(අංජුල මහික වීරරත්න)

දැන් ඔළුව නරක් වෙච්චි අයත් ජනාධිපතිවරණෙට ඉල්ලන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

තමන් ජනාධිපති, අගමැති, අහවල් දේශපාලන පක්ෂයේ මහ ලේකම්,අහවල් පක්ෂයේ සභාපති කියා හිතන ඔලුව අවුල් වෙච්ච මිනිස්සු ටිකක් රටේ සිටින බව කී අමාත්‍යවරයා ඔවුන් මානසික රෝහලේ සිටිය යුතු පුද්ගලයන් බව කීය.

එමෙන්ම  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නම හා තනතුරු අවභාවිතා කරමින්  කටයුතු කරන පිරිසකුත් සිටින බව අමාත්‍යවරයා සඳහන් කළේය.