ඒ එස් පී ලියනගේ මහතා එම නිවට තමාට දෙන බව කීවත් තමා එම නිවසට යන බව කිසිදු අවස්ථාවක නොකී බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද කොළඹ අභයාරාමය අසල දී කීවේය.
හිටපු ජනපති එලෙස කීවේ මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
අද පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී ද ඒ ගැන අදහස් පළ විය.
පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා - ‘හිටපු ජනාධිපතිතුමාට ඒ එස් පී ලියනගේ මහතා ගෙයක් දුන්න ගියා. දැන් ඔහු පොලිසියට කැඳවලා. හිටපු ජනපතිට ඉන්න තැනක් දෙන්නත් බැරිද?‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මේ මෙය කියන බොරු ! දියවන්නාවට පැනල තණකොළ කන්න හිතෙනවා යකෝ මේවට (අ)
පිවිතුරු යහපාල කියන්නේ විදෙස් බලවේග වල තර්ජන වලට නොබියව කොටි ත්‍රස්තවාදය අවසන් කර අපට නිදහසේ ජීවත් වීමේ අයිතිය ලබා දුන්නු, ආසියාවේ ඉහළම ආර්ථික වර්ධන වේගය හැටියට සැලකුණු ආර්ථික වර්ධන වේගයක් වර්ෂ ගණනාවක් පුරා පවත්වාගත් එමෙන් ම ලෝකය ම දරුණු ආර්ථික අවපාතයක ගිලෙද්දීත් රට වැසියාට ඉන් බැට කන්නට ඉඩ නොදුන් හිටපු ජනාධිපතිතුමාගේ දේශප්‍රේමී පාලන කාලය ගැන තමයි රකිත්. (අ)
ජනාධිපතිවරණය දිනලා අවුරුදු 6 ක් යනකම් ඒ ධුරයේ වැඩ කරගෙන යනවා. ඒ අතර ලබන අත්දැකීම් මත , අඩුපාඩු ටිකෙන් ටික හදා ගන්නවා. ස්ථාවර වුනාම මේක තුලින් පරම්පරා හයකට හතකට හම්බ කරන්න මාර්ග හොයනවා. දෙවෙනි ධුර කාලයේදී එක ක්‍රියාවේ යොදවනවා . මේක බුද්ධිමත් මිනිස්සුන්ට දැනන්න ගන්නවා. එතකොට ධුර කාලය අවසන්. (ර)
අනේ පවු කියලා හිතෙනවා (නි)
දැන් හැමෝම මාධ්‍ය සංදර්ශන තියන්න පටන් අරන් වගේ හා (අ)
ඔකේ එළියේ පහලිය නාන්නේ කොහොමද? මන් කිව්ව ඕක වහල දමන්න. (ස)
පිවිතුරු යහපාලටයි මේ කියන්නේ. ඉතින් එය 2015 දිනන තිබුණේ දිනවන්න, දැන් අගමැතිකම හිඟා කන්නේ නැතුව. (ස)
සුමුදු හේවා, එහෙම නම් කවුද අකමැති? නමුත්, නැවත කුඩුකාරයෝ, එතනෝල් කාරයෝ, කැසිනෝ පනත්, මරණිය දණ්ඩනය ලැබුණු දරුණු අපරාධකරුවන්ට පොදු සමාව ලැබෙන, දළදා මාලිගාව අසල කාර් රේස්, බිලියන ගණන් පාඩු ලබන මිහින් ලංකා වැනි ආයතන තිබෙන, වතුර ඉල්ලුවාම වෙඩි තියෙන, සුදු වෑන් වලින් අතුරුදහන් වන, කණුවෙන් කනුව අඩි 30 කටවුට් දිස්වෙන, නෑදෑ හිතමිතුරන් විදේශ සේවාවේ යොදවන, කිසිම ස්වාධින කොමිසමක් නැති පාලන ක්‍රමයක් ගෙනෙන්නේ නැතුව. (ස)
