දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් විශ්ව විද්‍යාල පරිශ්‍රයේ පැවැති 2014 ජාත්‍යන්තර ගණිත ඔලිම්පියාඩ් තරගාවලියේදී ලෝකඩ පදක්කම් දෙකක් සමග ගෞරව සම්මාන හතරක් හිමිකරගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ පාසැල් සිසුන් කණ්ඩායමක් සමත් වුහ.
ජාත්‍යන්තර තලයේ තරගාවලියකින් ශ්‍ර්‍රී ලංකාවට කීර්තියක් හිමිකර දෙමින් දිවයිනට පැමිණි මෙම සිසුන්ව ශ්‍රී ලංකා ගණිත ඔලිම්පියාඩ් පදනමේ නිලධාරීන් ඇතුළු සිසුන්ගේ දෙමව්පියන් විසින් ඉතා උනුසුම් අන්දමින් පිළිගනු ලැබීය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම තරගාවලිය සඳහා සහභාගී විය.
කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය දයාල් බුද්ධික ධර්මසේන සහ මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු ශිෂ්‍ය ඉසුරු දිලංක ප්‍රනාන්දු යන මහත්වරුන් ද සිසුන් මෙහෙයවමින් මෙම සංචාරය සඳහා සහභාගී වුහ.
කුරුණෑගල මලියදේව විදුහලේ මෙවන් නිලූමින්ද විෙජ්වර්ධන(17) සහ කොළඹ රාජකීය විදුහලේ ෂෙනාල් සන්තුෂ් කොටුවේවත්ත(14) යන සිසුහු ලෝකඩ පදක්කම් හිමිකරගත්හ.
ගෞරව සම්මානලාභීන් අතර කුරුණෑගල මලියදේව විදුහලේ සමිත යොහාන් අභයසිංහ(14), කුලියාපිටිය මධ්‍ය මහා විදුහලේ තමිඳු නවීන් පතිරණ(19), ගාල්ල රිච්මන්ඩ් විදුහලේ ඛෙල්ප ගොඩගේ චේතන චතූප්‍රභ(17), කොළඹ රාජකීය විදුහලේ රුවිමාල් යසන්ත පතිරාජ(15) වෙති.
තරගාවලිය සඳහා රටවල් 103 සිසු සිසුවියෝ සහභාගී වූහ.
මෙහිදී ලෝකඩ පදක්කම හිමිකරගත් කුරුණෑගල මලියදේව විදුහලේ මෙවන් නිලූමින්ද විෙජ්වර්ධන සිසුවා මීට පෙර ලෝකඩ පදක්කම් දෙකක් දිනාගෙන ඇති අතර ඔහුට මෙවර රිදී පදක්කම අහිමි වුයේ ලකුණු දෙකකිනි.
එසේ වුවද සංකීර්ණ නිර්මාණශීලී සමායෝජන ගණිත ගැටළුවකට ඔහු සාර්ථක විසදුමක් ලබා දී තිබුණි.
එමෙන්ම තවත් ලෝකඩ පදක්කමක් හිමිකරගත් කොළඹ රාජකීය විදුහලේ ෂෙනාල් සන්තුෂ් කොටුවේවත්ත මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වු ලාබාලතම සිසුවා වන අතර ඔහු සහභාගී වු පළමු ජාත්‍යන්තර ගණිත ඔලිම්පියාඩ් තරඟාවලියවලියේදීම (IMO) ලෝකඩ පදක්කමක් හිමිකරගැනීම ද විශේෂත්වයකි.
ඔහු ලංකාව නියෝජනය කරමින් ගණිත ඔලිම්පියාඩ් පදක්කමක් හිමිකරගත් ලාබාලතම සිසුවා ලෙසද ඉතාහාසයට එක් වෙයි.
ජාත්‍යන්තර ගණිත ඔලිම්පියාඩ් තරගය යනු අවුරුදු 20 න් පහළ පාසැල් ළමුන් සඳහා පැවැත්වෙන සංකීර්ණ නිර්මාණශීලී ගණිත ගැටළු විසදීමේ තරගාවලියකි.
