IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඔලිම්පියාඩ් ශූරයෝ එති

දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් විශ්ව විද්‍යාල පරිශ්‍රයේ පැවැති 2014 ජාත්‍යන්තර ගණිත ඔලිම්පියාඩ් තරගාවලියේදී ලෝකඩ පදක්කම් දෙකක් සමග ගෞරව සම්මාන හතරක් හිමිකරගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ  පාසැල් සිසුන් කණ්ඩායමක්  සමත් වුහ.

ජාත්‍යන්තර තලයේ තරගාවලියකින්   ශ්‍ර්‍රී ලංකාවට කීර්තියක් හිමිකර දෙමින්  දිවයිනට පැමිණි මෙම සිසුන්ව  ශ්‍රී ලංකා ගණිත ඔලිම්පියාඩ් පදනමේ නිලධාරීන් ඇතුළු  සිසුන්ගේ දෙමව්පියන් විසින්   ඉතා උනුසුම් අන්දමින් පිළිගනු ලැබීය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම තරගාවලිය සඳහා සහභාගී විය.

කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ  කථීකාචාර්ය  ආචාර්ය දයාල් බුද්ධික ධර්මසේන  සහ  මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු ශිෂ්‍ය ඉසුරු දිලංක ප්‍රනාන්දු යන මහත්වරුන් ද සිසුන්  මෙහෙයවමින් මෙම සංචාරය සඳහා සහභාගී වුහ.

 කුරුණෑගල මලියදේව  විදුහලේ මෙවන් නිලූමින්ද විෙජ්වර්ධන(17) සහ කොළඹ රාජකීය විදුහලේ ෂෙනාල් සන්තුෂ් කොටුවේවත්ත(14) යන සිසුහු ලෝකඩ පදක්කම් හිමිකරගත්හ.

ගෞරව සම්මානලාභීන් අතර කුරුණෑගල මලියදේව විදුහලේ සමිත යොහාන් අභයසිංහ(14),  කුලියාපිටිය මධ්‍ය මහා විදුහලේ තමිඳු නවීන් පතිරණ(19), ගාල්ල රිච්මන්ඩ් විදුහලේ ඛෙල්ප ගොඩගේ චේතන චතූප්‍රභ(17), කොළඹ රාජකීය විදුහලේ රුවිමාල් යසන්ත පතිරාජ(15) වෙති.

තරගාවලිය සඳහා රටවල් 103 සිසු සිසුවියෝ  සහභාගී වූහ.

මෙහිදී ලෝකඩ පදක්කම හිමිකරගත්  කුරුණෑගල මලියදේව විදුහලේ මෙවන් නිලූමින්ද විෙජ්වර්ධන සිසුවා මීට පෙර ලෝකඩ පදක්කම් දෙකක් දිනාගෙන ඇති අතර ඔහුට මෙවර රිදී පදක්කම අහිමි වුයේ ලකුණු දෙකකිනි.

එසේ වුවද  සංකීර්ණ නිර්මාණශීලී සමායෝජන ගණිත ගැටළුවකට ඔහු සාර්ථක විසදුමක් ලබා දී තිබුණි.

එමෙන්ම තවත් ලෝකඩ පදක්කමක් හිමිකරගත් කොළඹ රාජකීය විදුහලේ ෂෙනාල් සන්තුෂ් කොටුවේවත්ත මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වු ලාබාලතම සිසුවා  වන අතර ඔහු සහභාගී වු පළමු ජාත්‍යන්තර ගණිත ඔලිම්පියාඩ් තරඟාවලියවලියේදීම (IMO)  ලෝකඩ පදක්කමක් හිමිකරගැනීම ද විශේෂත්වයකි.

ඔහු ලංකාව නියෝජනය කරමින් ගණිත ඔලිම්පියාඩ් පදක්කමක් හිමිකරගත් ලාබාලතම සිසුවා ලෙසද ඉතාහාසයට එක් වෙයි.

ජාත්‍යන්තර ගණිත ඔලිම්පියාඩ් තරගය යනු අවුරුදු 20 න් පහළ පාසැල් ළමුන් සඳහා පැවැත්වෙන සංකීර්ණ නිර්මාණශීලී ගණිත ගැටළු විසදීමේ තරගාවලියකි.

 මෙම තරගාවලිය සඳහා සිසුන් තෝරාගනු ලබන්නේ සෑම පළාතක්ම නියෝජනය වන අයුරින් පවත්වන ශ්‍රී ලංකා ගණිත තරගාවලිය සඳහා පවත්වන විභාගය සහ තවත් විභාග කිිහිපයකින්  පසුව බව ශ්‍රී ලංකා ගණිත ඔලිම්පියාඩ් පදනමේ නිලධාරීහු පවසති.