හිටපු ජනාදිපතිවරුත් අද කතාකරන දේවල හැටි (අ)
එහෙමනම් නෙවෙයි රකිත් එහෙම තමයි. අපේ රට කොටින්ගෙන් මුදා ගැනීම වගේම ලොවම ආර්ථික අවපාතයක ගිලෙද්දීත් අපේ රටේ ත්‍රස්තවාදයට එරෙහි යුද මෙහෙයුම් උග්‍ර ලෙස කෙරෙද්දීත් රටේ ආර්ථික වර්ධනය අඩාල නොවී පවත්වගත්තය කියන්නේ කොපමණ හපන්කමක්ද? ලෝක බලවතුන්ගේ බලපෑම් වලට නතු නොවී කොටි මැඩීමේ අභියෝගය හමුවේ අපේ රටට සවියක් විය හැකි රටවල් සමග කල් තබා හිත මිතුරුකම් වගා කරගෙන තිබීම අගය කළ යුතු දූරදර්ශී කමක් නොවෙයිද? නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඔයාගේ පාට කන්නාඩි නිසා ඔයාට ඒවා එකක්වත් හරියට නොපෙනෙන එකයි. පොදුවේ රටටත් ජනතාවටත් යහපතක් වුණු සිදුවීම් අපමණක් තියෙද්දිත් හුදෙකලා සිදුවීම් කිහිපයක් අල්ලාගෙන බොරුවට කෑ ගහන්නේ ඒකයි. (බ)
අල්ලේ පෑලවෙන බොරු කියන මේ වගේ අයව විස්වාස කරන මෑට්ටෝ තවත් ඉන්නවාද? (ම)
දිවේ ඇට නැති හින්දාද කොහෙද සමහරු හැරෙන හැරෙන අතට කියනවා (නි)
ගහට නැඟලා තණකොළ නැතුව බහිනවා වගේ (නි)
ළඟදි කියලා තිබුනා ඉදිකිරීම් අඩුවෙලා සංවර්ධන වේගය බැහැලා කියලා.එහෙනම් මෙච්චර කල් වේගය තිබිල තියෙන්නේ තාර වලිනුයි ,කොන්ක්‍රීට් වලිනුයිනෙ. සැබෑ සංවර්ධනය නම් දේශීය කෘෂි හා කර්මාන්ත වලින් වැඩි සියයට ගානක් දකින්න තියන එකනේ.ඒ සංවර්ධනෙත් ණය වලින්නේ.එතකොට ඇතුළේ හුළං.සාක්කු ෆුල්. ඕකද ආසියාවේ ආශ්චර්ය? (නි)
යනවා නම් අනේ මං අරන්, යන තැනකට යන්න රත්තරන්... (නි)
බොරුවෙනුයි, ප්‍රෝඩාවෙනුයි හැමදාම ජනතාව තම්බන්න බැහැ මහත්තයෝ. ඇත්තටම අපිට නම් මේ බොරු අහද්දිත් ලැජ්ජයි!! (නි)
දැන්ද රජයේ ගෙවල් මතක් වුණේ? අර පිහිනුම් තටාකය වැලිදමා පුරවා ,පිටුපස දොර වෙනස් කළේ ඇයි? මිනිසුන්ට සළකපු හැටියට තමයි දෙවියන්ගෙන් ලැබෙන්නේ (නි)
හා හා හොරේ දැනුනා, දැනුනා. ගෙවල් දෙන හොරේ දැනුනා ... ලැජ්ජයි වැඩේ. (නි)
එතකොට අර ලස්සනට ගේ ඉස්සරහ තිබුන පිහිනුම් තටාකයට වැලි පිරෙව්වේ කවුද දන්නේ නැහැ? මේ කියන සමහර බොරු අතේ පැළවෙන ඒවා. (නි)
මේක හතරබීරි කතාවක්නේ! (නි)