මෙම තරගාවලිය සඳහා සිසුන් තෝරාගනු ලබන්නේ සෑම පළාතක්ම නියෝජනය වන අයුරින් පවත්වන ශ්‍රී ලංකා ගණිත තරගාවලිය සඳහා පවත්වන විභාගය සහ තවත් විභාග කිිහිපයකින් පසුව බව ශ්‍රී ලංකා ගණිත ඔලිම්පියාඩ් පදනමේ නිලධාරීහු පවසති.
පුහුණු කිරීමේ කටයුතු සහ එම විභාග සිිදුකරනුයේ ශ්‍රී ලංකා ඔලිම්පියාඩ් පදනමේ ප්‍රධානී කොළඹ විශ්ව විද්‍යාලයේ ගණිත අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චානක්‍ය ජනක් විජේරත්න මහතාගේ මුලිකත්වයෙන් වන අතර කොළඹ විශ්ව විද්‍යාලයේ ගණිත අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය දයාල් බුද්ධික ධර්මසේන මහතාගේ අධීක්ෂණයෙන් සහ පෙර ඔලිම්පියාඩ් තරගවලට සාර්ථකව මුහුණ දුන් ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ මග පෙන්වීමෙනි.
උසස් පෙළ ගණිත විෂ්‍ය ධාරාවෙන් ඔබ්බට විහිදෙන සංකිර්ණ නිර්මාණශීලී ගැටලූ විසදීමේ ගෞරවය අද ශ්‍රී ලංකාවට හිමි වුයේ ශ්‍රී ලංකා ගණිත ඔලිම්පියාඩ් පදනමේ කැපවීම තුලින් බව තමන් ඒ පිළිබඳව සියළු පාර්ශවයන්ට ස්තුති වන්ත වන බවත් දිවයිනට පැමිණ තම ජයග්‍රහණයන් පිළිබඳව විස්තර කරමින් මෙම සිසුහු පැවසූහ.
.












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම් පුතේ! (නි)
සන්තෝෂයි. සුභ පැතුම්! නමුත් කණගාටුයි. ලංකාවේ සමහරුන්ට පුතේ උඹලගේ "බුද්ධිය" වහකදුරු වගෙයි. (නි)
සුභ පැතුම් දරුවනි! (අ)
ළමයින්ගේ දක්ෂතා අගය කරන්නේ නැතුව මෝඩ දේශපාලන කතා කියනකොට හිනා යනවා (අ)
සන්තෝෂයී.. (අ)
ෆොටෝ ටිකක් පැහැදිළි මදිනේද? (අ)
පසුගිය වසර වල මෙම තරගාවලියට සහභාගි වුනු බොහෝ දෙනෙක් දැන් ලංකාවෙ හැරගිහින් (අ)
කොච්චර දක්ෂව ඉගෙන ගත්තත් පුතේ...රජයේ ඉහල තනතුරු ගැන සිහින මවන්න එපා...ඒවා ලැබෙන්නේ වෙනත් කොටසකට. (අ)
ඇත්තෙන්ම අපේ කොල්ලෝ විශිෂ්ටයි.. හැම අවුරුද්දකම අපේ ළමයි ඔලිම්පියාඩ් සම්මානයක් ලංකාවට ගේනවමයි. ඕනෑම සමාජයක උගතුන් වගේම තාර්කික ප්‍රජාවක් බිහි කරන ගණිතය විෂය මුළු දිවයින පුරාම ඉන්න දුවා දරුවන්ට අනෙක් විෂයන්ට වඩා වැඩි උනන්දුවකින් ඉගැන්විය යුතුය යන්න මාගේ හැගීමයි. ගණිතය නිසියාකාරව උගත් අයෙක්ට වෙනත් ඕනෑම විෂයක් වටහා ගැනීම ඉතාමත් පහසුය.(අ)
අපේ දරුවන්ට උණුසුම් සුබපැතුම්.ජයවේවා (අ)
හරිම ආඩම්බරයි (නි)
සුභ පැතුම්! (නි)
සුභ පැතුම්! (නි)
අපේ මල්ලිලා ගැන ගොඩක් ආඩම්බරයි. (නි)