පුහුණු කිරීමේ කටයුතු සහ එම විභාග සිිදුකරනුයේ ශ්‍රී ලංකා ඔලිම්පියාඩ් පදනමේ ප්‍රධානී කොළඹ විශ්ව විද්‍යාලයේ ගණිත අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චානක්‍ය ජනක් විජේරත්න  මහතාගේ මුලිකත්වයෙන් වන අතර කොළඹ විශ්ව විද්‍යාලයේ ගණිත අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය දයාල් බුද්ධික ධර්මසේන මහතාගේ අධීක්ෂණයෙන් සහ පෙර ඔලිම්පියාඩ් තරගවලට සාර්ථකව මුහුණ දුන් ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ මග පෙන්වීමෙනි.

උසස් පෙළ ගණිත විෂ්‍ය ධාරාවෙන් ඔබ්බට විහිදෙන සංකිර්ණ නිර්මාණශීලී ගැටලූ විසදීමේ ගෞරවය අද ශ්‍රී ලංකාවට හිමි වුයේ  ශ්‍රී ලංකා ගණිත ඔලිම්පියාඩ් පදනමේ කැපවීම තුලින් බව තමන් ඒ පිළිබඳව සියළු පාර්ශවයන්ට ස්තුති වන්ත වන බවත් දිවයිනට පැමිණ තම ජයග්‍රහණයන් පිළිබඳව විස්තර කරමින් මෙම සිසුහු පැවසූහ.

21   222 333 444

   5 6 7

9

 

11 12 13

88888


.
 


 

 



අදහස් (0)

ඔලිම්පියාඩ් ශූරයෝ එති

මහේෂ් Tuesday, 22 July 2014 01:38 AM

සුබ පැතුම් පුතේ! (නි)

:       0       0

ගමගේ Tuesday, 22 July 2014 01:42 AM

සන්තෝෂයි. සුභ පැතුම්! නමුත් කණගාටුයි. ලංකාවේ සමහරුන්ට පුතේ උඹලගේ "බුද්ධිය" වහකදුරු වගෙයි. (නි)

:       0       0

සංජීව Tuesday, 22 July 2014 03:26 AM

සුභ පැතුම් දරුවනි! (අ)

:       0       0

දිල්ෂාන් Tuesday, 22 July 2014 03:41 AM

ළමයින්ගේ දක්ෂතා අගය කරන්නේ නැතුව මෝඩ දේශපාලන කතා කියනකොට හිනා යනවා (අ)

:       0       0

සෂීමා Tuesday, 22 July 2014 04:30 AM

සන්තෝෂයී.. (අ)

:       0       0

විමල් Monday, 21 July 2014 03:02 PM

ෆොටෝ ටිකක් පැහැදිළි මදිනේද? (අ)

:       0       0

රවීන්ද්‍ර Tuesday, 22 July 2014 07:01 AM

පසුගිය වසර වල මෙම තරගාවලියට සහභාගි වුනු බොහෝ දෙනෙක් දැන් ලංකාවෙ හැරගිහින් (අ)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Monday, 21 July 2014 03:28 PM

කොච්චර දක්ෂව ඉගෙන ගත්තත් පුතේ...රජයේ ඉහල තනතුරු ගැන සිහින මවන්න එපා...ඒවා ලැබෙන්නේ වෙනත් කොටසකට. (අ)

:       0       0

රජින්ද Monday, 21 July 2014 04:35 PM

ඇත්තෙන්ම අපේ කොල්ලෝ විශිෂ්ටයි.. හැම අවුරුද්දකම අපේ ළමයි ඔලිම්පියාඩ් සම්මානයක් ලංකාවට ගේනවමයි. ඕනෑම සමාජයක උගතුන් වගේම තාර්කික ප්‍රජාවක් බිහි කරන ගණිතය විෂය මුළු දිවයින පුරාම ඉන්න දුවා දරුවන්ට අනෙක් විෂයන්ට වඩා වැඩි උනන්දුවකින් ඉගැන්විය යුතුය යන්න මාගේ හැගීමයි. ගණිතය නිසියාකාරව උගත් අයෙක්ට වෙනත් ඕනෑම විෂයක් වටහා ගැනීම ඉතාමත් පහසුය.(අ)

:       0       1

සරත් කරුණානරත්න Monday, 21 July 2014 04:43 PM

අපේ දරුවන්ට උණුසුම් සුබපැතුම්.ජයවේවා (අ)

:       0       0

සේනක Monday, 21 July 2014 06:38 PM

හරිම ආඩම්බරයි (නි)

:       0       0

විජේසිංහ Monday, 21 July 2014 07:16 PM

සුභ පැතුම්! (නි)

:       0       0

දිනූෂා Monday, 21 July 2014 09:36 PM

සුභ පැතුම්! (නි)

:       0       0

ඉන්දික ප්‍රදීප් Monday, 21 July 2014 09:36 PM

අපේ මල්ලිලා ගැන ගොඩක් ආඩම්බරයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 216 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site