හුංගම නගරයේ ඖෂධ  ශාලාවකට රාත්‍රී කාලයේ වහලේ උළු ඉවත් කර ඇතුළු වූ සොරකු  රුපියල් ලක්ෂ එක හමාරක  මුදල් හා රන්භාණ්ඩ සොරා ගෙන ඇති බව හුංගම පොලීසිය කියයි.

සීසීටීවී කැමරාවෙන් සොරා අඳුනාගෙන අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.

සැකකරු හාතගල මිණි ඇතිලිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක් බව පොලීසිය කියයි.

සැකකරුගෙන් ලද කට උත්තර මත සොරකම් කරන ලද මුදල් නිවසේ තිබිය දී සොයාගෙන ඇති අතර රන් භාණ්ඩ සොරකම් කර නොමැති බව සැකකරු පවසා ඇතැයි පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත් වූ සැකකරු අඟුණකොලපැලැස්ස මහේස්ත්‍රාත්වරයා හමුවට(10) ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.