මම නම් විශ්වාස කරන්නේ මොහුට මේ විදියට එරෙහිව එන්නේ අප නොදකින විශ්ව පාලන කර්මයයි.මම එහෙම කියන්නේ ඔහු හා අනුගාමිකයන් කරතිබෙන අනිටු ක්‍රියා පියවි නෙතට නීතියට වහන්වී කර තිබුනත් මේ විශ්ව පාලනයට එය පෙනීතිබෙනවා. විශ්ව පාලනයෙන් ලැබෙන දඬුවම අනෙකුත් පාලනයන්ගෙන් ලැබෙන දඬුවම් වලට වඩා බරපතලයි (නි)
සුමුදු හේවා, ලක්ෂ 62 ක් රටේ ජනතාවට එහෙනම් පාට කණ්ණාඩි නිසා හරියට පෙනෙන්නේ නැද්ද? ලක්ෂ 57 කට විතරක්ද හොඳට පේන්නේ? අනේ මගේ කට. (නි)
යහපාලනයේ කුඩු කාරයෝ නැහැ, මිනිස්සු දැන් අරක්කු බොන්නේ නැහැ. ඒ හින්දා එතනෝල් නැහැ, බැඳුම්කර වංචා නැහැ, දරුණු අපරාධ කාරයෝ නැහැ, ලෝකයේ හොඳම ආර්ථිකය, සංවර්ධනය හිතා ගන්න බැරි තරම්, විශ්ව විද්‍යාල සිසුන්ට ගහන්නේ නැහැ, ප්‍රජාතන්ත්‍රවාදිව අගමැති පත් කලේ, කාලා බීලා ඉස්මුරුත්තාව, දැන් අපේ රට සුරපුරයක්. (ස)
සමහරු මේ දවස් වල බොරු කියනවා වෙනුවට බොරු පිඹිනවා. (නි)
ඕකට නම දාන්න තිබුනේ "මෝර මන්දිරය" කියලයි. (නි)
මේක හතරබීරී කතාවක්. ඔහු දෙන බව කිවුවා. මා යන බව කිවුවේ නැහැලු? එහෙනම් මොකටද අර ලස්සනට තිබුන පිහිනුම් තටාකය වැලි පුරවා ගොඩකර, ගෙදර යම් යම් වෙනස්කම් කළේ? (නි)
උඩබලාගෙන කෙල ගහගන්න මිනිසුන්ට ඔලුව නැහැ (නි)
වෙල්ගම මහත්තයෝ හොරුන්ව රකිනවා කියන්නේ කඩේ යනවාට වඩා බරපතළ දෙයක්. මල්ලිලා "හම්බ කරපු" සල්ලි වලින් ඇමෙරිකාවේ විසල් මැදුරු අරන්දාන කොට තමන්ට ඒ තැන හදල දීපු අය්යට ඉන්න තැනක් හදල දෙන්න බැරි මල්ලිලද ඔයාගේ ලොක්කට හිටියේ. එයා දැන් කියනවා පුලුවන්නම් ඔප්පු කරන්න කියල හොරකම් කළා නම්. තමා අතේ ව්‍යවස්ථාදායකයත්, විධායකයත්, අධිකරණයත් තියාගෙන හිටපු මිනිහෙක් අහුවෙන්න හොරකම් කරයි කියල හිතන්න මොළේ ආබාධයක් තියෙන්න ඕනේ. (ස)
නුසුදුසු අයට ගැළපෙන තැන ලැබෙනවා (නි)
ඉන්න තැනක් නැති මිනිහෙක් නොවෙයිනේ මහින්ද. (නි)
මට දෙන්න හදනවා. මම එපා කියනවා. හැබැයි අපි දෙන පත්වීම නම් බැහැ කියන්න බැහැ ඔන්න. (නි)
රකිත්, දළදා මාළිගාව අසළ කොයි පාරේද රේස් පැද්දේ කියලා පොඩ්ඩක් කියනවද හරියටම දැනගන්න (නි)
මොනවද මේ විහිළු? (නි)
පුදුමම කතා හැදිල්ලක් මේක නම්.? අනේ දෙවියනේ දිනවන්න මෙදාපාර හිටපු ජනපතිතුමාව...! මේ අයගේ කටවල් වැහෙයි එතකොට. දැන් අර කිවුව දෙනවා කියපුවත් නැහැ. අර කියපු දින සීය?? දැන් ඡන්දෙ දුන් අය මොකක්ද කරන්න හිතාගෙන ඉන්නේ ඉවසීමේ සීමාව පැන්නහම.....? (නි)
