( වසන්ත චන්ද්‍රපාල)
අම්පාර ඔලුවිල් අග්නිදිග විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ සිසුන් පිරිසකට එල්ල කළ ප්‍රහාරයකින් තුවාල ලැබූ පළමු වසරේ සිසුන් සිව් දෙනකු සහ ගිලන් රථයේ රියදුරකු ඔලුවිල් රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය පවසයි.
සිසුන් 200ක් පමණ පළමු වසරේ සිසුන්ගේ නේවාසිකාගාරයට කඩාවැදී මෙම පහරදීම කර ඇති බවත් පහරදීම පළමු වසරේ සිසුන් පිරිසක් සහ තෙවන සහ සිව්වෙනි වසරවල්වල සිසුන් විසින් සිදු කර ඇතැයි ද වාර්තා වේ.
පසුගිය ජුනි මස ඉංජිනේරු පිඨයේ දෙවන වසරේ සිසුන් පිරිසක් පළමු වසරේ සිසුන්ට නවක වදය දෙන අවස්ථාවේ පළමු වසරේ සිසුන් විසින් එය විඩියෝ කර මාධ්‍යට මුදා හැර තිබේ.
එම සිද්ධියට දෙවන වසරේ සිසුන් 20 දෙනෙකුගේ පන්ති තහනම් කර ඇති අතර දැනට 12 දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පළමු වසරේ සිසුන් සමඟ අනෙක් සිසුන් තරහින් පසුවීම මෙම පහරදිමට හේතුව බව පහරකෑමට ලක්වූ සිසුහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජය අධ්‍යාපනය නොමිලේ දෙනවා නම් විශ්ව විද්‍යාල වේවා විද්‍යාපීඨ වේවා කුමකට ඇතුලත් වුනත් මෙවැනි නොහික්මුණු කටයුතු කලානම් ශිෂ්‍යභාවය අහෝසිකිරීමට කටයුතු කරන්න ඕන නනවකයින්ට අඩම්තේට්ටම් කරන්නෙ හරියට උන්ගෙ අම්මගෙ අප්පගෙ දෙයක් කඩාවඩා ගන්න මංකොල්ලකාරයො ආවා වගේ තමයි මේ නිසා අලුතින් සිසුන් ඇතුලත් කරගන්නා අවස්ථාල නනවකයින්ට හිරිහැර හා අඩම්තේට්ටම් නොකරන බවටත් එවැනි ක්‍රියාවක නිරතවුනොත් ශිෂ්‍යභාවය අහෝසිකිරීමට කැමැත්ත පලකරන ගිවිසුමක් අත්සන් කිරීම කරන්න .එහෙම නැතුව මේ කාළකණ්නියෝ හදන්න අමාරුයි
නවක වදය දෙන නරුමයන්ට කියන්නේ උඹලා කැලඹී කැලඹී හිටපල්ලා. වින්දිතයන්ගේ පිරිස කැලඹිච්ච දාට ඔබලාටයි, ඔබලාගේ පවුල් වල උදව්වටයි දුවන්න පාරවල් වල ඉඩ නැතිවෙයි. පරස්සමින් හිටපල්ලා. බොහොම ඉක්මනට ඔබලාගේ පවුල්වල උදවියට ගෙවල් ඇතුළෙත් හෙල්මට් දාගෙනම ඉන්න වෙයි."
එහෙම පුලුවන්ද නවක වධය නතර කරන්න. නවක වධය අදුන්වලා දීලා ළමයින්ට වධ දුන්න අලුගෝසුවො රටේ පාලනේ අරන් ඉන්නකොට ඒව නතර වෙනව කියන්නෙ ලැජ්ජාවක් නෙ. හරි නම් ඉස්කෝලෙ සිලබස් වලට දාන්න ඕන නවක වදේ දෙන හැටි. ඊට පස්සෙ සමලිංගික හැසිරීම්, මිනී මරල බෙල්ල කපල ඔලුව වැට ඉන්නෙ ගහන එකයි සාර්ථකව ටයර් සෑයක් හදන එකයි දාන්න ඕන. ලඟදිම ඒව කරයි.
නිකං දෙනකොට ඔහොම තමයි... අදාල සිද්ධියට සම්බන්ධ දෙවන වසරේ දාමරිකයන් අවුරුද්දක් ගෙවල් වලට යවා ... නැවත අවුරුද්දක් පරක්කු කරානම් හරි... කාලකන්නියෝ!