IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඔෂානිගේ අලුත් ගීතය තාත්තාගෙන්

2016-04-01-ent-138

2016-04-01-ent-142"අවසාන ප්‍රේමයයි මාගේ" ගීතයේ පිළිතුරු ගීතයත් සමග විශාල ජනප්‍රියත්වට පත්වූ ඔෂානි සන්දීපා ඇයගේ නවතම ගීතය පිළිබඳව ඇය අපත් සමග මෙසේ පැවසුවාය.

"මේ දවස්වල වැඩ කටයුතු කියලා විශේෂයක් නැහැ. ආයේ අලුත් සිංදුවක් කරනවා. ගීතය පටිගත කරලා තියෙන්නේ. ඒකට විෂුවල් එක කරලා අවුරුද්දෙන් පස්සෙ එළියට දානවා ඒක.

සාමාන්‍ය පෙළ ඉවර කරලා, උසස් පෙළ වැඩකටයුතු සඳහා සූදානම් වෙනවා. ඊට අමතරව අප්‍රේල් මාසයේ දිගටම සංගීත ප්‍රසංග තියෙනවා සහ විදෙස් සංචාර තියෙනවා. අප්‍රේල් මාසයෙන් පස්සෙ ඒවා පොඩ්ඩක් අඩුකරලා උසස් පෙළ කටයුතු කරගන්න තමයි හිතන් ඉන්නේ. ගොඩක් අය කියනවා තව සිංදුවක් කරන්නෙ නැද්ද කියලා. මොකද අනෙක් සිංදු දෙකම කරලා ගොඩකාලයක් වෙනවනේ. ඒ නිසා අනෙක් සිංදුව කරලා Making Video එකකින් දාන්නේ නැතුව වීඩියෝවක් කරලා දාන්න තමයි හිතන් ඉන්නේ. අවුරුදු කාලය නිසා දැන්මම එළිදක්වන්නෙ නැහැ. විශේෂයෙන්ම කියන්න ඕනේ එකේ පද රචනය මගේ තාත්තාගේ. අනෙක් ගීතවල පදවලට වැඩිය අර්ථයක් තියෙන විදිහට තමයි පද ලියැවිලා තියෙන්නේ. ඒකත් ආදර ගීතයක් තමයි. පසන් ලියනගේ අයියා තමයි මියුසික් කළේ. ඇත්තටම මම කරපු ගීත දෙකට වැඩිය මේ ගීතය ගොඩක් Feel වෙනවා කියලා තමයි මට දැනෙන්නේ. සිංදුව ගොඩක් ලස්සනයි. ගැහැනු ළමයෙක්ට දැනිච්ච දුකක් සමග ආදරය කරන කෙනාව හොයාගෙන එයාට එන්න විදිහක් නැතුව එයාව හොයාගෙන සුවඳ හරාවත් එන්න කියන ලොකු අර්ථයක් තියෙන ගීතයක් තමයි මේ ගීතය."

 

ඩිලාන් ක්‍රිෂාන්ත
 

 
2016-04-01-ent-139

 



අදහස් (0)

ඔෂානිගේ අලුත් ගීතය තාත්තාගෙන්

සුජිත් නිශාන්ත Sunday, 03 April 2016 04:09 AM

අද සුපහන් ගීත කලාවේ ලොකු පිරිහීමක් තියෙනවා. ඉතින් එහෙම අර්ථවත් ගීත කලාව තුළ ලොකු පිරිහීමක් පවතිද්දී මෙහෙම මේ වාගේ හරිම ලස්සන අර්ථවත් ගීත රැසක් මෙරට ගීත කලාවට දායාද කරන පරපුරකට අයත්වීම ඔබට නිහතමානී ආඩම්බරකට කරුණක් කියලා මම හිතනවා. (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site