මම මෙච්චර කල් හිතාගෙන හිටියේ මේ ගොල්ලෝ වංචාවට විතරයි දක්ෂ කියල , බලාගෙන ගියාම බොරු කියන්න ඊටත් වැඩියෙන් දක්ෂයි. (අ)
අයියෝ සිරිසේන , මොකද මෙතරම් කකුල් මාට්ටු දාන්නේ !! කොකාට වාරයක් අවාම තිත්තයන්ටත් වාරයක් ඒවි!! කොසොල් රජ්ජුරුවෝ දැකපු සිහින සැබෑ වන කාලයක් මේක (අ)
මේක තමයි ආශ්චර්යය. (නි)
රෝහිත්, මගේ කට ගැන මම හැමවිටම සැලකිලිමත් වෙමි. මන්ද, කටින් පිටවෙන වචන අනුව යම් කෙනෙකුගේ හැදියාව, අධ්‍යාපන මට්ටම, පවුල් පසුබිම යනාදීය ගැන තවත් කෙනෙකුට තක්සේරු කල හැකි නිසා. එමනිසා, ඔබේ කට ගැන වඩාත් සැලකිලිමත් වන ලෙස කරුණාවෙන් දන්වා සිටිමි.(ස)
එම උත්තරයෙන් හිතා ගන්න පුළුවන් මතු දවසක යන්න අදහසක් තිබෙනවා කියා ....දෙසපාලකයා එක එක සිස්ටම් වලින් සම්පත් ලබා ගන්නනට මාන බලන එකේ බලෙන් ලඟට ගෙනල්ල දෙන සම්පත එපා කීවොත් මාර පුදුමයක් ..(අ)
සත්‍යා, රකිත්, ජයා, 2005 දී ඔබලා එකතුවී හෝ තනිවම හෝ රට බාර අරගෙන අර ප්‍රභාකරන් කියන ත්‍රස්තවාදියාගෙන් අපේ රට බේරා ගන්න අවශ්‍ය දේශපාලන සහ මුල්‍ය නායකත්වය දුන්න නම් අද අපි මහින්දලාට ආවඩන්න ඕන නැහැනේ. ඔයාල කොහෙද මෙච්චර කල් හිටියේ. (ස)
මහින්ද නිසා ඇස් අන්ධ වූ හා ඔලුව අච්චාරු වූ මිනිසුන් 58 ලක්ෂයක් ලංකාවේ ඉන්නවා කියලා අපි දන්නවා. දස අවුරුදු පාලන කාලයේ කර තිබෙන හපන්කම ඒකෙන්ම පේනවා. (නි)
එතකොට මන්දිරය ජ්‍යෝතිෂකරුවන් පරික්ෂා කළේ, තොවිල් කළේ ,දොර ජනෙල් වෙනස් කළේ ,නානතටාකයට මුහුදු වැලි පිරෙව්වේ කාගේ කීමටද? (නි)
ජනාධිපතිතුමාට මොන මන්දිරේ දොරවල් වැහුනත් මේ රටේ කළගුණදත් ජනතාවගේ හදවත් මන්දිරේ දොර හැමදාටමත් ඇරිලා.2002දි සිදුවුණ රටට අහිතරකර ක්‍රියාවලිය 2004 දී අවසන් කළා වගේ ඊටවඩා ඉතාමත් අඩු කාලයකදී රටට අහිතකර මේ ක්‍රියාවලිය අවසන් වී දේශප්‍රේමී පාලනයක් නැවත බිහිවේවි. (නි)
දිනේෂ්, 2005 දී මමත් මහින්ද මහතා රටේ නායකයා බවට පත්වෙනවට කැමති වුන කෙනෙක්. හැබැයි, එහෙම කියලා සදාකාලිකව ඔහු බලයේ රැඳිය යුතුය කියා නියමයක් නැත. විශේෂයෙන්ම පැහැදිලිව 2010 ට පසුව ඔහුගේ පාලන කාලය තුල සිදුවුන අපමණ දුර්වලතාවයන් දැක දැක. තමා අතින් වැරදි සිදුවූ බවත් නැවතත් එවැනි වැරදි නොකරන බවත් කරන ප්‍රකාශයක් මම ඊයේ දුටුවෙමි. එසේ වැරදි හදාගෙන එන්නේනම් යලිත් වරක් ඔහුට වරමක් ලබා දීමට මා විරුද්ධ නැත. වැරදි කිරීම මනුෂ්‍ය ගතියකි. එම වැරදි පිළිගනිම උතුම් ගතියකි. එම වැරදි වලට සමාව දීම දේව ගතියකි. (ස)
