙස තිබුනා නම් මොකක් වෙයිද? (නි)
තරුණයා කාගේ හෝ ලණුවක් කාලා. පව්! (නි)
මේක ලංකාවද කියලත් හිතෙනවා, මෙතරම් නීතිය ක්‍රියාත්මක වෙන්න (නි)
ඔලුව බේරාගන්න හිස බූ ගාන්න (නි)
ඔලුව රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් නෙමෙයිනේ. ඔන්න තමන්ගේ වයස අඩුවෙන් ඔලුවේගහගෙන ගියා නම් තව කමක් නැහැ. (නි)
නඩු දානවා වෙනුවට ඔලුව දොස්ටරකෙනෙකුට පෙන්නන්න (බ)
කවුරුහරි පැමිණිලි කළාද?මගේ ඔලුව මට ඕනෑ විදියට තියාගන්න බැරිනම් මොකක්ද ඔය කියන මානව නිදහස? (නි)
මෙම පුද්ගලයාට පාරේ යාමට ඇති අයිතියට වැට බැදීමට යන පොලිසියට අපගේ බරපතල අමනාපය දක්වමු. (බ)
එතකොට අලියෙක් පාරේ අරන් ගියත් නඩු දානවාද (බ)
නඩු නොවෙයි මානසික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා දෙන්න. (බ)