කොහොමද අප්පේ මෙහෙම දිව හැරෙන හැරෙන පැත්තට කතාකරන්නේ? (නි)
ඔබතුමා කාගෙවත් මන්දිර හොයාගෙන යන්න ඕනෑ නැහැ. ඔබතුමා මේ රටේ ජනතාවට තමන්ට හිමි මන්දිරවල පැල්පත් වල නිදහසේ ජීවත්වෙන්න මාර්ගය හදලා දුන්නා.අපිට තේරෙනවා මෙතන වෙන්නේ මොකක්ද කියලා. (නි)
ලක්ෂ 62 ගැන බොරු මොටද රකිත්, ඔය ලක්ෂ 62න් කොච්චරක් නම් බටහිර රටවල ඉන්නා විසිරුණු දෙමළ ජනතාවගේ උපදෙස් සහ ජාතිවාදය වපුරන දෙමළ නායකයන්ගේ උපදෙස් නිසා යහ පාලනේට ලැබුණු ඡන්දද? රටක් ජාතියක් නැති බඩ ගැන විතරක් හිතන නාගරික සිංහල මිනිසුන් සහ ඔවුන්ගේ තරුණ දරුවන් අතර, හිටපු නාධිපතිතුමන් ගැන අසත්‍ය කාලයක් තිස්සේ අන්තර් ජාලය ඔස්සේ වපුරලා ඔවුන් තුළ එතුමන් කෙරෙහි ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය වපුරා ඔවුන් රවටා ලබා ගත්තු ඡන්ද කොපමණ නම් ඔය ලක්ෂ 62 හි තියෙනවාද? ජාතිවාදය, ඉහවහා ගිය ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය සහ තණ්හාව කියන්නෙත් යමක් ඇති සැටියෙන් දකින්න ඉඩ නොදෙන පාට කන්නාඩි තමයි. ලක්ෂ 57 ට හොඳට ඇස පෙනෙන බවත් ඔවුන්ගේ මොලය හොඳින් වැඩ කරන බවත් මේ වෙලාවේ මේ ලක්ෂ 57 හැසිරෙන විදියෙන් පෙනෙනවා. (බ)
කවුරු දෙයිද මිලියන 400ක් වටිනා නිවසක් අවුරුදු 2 කට නොමිලේ? සාමාන්‍ය දැනීමෙන් සිතන්න (නි)
රකිත්, කෝකටත් ඔයාගේ කටයි නිකටයි දෙකම පොඩ්ඩක් බලවා ගත්තනම් හොඳයි කියන නැහැදිච්ච කතා වලට කටෙයි නිකටෙයි පරන්ගිවත් දාලද කියලා කවුද දන්නේ? (බ)
දිව ඉතින් අවශ්‍ය පැත්තකට නවන්න පුලුවන්නේ (නි)
මහින්ද චන්ද්‍රිකාටත් මේ විදියටම සැලකුව. අනුන්ට කරපු දේ තමන්ට පල දුන්නා. මම නම් කියන්නේ මේ ගේ අයිති මහින්දට, නීතියෙන් බේරෙන්න අනුන්ගේ නමට ගෙවල් සල්ලි දීලා ගන්නවා ඊට පස්සේ ඒවා තෑගි හම්බ වුණා කියනවා. හැබැයි බුදු දහම හැටියට මැරෙන්න මොහොතකට කලින් හරි විදවයි මේ කරපු අපරාදවලට. (අ)
පිවිතුරු යහපාල, ඒ කියන්නේ ජනවාරි 8 වෙනිදාට කලින් තිබුණු රටට හිතකර, දේශප්‍රේමී පාලනය නැවත බිහිවේවි කියලාද අදහස් කලේ? (අ)